sponsor

sponsor

Slider

Theme images by kelvinjay. Powered by Blogger.

Recent Blog Posts

Lorem Ipsum has been the industry's standard dummy text.

App Design

Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

Timeline

Timeline

Recent Tube

Business

» »Unlabelled » මට තේරෙන Stop Loss. Stop Loss Secrets in Forex. Trading All about Stop Loss.

මට තේරෙන Stop loss - Foreign Exchange Tutorials. 

මට තේරෙන Stop loss.

      ගොඩක් දෙනා පිප්ස් විස්සට පනහට ක්ලෝස් කරන, ක්ලෝස් කරපු ගමන් අනිත් පැත්ත ගැහෙන ඒ කතන්දරේ තමයි මේ මට තේරෙන Stop loss. ඉස්සෙල්ලම කියන්න ඕනෙ ගොඩක් දෙනා මාකට් එක දකින විදියට නම් නෙවෙයි මන් මාකට් එක දකින්නෙ. ඒක නිසා මේ පොස්ට් එක වගේම බ්ලොග් එකේ තියෙන අනිත් පොස්ට් වලින් එහෙමත් මන් තේරුම් ගත්තු විදිය තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. එක එකා ඕන මගුලක් කියපුදෙන්. ලඟදි හම්බවුන හා පැටියා උකුලෙ තියාගෙන උගේ මතකයක් එක්ක මේ පොස්ට් එකත් ලියලා පබ්ලිස් කරලා දාන්නම්.

    මේක කියවන උඹ. (ඔබ, ඔයා නෙවෙයි ආහ්.) මේක මොන විදියට තේරුම් ගත්තත් මොන මගුලක් කලත් මට ඇති වැඩක් නෑ. ඒ වගේම කිසිම වගකීමක් මගේ නෑ. ඒක මේ පොස්ට් එකට වගේම මේ බ්ලොග් එකේ අකුරකවත් දෙයක් ගැන මගේ වගේකීමක් නැති බව වගකීමෙන් කියන ගමන් පටන් ගත්තා එහෙනම් මට තේරෙන Stop loss.

What Is Stop Loss

    බ්‍රෝකර්ලා, පොඩි උන්ට ප්ලැට්ෆොර්ම් එකක් දීලා, ඒ පොඩි උන් සිය දහස් ගානක් දාන ට්‍රේඩ්ස් මොනිටර් කරලා ඒවායෙ ට්‍රේඩ්ස් ප්ලේස් කරපු පොසිශන්ස් මහ උන්ට විකුනලා පොඩි උන්ගෙ එකවුන්ට් ඉවර කරන වගේම පොඩි මාජින්, ලඟ ටාගට් හන්ට් වෙලා සුන්දර අවසානයක් දකින්න ලැබෙන අජූතම දේ තමයි ස්ටොප් ලොස් කියන්නේ.

Why Stop Loss is Important?

      ස්ටොප් ලොස් එක වැදගත් වෙන්නෙ එකවුන්ට් එක බේරගන්න විතරයි. එහෙම නැතුව ට්‍රේඩ් එක බේරගන්න විතරක් ස්ටොප් ලොස් දානවනම් ඒක මහ මෝඩකමක් විදියටයි මන් දකින්නෙ. ස්ටොප් ඉතින් එකවුන්ට් එක ට්‍රේඩ් එකකින් බේරගන්න නෙවෙයි නම්, ස්ටොප් ලොස් දාන්නෙ මොකටද කියලා හිතෙයි.

     මාකට් එක ඕනම වෙලාවක වෙනස් වෙන්න පුලුවන් සුනාමියක් ආවා වගේ එක පාරට පක් වෙලා යන අවස්ථාවන් තියෙනවා. බොරු නම් බලහන් අර ස්විසී පෙයාර් ටික මන්ත්ලි චාර්ට් එකට දාල. ඒක දුර වැඩි නම් ඕස්ට්‍රේලියන් ඩොලර් එක එන කර්න්සි පෙයාර්ස් ටික ඩේලි වගේ ටයිම් ෆ්‍රේම් එකකට දාල බලහන්. ඒ වගේ වෙලාවල් වලට වගේම නොදැනුවත්කමින් හෝ වැරදීමකින් වගේ දේකින් වැරදි ට්‍රේඩ් එකක් දාල නම් ඒ ටෙරඩ් එකෙන් එකවුන්ට් එක බේරගන්නයි ස්ටොප් ලොස් දාන්න ඕනෙ කියන එකයි මගේ පුද්ගලික අදහස.

How To Place stop Loss properly.

    ස්ටොප් ලොස් දාන එක අනිවාර්යයි. හැබැයි හැමදාම හැම ට්‍රේඩ් එකකටම එකම පිප්ස් ගානක් ස්ටොප් ලොස් විදියට භාවිතා කරන එක අනුමත කරන්න බෑ. මොකද කරන්සි පෙයාර්ස් වල වොලටිලිටි සමාන නෑ. ඒක නිසා හැම පෙයාර් එකකටම එකම පිප්ස් ගානක් ස්ටොප් ලොස් එක විදියට දාන්න එපා.

    මෙන්න මේ පිප්ස් ගාන දාපන් කියලා කියපු ලංකාවෙ ලොකුම ෆොරෙක්ස් බ්ලොග් එකක කියලා තිබුනා. ඒ බ්ලොග් එක කියවලා දහස් ගානක් දෙනා ෆොරෙක්ස් වලට එන්න ඇති. ඒ වගේම එකවුන්ට් එකක් නෙවෙයි හය හතක්ම ලොස් කරගෙනත් ඇති.  (මමත් ඒ අතර කෙනෙක්) ඉතින් මන් කියන්නෙ නෑ ඒ බ්ලොග් එක බලන්න එපා කියලා. අනිවා බලහන්. පිප්ස්, ලොට්ස්, මාජින්, එකවුන්ට් ඕපන් කරන විදිය ගොඩක් වෙලාවට මේ බ්ලොග් එකෙන් හම්බවෙන්නෙ නෑ. ඒක නිසා ඒවා ඒ බ්ලොග්ස් වලින් බලහන්. මම මේක අප්ඩේට් කරන්නෙ වෙලාවක් තියෙන විදියටයි.

  ස්ටොප් ලොස් දාන්න ඕනෙ ගොඩක් උන් නොදාන ප්ලේස් එකකට. වගේම ඒක ගොඩක් උන් දාන ප්ලේස් එකකින් එහා තැනක් වෙන්න ඕනෙ. ඒ වගේම උඹේ ට්‍රේඩ් එකේ ස්ටොප් ලොස් වදිනවනම් ඒ වදින්න ඕනෙ මාකට් එකේ ට්‍රෙන්ඩ් එක වෙනස් වෙනවනම් විතරයි වගේම අසාමාන්‍ය මූව්මන්ට් එකක් ආවොත් විතරයි. මොකද ෆේක් කැන්ඩල්ස් උනත් එන්න පුලුවන් සීමාවක් තියෙනවා. පහල මාලු අල්ලන රූපෙ දිහා බලපුවම මොනවම හරි දෙයක් ඔලුවට එයි.



    සමාන්‍ය විදියට මාකට් මේකර්ගෙ රේන්ජ් එකේ ස්ටොප් ලොස් දාන උන් සේරටම කෙලවෙනවා. ස්ටොප් ලොස් හන්ට් උනාට පස්සෙ මාකට් එක නියම පාරෙ යනවා කියල කියන්නෙ උඩ තියෙන මාලු අල්ලන කතන්දරේ වගේ සීන් එකක් කියලා කියන එකයි මගේ අයිඩියා එක. ඉතින් මන් ඒක ෆලෝ කරනවා. මේක මේ වෙනකන් අවුල් ගිහින් නෑ. අර ඕස්ට්‍රේලියන් ඩොලර් එක කෙලවපු පාර වගේම පවුම පක් කරපු පාර ඇරෙන්න. 

    News Trading කරන උන්ටත් මේ එක්ස්පීරියන්ස් එක ඇති. (මන්නම් ලොකුවට නිව්ස් ට්‍රේඩින්ග් කරන්නෙ නෑ. ඉඳලා හිටලා එකක් ගත්තොත් මිසක්.) නිව්ස් එක පට්ට ප්‍රෙඩික්ටබල් වගේම නියම ෆෝකාස්ට් එක ආවත් එක්කො නෙගටිව් ගිහින් positive move එක එනවා. එක්කො නියම speed එක එන්නෙ ටික වෙලාවකට පස්සෙ. ඔය වගේ කතන්දර එන්නත් මන් දකින විදියට හේතුවක් වෙලා තියෙන්නේ පොඩි පොඩි උන්ගෙ ස්ටොප් ලොස් තමයි.

ඉන්ගිරීසි කෑලි දෙක තුනක් දැම්මෙ නැත්තම් සමාජෙන් කොන් වෙයි කියලා හිතුන නිසා ඔන්න එකත් දැම්මා. පොස්ට් එක ගැන කොමෙන්ට්ස් දාහල්ලා. මේක කියවන එක්ස්පර්ට්ලා ඕන තරම් ඉන්න පුලුවන්. උන්ගෙ අයිඩියාස් උනත් ගොඩක් වැදගත්. මොකද, මමත් මේක තවම ඉගෙනගන්නවා.

උඹ මේ පොස්ට් එක බැලුවනෙ දැන් මේ බ්ලොග් පෝස්ට් එක ගැන අනිවා උඹේ අදහස කියහන්. ෆේස්බුක් ගෲප්ස් වල වගේ උඹව බයිට් කරන්න එවුන් මේකෙ නෑ.

එහෙනම් තද ස්ටොප් ලොස් එකක් දාහන්. අපි ගියා. ජය.

«
Next
Newer Post
»
Previous
Older Post

5 Comments:

  1. niyamai, sampuurna aththa kathawa

    ReplyDelete
  2. stop lose hunting.
    market makers karana deyak. stop lose eka platform eke danne nathiwa mentally thiyaganna. ex 100 pips against giyoth trade eka close karanawa. wage

    ReplyDelete
    Replies
    1. බ්‍රෝකර්ලාට අපේ ස්ටොප් ලොස් බලන්න පුලුවන්. ඒවා හන්ට් කරනවා. ඒකත් ඇත්ත. හැබැයි එයාලටත් කරන්න පුලුවන් දේවල් තියෙනවා. මොන දේ වුනත් එයාලට ට්‍රෙන්ඩ් එක වෙනස් කරන්න බෑ. මොකද එයාලටත් ලිමිටේශන්ස් තියෙනවා. ස්ටොප් ලොස් එකක් ගන්නකොට ඒක අපේ රිවෝඩ් එකට සෙට් වෙන කැල්කියුලේශන් එකක් එක්ක සෙට් වෙනවනම් තමයි අපි ඒ ට්‍රේඩ් එකට යන්න ඕනෙ.

      Delete
  3. මම Swing Trade කරන කෙනෙක්. නමුත් මට තියෙන ප්‍රශ්නේ තමයි මම දවස් කිහිපයක් අල්ලාගෙන ඉන්න trade එකක් දැම්මොත් (ඒ කියන්නේ අඩුම දවස් හතරක්වත්) එකේ Stop Loss එක කොච්චරක් වගේ දාන්න ඕනිද කියන ඒක. දැනට trade එකකට USD 1.50 හෝ 2 ක් වගේ අඩුම දානවා stoploss එක. ඒ ප්‍රමාණය වැඩිද? ඔබතුමාට පුලුවන්ද මේ සම්බන්දයෙන් මට පොඩි අදහසක් දෙන්න.

    ReplyDelete

Featured Post

Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...