sponsor

sponsor

Slider

Theme images by kelvinjay. Powered by Blogger.

Recent Blog Posts

Lorem Ipsum has been the industry's standard dummy text.

App Design

Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

Timeline

Timeline

Recent Tube

Business

Candle story scalping strategy

Candle story scalping strategy 

Candle story scalping strategy එකක් තමයි මේ පෝස්ට් එකෙන් දෙන්න යන්නේ. මේක ඔයාල කැමතිනම් මිනිත්තු 15න් එක්ස්පයර් වෙන බයිනරි එකේ උනත් ට්‍රේඩ් කරන්න යොදාගන්න පුලුවන්. මොනවා කරන්නත් ඉස්සෙල්ලම ඩෙමො එකවුන්ට් එකක ට්‍රයි කරලා අඩුපාඩු වගේම හොඳම තැන පැහැදිලිව අන්දුනගන්න උත්සහ කරන්න

What is the main Target

මේ එකට මූලිකවම යොදාගන්නේ කැන්ඩල් හැදෙන කතන්දරේ. කැන්ඩල් එකක් වුනාම හයි එකක් ලොව් එකක් වගෙම ඕපන් එකක් සහ ක්ලෝස් එකක් තියෙන්න ඕනෙ. මම මේකෙදි පැය 4 කැන්ඩල් එකක ලොව් එක හරි හයි එක හරි නැත්තම් තමයි එන්ටර් වෙන්නේ. 

What is the best time to Trade

මේ strategy එකට අපිට ඕන වෙනවා ඔරලෝසුව එක්කො කැන්ඩල් ටයිම් ඉන්ඩිකේටර් එකක්. ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න බලාපොරොත්තු වෙන්නේ පැය 4 කැන්ඩල් එකේ 1 වෙනි හෝ දෙවෙනි පැය ඇතුලත තමයි. මේ වෙලාව ගොඩක් සාර්ථකයි.



Let's start

පහල රූපය බලන්න. මේ තියෙන්නේ මම එන්ට්‍රි ගත්ත පැය 4 කැන්ඩල් එකක් ඒකෙ ලෝ එක තවම හැදිලා නෑ. 
gbp/chf 4h 



 තැන හොයාගත්තා නම් පනින්න 1මින් හරි 5 මින් හරි ටයිම් ෆ්‍රේම් එකකට ඒකෙ අනිවා ට්‍රෙන්ඩ්ලයින් එකක් අඳින්න පුලුවන්  පැහැදිලි කලාපයක් ඇති. ඒක බලලා ඇඳගන්න. ඊට පස්සේ බ්‍රේක් අවුට් එකක් එනකම් ඉන්න තමයි තියෙන්නේ



Target levels

ට්‍රේඩ් එකෙන් අයින් වෙන්න තැන් දෙකක් තියෙනවා. එකක් තමයි 4හ් කැන්ඩල් එකේ මේ වෙනකොට තියෙන යටම කලාපයක් ඒ කියන්නේ ලෝ එක. දෙවෙනි ටාර්ගට් ලෙවෙල් එක එතනින් එහාට පහල තියෙන සපොර්ට් ලෙවෙල් එකක්. 


ඔයාලට පේනවා ඇති මේ ට්‍රේඩ් එක 1 වෙනි ලෙවෙල් එක ටච් කරලා කියලා.


   ඊ ලඟ  ටාර්ගෙට් එකට යනකන් ට්‍රේඩ් එක අල්ලන් ඉන්නවද කියලා තීරනය කරන එක ඔයාගෙ කැමැත්ත. ඒකටත් අදහසක් දෙන්නම් පලවෙනි ටාර්ගට් ලෙවෙල් එක බ්‍රේක් කරලා බ්‍රේක් කරපු සපොර්ට් ලෙවෙල් එක රෙසිස්ටන්ස් ලෙවෙල් එකක් කලොත් ඊ ලඟ ටාර්ගට් එකට යනකන් ට්‍රේඩ් එක අල්ලන් ඉන්න පුලුවන්. එහෙම නැතුව  ඒ ලෙවෙල් එකට උඩින් මාර්කට් එක හැරුනොත්  එතනදි ට්‍රේඩ් එකෙන් අයින් වෙන්නත් පුලුවන්. කොහොම කලත් ඔයා ප්‍රොෆිට් කරලා. 

මේ තියෙන්නේ දෙවෙනි ඉලක්කය සහ යා යුතු මාර්ගය. මේ රෙස් එක බ්‍රේක් කරල ආයෙම බයි පැත්තට හැරුනොත් නම් ඔයාට ට්‍රේඩ් එකෙන් අයින් වෙන්නම වෙනවා. තවත් අප්ලෝඩ් කරන්න බෑ. සපොර්ට් අන්ඩ් රෙසිස්ටන්ස් වලදි ට්‍රේඩ් කරන ආකාරය ගැන උස්සපු පෝස්ට් එකක් මේකෙ තියෙනවා බලන්න පුලුවන්. එහෙනම් ටෙස්ටින් පාරක් දාලම බලන්න. හොඳ නරක කියලා ෆලෝ පාරක් දීගෙන පේජ් එකටත් ලයික් එකක් දාගෙනම යන්න. ආයෙ අප්ඩේට් කරන පෝස්ට් මන් පේජ් එකේ අනිවා දානවා. 


එහෙනම් සුභ අනාගතයක්.



TECHNICAL ANALYSIS IN FOREX TRADING

TECHNICAL ANALYSIS AND TRADING IN CURRENCY MARKET FOREX LK



     Technical Analysis කලින්නම් ගොඩක් අය යොදාගත්තා මාර්කට් එකේ හැම දෙයක්ම බලන්න. ඒත් මේ බ්ලොග් එක බලන කෙනෙක් ආයෙ Trade Entry එකක් අරගන්න විතරක් Technical බලයි කියලා හිතනවා. පුලුවන් විදියට Technical Trading ගැන හැම දෙයක්ම මේකට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා.


What is Technical analysis.

කෙටියෙන්ම කිව්වොත් MT4, MT5, C trader, Web Trader කියන ඕනෑම Trading Platform එක දිහා බලලා මාකට් එක යන පැත්ත තීරනය කීරීම තමයි technical analysis කියන්නේ. Support And Resistance , Trend lines, Channels, Candlesticks, Line chart, Tick Chart, Indicators ඇතුලු මෙකී නොකී සේරම භාවිතා කරලා කරන්නේ තමයි.

ඉහල කියපු ඇනලිස් වලට යොදාගන්නා ක්‍රම ගැන මේ වෙනකොට ලියපු පෝස්ට් කිහිපයක් මෙතන තියෙනවා.





       මම නම් පුද්ගලිකව යොදාගන්නේ support and resistance , trend lines , price range , channels , candlesticks pattern , chart patterns කියන දේවල් තමයි. ඊට අමතරව සමහර වෙලාවට Stochastic oscillator යොදාගන්නවා market sentiment පැහැදිලි කරගන්න



Why Technical Analysis is Important When Trading Forex.     

        Support and resistance ලෙවෙල්ස් ඇති වෙන්නේ ඇයි කියලා කලින් කිව්වා. trend lines වලට මාර්කෙට් එක respect කරන්නේ ඇයි කියලත් බලමු. Retail traders  ල මාර්කෙට් එකේ targets ඉවර කරගන්නෙ support and resistance වගෙම trend lines එහෙමත් බලල.  ඔය channels හැඩෙන්නෙත් ඕක නිසා තමයි.

    Currency strength. එක අනුව support and resistance or trend lines වල market එක touch වෙන විදිය වෙනස් වෙනවා. හැබැයි ගොඩක් වෙලාවට trend line එකයි sup or res levels දෙකම සෙට් වෙනවනම් එතන ගොඩක් සාර්තක ඉලක්කයක් වෙනවා.


පහල රූපය බලන්න
 Technical Analysis



Reversal signals,
 ඔයාලට චාර්ට් එකේ chart pattern වගේම candlesticks signals අඳුනගන්න පුලුවන් සහ double top/bottom or head and shoulder pattern කියන්නෙ trend reversal patterns කියලා තේරුම් ගන්න පුලුවන් කියලා හිතනවා (මම නම් entries ගන්න use කරන්නේ 1H and 30min chart වල මේ දෙක තමයි)
















           support and resistance , trend lines, channels, indicators, වගේ දන්න ඕන සෙල්ලමක් දාල entry එක ගන්න. වැඩේ තියෙන්නේ fundamental and sentiment  අවුල් උනොත් spike candles / Fake out වලට අහු වෙලා ඔයාට ඉක්මනටම account එකේ සල්ලි ටිකට කෙලවගන්න පුලුවන්. 95% අපි වගෙ පොඩි එවුන් ලොස් වෙන්නේ මේ Fundamental Sentimental or Technical 3න් එකකට විතරක් Trade කරන නිසයි. කැමතිනම් ඔයාටත් අදාල කරගෙන බලන්න පුලුවන්.

How to Use Indicators in Technical Analysis

Indicators අවුල් නෑ. ඒත් එවායින් අපි market එක දිහා බලන විදිය වෙනස් වෙනවා.  මොකද ගොඩක් එවයින් පෙන්නන්නේ මාර්කෙට් එකේ ඉතිහාසයෙ උන දේවල් විතරයි. ඒකත් හරියට මාර්කෙට් සෙන්ටිම්මෙන්ට් වගේ තමයි.


 Fundamental and Sentimental දෙකම ඔයාට අවුල් නැත්තම් ගින්නක් නැතුව. ස්ට්‍රොන්ග් support or resistance ලෙවෙල්ස් වලින් chart pattern , indicators, candlesticks සිග්නල් බලලා entry එක ගන්න. ලොවෙත් වරදින්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. 



ගින්නක් නැතුව Trade කරන්න උදව් වෙන Strategies ටිකක් තියෙනවා හිමීට දෙන්නම්.
ජය වේවා

Channels in Forex

Channels in Forex

What is Channels in Forex

අපි කලින් ඉගෙනගත්  Trend Lines කියන ෆොරෙක්ස් ටෙක්නිකල් ඇනලයින්ස් න්‍යාය තව පොඩ්ඩක් ගැඹුරින් අධ්‍යනය කෙරුවොත් අපිට ඊලගට ඉගෙනගන්න ලැබෙන ෆොරෙක්ස් ටෙක්නිකල් ඇනලයිස් ක්‍රමය තමා Channels කියලා හදුන්වන්නේ


How to Draw Channels

     අපි ට්‍රෙන්ඩ් ලයින් එකේදී එක ඉරක් ඇන්දා වෙනුවට.. ඒ ඉරට සමාන්තරව ඉහලට හෝ පහලට ගමන් කරන මාර්කට් ප්‍රයිස් එක කොටු කරලා තවත් ඉරක් ඇන්දොත් ඒක තමා අපි චැනල් එකක් කියලා හදුන්වන්නේ. 


චැනල් එකක් මගින් අපිට පුළුවන් අපිට තීරණය කරන්න අපි කොයි වෙලාවටද බයි කරන්න හෝ සෙල් කරන්න ඕනා කියන එක. චැනල් එකක ඉහල හා පහල යන ඉරි දෙකෙන්ම අපිට හදුනාගන්න පුළුවන් ඉහලට හෝ පහලට ගමන් කරමින් පවතින සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් අවස්ථා.


චැනල් එකක් ඇද ගැනීමට ඔබට කරන්න තියෙන්නේ.. ඔබ කලින් ඇද ගත්ත ට්‍රෙන්ඩ් ලයින් එකට සමාන්තරව ඊට ප්‍රතිවිරුද්ධ පැත්තෙහි මාර්කට් ප්‍රයිස් එක ගමන් කර ඇති ඉහලම හෝ පහල ස්ථාන යා කර ඔබේ ට්‍රෙන්ඩ් ලයින් එකට සමාන්තරව තවත් ලයින් එකක් ඇද ගැනීම පමණයි.

චැනල් එකක් හදුනාගෙන එය ඇදැගන්නා ආකාරය අවභෝද කරගැනීමට පහත රූපය බලන්න

Channels


මාර්කට් ප්‍රයිස් එක ඔබේ ඇද ගත් චැනල් එක ඇතුලත පහල ලයින් එකේ වැදුනොත් ඔබට Buy එකක් සිදු කළ හැකි ස්ථානකයක් ලෙස හදුනාගන්න පුළුවන්. මාර්කට් ප්‍රයිස් එක ඔබ ඇද ගත් චැනල් එක ඇතුලත ඉහල ලයින් එකේ වැද්නොත් sell එකක් සිදු කළ හැකි ස්ථානයක් ලෙස හදුනාගත හැකියි.



3 Types of channels in Forex Platform




1. ඉහලට ගමන් කරන චැනල්.


2. පහලට ගමන් කරන චැනල්


3. තිරස් අතට ගමන් කරන චැනල්


ෆොරෙක්ස් ටේඩින් කිරීමේද චැනලස් පිළිබදව දැන සිටිය යුතු වැදගත් කරුණු කිහිපයක්


1. චැනල් එකක් ඇද ගැනීමේදී. ඇද ගන්නා ට්‍රෙන්ඩ් ලයින් දෙකම එකිනෙකට සමාන්තර විය යුතුය.


2. චැනල් එකක පහල ලයින් එක  buy එකක් කළ හැකි ස්ථානයක් වනවා මෙන්ම චැනල් එකක ඉහල ලයින් එකක sell එකක් සිදු කළ හැකි ස්ථානයක් ලෙස හදුනාගත හැකිය


3. Trend lines ඇදීමේදී මෙන්ම චැනල් එකක් ඇදීමේදී.. මාර්කට් එකට නොගැලපෙන ෆොරෙක්ස් ට්‍රේඩර්ට ඕනෑ නිසා බලෙන් චැනල් එකක් අදින්න යනවානම් එය කිසිසේත්ම නිවැරදි චැනල් එකක් නොවේ. සැම විටම නිවැරදි චැනල් එකක්නම් එහි අදින ලයින් දෙකම එකිනෙකට සමාන්තර විය යුතුය.

Trend Lines in forex and How to draw Tips

Trend Lines How to draw and use Sinhala.



Trend Lines කියන්නෙත් ෆොරෙක්ස් ටෙක්නිකල් ඇනලයිස් වලදී ෆොරෙක්ස් ටේඩර්ස්ලා වැඩියෙන්ම භාවිතා කරන ක්‍රමයක්. හරියට ට්‍රෙන්ඩ් ලයින් අදින්න ඉගෙනගත්තොත් ට්‍රෙන්ඩ් ලයින් තරම් නිවැරදිව මාර්කට් එක තේරුම් ගන්න පුලුවන් වෙන ක්‍රමයක් නෑ. ඒත් අවාසනාවකට ගොඩාක් ෆොරෙක්ස් ට්‍රේඩර්ස්ලා නිවැරදිව ට්‍රෙන්ඩ් ලයින් අදින්න දන්නේ නෑ. එහෙම නැත්තන් ඔවුන් ට්‍රෙන්ඩ් ලයින් අදින්න හදන්නේ ඔවුන්ට ඕනෑ කරන කරන විදිහට මාර්කට් එක දකින්න මිසක්, රියල් මාර්කට් එකට අනුව ට්‍රෙන්ඩ් ලයින් අදින්න නෙමේ. ගොඩාක් අය වරද්දගන්නේ ඔතනින්


How to Draw Trend Lines?



නිවැරදිව ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇදගන්නේ කරන්නේ තියෙන්නේ හරිම සරළ දෙයක්... මාර්කට් එක තුල ප්‍රයිස් එක ගමන් කළ ප්‍රධාන ඉහලම ස්ථාන ( Major tops) දෙකක් හෝ පහලම ස්ථාන (Major Bottoms) දෙකක් හදුනාගෙන ඉරකින් ඒ දෙක යා කිරීම පමණයි.

ට්‍රෙන්ඩ් ලයින් එකක් හදුනාගෙන එය ඇදැගන්නා ආකාරය අවභෝද කරගැනීමට පහත රූපය බලන්න

Trend Lines


ට්‍රෙන්ඩ් ලයින් වර්ග තුනක් අපිට ෆොරෙක්ස් මාර්කට් එක තුල හදුනාගන්න පුළුවන්. ඒවා නම්,


1. අප්ට්‍රෙන්ඩ් (ඉහලට ගමන් කරන)


2. ඩවුන් ට්‍රෙන්ඩ් ( පහලට ගමන් කරන)


3. සයිඩ්වේ ට්‍රෙන්ඩ් ( ඉහලට හෝ පහලට නොමැතිව කෙලින් ගමන් කරන)


ෆොරෙක්ස් ට්‍රේඩින් කිරීමේද Trend Lines පිළිබදව දැන සිටිය යුතු වැදගත් කරුණු කිහිපයක්  


1. අඩුගානේ මාර්කට් ප්‍රයිස් එක ඉහලට(Tops) හෝ පහලට(Bottoms) ගමන් කළ අවස්ථා දෙකක්වත් අත්‍යවශයි ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇදගන්න. ඒත් ට්‍රෙන්ඩ් එක කන්ෆර්ම් වීමට එවැනි අවස්ථා තුනක්වත් අනිවාර්යෙන් තිබිය යුතුයි


2.  අප්ට්‍රෙන්ඩ් එකක හෝ ඩවුන් ට්‍රෙන්ඩ් එකක ට්‍රෙන්ඩ් ලයින් එකේ බෑවුම ගොඩාක් වැඩි වෙන්න වැඩි වෙන්න ඒ ට්‍රෙන්ඩ් එක පිළිබදව ඇති විස්වාස එන්න එන්න අඩු වෙනවා. බෑවුම වැඩිවෙනවා කියන්නේ.. ට්‍රෙන්ඩ් එක ඉවරවෙන්න ගොඩාක් ලං වෙලා කියන බව අප අවභෝද කරගත යුතුයි.


3. සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් වලදී වගේම.. අධික බෑවුමක් නොමැතිව නිවැරදි ලෙස ට්‍රෙන්ඩ් ලයින් එක දිගට මාර්කට් ප්‍රයිස් එක ගලාගෙන යන වාර ගණන වැඩි වෙන්න වැඩි වෙන්න එම ට්‍රෙන්ඩ් එකේ ශක්තිමත් භාවයද වැඩිවේ.


4. ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇදීමේදි මතක තබාගත යුතු වැදගත්ම කරුණ.. කවදාවත් මාර්කට් එකට නොගැලපෙන අවස්ථාවක බලෙන් ට්‍රෙන්ඩ් ලයින් එකක් අදින්න උත්සහ කරන්න එපා. ඔබට නිවැරදිව ට්‍රෙන්ඩ් ලයින් එක අදින්න නොහැකි බව තේරෙනවනම්. ඇත්තටම ඒ අවස්ථාවේ මාර්කට් එක තුල නිවැරදි ට්‍රෙන්ඩ් එකක් පවතින්නේ නෑ.. ඒ නිසා තමන්ගේ උවමනාවට බලෙන් ගලපවාගෙන අදින්න උත්සහ කරන ට්‍රෙන්ඩ් ලයින් කිසිම විදිහකින් නිවැරදි ට්‍රෙන්ඩ් ලයින් එකක් නොවන බව හොදින් මතක තබා ගන්න.

මේක එස් එල් ෆොරෙක්ස් ක්ලබ් ෆේස්බුක් ගෘප් එකේ සාමාජිකයෙක් ට්‍රාන්ස්ලේට් කරපු පෝස්ට් එකක් බව කරුණාවෙන් සලකන්න

Featured Post

Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...