sponsor

sponsor

Slider

Theme images by kelvinjay. Powered by Blogger.

Recent Blog Posts

Lorem Ipsum has been the industry's standard dummy text.

App Design

Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

Timeline

Timeline

Recent Tube

Business

Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

Ayubowan Forex Guide  -  මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

AYUBOWAN FOREX මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.


     
Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් කෝටියක් වටින අදහසක් නෙවෙයි කෝටියක් ගොඩදාන්න පුලුවන් අදහසක්.    scalper, inter-day, swing , position කියන හතර විදියටම කරන ට්‍රේඩර්ස්ලා ඉන්න ෆොරෙක්ස් මාර්කට් එකේ 95% ලොස් වෙන්න හේතු මොනවද? strategies අසාර්තකද? accurate එක මදිද? ඉන්ඩිකේර් අවුල්ද?
මේ හැම දේටම උත්තර මේකෙන් ලැබෙයි කියලා හිතනවා
   ඔයාල මේ පිටුව කියවනකොට ෆොරෙක්ස් ගැන මූලික දේවල් ඉහෙන ගෙන ඇති කියලා හිතනවා. ඒක නිසා මන් මට තේරන ෆොරෙක්ස් ගැන මට පුලුවන් විදියට පැහැදිලි කරන්නම්.



  Forex කියන්නේ ලෝකයේ තියෙන ජොබ්ස් වලින් සල්ලි මවන්න පුලුවන් වගේම සල්ලි නැතී කරගන්න පුලුවන් අවදානම් ජොබ් එකක්. ඉතින් මේ අවදානම් ජොබ් එකෙන් සල්ලි හොයන්න හොඳ දැනුමක් ඕනෙමයි. මොන මගුල කරන්නත් මේකෙ වෙන්නෙ මොනවද කියන දේ ගැන පැහැදිලි දැක්මක් තියෙන ඕනෙ. 

Ayubowan Forex Guide - How Forex Works


    අපේ රටේ ඉතින් වාහන හදන්නෙ නෑනෙ. මන් මේ කියන්නෙ ගැරේජ් වල කැඩුණු වාහන හදන කතන්දරයක් නම් නෙවෙයි.. ඉන්දියාවෙන් බයික් ගේනවා කියමු. ඉතින් අපි ඉන්දියාවට, ලන්කාවෙ රුපියල් දීලා හරියන්නෙ නෑනෙ. අපිට වෙනවා මෙහේ රුපියල් භාවිතා කරලා ඉන්දියානු රුපියල් මිලදීගෙන බයික් වෙනුවෙන් ඉන්දියාවට ගෙවන්න. 

   අන්න එතනදි වෙනවා විදේශ මුදල් හුවමාරුව. ඉතින් ඔතන ෆොරෙක්ස් ට්‍රේඩින්ග් වෙනවා. ඒ වෙනුවෙන් ඉන්දියාවට හොඳ ඉල්ලුමක් තියෙන නිසා, ඒ ඉල්ලුමත් එක්ක ඉන්දියාවේ රුපියල් බයි කරන්න ට්‍රේඩර්ලා පෙලඹෙනවා. හැබැයි ඉතින් අපිට ඒක වැදගත් වගේම ඒක මාකට් ප්ලේයර්ටත් වැදගත් වෙන්න ඕනෙ. උන්ට වැදගත් වෙනවද බලන්න වගේම උන් ඒක ගන්නවද බලන් ඉඳලා තමයි අපිත් උන්ගෙ පාරට සෙට් වෙන්න ඕනෙ.

  හිතන්න ඉන්දියානු රුපියල් තියෙන්නෙ අඩියෙම ප්ලේස් එකක. ඉතින් ෆන්ඩමෙන්ටල් බලනකොට අපිට පේනවා අපි බයික් මිලදීගන්න කොට ඉන්දියාවෙ ට්‍රේඩ් බැලන්ස් එක වැඩි වෙනවා. ඉතින් පොඩි අපි ඉන්නවා සෙන්ටිමෙන්ට් චේන්ගෙ වෙනකන්. එහේම් ඉන්නකොට ටෙක්නිකල් වලිනුත් පට්ට පැටන් එකක් පෙන්නනව. ඒ වෙලාවට අපිටත් පුලුවන් ෆොරෙක්ස් මුහුදෙ ඉන්දියානු රුපියල් වලින් මාලු බාන්න. 

     හැබැයි මහ උන්ට උන්ගෙ ඒ වෙනකොටත් සෙලර්ලා මදි වගේ තේරෙනවනම් උන් ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නෙ නෑ. ඒ වෙලාවට ඉතින්, අපි උඹලා වගේ පොඩි උන්, හම්මා පට්ට ප්ලේස් එකක් ආහ්. ෆන්ඩමෙන්ටල් නිව්ස් එකක් එනවා පට්ට සප් එකක මාකට් එක තියෙන්නෙ කියලා බයි කරාට වැඩක් නෑ. ඒ වෙලාවට මාකට් මේකර්ලා ස්ටොප් හන්ට් කරන්න ලොකු ලොට්ස් වලින් සෙල් කරනවා. පස්සෙ සප් එකට යටින් ගොඩක් උන් දාන ස්ටොප් ලොස් එක හිට් කලාට පස්සෙ හිතනවා හම්මා මේක ලොස් වුනා කියන්නෙ මේ මගුල තව යට යයි කියලා. අන්න ඒ වෙලාවෙ ආයෙ අර බ්‍රේක් කරපු සප් එකට යටින් අපේ අයියලා සෙල් කරනවා.
     ඔන්න එතකොට අර මාකට් ප්ලේයර් කියන මාකට් මේකර්ටත් වඩා ලොකු අයියට නත්තල් එනවා. මොකද සප් එකේ හොඳ සෙලර්ල ටිකක් ඉන්නව. ඉතින් ඌ කරන්නෙ අර සෙල් කරපු උන් ලොස් කරවගෙන ට්‍රෙන්ඩ් එක චේන්ග් කරන එක. ෆේකවුට් සහ බ්‍රේකොඋට් හැදෙන්නෙ ඔය නිසා තමයි. වගේම මාකට් මේකරුයි මාකට් ප්ලේයර්ලුයි අරෙන්න 5% ක් විතර ප්‍රොෆිට් කරන්නෙ ඕක නිසයි.

මේක තමයි මන් පුද්ගලිකව ෆොරෙක්ස් කියන්නෙ මොකක්ද කියන එක තේරුම් ගත්තු විදිය.

ඉතින් කඩ්ඩ පොලිශ් කරගෙන ඉවසීම හදාගෙන හෙමින් සැරේ මේ මගුලෙ ගේම් එකත් ප්ලේ කරමු.

Ayubowan Forex Guide - How to trade in Forex

  ට්‍රේඩ් කරනකොට අපි කරන්නේ ඕනම මුදල් ඒකකයක් තවත් ඒකකයකට අනුපාතව මිලදී ගන්න එක. උදාහරනයක් විදියට euro/USD සෙල් කරනවා කියන්නෙ euro එකට අනුපාතව USD මිලදී ගන්න එක. වගෙම බයි කරනව කියන්නෙ USD එකට අනුපාතව euro මිලදී ගන්නවා කියන එක.  එතකොට  අපි කරන්නේ අඩු අගයකදී මිලට අරන් වැඩි අගයකට ආවම ඒක විකුනන එක.

(ඉතින් එහෙම බලනකොට අපි කරන්නේ සිල්ලර වෙලෙන්දෙක් කරන ජොබ් එකම තමයි)
සිල්ලර වෙලෙන්දාත් කරන්නේ අඩු මුදලට අරන් වැඩි මුදලට විකුනලා ලාබ ගන්න එකයි.  සිල්ලර වෙලෙන්දෙක් බඩුවක් ගන්නකොට මොනවද හිතන්නේ?  
* මිල අඩු වෙන්න ඕන.
* ඉල්ලුමක් තියෙන්න ඕනෙ.  වගේ දේවල්.

   අපි මොනවද ෆොරෙක්ස් වල currencies මිලට ගන්න බලන්න ඕනේ. ??   ඒ කියන්නේ entry point එකකට මොනවද බලන්න ඕනේ. ?? ඔතන තමයි ගොඩක් අය හිර වෙන්නේ. සමහර අය trend lines, channel breakout,. support and resistance ලෙවෙල්ස් indicators වගේ එවායින් එන්ට්‍රි ගන්නවා. ඇත්තටම මේක සාර්තකද? ඔව් සාර්තකයි යම් තාක් දුරට. ඒත් එතනින් එහාට ගියපු දෙයක් මේකෙ තියෙනවා.

     ගොඩක් අය කියනවා අපි ට්‍රේඩ් කරනකොට වලට අදාල රටවල් වල ආර්තික සමාජමය වටපිටාව ගැන බලන්න ඕනෙ කියලා. ඒත් එයාල කියන්නේ economic calendar එක බලල නිව්ස් ටයිම් මග අරින්න කියලා විතරයි. ඒත් මන් කියන්නේ නියම Forex trader කෙනෙක් මේ හැම දෙයක්ම බලන්න ඕනේ.

ගොඩක් අය නොදන්න ෆොරෙක්ස් වල රහසක් කියන්නම්. වෙන බ්ලොග් එකක මේ වගේ දෙයක් දැක්කොත් වහාම අටපට්ටමටවත් දැනුම්දෙන්න ඕනෙ.

   රීටේල් ට්‍රේඩර්ස්ලගෙන් 5% කටත් අඩු පිරිසක් විතරක් ප්‍රොෆිට් කරන්න තරම් මේකෙ ඇතුලෙ තියෙන්නෙ මොනවද? එතකොට මේකෙ ලොකුවට ප්‍රොෆිට් කරන්නෙ කවුද? 
    මේකෙ ගොඩක්ම ප්‍රොෆිට් කරන්නෙ මාකට් මේකර්ලා සහ මාකට් ප්ලේයර්ල්ලා. ඉතින් ඔය ගොඩක් දෙනා ට්‍රෙන්ඩ් එක ෆලෝ කරන්න කියලා කියන්නෙ මාකට් ප්ලේයර්ව ෆලෝ කරන්න කියන එක තමයි.

   මාකට් ප්ලේයර්ලා මාකට් එකට ට්‍රේඩ් කරන්න එන්නෙ ලොකු අවධානමක් නැතුව ලොකු ගානක් හම්බ කරන්න. ඉතින් එයාලට ඕනෙ එයාල ප්‍රයිස් එක මිලදීගන්න වෙලාවෙ ඒකට හොඳ වටිනාකමක් තියෙන එක. ඒ කියන්නෙ එයාල බයි කරනකොට මරාගෙන යන්න පුලුවන් තරමෙ හොඳ පොඩි ට්‍රේඩ්ස් ටිකක්. 


   මෙහෙම හිතමු. සපෝර්ට් සහ රෙසිස්ටන්ස් වලදි ගොඩක් අය ට්‍රේඩ් කරනවා. ඉතින් හොඳ සප් එකක් කිට්ටුව ඉන්නකොට මහ උන් බලනවා උන්ට විරුද්ධව ට්‍රේඩ්ස් කරන අයගෙ ට්‍රේඩෙස් වල අනුපාතය. ඒ කියන්නෙ සෙන්ටිමෙන්ට් කතන්දරයක්. ඒව ඉතින් හංගපු ට්‍රේක්ස්. ගොඩක් එවුන් ෆේල් වෙන්නෙ මේ සීන් එක දැනගන්නෙ නැතුව ට්‍රේඩ් කරන්න යන නිසයි.

මගේ සෙන්ටිමෙන්ට් + ටෙක්නිකල් ට්‍රේඩින්ග් ස්ට්‍රැටජි එක මේ අවුලට හොඳ උත්තරයක් හැබැයි තරමක් දුරට විතරයි.



Ayubowan Forex Guide - What we need to learn to Trade Forex

ෆොරෙක්ස් මාර්කට් එක trade කරන්න අපිට ඕනෙ මූලික අවි 3ක්. මේවාට දාන බුලට්ස් ගැනත් කියන්නම්.


chart analysis කරනකොට මේ දේවල් 3 දිහාම බලන්න ඕනේ.
Fundamental ට්‍රෙන්ඩ් එකයි market sentiment වෙනස්වීමෙන් ඇතිවෙන Technical entry එක තමයි මම දැකපු සාර්ථකම එන්ට්‍රි එක. ඉතින් මේ ගැන හිමීට කතාකරමු
මේවා ගැන හිමින් සැරේ කතා කරමු.

එහෙනම් තවත් පෝස්ට් එකකින් එන්නම් පුලුවන් තරම් ඉක්මනට.

පෝස්ට් එක කියවන කෙනෙක් ඉස්සරහට කියවගෙන යන්න වගේම මේ කියවන පෝස්ට් එක ගැනත් ඔයාගෙ අදහස් කියන්න. මොකද අලුත් දෙයක් හම්බවුනොත් මටත් පුලුවන් මේක අප්ඩේට් කරන්න.

What to do and Know Before Start Forex Trading


What to do and Know Before Start Forex Trading


What to do and Know Before Start Forex Trading



     ෆොරෙක්ස් මාර්කට් එකේ ට්‍රේඩ් කරන්න අපිට මොනවද ඕනෙ. අපි මොනවද දැනගෙන ඉන්න ඕනෙ. මේ What to do and Know Before Start Forex Trading පෝස්ට් එකෙන් මේ කතන්දර ගැන කතා කරමු. Ayubowan Forex පෝස්ට් එකෙන් කිව්වේ ට්‍රේඩ් කරනකොට මොනවද කරන්න ඕනෙ කියලා. ඒත් මේ පොස්ට් එකෙන් කියන්නේ Trade කරන්න කලින් මොනවද කරන්න ඕනෙ කියලා.

How to Trade Forex Perfectly Sentiment + Technical Analysis

How to Trade Forex Perfectly Sentiment with Technical Analysis Sinhala.

      කොච්චර කලත් ට්‍රේඩින්ග් සෙට් නොවෙන අයට ගොඩක් වැදගත් පෝස්ට් එකක් මන් කරපු ට්‍රේඩ්ස් වල රිවිව් එකක් විදියට දෙන්නම්. මේ පෝස්ට් එක ඔයාට ලොකු උදවුවක් වෙයි කියලා හිතලම පටන් ගත්තා එහෙනම් How to Trade Perfectly in Forex.


What We Need To Focus When Trading Forex

    ෆොරෙක්ස් කරනකොට Fundamental Technical and Sentiment කියන තුනම ගැන බලන්න ඕනෙ.  ගොඩක් අය ලොස් වෙන්න හේතුව මේ තුනෙන් එකකට ට්‍රේඩ් කරන එකයි. 

   පහුගිය දවසක් තිබුන යුරෝ ස්පීච් එකක කිව්වා යුරෝ එක අපි පාවෙන්න ඉඩ හරිනවා කියල. ඉතින් ඒ දවස් වලම මන් යුරෝ ට්‍රේඩ් කරන එක නැවැත්තුවා. ඒ දවස් වල මට යුරෝ ගැන අහපු අයට මන් කිව්වේ මන් මේ ටිකේ යුරෝ ට්‍රේඩ් කරන්නේ නෑ කියලා. ඒ වෙනකොට යුරෝ එක ගොඩක් නැගලා තිබුනේ.

        පස්සේ ආයෙම යුරෝ නිව්ස් එක්ක ම යුරෝ ටෙක්නිකල් ඕවර්සෝල්ඩ් කලාපයට ආවා.  හැමදාම මේක පාවෙන්න තියල බෑ. තියන්නේත් නෑ. ඒ වගේම අපි මේ වෙනකොටත් දන්නවා ඩොලර් එක දෙසැම්බර් මාසෙ එයාලගෙ පොලී අනුපාත ඉහල දාන්න සැලැසුම් කරලා තියෙනවා කියල. ඉතින් ඒ වෙනකොට යුරෝ එක තව දුරක් ගිහින් තියෙන්න ඕනෙ. මට වඩා ඉහල දැනුමක් තියෙන අයගෙනුත් මගේ ට්‍රේඩින්ග් වලට උදව් ලැබෙනවා. ඒක මන් කියන්නම ඕනෙ.

       ෆන්ඩමෙන්ටල් අමාරු අයට සෙන්ටිමෙන්ට් සමග ටෙක්නිකල් එකතු කරලා ට්‍රේඩ් කරන්න තමයි මන් මේ පෝස්ට් එක ලියන්නේ. මන් සෙන්ටිමෙන්ට් බලන්න යොදාගන්නේ Onanda සහ  Barchart සයිට් දෙක තමයි. ඒ වගේම තව සයිට් එකක් හම්බවුනා  fxssi.com කියන මේ සයිට්  එකෙන් සෙන්ටිමෙන්ට් වලට අදාල ගොඩක් තොරතුරු ගන්න පුලුවන්.

කලින් සති වල මන් අපේ ගෘප් එකේ දාපු ස්නැප්ස් කිහිපයක් දාන්නම්.

How To Analysis The Forex Charts With  Open Position Sentiment


         සමහර අයට නිවාඩු දවස් වලට කරන ඇනලිස් සාර්ථක නෑ කියනවා. මට නම් එහෙම නෑ. මේ ස්නැප්ස් වලින් ඔයාලට දිනෙත් බලාගන්න පුලුවන්. මේවා දාන්නේ ලොකුකමකට නම් නෙවෙයි. අපිට ගොඩක් ඉන්නවා උදව් වෙනුවට ගල් මුල් දෙන්න බලාගෙන ඉන්න අය. එයාල මල්ටිමිලියනර්ස්ලා වුනාට උදව්වක් දෙන්නේ නෑ. ඒ වගේම කියල දුන්නත් දෙන්නේ උඩින් පල්ලෙන් විතරයි. එහෙම කරල මග ඇරලා දානවා. ලැබෙන හැම දෙයක්ම සතුටින් බාර අරන් මට කරන්න පුලුවන් දේ මන් මේ වෙනකන් කරල තියෙනවා. එහෙනම් වැඩේට ආයෙ බහිමු.


Forex Divergence Trading - Technical Analysis Tips Sinhala

How to Trade Perfectly in Forex

forex trading sinhala sentiment Analyisis

මගේ මූලික ඉලක්කය වුනේ යුරෝ බයි කරන්න . ඉතින් ඒක කරන්න ගහපු ප්ලැන් එක වගේම වැඩ කරපු විදිය ගැන කියන්නම්.



How to Trade Perfectly in Forex

Trade with Sentiment and Technical Analysis

    යුරෝ උඩට නගින්න පටන් ගත්තා. යන පාරෙ එල්ලෙන්න හොඳම පෙයාර් එක වුනේ ඔය යටම තියෙන EUR/AUD පෙයාර් එක. හේතුව තමයි ඔනැන්ඩා එකේ විදියට ඒ වෙනකොට බයර්ලා අඩුවෙන් වගේම යුරෝ වලට තිබුනේ පහලම තැනක්. ඉතින් ඕක ඉයලට යන්න ඕනෙ කියලා හිතලා මන් මේක යොදාගත්තා පිප්ස් 100ක සතියෙ ඉලක්කය සපුරගන්න.

හොඳ තැනක් බලාගෙන යනකොට ශක්තිමත් Support එකක් විදියට හබවෙන්න තිබුන තැනක් ගැන කලින්ම ඇහැ ගහගෙන හිටියා. අවසාන ඉලක්කය විදියට යොදාගත්තේ ඩේලි ලෙවෙල් එකේ තිබුන රෙස් ලෙවෙල් එක.  මේ තියෙන්නේ ඒ රූපය.
Interweek Swing Trading Strategy පෝස්ට් එකෙන් ඔයාලට ට්‍රේඩ්ස් වලට අදහසක් ගන්න පුලුවන්.  හැබැයි දෙයක් කියන්න ඕනෙ. ඔයාට මගේ සිස්ටම් එක හරියන්නේ නැති වෙන්න පුලුවන්. ඒක නිසා සහමුලින්ම මේක ගන්නේ නැතුව ගන්න ඕන දේ විතරක් ගන්න.

How to Trade Perfectly in Forex

   සතිය ආරම්භ වුනා. බලන් හිටියා ඒ ලෙවෙල් එකට එනකම්. ඊට පස්සේ මගෙ Entry Strategy එකෙන් ට්‍රේඩ් එක Confirm වෙනකන් ඉඳලා ට්‍රේඩ් එකට එන්ටර් වුනා.
අවසාන ඉලක්කය විදියට මට පිප්ස් 140ක සාර්තක ට්‍රේඩ් එකක් ලැබුනා.

How to Trade Perfectly in Forex

පහල තියෙන්නේ මේ සතියට මට ඇති කියල හිතලා ක්ලෝස් කරපු ට්‍රේඩ්ස් වල අවසාන ලාභය.
How to Trade Forex Perfectly Sentiment with Technical Analysis Sinhala

How to Trade Forex Perfectly Sentiment with Technical Analysis Sinhala



ෆොරෙක්ස් මට තේරෙන විදියට මන් මේ බ්ලොග් එකෙ පැහැදිලි කරලා තියෙනවා. මෙනු එකේ තියෙන Main Guide එක බලන්න.

 අවුල් තැන් වගේම අඩුපාඩු තියෙනවනම් කියන්න. 
ජය වේවා





IQ option Forex trading Review Sinhalen

IQ option Forex trading Review


iq එකේ forex කරන්නත් පටන් අරන් හොඳ නොහොඳ ගුණ අගුණ ගැනත් මට තේරෙන විදියට කියන්නම්. IQ option Forex trading Review

මේක ලිවේ ෆේස්බුක් සමූහයක් වෙනුවෙන්. ඒත් ෆොරෙක්ස් වලට අදාල නිසා ඒ පොස්ට් එකම මේකෙත් කොපි කරනවා.  ඒකෙ නැති අයට බලාගන්න පුලුවන් වෙන්න.

pips

හාල් කිලෝ එකක් ඊයේ 100යි අද 105යි නම් වෙනස රුපියල් 5යි.
euro/usd ඊයේ 1.1000 යි අද 1.1105 යි. වෙනස පිප්ස් 5යි. මාර්කට් ප්‍රයිස් එකේ වෙනස් වීම් ගනින්නේ පිප්ස් වලින්.
දශමස්තානයෙන් පස්සේ තියෙන ඉලක්කම් 4 පිප්ස් ලෙසත් ඉලක්කම් 5කින් යුක්ත නම් පිපෙට් හෝ පොයින්ට්ස් ලෙසත් හඳුන්වනවා
iq චාර්ට් එකේ දකුණු පැත්තේ තියෙනවා ඉලක්කම් 6කින් හැබැයි ඉලක්කම් 6ට කියන නම මම දන්නේ නෑ. ඔයාල දන්නවනම් කියන්න.
spread
buying price - selling price = spread.
සරලම සමීකරනයකින් කිව්වොත් කියන්නේ මේකටයි. බ්‍රොකර් තමන්ගේ පවුලට කන්න දෙන්නේ මේකෙන් තමයි. අපි ට්‍රේඩ් එකක් ඕපන් කලාම පටන් ගන්නේ (-) ට්‍රේඩ් එක දාපු ගමන් බ්‍රෝකර් තමන්ගෙ ගාස්තුව අරන් තමයි අපිට හම්බ කරගන්න දෙන්නේ.
බයිනරි එකෙයි ෆොරෙක්ස් එකෙයි එකම වෙලාවක දාපු ට්‍රේඩ්ස් දෙකක ස්ක්‍රීන් ශොට් එකක් ඇති ඒක බලපුවාම ෆොරෙක්ස් වල ස්ප්‍රේඩ් එකගැන තේරෙයි.
IQ option Forex trading Review

iq එකේ නම් ට්‍රේඩ් කරන්න දෙන්නේ $1න් එහාට තමයි. ට්‍රේඩ් එකකින් ලොස් උනත් ලොස් වෙන්නේ තමන් ට්‍රේඩ් එකට දාන ගානම විතරයි.
ඔයාට සාර්ථක ස්ට්‍රැටජි එකක් තියෙනවනම් මේකෙනුත් වැඩක් ගන්න පුලුවන්. හැබැයි ට්‍රේඩ් එකට එන ප්‍රොෆිට් එකේ බයිනරි වලට වඩා වෙනස්කම් තියෙනවා.
stop loss and take profit
මේකෙ ස්ටොප් ලොස් , ටේක් ප්‍රොෆිට් කියල දැනට නම් නෑ. ඒත් මේකෙ කෙනෙක් කිව්ව එකෙන් කිව්වලු එහෙම එකක් ලඟදිම දෙනවා කියලා. මන්නම් දෙනකන් සුවර් කරන්නේ නෑ. මොකද බ්‍රෝකර් ලගෙ පැරිකිරියාව හොඳටම දන්න නිසා. iq එකේ තව දෙයක් කරනවා. ට්‍රේඩ් එක ස්ටොප් ලොස් පැත්තට ගියොත් 100% ස්ටොප් ලොස් වදිනකන් ඉන්නෙ නෑ. 97% වගෙ වෙනකොට ස්ටොප් ලොස් වදිනවා. (ඒකටත් ස්නැප් එකක් එල්ලලා ඇති.)
ට්‍රේඩ් එක ප්‍රොෆිට් පැත්තට ගිහින් හම්බවෙන අවසාන ඉලක්කයට Take profit සහ ලොස් පැත්තට ගිහින් මාර්ජින් එක ඉවර වෙන තැනට Stop loss කියලා කියනවා.
Margin
මාර්ජින් කියන්නේ මාර්කට් එකේ අපිට ඉන්න පුලුවන් ඉඩ ප්‍රමාණය. iq එකේ නම් ගොඩක් වෙලාවට ඒක තීරණය වෙන්නේ multiplier එකත් එක්කයි. ඒක ගැන පස්සට.


iq option forex sinhalen

multiplier
iq එකේ ට්‍රේඩ් කරනකොට අපිට හම්බවෙනවා ගුණිතයන් කිහිපයක් මේකෙන් කැමති එකක් තෝරගන්න පුලුවන්. (වෙනස් ඒවත් දාන්න පුලුවන්ද දන්නේ නෑ. මමත් අදයි මේක බැලුවේ. පුලුවන්ද කියලා එතන ක්ලික් කරල බලන්න.) එකම වෙලාවක එකම පෙයාර් එකක multiplier 4ක් දාපු ස්ක්‍රීන් ශොට් එකක් ඇති ඒක බලපුවම ඔයාලටම මේක පහසුවෙන් තේරෙයි.
$100 multiplier 1:1 = (+) or (-) 0.01% per pips
$100 multiplier 1:100 = (+) or (-) 1% per pips
$100 multiplier 1:500 = (+) or (-) 5% per pips
$100 multiplier 1:1000 = (+) or (-) 10% per pips
ඒ කියන්නේ multiplier 1:1000 න් ට්‍රේඩ් කරනවනම් ඔයාට මාර්කට් එකේ ලොකු මූව්මන්ට් එකක් ඔයාගේ ට්‍රේඩ් එකෙන් පිට දුවන්න දෙන්න හොඳ නෑ. පිප්ස් එකකට එන ගාන වැඩියි වගේම අවධානම් පරාසය මාර්ජින් අඩු නිසා ලොස් වීමට තියෙන ඉඩත් වැඩියි.
ප්‍රොෆිට් වෙනකොට නම් ඕක 1 :1000 දුන්නොත් $100ට ටේක් ප්‍රොෆිට් වදින්නේ "$100 000-ස්ප්‍රේඩ්" වුනාමද දන්නේ නෑ. ඒත් මේක දන්නවා. 1:1000 ට්‍රේඩ් කරන එකවුන්ට් එකකට වඩා අවධානම අඩුවෙන් 1:100 හෝ 1:1 ට්‍රේඩ් එකකින් ට්‍රේඩ් කරන්න පුලුවන්. අවදානම වගේම ප්‍රොෆිට් එකත් අඩුයි.
මගේ පුද්ගලික මතය IQ එකේ Forex කරනවනම් සුවර්ම ස්ට්‍රැටජි එකක් භාවිතා කරන එක තමයි වැඩි මුදලක් උපයන්න පුලුවන් සාර්තකම ක්‍රමය.ඒ කියන්නේ "scalping trading strategy"

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ සාමාන්ය් බ්‍රෝකර් කෙනෙක් යටතේ ෆොරෙක්ස් කරනවට වඩා මේකෙ ෆොරෙක්ස් කරනකොට ඔලුව අවුල් යන්න ඉඩ තියෙනවා. මොකද රිස්ක් රිවෝඩ් කැල්කියුලේට් කරන්න ගියාම අනල්යිස් එක ගැන ඔලුවට එන්නෙ අඩුවෙන්. මොකද දෙකම බැලුවම ට්‍රේඩ් එකකට එන්ට්‍රි ගන්න කොට හැඟීම්බර වෙනවා වැඩියි. සම්පූර්න ඉලක්කයට යන්න නොදී මග නවත්තන්න හිතාගෙන කරනවනම් කලාට කමක් නෑ. හැබැයි සාර්ථක ස්ට්‍රැටජි එකක් භාවිතා කරන්න.   


ජය වේවා

How to add Hidden Currency Pairs into Chart in MT4 Sinhala


    Meta trader 4 ප්ලැට්ෆොර්ම් එකට අලුත් අයට තියෙන ප්‍රශ්නයක් තමයි වෙන අයගේ තියෙන සමහර Currency pairs  තමන්ගේ චාර්ට් එකේ දකින්න නැති වීම. How to add Hidden Currency Pairs into Chart in MT4 Sinhala පෝස්ට් එකෙන් කතා කරන්නේ ඒ තමන්ගේ බ්‍රෝකර් ගේ ට්‍රේඩ් කරන්න පුලුවන් ඒත් චාර්ට් එකේ දැනට පේන්නෙ නැති Currency pairs චාර්ට් එකට දාගන්න විදිය ගැන.

මේ බ්ලොග් එකේ තියෙන Tickmill review පෝස්ට් එක කියවලා ඒ බ්‍රෝකර් හොඳයිද කියල තීරණය කරන්න. ගොඩක් වෙලාවට එකම විදියට තමයි හැම බ්‍රොකර් කෙනෙක්ගෙම රෙජිස්ටර් වෙන්න තියෙන්නේ. ඒක ගැන අදහසක් ගන්නත් එක්ක ICMarkets  Tickmill පොස්ට්ස් දෙකත් බලන්න.


 ලොකුවට කරන්න දෙයක් නෑ. හරිම සරලයි.

1:  උඩම තියෙන ටූල් බාර් එකේ තියෙන මාර්කට් වොච් සංකේතය උඩ ක්ලික් කරන්න.


How to add Hidden Currency Pairs into Chart in MT4 Sinhala




 2: ඊට පස්සේ මේ වගේ කොටුවක් එයි. ඒක උඩ Right Click කරන්න.

How to add Hidden Currency Pairs into Chart in MT4 Sinhala


3: ඒකෙ මැද හරියේ තියෙනවා Show all කියලා එකක් ඒක ක්ලික් කරන්න.
How to add Hidden Currency Pairs into Chart in MT4 Sinhala



4: restart / refresh කරන්න දෙයක් නෑ. හැංගුන පෙයාර්ස් ටික එතන බලාගන්න පුලුවන්. එතනින් right click කරලා කියන Chart window ක්ලික් කලාම ඒ චාර්ට් එකත් ඔයාට බලාගන්න පුලුවන්. 
Chart window


 තවත් පෝස්ට් එකකින් හම්බවෙමු. ඔයාට වගේ තව කාට හරි මේ අවුල අවොත් බ්ලොග් එකේ ලින්ක් එක දෙන්න. එයත් මොනවනම් හරි ඉගෙන ගනී.
ජය වේවා.

Fibonacci Retracement Tool sinhala. what and how to use

Fibonacci Retracement Tool sinhala. what and how to use

      අද කතා කරමු Fibonacci Retracement Tool එක ගැන. ඒකෙ ගුන අගුන වගේම මට තේරෙන හැම දෙයක්ම මන් කියලා දෙන්නම්.

What is fibo?

fibo කියන්නේ meta trader 4/5 or Ctrader වගේ platform වල ට්‍රේඩ් කරන ගොඩක් අය මාර්කට් එක ඇනලයිස් කරන්න යොදාගන්න ටූල් එකක්.  මේකෙ ඉතිහාසය ගැන නම් කියන්න දන්නේ නෑ. ඒත් මේ ටූල් එක හැදිලා තියෙන්නේ අංක විද්යාව පදනම් කරගෙන. ඒක හැදෙන්නේ මෙහමයි.
1
1+1= 2
1+2=3
2+3=5
3+5=8
5+8=13
8+13=21
මේ විදියට මේ කතන්දරේ දිගටම යනවා. ඒත් අපි ට්‍රේඩ් ප්ලැට්ෆෝර්ම් එකේ භාවිතා කරන්නේ මේකෙන් කිහිපයක් විතරයි.

How To use Fibonacci tool In Forex Platform

    මූලිකවම ෆිබෝ ටූල් එක භාවිතා කරන්නේ රී ට්‍රේස්මන්ට් අඳුනගන්න. ඒ වගේම ට්‍රේඩර්ස්ලා තමන්ගේ ටාගට්ස් බලාගන්නත් යොදාගන්නවා. ඔයාල දන්නවා ඇති ඔය Butterfly, bat,  වගේ පැටන් අඳින්නේත් ෆිබෝ ටූල් එක මූලික කරගෙන තමයි. මම ෆිබෝ ටූල් එක භාවිතා කරලා ට්‍රේඩ් කරන්න පුලුවන් ස්ට්‍රැටජි එකකුත් දුන්නා. නොබලපු අය මෙතනින් බලන්න

     ඔයාල platform උඩ තියෙන ටූල්බාර් එකේ insert ගියාම Fibonacci එකේ ටූල්ස් 5ක් විතර බලාගන්න පුලුවන්. මම නම් අනිත් ඒවා ගැන දන්නේ නෑ.  රීට්‍රේස්මන්ට් ටූල් එක ගැන විතරයි මේ පෝස්ට් එකෙන් කියන්නේ.

     ෆිබෝ අඳින්නේ ස්වින්ග් හයි හෝ ස්වින්ග් ලෝ එකක් පදනම් කරගෙන. ඒ කියන්නේ මාර්කට් එකේ හැරවුම් ලක්ශ දෙකක් පදනම් කරගෙන.   Up Trend එකකදී යට ඉඳන් උඩටත් Down Trend එකකදී උඩ ඉඳන් යටටත් තමයි ෆිබෝ අඳින්නේ. සමහර අය මේකෙ අනිත් පැත්තත් අඳිනවා.   මම කියන විදියේ පොඩි ලොජික් එකක් තියෙනවා. මොකද ඉස්සෙල්ලම එන්නෙ 23% ඊට පස්සෙ තමයි 38% එන්නේ ඒ වගේ ලොකුවට රීට්‍රේස්මන්ට් එක එන තරමට යන ගානත් ලොකු වෙනවා. 
පහල රූපය බලපුවාම ඔයාට තේරෙයි.

How To use Fibonacci tool In Forex Platform

Fibonacci Retracement Tool


Is Fibonacci retracement tool helpful or not


     ෆිබොනාසි ඕනම ටයිම් ෆ්‍රේම් එකක අඳින්න පුලුවන්. ඕන වෙන්නේ ස්වින්ග් හයි එකක් හෝ ස්වින්ග් ලෝ එකක් විතරයි. මේකෙ ඇකියුරේට් එක ගැන කතා කරනවනම් කියන්න තියෙන්නේ මම නම් දන්නේ නෑ කියලා. මොකද රීට්‍රේස්මන්ට් කලාප 4ක් තියෙනවා. ඕනම ලෙවෙල් එකකින් හැරෙන්න පුලුවන්. මාර්කට් එකේ ස්ට්‍රොන්ග් සපෝර්ට් සහ රෙසිස්ටන්ස් වලදී මේක වැඩ කරනවා කියල කියන්න පුලුවන්. ඒත් Elliot wave සහ butterfly, bat වගේ Patterns අඳිනකොට නම් ලොකු අවුලක් වෙන්නේ නෑ. මම Elliott wave ගැනත් පෝස්ට් එකක් දාන්නම් බ්ලොග් එකත් එක්ක දිගටම එල්ලිලා ඉන්න. 

    මේ පෝස්ට් එකෙන් ෆිබො ගැන මන් දන්න දේවල් කිව්වා මම නොදන්න දේවල් තියෙනවනම් කියන්න මේ පොස්ට් එකටම එකතු කරන්නම්.

     අපැහැදිලි තැන් තියෙනවනම් අහන්න. බ්ලොග් පෝස්ට් එකට යටින් කොමෙන්ට් බොක්ස් එකක් තියෙනවා. ඒ වගේම බ්ලොග් එකේ අඩුපාඩු තියෙනවනම් කියන්න මට ඒවා හදාගන්න පුලුවන්.

අදට ඇති වගේ එහෙනම් 
ගියා ජය වේවා.

Breakout and Fakeout How can Identify And use To Trading

Breakout and Fakeout How can Identify And use To Trading

    Fakeout and breakout කියන්නේ මොනවද? ඒවා අඳුනගනේ කොහොමද? ලේසි ක්‍රම තියෙනවද? මට තේරෙන ෆොරෙක්ස් වලින්ම කියලා දෙන්නයි මේ පෝස්ට් එක ලියන්නේ. මේ පොස්ට් එක බලපුවම වත් ගොඩක් අය ට්‍රේඩ් කරන්න නියම ටෙක්නිකල් එන්ට්‍රි එක එනකම් ඉඳියි කියලා හිතෙනවා

What is breakout.
බ්‍රේක් අවුට්එ කක් කියන්නේ මාර්කට් එක යම් සපෝර්ට් ලෙවෙල් එකක් හෝ රෙසිස්ටන්ස් ලෙවෙල් එකක් එහෙමත් නැත්තම් ට්‍රෙන්ඩ් ලයින් එකක් හෝ චැනල් එකක් කඩාගෙන යන නිවැරදි ක්‍රමය කියලා සරලව හඳුන්වන්න පුලුවන්

What is Fakeout
ෆේක් අවුට් කියන්නේ මාර්කට් එක යම් සපෝර්ට් ලෙවෙල් එකක් හෝ රෙසිස්ටන්ස් ලෙවෙල් එකක් එහෙමත් නැත්තම් ට්‍රෙන්ඩ් ලයින් එකක් හෝ චැනල් එකක් කඩාගෙනයනවා වගේ පෙනිලා ආයෙම පරන පාරෙම යන එකට. ඒක හරියට මාර්කට් එක බොරුවට රඟපාලා පෙන්නනවා වගේ වැඩක්. වගේ රීටේල් ට්‍රේඩර්ලා තමයි මාර්කට් එක මේ විදියට මූව් කරලා ප්‍රොෆිට් කරන්නේ. මේ ෆේක් අවුට් නිසා ගොඩක් අයගේ ට්‍රේඩ්ස් ස්ටොප් ලොස් වැදිලා ආයෙම හැරෙනවා.
මේකෙදි සපොර්ට් එක වගේම ට්‍රෙන්ඩ්ලයින් එක බ්‍රේක් කලත් ආයෙම රීටෙස්ට් එකක් නෑ. ඒවා තමයි ෆේක් අවුට් කියන්නේ. සපෝර්ට් ලෙවෙල් එකක් රෙසිස්ටන්ස් චැනල් ට්‍රෙන්ඩ්ලයින් ටච් කරපු ගමන් ට්‍රේඩ් දාල ගොඩක් අය ලොස් වෙන්නේ මේ නිසා තමයි

How to Trade Perfectly At Breakout ?
එකකදී ට්‍රේඩ් කරන්න ඕනේ පෝස්ට් එකේ කියල දුන්න සරල ක්‍රමයට අනුව. එතකොට ගින්නක් නැතුව ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න පුලුවන්.
පහල රූපය බලන්න. උඩින් එන මාර්කට් එක සපොර්ට් ලෙවෙල් එක බ්‍රේක් කරලා ආයෙම රී ටෙස්ට් එකක් එනවා ඊට පස්සෙ ඒ රෙසිස්ටන්ස් ලෙවෙල් එකෙන් මාර්කට් එක හැරෙනවනම් විතරයි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ.
How to Trade Perfectly At Breakout



බ්‍රේක් අවුට් ට්‍රේඩ් කරනවා කියලා සරලවම කියන්නේ මේකටයි. මේක ට්‍රෙන්ඩ්ලයින් වලට වුනත් පොදුයි.

How To Identify Fakeout

How To Identify Fakeout
මේකෙදි සපොර්ට් එක වගේම ට්‍රෙන්ඩ්ලයින් එක බ්‍රේක් කලත් ආයෙම රීටෙස්ට් එකක් නෑ. ඒවා තමයි ෆේක් අවුට් කියන්නේ. සපෝර්ට් ලෙවෙල් එකක් රෙසිස්ටන්ස් චැනල් ට්‍රෙන්ඩ්ලයින් ටච් කරපු ගමන් ට්‍රේඩ් දාල ගොඩක් අය ලොස් වෙන්නේ මේ නිසා තමයි

How To Trade At Fakout

How To Trade At Fakout

මේ තියෙන්නේ ෆේක් අවුට් වලදී ට්‍රේඩ් කරන්න තියෙන නියම විදිය. මාර්කට් එක ඔයාගෙ ලෙවෙල් එක පැහැදිලිව ආයෙම රී ටෙස්ට් එකක් එනකන් බලාගෙන ඉන්න. ඊට පස්සේ ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න පුලුවන්.

ආයෙම අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු අඩුපාඩු තියෙනවනම් වගේම් පොස්ට් එකේ හොඳ නරක ගැන කියන්න
ජය වේවා

How To Place Stop Loss And Take Profit Perfectly When Trade

How To Place Stop Loss And Take Profit  Perfectly When Trade


    ට්‍රේඩ් එක දැම්මා කියහන්කො දැන් ඉතින් stop loss , take profit දාන්නේ කොහොමද? ආයෙ හිරවුනා. ඒක කරන්නේ මෙහෙමයි. අපි දන්නවා දැන් ට්‍රේඩ් එක open කරන්නේ support හරි resistance හරි එකකින් පටන් ගන්න candlestick or chart pattern signal එකක් බලලා කියලා. How To Trade with support and resistance levels පෝස්ට් එක මෙතනින් බලන්න 

ඔයාට ට්‍රේඩින්ග් සිස්ටම් එකක් නැත්තම් මේ තියෙන සිස්ටම් 3 ටෙස්ට් කරලා බලන්න. පහලින් තියෙන නම් වලින් ඔයාට පොස්ට් එකට යන්න පුලුවන්

NEWS TRADING STRATEGY
FIBONACCI TRADING STRATEGY

CANDLE STORY SCALPING STRATEGY 

Sell Trade How to place stop loss / take profit.

How to Set Your Stop Loss and Take Profit sinhalen

    ඔයාල දැන් sell කරලා තියෙන්නේ stop loss දාන්න විදියක් තියෙනවා. එන්ට්‍රි ගත්තු Resistance level එකට 5 pips උඩින් සෙල් එකකට Stop loss දාන්න පුලුවන්. Take profit දාන්න විදි දෙකක් තියෙනවා. හැබැයි ඒක තමන්ගෙ trading style එකත් එක්ක වෙනස් වෙනවා. Scalper හෝ inter-day නම් එකක් තමයි ලඟම තියෙන lower low එකකට හරි minor or short term support level එකකට හරි take profit එක දාන්න පුලුවන්. එත් ඔයා swing හරි position  හරි  ට්‍රේඩර් කෙනෙක් නම්, ඒ කියන්නේ ලොකු කාලයක් ට්‍රේඩ් එක අල්ලන් ඉන්නවනම් ස්ට්‍රොන්ග් ම structure or support ලෙවෙල් එකකට  take profit දාන්න ඔනේ. මොන මගුලෙ විදියට take profit දැම්මත් ඔලුවෙ තියාගන්න දෙයක් තියෙනවා. ඒක තමයි spread එක. Target level එකෙන් spread එක අඩු කරලා තමයි ඔයාගෙ නියම Take profit ලෙවෙල් එක තියෙන්න ඔනෙ

Buy Trade How to Place Trade stop loss / take profit

How to use stop-loss and take-profit in Forex trading sinhalen forex



ඔයාල දැන් buy කරලා තියෙන්නේ stop loss දාන්න විදියක් තියෙනවා. එන්ට්‍රි ගත්තු Support level එකට 5 pips යටින් buy එකකට Stop loss දාන්න පුලුවන්. Take profit දාන්න විදි දෙකක් තියෙනවා. හැබැයි ඒක තමන්ගෙ trading style එකත් එක්ක වෙනස් වෙනවා. Scalper හෝ inter-day නම් එකක් තමයි ලඟම තියෙන higher high එකකට හරි minor or short term resistance level එකකට හරි take profit එක දාන්න පුලුවන්. එත් ඔයා swing හරි position  හරි  ට්‍රේඩර් කෙනෙක් නම්, ඒ කියන්නේ ලොකු කාලයක් ට්‍රේඩ් එක අල්ලන් ඉන්නවනම් ස්ට්‍රොන්ග් ම structure or resistance ලෙවෙල් එකකට  take profit දාන්න ඔනේ. මොන මගුලෙ විදියට stop loss දැම්මත් ඔලුවෙ තියාගන්න දෙයක් තියෙනවා. ඒක තමයි spread එක. target level එකෙන් spread එක අඩු කරලා තමයි ඔයාගෙ නියම Take profit ලෙවෙල් එක තියෙන්න ඔනෙ

placing sl and tp with swing high and swing low

තවත් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ස්වින්ග් හයි සහ ස්වින්ග් ලෝ වලට ට්‍රේඩ් කරන එක. පහල රූපය ඒක අඳුන ගන්න උදව්වක් වෙයි කියල හිතෙනවා. හැබයි මේක ටිකක් අවදානම් වැඩියි. මොකද මේකෙන් අපේ රිස්ක් එක අඩු කරගන්න බෑ. මේ රූපයේ තියෙන විදියට ස්වින්ග් කලාප වල ට්‍රේඩ් කරනකොට ස්ටොප් ලොස් එක ට්‍රේඩ් කරන ස්වින්ග් එක නෙවෙයි ඊට යටින් තියෙන ස්වින්ග් එක භාවිතා කරනවනම් ඔයාට ලොකු වාසියක් වෙයි. ටික දවසක් ඩෙමො කරනකොට මේ ටික ඔලුවට දාගන්න පුලුවන් වෙයි.

stop loss and take profit
ඔයාලට අලුතින් දාන්න ඕනේ කියලා හිතෙන පෝස්ට් එහෙම තියෙනවනම් කොමෙන්ට් එකකින් ඒක කියන්න.  බ්ලොග් එක ෆලෝ කරන්න කැමති නම් බුකියේ පිටුවටත් ලයික් එකක් දාන්න. එහෙම නොකලා කියලා තරහකුත් නෑ. ඔයාට ඉක්මනින් ඉගෙනගන්න ඕන කරන පෝස්ට් ගැන කියන්න. මට තේරෙන විදියට මන් දන්න දෙයක් නම් ඔයාලට කියලා දෙන්නම්


එහෙනම් අදට හමාරයි ආයෙම අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු.
අපි ගියා ජය වේවා.



How To Add Custom Indicator in to Meta Trader 4 Platform

  How To Add Custom Indicator in to Meta Trader 4 Platform

    අලුතින් ෆොරෙක්ස් වලට එන අයට තියෙන ගැටළුවක් තමයි අහල පහලින් හොයාගන්න Custom Indicator එකක් මෙටා ට්‍රේඩර් ප්ලැට්ෆොර්ම් එකකට දාගන්නේ කොහොමද කියන එක අද පෝස්ට් එකෙන් කියන්නේ ඒ ගැන. වැල් බයිලා නැතුව වැඩේ පටන් ගමු.

ඉස්සෙල්ලාම යන්න ඔයා ඕපන් කරගන්න මෙටා ට්‍රේඩර් 4 ප්ලැට්ෆොර්ම් එක



How To Add Custom Indicator in to Meta Trader 4 Platform





.
ඊට පස්සේ උඩ තියෙන ටූල් බාර් එකෙන් ෆයිල් කියන කොටස ක්ලික් කරලා ඒක යටතේ තියෙන ඕපන් Open Data Folder කියන කොටස තෝරන්න
Custom Indicator
ඒක ක්ලික් කලාම ෆයිල් එකක් ඕපන් වෙයි. මෙන්න මේ වගේ. ඒකේ MQL4 කියන තැන ඩබල් ක්ලික් කරලා ඒ ෆෝල්ඩර් එක ඕපන් කරගන්න 
Metatrader 4 Tutorial - How To Install Custom Indicators
ඒක ඇතුලේ තියෙනවා ඉන්ඩිකේරට්ස් කියල තවත් ෆයිල් එකක්. ඒකත් ඕපන් කරගන්න.

Advanced Guide To MetaTrader 4 - Custom Indicators
ඒ ෆයිල් එක ඇතුලේ තියෙනවා ඔයාගේ මෙටා ට්‍රේඩර් ප්ලැට්ෆෝර්ම් එකේ දැනට තියෙන ඉන්ඩිකේරට්ස් ටික.
How do I install a Custom indicator to MT4

      අන්තිමට කරන්න තියෙන්නේ ඔයා බාගත්තු ඉන්ඩිකේටර් එක (සමහරවිට ඉන්ඩිකේටර් එකේ MQL4 Source File (.mq4) සහ EX4 File (.ex4) කියලා formats දෙකක් ඇති  දෙකම වුනත් කමක් නෑ ) කොපි කරලා මේ ඉන්ඩිකේටර් තියෙන තැන ඒක පේස්ට් කරගන්න එක. එහෙම කරලා මේ ෆෝල්ඩර් එක ක්ලෝස් කරගන්න.

     ඊට පස්සේ ආයෙම MT4 ප්ලැට්ෆෝම් එකට ගිහින් ඔයාගෙ ඉන්ඩිකේටර් උඩට මවුස් පොයින්ටරේ ගෙනිහින් රයිට් ක්ලික් කරලා ඉන්ඩිකේටර් ටික Refresh කරගන්න. ඔයා දාපු ඉන්ඩිකේටරේ ඇවිත් තියෙයි.
අන්තිමට කරන්න තියෙන්නේ ඒ ඉන්ඩිකේටර් එකෙ නම උඩ ඩබල් ක්ලික් කරලා ඔයාට ගැලපෙන විදියට සෙටින්ග්ස් ටික හදාගෙන OK කරන්න විතරයි.

ඔයාලට අලුතින් දාන්න ඕනේ කියලා හිතෙන පෝස්ට් එහෙම තියෙනවනම් කොමෙන්ට් එකකින් ඒක කියන්න.  බ්ලොග් එක ෆලෝ කරන්න කැමති නම් බුකියේ පිටුවටත් ලයික් එකක් දාන්න. එහෙම නොකලා කියලා තරහකුත් නෑ. එකෙක් හරි මේ මගුල කරලා ගොඩ යනවා දකින්නයි මට ඕනේ. ඉස්සරහට තවත් ට්‍රේඩින්ග් ස්ට්‍රැටජි ටිකක් දෙන්න තියෙනවා හිමිට යන ගමන දිගයිලු ඒක නිසා මන් හිමීට යනවා. ඉක්මන් වෙන්න නම් ඔයාට ඉක්මනින් ඉගෙනගන්න ඕන කරන පෝස්ට් ගැන කියන්න. මට තේරෙන විදියට මන් දන්න දෙයක් නම් ඔයාලට කියලා දෙන්නම්
සිග්නල් ගන්න එහෙම හිතෙනවනම් මේ පෝස්ට් එකත් අනිවා කියවන්න

එහෙනම් අදට හමාරයි ආයෙම අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු.
අපි ගියා ජය වේවා.

Featured Post

Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...