sponsor

sponsor

Slider

Theme images by kelvinjay. Powered by Blogger.

Recent Blog Posts

Lorem Ipsum has been the industry's standard dummy text.

App Design

Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

Timeline

Timeline

Recent Tube

Business

IQ option Forex trading Review


iq එකේ forex කරන්නත් පටන් අරන් හොඳ නොහොඳ ගුණ අගුණ ගැනත් මට තේරෙන විදියට කියන්නම්. IQ option Forex trading Review

මේක ලිවේ ෆේස්බුක් සමූහයක් වෙනුවෙන්. ඒත් ෆොරෙක්ස් වලට අදාල නිසා ඒ පොස්ට් එකම මේකෙත් කොපි කරනවා.  ඒකෙ නැති අයට බලාගන්න පුලුවන් වෙන්න.

pips

හාල් කිලෝ එකක් ඊයේ 100යි අද 105යි නම් වෙනස රුපියල් 5යි.
euro/usd ඊයේ 1.1000 යි අද 1.1105 යි. වෙනස පිප්ස් 5යි. මාර්කට් ප්‍රයිස් එකේ වෙනස් වීම් ගනින්නේ පිප්ස් වලින්.
දශමස්තානයෙන් පස්සේ තියෙන ඉලක්කම් 4 පිප්ස් ලෙසත් ඉලක්කම් 5කින් යුක්ත නම් පිපෙට් හෝ පොයින්ට්ස් ලෙසත් හඳුන්වනවා
iq චාර්ට් එකේ දකුණු පැත්තේ තියෙනවා ඉලක්කම් 6කින් හැබැයි ඉලක්කම් 6ට කියන නම මම දන්නේ නෑ. ඔයාල දන්නවනම් කියන්න.
spread
buying price - selling price = spread.
සරලම සමීකරනයකින් කිව්වොත් කියන්නේ මේකටයි. බ්‍රොකර් තමන්ගේ පවුලට කන්න දෙන්නේ මේකෙන් තමයි. අපි ට්‍රේඩ් එකක් ඕපන් කලාම පටන් ගන්නේ (-) ට්‍රේඩ් එක දාපු ගමන් බ්‍රෝකර් තමන්ගෙ ගාස්තුව අරන් තමයි අපිට හම්බ කරගන්න දෙන්නේ.
බයිනරි එකෙයි ෆොරෙක්ස් එකෙයි එකම වෙලාවක දාපු ට්‍රේඩ්ස් දෙකක ස්ක්‍රීන් ශොට් එකක් ඇති ඒක බලපුවාම ෆොරෙක්ස් වල ස්ප්‍රේඩ් එකගැන තේරෙයි.
IQ option Forex trading Review

iq එකේ නම් ට්‍රේඩ් කරන්න දෙන්නේ $1න් එහාට තමයි. ට්‍රේඩ් එකකින් ලොස් උනත් ලොස් වෙන්නේ තමන් ට්‍රේඩ් එකට දාන ගානම විතරයි.
ඔයාට සාර්ථක ස්ට්‍රැටජි එකක් තියෙනවනම් මේකෙනුත් වැඩක් ගන්න පුලුවන්. හැබැයි ට්‍රේඩ් එකට එන ප්‍රොෆිට් එකේ බයිනරි වලට වඩා වෙනස්කම් තියෙනවා.
stop loss and take profit
මේකෙ ස්ටොප් ලොස් , ටේක් ප්‍රොෆිට් කියල දැනට නම් නෑ. ඒත් මේකෙ කෙනෙක් කිව්ව එකෙන් කිව්වලු එහෙම එකක් ලඟදිම දෙනවා කියලා. මන්නම් දෙනකන් සුවර් කරන්නේ නෑ. මොකද බ්‍රෝකර් ලගෙ පැරිකිරියාව හොඳටම දන්න නිසා. iq එකේ තව දෙයක් කරනවා. ට්‍රේඩ් එක ස්ටොප් ලොස් පැත්තට ගියොත් 100% ස්ටොප් ලොස් වදිනකන් ඉන්නෙ නෑ. 97% වගෙ වෙනකොට ස්ටොප් ලොස් වදිනවා. (ඒකටත් ස්නැප් එකක් එල්ලලා ඇති.)
ට්‍රේඩ් එක ප්‍රොෆිට් පැත්තට ගිහින් හම්බවෙන අවසාන ඉලක්කයට Take profit සහ ලොස් පැත්තට ගිහින් මාර්ජින් එක ඉවර වෙන තැනට Stop loss කියලා කියනවා.
Margin
මාර්ජින් කියන්නේ මාර්කට් එකේ අපිට ඉන්න පුලුවන් ඉඩ ප්‍රමාණය. iq එකේ නම් ගොඩක් වෙලාවට ඒක තීරණය වෙන්නේ multiplier එකත් එක්කයි. ඒක ගැන පස්සට.


iq option forex sinhalen

multiplier
iq එකේ ට්‍රේඩ් කරනකොට අපිට හම්බවෙනවා ගුණිතයන් කිහිපයක් මේකෙන් කැමති එකක් තෝරගන්න පුලුවන්. (වෙනස් ඒවත් දාන්න පුලුවන්ද දන්නේ නෑ. මමත් අදයි මේක බැලුවේ. පුලුවන්ද කියලා එතන ක්ලික් කරල බලන්න.) එකම වෙලාවක එකම පෙයාර් එකක multiplier 4ක් දාපු ස්ක්‍රීන් ශොට් එකක් ඇති ඒක බලපුවම ඔයාලටම මේක පහසුවෙන් තේරෙයි.
$100 multiplier 1:1 = (+) or (-) 0.01% per pips
$100 multiplier 1:100 = (+) or (-) 1% per pips
$100 multiplier 1:500 = (+) or (-) 5% per pips
$100 multiplier 1:1000 = (+) or (-) 10% per pips
ඒ කියන්නේ multiplier 1:1000 න් ට්‍රේඩ් කරනවනම් ඔයාට මාර්කට් එකේ ලොකු මූව්මන්ට් එකක් ඔයාගේ ට්‍රේඩ් එකෙන් පිට දුවන්න දෙන්න හොඳ නෑ. පිප්ස් එකකට එන ගාන වැඩියි වගේම අවධානම් පරාසය මාර්ජින් අඩු නිසා ලොස් වීමට තියෙන ඉඩත් වැඩියි.
ප්‍රොෆිට් වෙනකොට නම් ඕක 1 :1000 දුන්නොත් $100ට ටේක් ප්‍රොෆිට් වදින්නේ "$100 000-ස්ප්‍රේඩ්" වුනාමද දන්නේ නෑ. ඒත් මේක දන්නවා. 1:1000 ට්‍රේඩ් කරන එකවුන්ට් එකකට වඩා අවධානම අඩුවෙන් 1:100 හෝ 1:1 ට්‍රේඩ් එකකින් ට්‍රේඩ් කරන්න පුලුවන්. අවදානම වගේම ප්‍රොෆිට් එකත් අඩුයි.
මගේ පුද්ගලික මතය IQ එකේ Forex කරනවනම් සුවර්ම ස්ට්‍රැටජි එකක් භාවිතා කරන එක තමයි වැඩි මුදලක් උපයන්න පුලුවන් සාර්තකම ක්‍රමය.ඒ කියන්නේ "scalping trading strategy"

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ සාමාන්ය් බ්‍රෝකර් කෙනෙක් යටතේ ෆොරෙක්ස් කරනවට වඩා මේකෙ ෆොරෙක්ස් කරනකොට ඔලුව අවුල් යන්න ඉඩ තියෙනවා. මොකද රිස්ක් රිවෝඩ් කැල්කියුලේට් කරන්න ගියාම අනල්යිස් එක ගැන ඔලුවට එන්නෙ අඩුවෙන්. මොකද දෙකම බැලුවම ට්‍රේඩ් එකකට එන්ට්‍රි ගන්න කොට හැඟීම්බර වෙනවා වැඩියි. සම්පූර්න ඉලක්කයට යන්න නොදී මග නවත්තන්න හිතාගෙන කරනවනම් කලාට කමක් නෑ. හැබැයි සාර්ථක ස්ට්‍රැටජි එකක් භාවිතා කරන්න.   


ජය වේවා

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

Featured Post

Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...