headlines

sponsor

sponsor

Slider

    Theme images by kelvinjay. Powered by Blogger.

    Recent Blog Posts

    Lorem Ipsum has been the industry's standard dummy text.

    App Design

    Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

    Timeline

    Timeline

    Recent Tube

      Business

        » » » » » » How to Trade Forex Perfectly Sentiment + Technical Analysis
        Forex EZ Trading

        How to Trade Forex Perfectly Sentiment with Technical Analysis Sinhala.

              කොච්චර කලත් ට්‍රේඩින්ග් සෙට් නොවෙන අයට ගොඩක් වැදගත් පෝස්ට් එකක් මන් කරපු ට්‍රේඩ්ස් වල රිවිව් එකක් විදියට දෙන්නම්. මේ පෝස්ට් එක ඔයාට ලොකු උදවුවක් වෙයි කියලා හිතලම පටන් ගත්තා එහෙනම් How to Trade Perfectly in Forex.


        What We Need To Focus When Trading Forex

            ෆොරෙක්ස් කරනකොට Fundamental Technical and Sentiment කියන තුනම ගැන බලන්න ඕනෙ.  ගොඩක් අය ලොස් වෙන්න හේතුව මේ තුනෙන් එකකට ට්‍රේඩ් කරන එකයි. 

           පහුගිය දවසක් තිබුන යුරෝ ස්පීච් එකක කිව්වා යුරෝ එක අපි පාවෙන්න ඉඩ හරිනවා කියල. ඉතින් ඒ දවස් වලම මන් යුරෝ ට්‍රේඩ් කරන එක නැවැත්තුවා. ඒ දවස් වල මට යුරෝ ගැන අහපු අයට මන් කිව්වේ මන් මේ ටිකේ යුරෝ ට්‍රේඩ් කරන්නේ නෑ කියලා. ඒ වෙනකොට යුරෝ එක ගොඩක් නැගලා තිබුනේ.

                පස්සේ ආයෙම යුරෝ නිව්ස් එක්ක ම යුරෝ ටෙක්නිකල් ඕවර්සෝල්ඩ් කලාපයට ආවා.  හැමදාම මේක පාවෙන්න තියල බෑ. තියන්නේත් නෑ. ඒ වගේම අපි මේ වෙනකොටත් දන්නවා ඩොලර් එක දෙසැම්බර් මාසෙ එයාලගෙ පොලී අනුපාත ඉහල දාන්න සැලැසුම් කරලා තියෙනවා කියල. ඉතින් ඒ වෙනකොට යුරෝ එක තව දුරක් ගිහින් තියෙන්න ඕනෙ. මට වඩා ඉහල දැනුමක් තියෙන අයගෙනුත් මගේ ට්‍රේඩින්ග් වලට උදව් ලැබෙනවා. ඒක මන් කියන්නම ඕනෙ.

               ෆන්ඩමෙන්ටල් අමාරු අයට සෙන්ටිමෙන්ට් සමග ටෙක්නිකල් එකතු කරලා ට්‍රේඩ් කරන්න තමයි මන් මේ පෝස්ට් එක ලියන්නේ. මන් සෙන්ටිමෙන්ට් බලන්න යොදාගන්නේ Onanda සහ  Barchart සයිට් දෙක තමයි. ඒ වගේම තව සයිට් එකක් හම්බවුනා  fxssi.com කියන මේ සයිට්  එකෙන් සෙන්ටිමෙන්ට් වලට අදාල ගොඩක් තොරතුරු ගන්න පුලුවන්.

        කලින් සති වල මන් අපේ ගෘප් එකේ දාපු ස්නැප්ස් කිහිපයක් දාන්නම්.

        How To Analysis The Forex Charts With  Open Position Sentiment


                 සමහර අයට නිවාඩු දවස් වලට කරන ඇනලිස් සාර්ථක නෑ කියනවා. මට නම් එහෙම නෑ. මේ ස්නැප්ස් වලින් ඔයාලට දිනෙත් බලාගන්න පුලුවන්. මේවා දාන්නේ ලොකුකමකට නම් නෙවෙයි. අපිට ගොඩක් ඉන්නවා උදව් වෙනුවට ගල් මුල් දෙන්න බලාගෙන ඉන්න අය. එයාල මල්ටිමිලියනර්ස්ලා වුනාට උදව්වක් දෙන්නේ නෑ. ඒ වගේම කියල දුන්නත් දෙන්නේ උඩින් පල්ලෙන් විතරයි. එහෙම කරල මග ඇරලා දානවා. ලැබෙන හැම දෙයක්ම සතුටින් බාර අරන් මට කරන්න පුලුවන් දේ මන් මේ වෙනකන් කරල තියෙනවා. එහෙනම් වැඩේට ආයෙ බහිමු.


        Forex Divergence Trading - Technical Analysis Tips Sinhala

        How to Trade Perfectly in Forex

        forex trading sinhala sentiment Analyisis

        මගේ මූලික ඉලක්කය වුනේ යුරෝ බයි කරන්න . ඉතින් ඒක කරන්න ගහපු ප්ලැන් එක වගේම වැඩ කරපු විදිය ගැන කියන්නම්.



        How to Trade Perfectly in Forex

        Trade with Sentiment and Technical Analysis

            යුරෝ උඩට නගින්න පටන් ගත්තා. යන පාරෙ එල්ලෙන්න හොඳම පෙයාර් එක වුනේ ඔය යටම තියෙන EUR/AUD පෙයාර් එක. හේතුව තමයි ඔනැන්ඩා එකේ විදියට ඒ වෙනකොට බයර්ලා අඩුවෙන් වගේම යුරෝ වලට තිබුනේ පහලම තැනක්. ඉතින් ඕක ඉයලට යන්න ඕනෙ කියලා හිතලා මන් මේක යොදාගත්තා පිප්ස් 100ක සතියෙ ඉලක්කය සපුරගන්න.

        හොඳ තැනක් බලාගෙන යනකොට ශක්තිමත් Support එකක් විදියට හබවෙන්න තිබුන තැනක් ගැන කලින්ම ඇහැ ගහගෙන හිටියා. අවසාන ඉලක්කය විදියට යොදාගත්තේ ඩේලි ලෙවෙල් එකේ තිබුන රෙස් ලෙවෙල් එක.  මේ තියෙන්නේ ඒ රූපය.
        Interweek Swing Trading Strategy පෝස්ට් එකෙන් ඔයාලට ට්‍රේඩ්ස් වලට අදහසක් ගන්න පුලුවන්.  හැබැයි දෙයක් කියන්න ඕනෙ. ඔයාට මගේ සිස්ටම් එක හරියන්නේ නැති වෙන්න පුලුවන්. ඒක නිසා සහමුලින්ම මේක ගන්නේ නැතුව ගන්න ඕන දේ විතරක් ගන්න.

        How to Trade Perfectly in Forex

           සතිය ආරම්භ වුනා. බලන් හිටියා ඒ ලෙවෙල් එකට එනකම්. ඊට පස්සේ මගෙ Entry Strategy එකෙන් ට්‍රේඩ් එක Confirm වෙනකන් ඉඳලා ට්‍රේඩ් එකට එන්ටර් වුනා.
        අවසාන ඉලක්කය විදියට මට පිප්ස් 140ක සාර්තක ට්‍රේඩ් එකක් ලැබුනා.

        How to Trade Perfectly in Forex

        පහල තියෙන්නේ මේ සතියට මට ඇති කියල හිතලා ක්ලෝස් කරපු ට්‍රේඩ්ස් වල අවසාන ලාභය.
        How to Trade Forex Perfectly Sentiment with Technical Analysis Sinhala

        How to Trade Forex Perfectly Sentiment with Technical Analysis Sinhala



        ෆොරෙක්ස් මට තේරෙන විදියට මන් මේ බ්ලොග් එකෙ පැහැදිලි කරලා තියෙනවා. මෙනු එකේ තියෙන Main Guide එක බලන්න.

         අවුල් තැන් වගේම අඩුපාඩු තියෙනවනම් කියන්න. 
        ජය වේවා





        «
        Next
        Learn to Trade Forex with Free Demo Account or Cent Account
        »
        Previous
        AYUJA MA Binary Strategy
        Pages 7123456 »

        2 Comments:

        Featured Post

        Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

        Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...