sponsor

sponsor

Slider

Theme images by kelvinjay. Powered by Blogger.

Recent Blog Posts

Lorem Ipsum has been the industry's standard dummy text.

App Design

Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

Timeline

Timeline

Recent Tube

Business

Gross Domestic Product News Analysis | Forex Trading Sinhala

Gross Domestic Product (GDP) News Analysis

Gross Domestic Product News Analysis

කලින් දාපු පෝස්ට් එකක අපි NFP නිව්ස් එක Predict කරන්නේ කොහොමද කියලා බැලුවා. නොබලපු අය බලන්න How To Analysis Non-Farm Payroll. මේ පෝස්ට් එකෙන් Gross Domestic Product එහෙමත් නැත්තම් GDP News එක Analysis කරන්නේ කොහොමද කියලා බලමු

What Is Gross Domestic Product?

     GDP කියන්නේ යම් කිසි කාලයක් ඇතුලත යම් රටක භාන්ඩ සහ සේවා වල වටිනාකම නිකුත් කරන නිව්ස් එකක්. ප්‍රධාන වශයෙන්ම කිව්වොත් මේකෙන් කෙරෙන්නේ නිශ්පාදන තත්වයන් කොහොමද කියලා බලන එක. GDP Strong නම් නිශ්පාදනයන් ඉහල යනවා. ඒ වගේම Weak නම් ඒ කාලෙට එන්නේ නිශ්පාදනයන් දුර්වල වෙලා කියලා තමයි. මේක lagging indicators කියන කොටසට අයත්. මොකද මේකෙන් කියවෙන්නේ පහුගිය කාලය තුල ඒ ඒ රටවල් තුල සිදුවුන නිශ්පාදන වෙනස් වීම් තමයි. මේක නිකුත් වෙන්නේ මාස 3කට සැරයක්. ඒත් වසරකට වරකුත් මේ නිව්ස් එක නිකුත් වෙනවා ජනවාරි මාසයේ. ජනවාරි මාසයේ මාර්කට එක පොඩ්ඩක් අවුල් වගේ එහා මෙහා යනවා ඔයාල දැකලා ඇති. එහෙම වෙන්නේ වාර්ශිකව නිකුත් වෙන මේ වගේ නිව්ස් නිසා මාර්කට එකට බ්යර්ලා හා සෙලර්ලා එන විදිය වේගයෙන් වෙනස් වෙන නිසා.

How To Analysis Gross Domestic Product


GDP positive නම් ඒ රටේ ආර්තිකය ශක්තිමත් වෙනවා කියලා අදහසක් ගන්න පුලුවන්. මොකද නිශ්පාදන තත්වයන් ඉහල යනවා කියන්නේ එයාලගේ Inflation Targets Cover කරගන්න පුලුවන්. ඒ වගේම පොලී අනුපාතික වැඩි කරන්න මහ බැංකුව Inflation targets යොදාගන්නවා කියලා මතක තියාගන්න එක ඔයාලට හොඳයි. ඒක මම Fundamental Analysis පෝස්ට් එකෙත් දාල තියෙනවා. ඒකත් මෙතනින් බලන්න. Fundamental Analysis.

 පහුගිය කාර්තුවට වඩා මේ කාර්තුවේ Gross Domestic Product නිව්ස් එක ස්ට්‍රොන්ග් නම් ඒ කියන්නේ ඒ රටට අදාල මුදල් ඒකකය මිලදී ගන්න පුලුවන්. Fundamental තියෙන පැත්තටම Technical Analysis  වලින් එන්ට්‍රි එක අරන් ස්ටොප් ලොස් සහ ටේක් ප්‍රොෆිට් දාන්න. නිවැරදිව ස්ටොප් ලොස් සහ ටේක් ප්‍රොෆිට් දාන්නේ කොහොමද කියලත් පෝස්ට් එකක් තියෙනවා. බැලුවේ නැත්තම් බලන්න.

එහෙනම් තවත් පෝස්ට් එකකින් එන්නම් පුලුවන් තරම් ඉක්මනට
අවුල් තැන් අවොත් වගෙම හොඳ නරකගැන අදහසක් දෙන්න ඒක වටිනවා

එහෙනම් අපි ගියා ජය වේවා.

How to analysis Non Farm Payroll | Fundamental corrections

How to analysis Non-Farm Payroll | Fundamental corrections Sinhala

Non Farm Payroll

   
 Non Farm Payroll නිව්ස් එක ගැන පොඩ්ඩක් බලමුද? 

What is NFP

     NFP කියන්නේ ෆොරෙක්ස් මාර්කට් එකේ ට්‍රේඩර්ස්ලා ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න නිව්ස් එකක්. මේ නිව්ස් එකෙන් කියන්නේ කොච්චර ජොබ්ස් ප්‍රමණයක් ඒ රටේ ඇතිකරලා තියෙනවද කියලා හැම මාසෙම පලමු වෙනි සිකුරාදා තමයි මේක රිලීස් වෙන්නේ. ඉකොනොමික් කැලැන්ඩරේ බැලුවොත් නිකුත් වෙන වෙලාව බලාගන්න පුලුවන්.
මේක අයිති වෙන්නේ ෆන්ඩමෙන්ටල් වල කොරලේශන් කොටසට. මේ වගේ තව ටිකක් තියෙනවා හිමිහිට දෙන්නම්. බ්ලොග් එක ෆලෝ කරන්න

    මම කලින් කිව්වා නිව්ස් ට්‍රේඩින්ග් සහ ෆන්ඩමෙන්ටල් ට්‍රේඩින්ග් කියන්නේ දෙකක් කියලා. ඒ පොස්ට් එක මෙතනින් බලන්න පුලුවන්.

     එහෙනම් මේ මගුලත් අනල්යිසිස් කරන්න ට්‍රයි එකක් දෙමු.

NFP නිව්ස් එක Analysis කිරීම සඳහා අපට ඕනෙ වෙනවා තවත් නිව්ස් 3ක්

  • ISM manufacturing PMI
  • ADP Jobs report
  • Unemployment claims

ISM manufacturing PMI 

.
            ISM manufacturing PMI (Purchasing manufacturing index) නිව්ස් එකෙන් ලොකු බලපැමක් වෙනවා nfp එකට මේක ඉතාම වැදගත් නිව්ස් එකක්.

ADP jobs report.


     මේකෙන් කියන්නේ පුද්ගලික අංශයෙන් කොච්චර විතර ජොබ්ස් ප්‍රමානයක් දීලා තියෙනවද කියලා. මේ නිව්ස් එක 160k ට වැඩිනම් Non-farm payroll නිව්ස් එක පොසිටිව් විදියට එන්න තියෙන ඉඩ වැඩියි

Unemployment claims


 මේක සතිපතා එන නිව්ස් එකක් සති 4ක් එක දිගට මේ නිව්ස් එක පොසිටිව් විදියට ආවොත් අපිට නිගමනය කරන්න පුලුවන් NFP එක පොසිටිව් වෙයි කියලා.

How to analysis Unemployment rate

   මේ 2න් අදහසක් ගන්න පුලුවන්. Unemployment rate එක මොනවගේ වෙයිද කියලා
challenger job cut report. මේක පොඩි නිව්ස් එකක් ඒත් එකෙනුත් Unemployment rate එකට බලපෑමක් කරනවා.
Personal spending, හොඳයි නම් එක පොසිටිව් වෙන්න ඉඩ තියෙනවා. Personal spending වැඩි නම් ආර්තිකයට බලපෑම් කරන්න පුලුවන් ඉඩ වැඩියි. මොකද මිනිස්සු බිස්නස් වලට වැඩියෙන් වියදම් කරනවනම් ඒ මොකක් හරි යටි අරමුණක් නිසා තමයි.
මේ දෙක එකතු කරල unemployment rate එක ගැන දල අදහසක් ගන්න පුලුවන්. මොකද unemployment rate එක NFP එකට බලපාන නිසා.
ISM manufacturing PMI. , ADP Jobs Report, unemployment claims 3 ම හොඳනම් අපි ඇනලයිසිස් කරන NFP පට්ට ස්ට්‍රොන්ග් වෙයි කියලා හිතන්න පුලුවන්. ඒ වගේම ඒ නිව්ස් තුනේ වෙනස් වීම් අනුව මේ නිව්ස් එකේ වෙනස් වීම් අඳුනගන්න පුලුවන්. ඉස්සරහට Analysis එක කරලා ඒක පෝස්ට් එකක් විදියට දාන්න බලාපොරොත්තු වෙනවා.

  Analysis කලා වගේ ට්‍රේඩ් කරන්නත් එපැයි. එහෙනම් මේ තියෙන News Trading strategy  පෝස්ට් එකත් අනිවා කියවන්න.


 දිගටම එල්ලිලා ඉන්න. අඩුපාඩු වගේම හොඳ නරක කියන්න.
ජය වේවා.

What to do and Know Before Start Forex Trading


What to do and Know Before Start Forex Trading


What to do and Know Before Start Forex Trading



     ෆොරෙක්ස් මාර්කට් එකේ ට්‍රේඩ් කරන්න අපිට මොනවද ඕනෙ. අපි මොනවද දැනගෙන ඉන්න ඕනෙ. මේ What to do and Know Before Start Forex Trading පෝස්ට් එකෙන් මේ කතන්දර ගැන කතා කරමු. Ayubowan Forex පෝස්ට් එකෙන් කිව්වේ ට්‍රේඩ් කරනකොට මොනවද කරන්න ඕනෙ කියලා. ඒත් මේ පොස්ට් එකෙන් කියන්නේ Trade කරන්න කලින් මොනවද කරන්න ඕනෙ කියලා.

How to Trade Forex Perfectly Sentiment + Technical Analysis

How to Trade Forex Perfectly Sentiment with Technical Analysis Sinhala.

      කොච්චර කලත් ට්‍රේඩින්ග් සෙට් නොවෙන අයට ගොඩක් වැදගත් පෝස්ට් එකක් මන් කරපු ට්‍රේඩ්ස් වල රිවිව් එකක් විදියට දෙන්නම්. මේ පෝස්ට් එක ඔයාට ලොකු උදවුවක් වෙයි කියලා හිතලම පටන් ගත්තා එහෙනම් How to Trade Perfectly in Forex.


What We Need To Focus When Trading Forex

    ෆොරෙක්ස් කරනකොට Fundamental Technical and Sentiment කියන තුනම ගැන බලන්න ඕනෙ.  ගොඩක් අය ලොස් වෙන්න හේතුව මේ තුනෙන් එකකට ට්‍රේඩ් කරන එකයි. 

   පහුගිය දවසක් තිබුන යුරෝ ස්පීච් එකක කිව්වා යුරෝ එක අපි පාවෙන්න ඉඩ හරිනවා කියල. ඉතින් ඒ දවස් වලම මන් යුරෝ ට්‍රේඩ් කරන එක නැවැත්තුවා. ඒ දවස් වල මට යුරෝ ගැන අහපු අයට මන් කිව්වේ මන් මේ ටිකේ යුරෝ ට්‍රේඩ් කරන්නේ නෑ කියලා. ඒ වෙනකොට යුරෝ එක ගොඩක් නැගලා තිබුනේ.

        පස්සේ ආයෙම යුරෝ නිව්ස් එක්ක ම යුරෝ ටෙක්නිකල් ඕවර්සෝල්ඩ් කලාපයට ආවා.  හැමදාම මේක පාවෙන්න තියල බෑ. තියන්නේත් නෑ. ඒ වගේම අපි මේ වෙනකොටත් දන්නවා ඩොලර් එක දෙසැම්බර් මාසෙ එයාලගෙ පොලී අනුපාත ඉහල දාන්න සැලැසුම් කරලා තියෙනවා කියල. ඉතින් ඒ වෙනකොට යුරෝ එක තව දුරක් ගිහින් තියෙන්න ඕනෙ. මට වඩා ඉහල දැනුමක් තියෙන අයගෙනුත් මගේ ට්‍රේඩින්ග් වලට උදව් ලැබෙනවා. ඒක මන් කියන්නම ඕනෙ.

       ෆන්ඩමෙන්ටල් අමාරු අයට සෙන්ටිමෙන්ට් සමග ටෙක්නිකල් එකතු කරලා ට්‍රේඩ් කරන්න තමයි මන් මේ පෝස්ට් එක ලියන්නේ. මන් සෙන්ටිමෙන්ට් බලන්න යොදාගන්නේ Onanda සහ  Barchart සයිට් දෙක තමයි. ඒ වගේම තව සයිට් එකක් හම්බවුනා  fxssi.com කියන මේ සයිට්  එකෙන් සෙන්ටිමෙන්ට් වලට අදාල ගොඩක් තොරතුරු ගන්න පුලුවන්.

කලින් සති වල මන් අපේ ගෘප් එකේ දාපු ස්නැප්ස් කිහිපයක් දාන්නම්.

How To Analysis The Forex Charts With  Open Position Sentiment


         සමහර අයට නිවාඩු දවස් වලට කරන ඇනලිස් සාර්ථක නෑ කියනවා. මට නම් එහෙම නෑ. මේ ස්නැප්ස් වලින් ඔයාලට දිනෙත් බලාගන්න පුලුවන්. මේවා දාන්නේ ලොකුකමකට නම් නෙවෙයි. අපිට ගොඩක් ඉන්නවා උදව් වෙනුවට ගල් මුල් දෙන්න බලාගෙන ඉන්න අය. එයාල මල්ටිමිලියනර්ස්ලා වුනාට උදව්වක් දෙන්නේ නෑ. ඒ වගේම කියල දුන්නත් දෙන්නේ උඩින් පල්ලෙන් විතරයි. එහෙම කරල මග ඇරලා දානවා. ලැබෙන හැම දෙයක්ම සතුටින් බාර අරන් මට කරන්න පුලුවන් දේ මන් මේ වෙනකන් කරල තියෙනවා. එහෙනම් වැඩේට ආයෙ බහිමු.


Forex Divergence Trading - Technical Analysis Tips Sinhala

How to Trade Perfectly in Forex

forex trading sinhala sentiment Analyisis

මගේ මූලික ඉලක්කය වුනේ යුරෝ බයි කරන්න . ඉතින් ඒක කරන්න ගහපු ප්ලැන් එක වගේම වැඩ කරපු විදිය ගැන කියන්නම්.



How to Trade Perfectly in Forex

Trade with Sentiment and Technical Analysis

    යුරෝ උඩට නගින්න පටන් ගත්තා. යන පාරෙ එල්ලෙන්න හොඳම පෙයාර් එක වුනේ ඔය යටම තියෙන EUR/AUD පෙයාර් එක. හේතුව තමයි ඔනැන්ඩා එකේ විදියට ඒ වෙනකොට බයර්ලා අඩුවෙන් වගේම යුරෝ වලට තිබුනේ පහලම තැනක්. ඉතින් ඕක ඉයලට යන්න ඕනෙ කියලා හිතලා මන් මේක යොදාගත්තා පිප්ස් 100ක සතියෙ ඉලක්කය සපුරගන්න.

හොඳ තැනක් බලාගෙන යනකොට ශක්තිමත් Support එකක් විදියට හබවෙන්න තිබුන තැනක් ගැන කලින්ම ඇහැ ගහගෙන හිටියා. අවසාන ඉලක්කය විදියට යොදාගත්තේ ඩේලි ලෙවෙල් එකේ තිබුන රෙස් ලෙවෙල් එක.  මේ තියෙන්නේ ඒ රූපය.
Interweek Swing Trading Strategy පෝස්ට් එකෙන් ඔයාලට ට්‍රේඩ්ස් වලට අදහසක් ගන්න පුලුවන්.  හැබැයි දෙයක් කියන්න ඕනෙ. ඔයාට මගේ සිස්ටම් එක හරියන්නේ නැති වෙන්න පුලුවන්. ඒක නිසා සහමුලින්ම මේක ගන්නේ නැතුව ගන්න ඕන දේ විතරක් ගන්න.

How to Trade Perfectly in Forex

   සතිය ආරම්භ වුනා. බලන් හිටියා ඒ ලෙවෙල් එකට එනකම්. ඊට පස්සේ මගෙ Entry Strategy එකෙන් ට්‍රේඩ් එක Confirm වෙනකන් ඉඳලා ට්‍රේඩ් එකට එන්ටර් වුනා.
අවසාන ඉලක්කය විදියට මට පිප්ස් 140ක සාර්තක ට්‍රේඩ් එකක් ලැබුනා.

How to Trade Perfectly in Forex

පහල තියෙන්නේ මේ සතියට මට ඇති කියල හිතලා ක්ලෝස් කරපු ට්‍රේඩ්ස් වල අවසාන ලාභය.
How to Trade Forex Perfectly Sentiment with Technical Analysis Sinhala

How to Trade Forex Perfectly Sentiment with Technical Analysis Sinhala



ෆොරෙක්ස් මට තේරෙන විදියට මන් මේ බ්ලොග් එකෙ පැහැදිලි කරලා තියෙනවා. මෙනු එකේ තියෙන Main Guide එක බලන්න.

 අවුල් තැන් වගේම අඩුපාඩු තියෙනවනම් කියන්න. 
ජය වේවා





Forex Divergence Trading - Technical Analysis Tips Sinhala

Forex Divergence Trading - Technical Analysis Tips Sinhala

 Forex divergence trading strategy is my new blog post. many traders use some divergence strategies when they trade in the currency market.  I will guide you, How to trade with divergence on this blog post with my style. 

every time we are trading with divergence,  we use oscillator indicators like stochastic RSI MACD etc.     oscillators are lagging indicators. so we need to know how to use them perfectly in trading. try to understand and test this strategy on your demo account before using on real Trading account for Trading with divergence

Look at this post to know how to add Stochastic oscillator to chart on meta trader platform.


What is Divergence

Basically, divergence has two types.  regular divergence and hidden divergence. I will write another post on That Title. on this image, you can get an idea how divergence are working


Hidden Divergence


The bullish Divergence we need to find the bottom on market. that means, on the support level. and the bearish divergence we need to find the top of the market. that means, on the resistance level.

risk management


   The bullish Divergence we need to find the bottom on market. that means, on the support level. and the bearish divergence we need to find the top of the market. that means, on the resistance level.

The easiest way to find a trend change is divergence. so we need to wait for divergence to get our new position on support or resistance levels.  but at some times, divergence is giving wrong signals. see this image.

 many times the indicator saw the bearish divergence. but the market did not reverse.


forex


Divergence + Trendline Breakout. 


let’s get out on this wrong technique. try to add a trendline to divergence area.

Technical Trading


now we have a good confidence about movement on market.  because we can confirm our divergence entry with trendline breakout. this strategy is perfect for every trader in the forex market.

waiting is trading. we need to wait for when market form divergence on supply or demand zone with trend line breakout, to get a perfect trade entry.


Chart Analysis

Here's the journey. Are you successful?
How To Trade with Divergence

This is the situation today
Divergence

I saw a video on this on the web. You can even make it clearer.





final word: divergence trading is not magic. we need to use them perfectly with oscillator indicator and trendline we can do this job perfectly.
 

NEWS TRADING STRATEGY POST ALSO AVAILABLE  and you can get more forex trading strategies on this site. look at the menu, that placed on top of the blog.

I still learning English. but I think you can understand what I am talking about. Let’s meet in next blog post. The comment section is always opened for you. Tell me something about the blog and this blog post.

Have a great day


IQ option Forex trading Review Sinhalen

IQ option Forex trading Review


iq එකේ forex කරන්නත් පටන් අරන් හොඳ නොහොඳ ගුණ අගුණ ගැනත් මට තේරෙන විදියට කියන්නම්. IQ option Forex trading Review

මේක ලිවේ ෆේස්බුක් සමූහයක් වෙනුවෙන්. ඒත් ෆොරෙක්ස් වලට අදාල නිසා ඒ පොස්ට් එකම මේකෙත් කොපි කරනවා.  ඒකෙ නැති අයට බලාගන්න පුලුවන් වෙන්න.

pips

හාල් කිලෝ එකක් ඊයේ 100යි අද 105යි නම් වෙනස රුපියල් 5යි.
euro/usd ඊයේ 1.1000 යි අද 1.1105 යි. වෙනස පිප්ස් 5යි. මාර්කට් ප්‍රයිස් එකේ වෙනස් වීම් ගනින්නේ පිප්ස් වලින්.
දශමස්තානයෙන් පස්සේ තියෙන ඉලක්කම් 4 පිප්ස් ලෙසත් ඉලක්කම් 5කින් යුක්ත නම් පිපෙට් හෝ පොයින්ට්ස් ලෙසත් හඳුන්වනවා
iq චාර්ට් එකේ දකුණු පැත්තේ තියෙනවා ඉලක්කම් 6කින් හැබැයි ඉලක්කම් 6ට කියන නම මම දන්නේ නෑ. ඔයාල දන්නවනම් කියන්න.
spread
buying price - selling price = spread.
සරලම සමීකරනයකින් කිව්වොත් කියන්නේ මේකටයි. බ්‍රොකර් තමන්ගේ පවුලට කන්න දෙන්නේ මේකෙන් තමයි. අපි ට්‍රේඩ් එකක් ඕපන් කලාම පටන් ගන්නේ (-) ට්‍රේඩ් එක දාපු ගමන් බ්‍රෝකර් තමන්ගෙ ගාස්තුව අරන් තමයි අපිට හම්බ කරගන්න දෙන්නේ.
බයිනරි එකෙයි ෆොරෙක්ස් එකෙයි එකම වෙලාවක දාපු ට්‍රේඩ්ස් දෙකක ස්ක්‍රීන් ශොට් එකක් ඇති ඒක බලපුවාම ෆොරෙක්ස් වල ස්ප්‍රේඩ් එකගැන තේරෙයි.
IQ option Forex trading Review

iq එකේ නම් ට්‍රේඩ් කරන්න දෙන්නේ $1න් එහාට තමයි. ට්‍රේඩ් එකකින් ලොස් උනත් ලොස් වෙන්නේ තමන් ට්‍රේඩ් එකට දාන ගානම විතරයි.
ඔයාට සාර්ථක ස්ට්‍රැටජි එකක් තියෙනවනම් මේකෙනුත් වැඩක් ගන්න පුලුවන්. හැබැයි ට්‍රේඩ් එකට එන ප්‍රොෆිට් එකේ බයිනරි වලට වඩා වෙනස්කම් තියෙනවා.
stop loss and take profit
මේකෙ ස්ටොප් ලොස් , ටේක් ප්‍රොෆිට් කියල දැනට නම් නෑ. ඒත් මේකෙ කෙනෙක් කිව්ව එකෙන් කිව්වලු එහෙම එකක් ලඟදිම දෙනවා කියලා. මන්නම් දෙනකන් සුවර් කරන්නේ නෑ. මොකද බ්‍රෝකර් ලගෙ පැරිකිරියාව හොඳටම දන්න නිසා. iq එකේ තව දෙයක් කරනවා. ට්‍රේඩ් එක ස්ටොප් ලොස් පැත්තට ගියොත් 100% ස්ටොප් ලොස් වදිනකන් ඉන්නෙ නෑ. 97% වගෙ වෙනකොට ස්ටොප් ලොස් වදිනවා. (ඒකටත් ස්නැප් එකක් එල්ලලා ඇති.)
ට්‍රේඩ් එක ප්‍රොෆිට් පැත්තට ගිහින් හම්බවෙන අවසාන ඉලක්කයට Take profit සහ ලොස් පැත්තට ගිහින් මාර්ජින් එක ඉවර වෙන තැනට Stop loss කියලා කියනවා.
Margin
මාර්ජින් කියන්නේ මාර්කට් එකේ අපිට ඉන්න පුලුවන් ඉඩ ප්‍රමාණය. iq එකේ නම් ගොඩක් වෙලාවට ඒක තීරණය වෙන්නේ multiplier එකත් එක්කයි. ඒක ගැන පස්සට.


iq option forex sinhalen

multiplier
iq එකේ ට්‍රේඩ් කරනකොට අපිට හම්බවෙනවා ගුණිතයන් කිහිපයක් මේකෙන් කැමති එකක් තෝරගන්න පුලුවන්. (වෙනස් ඒවත් දාන්න පුලුවන්ද දන්නේ නෑ. මමත් අදයි මේක බැලුවේ. පුලුවන්ද කියලා එතන ක්ලික් කරල බලන්න.) එකම වෙලාවක එකම පෙයාර් එකක multiplier 4ක් දාපු ස්ක්‍රීන් ශොට් එකක් ඇති ඒක බලපුවම ඔයාලටම මේක පහසුවෙන් තේරෙයි.
$100 multiplier 1:1 = (+) or (-) 0.01% per pips
$100 multiplier 1:100 = (+) or (-) 1% per pips
$100 multiplier 1:500 = (+) or (-) 5% per pips
$100 multiplier 1:1000 = (+) or (-) 10% per pips
ඒ කියන්නේ multiplier 1:1000 න් ට්‍රේඩ් කරනවනම් ඔයාට මාර්කට් එකේ ලොකු මූව්මන්ට් එකක් ඔයාගේ ට්‍රේඩ් එකෙන් පිට දුවන්න දෙන්න හොඳ නෑ. පිප්ස් එකකට එන ගාන වැඩියි වගේම අවධානම් පරාසය මාර්ජින් අඩු නිසා ලොස් වීමට තියෙන ඉඩත් වැඩියි.
ප්‍රොෆිට් වෙනකොට නම් ඕක 1 :1000 දුන්නොත් $100ට ටේක් ප්‍රොෆිට් වදින්නේ "$100 000-ස්ප්‍රේඩ්" වුනාමද දන්නේ නෑ. ඒත් මේක දන්නවා. 1:1000 ට්‍රේඩ් කරන එකවුන්ට් එකකට වඩා අවධානම අඩුවෙන් 1:100 හෝ 1:1 ට්‍රේඩ් එකකින් ට්‍රේඩ් කරන්න පුලුවන්. අවදානම වගේම ප්‍රොෆිට් එකත් අඩුයි.
මගේ පුද්ගලික මතය IQ එකේ Forex කරනවනම් සුවර්ම ස්ට්‍රැටජි එකක් භාවිතා කරන එක තමයි වැඩි මුදලක් උපයන්න පුලුවන් සාර්තකම ක්‍රමය.ඒ කියන්නේ "scalping trading strategy"

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ සාමාන්ය් බ්‍රෝකර් කෙනෙක් යටතේ ෆොරෙක්ස් කරනවට වඩා මේකෙ ෆොරෙක්ස් කරනකොට ඔලුව අවුල් යන්න ඉඩ තියෙනවා. මොකද රිස්ක් රිවෝඩ් කැල්කියුලේට් කරන්න ගියාම අනල්යිස් එක ගැන ඔලුවට එන්නෙ අඩුවෙන්. මොකද දෙකම බැලුවම ට්‍රේඩ් එකකට එන්ට්‍රි ගන්න කොට හැඟීම්බර වෙනවා වැඩියි. සම්පූර්න ඉලක්කයට යන්න නොදී මග නවත්තන්න හිතාගෙන කරනවනම් කලාට කමක් නෑ. හැබැයි සාර්ථක ස්ට්‍රැටජි එකක් භාවිතා කරන්න.   


ජය වේවා

Stocastic Ossilator how to use fore forex chart

 Stochastic Oscillator how to use in mt4 platform

ඉන්ඩිකේටර් ගැන කතා කරන්න කියලා බැලුවේ. ගොඩක් අයට ඉන්ඩිකේටර් භාවිතය හරියට දන්නේ නෑ. තමන්ට ගැලපෙන විදියට ඒක හදාගන්න බෑ. ඉතින් අද පෝස්ට් එකෙන් ස්ටොකෑස්ටික් එකෙන්ම පටන් ගමු. ඔන්න පටන් ගත්තා එහෙනම් Stochastic Oscillator how to use in mt4 platform.

Meta trader 4 ප්ලැර්ෆෝර්ම් එකේ crtl+n ඔබලා හරි නැත්තම් insert < indicators < oscillators  වලින් හරි මේ ඉන්ඩිකේටර් එක චාර්ට් එකට දාගන්න පුලුවන්.


චාර්ට් එකට දාපුවාම මේ විදියට මම හයිලයිට් කරපු ලෙවෙල්ස් එක්කම මේක චාර්ට් එකට එයි.


ඔයාට මේකෙ පාට සහ ලෙවෙල්ස් වෙනස් කරන්න වගේම තව ලෙවෙල්ස් ඇඩ් කරන්නත් පුලුවන්. ඒක කරන්න ඔය ඉරි උඩ Right click කරලා ඕපන් stochastic oscillator property  කරගන්න. 




ඔයාට මෙතනින් කැමති වගේම ඔයාට ලේසි විදියට හදාගන්න පුලුවන්.

How to use stochastic indicator

 දැන් මේක ගැන කතා කරමු.

 ඕකේ තියෙන උඩ ලෙවෙල් එකට over bought area කියලත් පහල තියෙන ලෙවෙල් එකට oversold area කියලත් කියනවා.  සමහර ට්‍රේඩර්ස්ලා මේක උඩට ගියාම සෙල් කරන්නත් පහල ලෙවෙල් එකේදි බයි කරන්නත් යොදාගන්නවා. ඒක මේ වගේම තවත් දේකට යොදාගන්නවා. ඒ තමයි Divergence බලන්න. මම නම් පුද්ගලිකව මේ ඉන්ඩිකේටර් එක යොදාගන්නවා. 

ඒ කතන්දරේට වෙනම පෝස්ට් එකක් ලියන්නම්. එතකන් මේක ඔයාලත් ට්‍රයි කරලා බලන්න.

    එහෙනම් අපි ගියා ජය වේවා.

Inter Week Swing Trading Strategy with Best Time to Trade

Inter Week Swing Trading Strategy with Best Time to Trade 


    අද පෝස්ට් එකෙන් කියන්න යන්නේ. මම ට්‍රේඩ් කරන්න කැමතිම වගේම මම ආසම ට්‍රේඩින්ග් ස්ට්‍රෑටජි එක ගැන. මේකෙ නම inter week swing trading strategy  හැබැයි මේ විදියට මේ වෙලාවට කවුරුවත් ට්‍රේඩ් එකකට එන්ට්‍රි ගන්නවා කියල මම අහලවත් නෑ. සමහරු ගන්නවා ඇති ඒත් කියන්නේ නෑ. දැනුම් ගබඩාවට මම මේකත් එකතු කරනවා. එහෙනම් පටන් ගමු කතන්දරේ. එක පාරක් කියවලා තේරුනේ නැත්තම් තව පාරක් කියවන්න.

Rules For Inter Week Swing Trading Strategy

 පොඩි නීති ටිකක් තියෙනවා. සපෝර්ට් අඇන්ඩ් රෙසිස්ටන්ස් දැනුම වගේම ෆේක් අවුට් ගැන ටිකක් බලන්න වෙනවා. ෆේක් අවුට් ගැන දන්නේ නැත්තම් මෙතනින් බලන්න. සපෝර්ට් අඇන්ඩ් රෙසිස්ටන්ස් වලදී ට්‍රේඩ් කරන්නේ කොහොමද කියලා දන්නේ නැත්තම් මෙතනින් බලන්න.

Chart Analysis කරන්නේ සෙනසුරාදා ඉරිදා සහ සඳුදා කියන දවස් 3න් එකකදී.

weekly time frame එකේ ගෙවුන සතියේ කැන්ඩල් එක බලන්න උඩද පහලද කියලා. ගින්නක් නැතුව  ගෙවුන සතියේ තියෙන Support and resistance levels ලෙවෙල්ස් 1H, 4H and daily timeframes වල බලලා draw කරගන්න.  

Weekly උඩ පැත්තට හෝ යට පැත්තට හොඳ ප්‍රෙශර් එකක් තියෙනවා කියලා තේරෙනවනම් කිසිම ගින්නක් නැතුව ට්‍රේඩ් එකට එන්න පුලුවන්. Bloomberg, Forexlivedailyfx,  Forexcurnch, Babypips වගේ සයිට් වල තියෙන පෝස්ට් එහෙම කියවලා මාර්කට් එකේ ඩිරෙක්ශන් එක ගැන තියෙන ව්ශ්වාසය වැඩි කරගන්න පුලුවන්. 
වැඩ ටික ඉවරයි දැන් බලන් ඉන්න තියෙන්නේ වෙලාව එනකල්.

අඟහරුවාදා අපේ රටේ වෙලාවෙන් හරියටම 4.30 or 8.30 ට ඔයා ඇඳපු ලෙවෙල් එකකින් ෆේක් අවුට් එකක් එයි. (ෆේක් අවුට් ගැන තියෙන පෝස්ට් එකේ ලින්ක් එක උඩ් දැම්ම බලන්න පුලුවන්.) හැබැයි මේක ගොඩක් ඉක්මනින් අඳුනගන්න වෙනවා. 1 මින් හෝ 5 මින් චාර්ට් වලින් තමයි ඒක හරියටම අඳුනගන්න පුලුවන් වෙන්නේ පහල තියෙනවා එන්ට්‍රි ගත්තු ලෙවෙල් එකක් බලන්න කතන්දරේ තේරෙනවද කියලා

Inter Week Swing Trading Strategy


එච්චර ලඟ බලන එක සුවර් නැත්තම් 30 මින් සහ 1h චාර්ට් වලින් බ්‍රේකවුට් එකක් බලලා ට්‍රේඩ් එකට යන්න පුලුවන්



ඔයා එන්ට්‍රි එක ගත්තේ ලෙවෙල් එකකදි ටයිම් එකකට. ස්ටොප් ලොස් එක දාන්න පුලුවන් ෆේක් අවුට් එකක යට ලෙවෙල් එකට. ඒ වගේම ට්‍රේඩ් එක දවස් දෙකක් ඒ කියන්නේ බ්‍රහස්පතින්දා රෑ. 8.30 හෝ 9.30 වෙනකන් අල්ලන් ඉන්න පුලුවන්. හැබැයි ඊට කලින් 1h 4h ලෙවෙල් එකකින් රෙවෙර්සල් පැටන් එකක් සෙට් උනොත් නම් ට්‍රේඩ් එකෙන් අයින් වෙන්න වෙනවා. 


Swing Trading

ට්‍රේඩ් එක ගොඩක් දුර යනවනම් පටන් ගත්තු වෙලාවෙ ඉඳන් පැය 4ක් ඇතුලත එක පාරටම උඩ යනවා නැත්තම් ඒ පැය 4 ඇතුලෙම ට්‍රේඩ් එක ස්ටොප් ලොස් වදියි. පොඩි රිස්ක් එකක් 1මින් චාර්ට් එකේ ෆේක් අවුට් ඩවුන් එකට තියෙන්නේ එත් ටේක් ප්‍රොෆිට් තියෙන්නේ අඩුම තරමේ පිප්ස් 100ක් වත් එහාඉන්. පිප්ස් 300ක් වුනත් යන්න පුලුවන්. හැබැයි මාර්කට් එක ගොඩක් දුර යනවනනම් ස්ටොප් ලොස් ලෙවෙල් එක කිට්ටුවටවත් එන්නෙ නෑ.



කතන්දරේ අවසානයි. එහෙනම් අපි ගියා. නොතේරුන තැනක් එහෙම තියෙනවනම් කොමෙන්ට් කරන්න.
එහෙනම් ජය වේවා.

Fibonacci Retracement Tool sinhala. what and how to use

Fibonacci Retracement Tool sinhala. what and how to use

      අද කතා කරමු Fibonacci Retracement Tool එක ගැන. ඒකෙ ගුන අගුන වගේම මට තේරෙන හැම දෙයක්ම මන් කියලා දෙන්නම්.

What is fibo?

fibo කියන්නේ meta trader 4/5 or Ctrader වගේ platform වල ට්‍රේඩ් කරන ගොඩක් අය මාර්කට් එක ඇනලයිස් කරන්න යොදාගන්න ටූල් එකක්.  මේකෙ ඉතිහාසය ගැන නම් කියන්න දන්නේ නෑ. ඒත් මේ ටූල් එක හැදිලා තියෙන්නේ අංක විද්යාව පදනම් කරගෙන. ඒක හැදෙන්නේ මෙහමයි.
1
1+1= 2
1+2=3
2+3=5
3+5=8
5+8=13
8+13=21
මේ විදියට මේ කතන්දරේ දිගටම යනවා. ඒත් අපි ට්‍රේඩ් ප්ලැට්ෆෝර්ම් එකේ භාවිතා කරන්නේ මේකෙන් කිහිපයක් විතරයි.

How To use Fibonacci tool In Forex Platform

    මූලිකවම ෆිබෝ ටූල් එක භාවිතා කරන්නේ රී ට්‍රේස්මන්ට් අඳුනගන්න. ඒ වගේම ට්‍රේඩර්ස්ලා තමන්ගේ ටාගට්ස් බලාගන්නත් යොදාගන්නවා. ඔයාල දන්නවා ඇති ඔය Butterfly, bat,  වගේ පැටන් අඳින්නේත් ෆිබෝ ටූල් එක මූලික කරගෙන තමයි. මම ෆිබෝ ටූල් එක භාවිතා කරලා ට්‍රේඩ් කරන්න පුලුවන් ස්ට්‍රැටජි එකකුත් දුන්නා. නොබලපු අය මෙතනින් බලන්න

     ඔයාල platform උඩ තියෙන ටූල්බාර් එකේ insert ගියාම Fibonacci එකේ ටූල්ස් 5ක් විතර බලාගන්න පුලුවන්. මම නම් අනිත් ඒවා ගැන දන්නේ නෑ.  රීට්‍රේස්මන්ට් ටූල් එක ගැන විතරයි මේ පෝස්ට් එකෙන් කියන්නේ.

     ෆිබෝ අඳින්නේ ස්වින්ග් හයි හෝ ස්වින්ග් ලෝ එකක් පදනම් කරගෙන. ඒ කියන්නේ මාර්කට් එකේ හැරවුම් ලක්ශ දෙකක් පදනම් කරගෙන.   Up Trend එකකදී යට ඉඳන් උඩටත් Down Trend එකකදී උඩ ඉඳන් යටටත් තමයි ෆිබෝ අඳින්නේ. සමහර අය මේකෙ අනිත් පැත්තත් අඳිනවා.   මම කියන විදියේ පොඩි ලොජික් එකක් තියෙනවා. මොකද ඉස්සෙල්ලම එන්නෙ 23% ඊට පස්සෙ තමයි 38% එන්නේ ඒ වගේ ලොකුවට රීට්‍රේස්මන්ට් එක එන තරමට යන ගානත් ලොකු වෙනවා. 
පහල රූපය බලපුවාම ඔයාට තේරෙයි.

How To use Fibonacci tool In Forex Platform

Fibonacci Retracement Tool


Is Fibonacci retracement tool helpful or not


     ෆිබොනාසි ඕනම ටයිම් ෆ්‍රේම් එකක අඳින්න පුලුවන්. ඕන වෙන්නේ ස්වින්ග් හයි එකක් හෝ ස්වින්ග් ලෝ එකක් විතරයි. මේකෙ ඇකියුරේට් එක ගැන කතා කරනවනම් කියන්න තියෙන්නේ මම නම් දන්නේ නෑ කියලා. මොකද රීට්‍රේස්මන්ට් කලාප 4ක් තියෙනවා. ඕනම ලෙවෙල් එකකින් හැරෙන්න පුලුවන්. මාර්කට් එකේ ස්ට්‍රොන්ග් සපෝර්ට් සහ රෙසිස්ටන්ස් වලදී මේක වැඩ කරනවා කියල කියන්න පුලුවන්. ඒත් Elliot wave සහ butterfly, bat වගේ Patterns අඳිනකොට නම් ලොකු අවුලක් වෙන්නේ නෑ. මම Elliott wave ගැනත් පෝස්ට් එකක් දාන්නම් බ්ලොග් එකත් එක්ක දිගටම එල්ලිලා ඉන්න. 

    මේ පෝස්ට් එකෙන් ෆිබො ගැන මන් දන්න දේවල් කිව්වා මම නොදන්න දේවල් තියෙනවනම් කියන්න මේ පොස්ට් එකටම එකතු කරන්නම්.

     අපැහැදිලි තැන් තියෙනවනම් අහන්න. බ්ලොග් පෝස්ට් එකට යටින් කොමෙන්ට් බොක්ස් එකක් තියෙනවා. ඒ වගේම බ්ලොග් එකේ අඩුපාඩු තියෙනවනම් කියන්න මට ඒවා හදාගන්න පුලුවන්.

අදට ඇති වගේ එහෙනම් 
ගියා ජය වේවා.

How To Add Custom Indicator in to Meta Trader 4 Platform

  How To Add Custom Indicator in to Meta Trader 4 Platform

    අලුතින් ෆොරෙක්ස් වලට එන අයට තියෙන ගැටළුවක් තමයි අහල පහලින් හොයාගන්න Custom Indicator එකක් මෙටා ට්‍රේඩර් ප්ලැට්ෆොර්ම් එකකට දාගන්නේ කොහොමද කියන එක අද පෝස්ට් එකෙන් කියන්නේ ඒ ගැන. වැල් බයිලා නැතුව වැඩේ පටන් ගමු.

ඉස්සෙල්ලාම යන්න ඔයා ඕපන් කරගන්න මෙටා ට්‍රේඩර් 4 ප්ලැට්ෆොර්ම් එක



How To Add Custom Indicator in to Meta Trader 4 Platform





.
ඊට පස්සේ උඩ තියෙන ටූල් බාර් එකෙන් ෆයිල් කියන කොටස ක්ලික් කරලා ඒක යටතේ තියෙන ඕපන් Open Data Folder කියන කොටස තෝරන්න
Custom Indicator
ඒක ක්ලික් කලාම ෆයිල් එකක් ඕපන් වෙයි. මෙන්න මේ වගේ. ඒකේ MQL4 කියන තැන ඩබල් ක්ලික් කරලා ඒ ෆෝල්ඩර් එක ඕපන් කරගන්න 
Metatrader 4 Tutorial - How To Install Custom Indicators
ඒක ඇතුලේ තියෙනවා ඉන්ඩිකේරට්ස් කියල තවත් ෆයිල් එකක්. ඒකත් ඕපන් කරගන්න.

Advanced Guide To MetaTrader 4 - Custom Indicators
ඒ ෆයිල් එක ඇතුලේ තියෙනවා ඔයාගේ මෙටා ට්‍රේඩර් ප්ලැට්ෆෝර්ම් එකේ දැනට තියෙන ඉන්ඩිකේරට්ස් ටික.
How do I install a Custom indicator to MT4

      අන්තිමට කරන්න තියෙන්නේ ඔයා බාගත්තු ඉන්ඩිකේටර් එක (සමහරවිට ඉන්ඩිකේටර් එකේ MQL4 Source File (.mq4) සහ EX4 File (.ex4) කියලා formats දෙකක් ඇති  දෙකම වුනත් කමක් නෑ ) කොපි කරලා මේ ඉන්ඩිකේටර් තියෙන තැන ඒක පේස්ට් කරගන්න එක. එහෙම කරලා මේ ෆෝල්ඩර් එක ක්ලෝස් කරගන්න.

     ඊට පස්සේ ආයෙම MT4 ප්ලැට්ෆෝම් එකට ගිහින් ඔයාගෙ ඉන්ඩිකේටර් උඩට මවුස් පොයින්ටරේ ගෙනිහින් රයිට් ක්ලික් කරලා ඉන්ඩිකේටර් ටික Refresh කරගන්න. ඔයා දාපු ඉන්ඩිකේටරේ ඇවිත් තියෙයි.
අන්තිමට කරන්න තියෙන්නේ ඒ ඉන්ඩිකේටර් එකෙ නම උඩ ඩබල් ක්ලික් කරලා ඔයාට ගැලපෙන විදියට සෙටින්ග්ස් ටික හදාගෙන OK කරන්න විතරයි.

ඔයාලට අලුතින් දාන්න ඕනේ කියලා හිතෙන පෝස්ට් එහෙම තියෙනවනම් කොමෙන්ට් එකකින් ඒක කියන්න.  බ්ලොග් එක ෆලෝ කරන්න කැමති නම් බුකියේ පිටුවටත් ලයික් එකක් දාන්න. එහෙම නොකලා කියලා තරහකුත් නෑ. එකෙක් හරි මේ මගුල කරලා ගොඩ යනවා දකින්නයි මට ඕනේ. ඉස්සරහට තවත් ට්‍රේඩින්ග් ස්ට්‍රැටජි ටිකක් දෙන්න තියෙනවා හිමිට යන ගමන දිගයිලු ඒක නිසා මන් හිමීට යනවා. ඉක්මන් වෙන්න නම් ඔයාට ඉක්මනින් ඉගෙනගන්න ඕන කරන පෝස්ට් ගැන කියන්න. මට තේරෙන විදියට මන් දන්න දෙයක් නම් ඔයාලට කියලා දෙන්නම්
සිග්නල් ගන්න එහෙම හිතෙනවනම් මේ පෝස්ට් එකත් අනිවා කියවන්න

එහෙනම් අදට හමාරයි ආයෙම අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු.
අපි ගියා ජය වේවා.

Forex signals, How to Use in Trading Best Tips For Begginers

How to Use Forex signals In Trading Best Tips For Beginners

   රියල් මාර්කට් එකේ ට්‍රේඩ් කරද්දි ලොස් වේගෙන එනකොට ගොඩක් අයට මතක් වෙනවා සිග්නල්ස් ටිකක් ගන්න එකවුන්ට් එක හොඳ කෙනෙක් බලලා කරගෙන යන්න දෙන්න වගේම ෆොරෙක්ස් අත අරින්න. මේ 3න් කරන්න ලේසිම දෙයක් තමයි සිග්නල් අරගෙන ට්‍රේඩ් කරන එක මොකද ඒක එකවුන්ට් එක මැනේජ් කරන්න දෙනවට වඩා ටිකක් ආරක්ශාකරී නිසා.  අලුතෙන් මාර්කට් එකට එබුන කෙනෙකුට වගේම එක දිගට ලොස් වෙන කෙනෙකුට තියෙන විකල්ප වලින් එකක් තමයි Forex Signals කියන්නේ. අද පෝස්ට් එකෙන් කතා කරමු ෆොරෙක්ස් සිග්නල්ස් ගැන.  

What is signals

   ෆොරෙක්ස් සිග්නල්ස් කියන්නේ මාර්කට් එකේ යම් තැනක සිට තවත් තැනකට මාර්කට් එකේ Movements ගැන කරන Prediction එකක්. Chart Analysis කරන අලුත් අය වගේම සමහර පරන අයත් සිග්නල්ස් භාවිතා කරනවා. අලුත් අය නම් සිග්නල් ගන්නේ කිසිම දෙයක් දන්නේ නැති නිසා කියන්න පුලුවන්. ඒත් පරන අය ඒවා ගන්නේ ඇයි. ඒකට උත්තරය තමයි තමන්ගේ ඇනලයිස් වල නිවැරදිතාවය පරික්ශා කරන්න. සිග්නල්ස් කිසිම විදියකින් භාවිතා නොකරන අයත් ඉන්නවා.
සිග්නල් ගන්නකොට ගොඩක් අයට වරදින තැනක් ගැන කියන්නයි මේ පෝස්ට් එක ලියන්න හිතුවේ. මම දන්නවා මොකද මමත් ලොකු කාලයක් සිග්නල් පස්සේ දුවපු නිසා. හැබැයි සල්ලි දීලා නම් අරගෙන නෑ.

Tips For Beginners

   මෙහෙම හිතමු.  ඔයා ට්‍රේඩ් කරන්නේ මාර්කට් මේකර් බ්‍රොකර් කෙනෙක් ලඟ කියලා. සිග්නල් දෙන කෙනා භාවිතා කරන්නේ ECN බ්‍රෝකර් කෙනෙක්. (තවත් පෝස්ට් එකකින් මේ දෙවර්ගයේ වෙනසත් පැහැදිලි කරන්නම්)  සිග්නල් දෙන එකා කියනවා 1.1000දි බයි කරන්න කියලා ඉතින් බර දාල බයි කරනවා. මොකද උගේ සිගනල්ස් ශුවර් කරන්න පුලුවන් නිසා. ටේක් ප්‍රොෆිට් වගේම ස්ටොප් ලොස් එහෙමත් දානවා.

   signal provider කියනවා දැන් තියෙන පින් බාර් එකට පිප්ස් දෙකක් උඩින් ස්ටොප් ලොස් එක දාන්න කියලා. එයාගෙ ස්ටොප් ලොස් ලඟින්ම හැරිල සමහර විට signal provider ගෙ ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙන්න ඉඩ තියෙනවා.
    සමහර විට එයා භාවිතා කරන බ්‍රෝකර්ගේ ස්ප්‍රේඩ් එක පිප්ස් 1ක් වෙන්න පුලුවන් ඒත් ඔයා භාවිතා කරන බ්‍රෝකර්ගේ ස්ප්‍රේඩ් එක පිප්ස් 2ක් උනොත් ඔයාට කෙල වෙන එක අහන්න දෙයක් නෙවෙයි. ස්ටොප් ලොස් වැදුන ගමන් ට්‍රේඩ් එක අනිත් පැත්ත හැරෙන්න පුලුවන්. එතකොට ඉතින් දුකයි තමා.

   ඔයාල ප්ලැට්ෆොර්ම් දෙකක් හෝ වැඩි ගනනක් එකම වෙලාවක ඕපන් කරලා බැලුවොත් ඔයාලට පෙනෙයි මාර්කට් ප්‍රයිස් වල වෙනසක් තියෙනවා කියලා. මේ තියෙන්නේ ප්ලැට්ෆෝර්ම් දෙකක එකම වෙලාවක ගත්තු euro/usd 1h චාර්ට් දෙකක්. මේ දෙකේ ප්‍රයිස් දෙකක් තියෙන්නේ. ඒ වගෙම මේ දෙකේ ස්ප්‍රෙඩ් දෙකත් වෙනස්. ස්ප්‍රේඩ් දෙක ගත්තෙ නෑ මොකද රූපය හරියට පැහැදිලි නැති වෙන නිසා. 

Forex signals


මේ තියෙන පොඩි වෙනසක් නිසා ඔයාලගේ ගිනුමේ තියෙන සල්ලි වලට සිග්නල් ගත්තත් කෙලවෙන්න ඉඩ තියෙනවා කියලා ඔයාලට අදහසක් ඇති. ඒක නිසා සිග්නල් ගන්නවනම් සිග්නල් දෙන කෙනා ගැන හොයලා බලන්න. එයා ට්‍රේඩ් කරන බ්‍රෝකර්ම භාවිතා කරන්න උත්සහ කරන්න. 

ඔයාට සිග්නල් ගන්න කියනවා නෙවෙයි. සිග්නල් කොච්චර කාලෙකට ලැබෙයිද කවදා සිගනල් අයියා ඔයාව අත අරියිද කියලා දන්නේ නෑ. සමහර විට බුකිය හරහා සිගනල් දෙනවනම් ෆේස්බුක් ගිනුමත් ක්ලෝස් කරලා හෝ ඔයාව බ්ලොක් කරලා දාන්න එයාට වැඩි වෙලාවක් යන්නේ නෑ. අන්තිමට සල්ලිත් නෑ සනීපත් නෑ.

ඔයාට Technical analysis , Fundamental Analysis  කරන්න මේ බ්ලොග් එකෙන්ම ඉගෙනගන්න  පුලුවන්නම් Trading strategies තියෙනවනම්, ඉතින් සිග්නල් නම් මොනවද ? මොකටද?

ඔයාට ට්‍රේඩින්ග් සිස්ටම් එකක් නැත්තම් මේ තියෙන සිස්ටම් ටෙස්ට් කරලා බලන්න. පහලින් තියෙන නම් වලින් ඔයාට පොස්ට් එකට යන්න පුලුවන්

NEWS TRADING STRATEGY
FIBONACCI TRADING STRATEGY
CANDLE STORY SCALPING STRATEGY


සිග්නල් ගන්නවනම් කරන්න ඕන දේවල් ගැන පැහැදිලි කරන්න තමයි මේ පෝස්ට් එක ලිව්වේ. අඩු පාඩු තියෙනවනම් කියන්න අප්ඩේට් කරන්න පුලුවන්. නොතේරුන තැනක් තියෙනවනම් අහන්න, තේරෙන විදියට කියලා දෙන්නම්. බ්ලොග් එකේ වගේම පෝස්ට් එකෙත් හොඳ නරක කිව්වොත් අඩු පාඩු හදාගෙන ලොකු ගමනක් යන්න මේ බ්ලොග් එක ලියන මටත් කියවන ඔයාටත් පුලුවන් වෙයි.
 එහෙනම් තවත් පෝස්ට් එකකින් හම්බවෙමු.
 ජය වේවා.

Flash YouTube Videos free Download From any Web Or Blog Site

Flash YouTube Videos free Download From any Web Or Blog Site

      ෆොරෙක්ස් වගේම දෙයක් ලේසියෙන්ම ඉගෙනගන්න හොඳම ක්‍රමයක් තමයි වීඩියෝස් කියන්නේ. අද පෝස්ට් එකෙන් කතා කරන්නේ (Flash Videos . YouTube Videos බාගන්න පුලුවන් ක්‍රම ගැනයි. මේ ක්‍රම වලින් Udemy සයිට් එකේ වීඩියෝස් උනත් බාගන්න පුලුවන්. හැබැයි ෆ්‍රී දෙන ඒවා වගේම ඔයාලා සල්ලි ගෙවලා ගත්තු ඒවා. එහෙනම් වැඩේට බහිමු. 
ෆොරෙක්ස් ට්‍රේඩර්ලා $200ක් ගෙවලා ඉගෙනගත්තු Learn to Trade Forex and stocks, UDEMY කෝර්ස් එක ෆ්‍රී ගන්න පුලුවන් Coupon කෝඩ් එකක් මන් කලින් දුන්නා. ඒ පෝස්ට් එක මෙතනින් බලන්න පුලුවන්.

1  google chrome web browser එක භාවිතා කරන අයට පුලුවන් Extensions යොදාගෙන වීඩියෝස් බාගන්න.

best ways to download videos


flash video downloader




How to Download youtube videos without software

උඩ දාපු එක්ස්ටෙන්ශන් තුනෙන්ම ෆ්ලෑශ් වීඩ්යෝස් බාගන්න පුලුවන්.


2) torch web browser එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකෙනුත් වීඩියෝස් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. මේ තියෙන්නේ ලින්ක් එක.   http://torchbrowser.com/


3( YouTube videos  බාගන්න ලේසිම විදියක් තියෙනවා. ඒක කරන්නේ මෙහෙමයි. ඔයාට ඕන කරන වීඩියෝ එකේ ලින්ක් එක පටන් ගන්නේ  https://www.youtube.com/ කියන විදියටනේ. ඒ ලින්ක් එකේ වලට පස්සේ සිම්පල් එස් අකුරු දෙකක් දාල ලින්ක් එක රන් කරන්න. මෙන්න මේ වගේ. https://www.ssyoutube.com/ 

 එහෙම නැත්තම් මේ ඒ වෙබ්සයිට් එකේ නමත් දෙන්නම්.     http://en.savefrom.net/


Flash YouTube

savefrom.net සයිට් එකෙන් මේ පහල තියෙන වෙබ් සයිට් වල තියෙන වීඩියෝස් බාගන්න පුලුවන්. සයිට් එකට ගිහින් ලින්ක් එක පේස්ට් කරල කොල පාට ඇරෝව් එක ඔබන්න තියෙන්නේ. ඊට පස්සේ ඒකෙ පෙන්නන ෆොර්මැට් වලින් ඔයාට වීඩියෝ එක බාගන්න පුලුවන්.

youtube.com
break.com
dailymotion.com
vimeo.com
sevenload.com
mail.ru
smotri.com
yandex.ru
rambler.ru
tvigle.ru
intv.ru
facebook.com
livejournal.com
vk.com
odnoklassniki.ru
soundcloud.com
liveinternet.ru
veojam.com
1tv.ru
rutv.ru
ntv.ru
vesti.ru
mreporter.ru
karusel-tv.ru
autoplustv.ru
russia.ru

මේවා මට කියලා දුන්නේ බුකියෙම කට්ටිය තමයි. රොමේශ් කරුනාරත්න වගේම ශාන් කියන දෙන්නව මේ වෙලාවෙ අනිවා මතක් කරනවා. උන් දෙන්නටත් පින් මේ ටික මගේ වගේම අපේ ඔලු වලට දැම්මට. සොෆ්ට්වෙයාර් බාගෙන දාගෙන පිස්සු නටන්නේ නැතුව වීඩියෝස් බාගන්න දුන්න අදහස වැදගත් වෙයි කියලා හිතුන නිසයි බ්ලොග් පෝස්ට් එකක් විදියටම දැම්මේ. ආයෙ කවදා හරි කාට හරි වැඩක් ගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවනම් බුක්මාර්ක් කරලා තියාගෙන ඒක ඉල්ලන කෙනෙක් හිටියොත් දෙන්න. 

Featured Post

Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...