sponsor

sponsor

Slider

Theme images by kelvinjay. Powered by Blogger.

Recent Blog Posts

Lorem Ipsum has been the industry's standard dummy text.

App Design

Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

Timeline

Timeline

Recent Tube

Business

» »Unlabelled » Fundamental Analysis sinhala | ADVANCED FOREX TRADING GUIDE

Fundamental Analysis For Currency Traders in Sri Lanka


Fundamental Analysis

What is Fundamental Analysis    

   Forex මාර්කෙට් එකෙ සිල්ලර වෙලෙන්දො විදියට ඉන්න අපි, රටකට අදාල් මුදල් මිලදී ගන්නකොට ඒ රටේ ආර්තිකය අඩු අගයක තියෙනවාද බලන්න ඕනේ. ඒ වගේම ඒ එකට ඉල්ලුමක් එන දේවල් ගැන අවදානයෙන් ඉන්න ඕනේ. සරලවම කිව්වොත් ඕක තමයි Fundamental Analysis කියන්නේ. ෆන්ඩමෙන්ටල් ඇනලිස් කරනකොට ට්‍රේඩ් කරනකොට Economic Calendar එක ගැන විතරක් නෙවෙයි, ආර්තික, දේශපාලන විතරක් නෙවෙයි කාලගුණික විපර්යාස ගැනත් දැනගන්න වගේම ඒවා ගැන හොයන්න ඕනෙ. එහෙම කිව්වම බර වැඩි වෙයිද මන්දා. ඒත් ඇත්ත ඕකයි. ඒකයි ෆොරෙක්ස් කරනකවනම් කඩ්ඩ ඕනෙ කියල තේරුනා කියල මීට කලින් දාපු පෝස්ට් එකේ කෙටුවේ. ඒ පොස්ට් එක කියෙව්වෙ නැත්තම් කියවලාම එන්න මෙන්න ලින්ක් එක. Ayubowan Forex 

Different between Fundamental Trading and News Trading

    ඉස්සෙල්ලම කියන්න දෙයක් තියෙනවා.Fundamental trading එකයි News Trading එකයි කියන්නේ දෙකක්.News එකක් තියෙන වෙලාවට කරන්නේ News Trading ඒ කියන්නේ නිව්ස් එක එන වෙලාවේ කරන්සි ස්ට්‍රෙන්ත් එක සහ නිව්ස් එකේ බලපෑම එකතු කරලා ට්‍රේඩ් කරන එකට. නිව්ස් ට්‍රේඩින්ග් කරන්න කැමති නම් මේ ස්ට්‍රැටජි එකත් බලන්න. News Trading Strategy

    ඒ වගේම නිව්ස් එක අදාල මුදල් ඛාණ්ඩයට ඇති කරන දිගු කාලීන බලපෑම මත දිගු කාලීනව කරන ට්‍රේඩින්ග් තමයි Fundamental Trading කියන්නේ. මේ වෙනස්වීම් බලන්නත්  බලන්නත් රටවල් වලටම ජාත්‍ය්න්තරව සම්මත උන Indicators වගයක් තියෙනවා

 Economic Indicators

1  Employment status

  • jobless claims (වැඩි වෙනකොට ආර්තිකය weak වෙනවා)
  • Payrolls  (වැඩි වෙනකොට ආර්තිකය strong වෙනවා)
  • Average hourly earning  (වැඩි වෙනකොට ආර්තිකය strong වෙනවා)

2  Rate of inflation (වැඩි වෙනකොට ආර්තිකය strong වෙනවා)

3 GDP gross domestic product (වැඩි වෙනකොට ආර්තිකය strong වෙනවා)

4  Govt changes war .etc,  (හරියට Brexit / Elections වගේ)


මෙවායෙ වෙනස් වීම් වලින් Market එකට එන බ්යර්ලා ගැන දල අදහසක් ගන්න පුලුවන්.


Central Bank

    මේවායෙ මොකක් හරි අවුලක් උනොත් ඒ කියන්නේ එක පාර කඩන් වැටෙන තත්වයක් වගේ ආවොත් පොඩ්ඩක් එහා මෙහා කරල බැලන්ස් කරන්නත් ඕනම රටකට කෙනෙක් ඉන්නවා. එයා තමයි Central Bank එක. 

  •  FED  (Federal Reserve USA)
  •  BOE  (Bank Of England) 
  •  BOJ   (Bank Of Japan)

උඩ හඳුන්වපු නම් වලින් කියන්නේ ඒ කියන මහ බැංකු කිහිපයක් තමයි. ඔය කියපු central bank එකෙත් තියෙනවා tools වගයක්. මේ දේවල් වල බලපෑම අවුල් ආවොත් එහෙ මෙහෙ කරන්න.


Central Bank Tools


Interest rate

Price limit

QE (Quantitative easing)

Language (Speeches)

මේකෙන් කියවෙන්නේ භාශාව ගැන. භාශාවෙත් කොටස් දෙකක් තියෙනවා.
Hawkish and Dovish කියලා. Hawkish කියන්නේ අපි මේක කරනවා කියලා පැහැදිලිව කියන එකට. Dovish කියන්නේ අපි මේක් කරන්න බලාපොරොත්තු වෙනවා වගේ වැනි වැනී කියන අවිනිශ්චිත කතා වලට.

Economic Calendar ඔය දේවල් කරන වෙලාවල් බලාගන්න යොදාගන්න පුලුවන්. මොකද මේවා කරන්න නියමිත දවසක් වගේම වෙලාවක් තියෙනවා

(හරියට US Non Farm Payroll එක හැම මාසෙම 1 වෙනි සිකුරාදා හවස එනවා වගේ)

     සාමාන්යෙන් Central Bank එක අර Economic Indicators වල අවුල් සමතයක් කරන්නේ එක වරකට එකක් පමණයි.
     ඒ කියන්නේ රටක GDP එකයි Inflation rate එකයි දෙකම අවුල් නම් එක කරන්නේ නිව්ස් වෙලාවට අර දෙකෙන් එකක විතරක් අවුල අඩු කරන්න උත්සහ කරන එකයි.

මේවායෙ බලපෑම නිසා පිප්ස් 100 සිට 1000 දක්වා මාර්කට් එක එහා මෙහා යන්න ඉඩ තියෙනවා. එහෙම වෙන්නේ මේ බලපෑම් නිසා මාර්කෙට් එකට එන බ්යර්ලා නිසයි.

නිව්ස් බලන්න ගොඩක් අය රෙකමන්ඩ් කරන ස්යිට්ස් තමයි

www.forexfactory.com   කියන්නේ

news  බලලා තීරනය කරන්න ඕනේ ඒ රටේ ආර්තික තත්වය මොන වගේ වෙයිද කියලා. Calendar එකේ තියෙන දේවල් විස්තර කරලා කියන සයිට්ස් තියෙනවා.

වගේම පිප්ස් පාසල් මහ ගෙදර  

Currency Correlation

 Currency Correlation කියලා කොටසක් තියෙනවා. Gold, AUD currency එකට බලපෑම් ඇති කරනවා. අයෙ තෙල් මිල USD/CAD එකට බලපෑම් ඇති කරනවා.
තෙල් මිල එකට බලපෑම් ඇති කරන්නේ දවසකට බොරතෙල් බැරල් 2000ක් කැනඩාවෙන් USA වලට යවන නිසා.

මුදල් ඒකක වලත් එකෙන් එකට වෙනස් correlation ඇති කරනවා. ඒකෙන් අපිට හොඳම Pair එක හොයාගන්න පුලුවන්. ඒකත් බලන්න සයිට් එකක් දෙන්නම්.




Fundamental correlations ගැනත් පෝස්ට් එකක් දාන්න තියෙනවා. ඒක ටිකක් ලොකු එකක් වෙනමම දාන්නම්

එතකොට fundamental analysis කතන්දරේ මේකෙන් ඉවරයි. ඉවරයි කියන්නේ මට තේරෙන විදියට කියලා දීලා ඉවරයි

අපි ෆොරෙක්ස් මාර්කෙට් එකේ ඉන්න හාල් මැස්සො වගේ. 0.1න් $1න් ට්‍රේඩ් කරලා අපිට බෑ Forex Market එකේ Pip එකක් එහා මෙහා කරන්න. ඉතින් අපි කරන්න ඕනෙ මාර්කට් එකට එන buyer ල යන පාරෙ යන්න. එයාලගෙ වැල යන අතට අපේ මැස්ස ගහන්න. ඔය නිසයි මාර්කට් සෙන්ටිමෙන්ට්වැදගත් වෙන්නේ.

සෙන්ටිමෙන්ට් පෝස්ට් එක මේතනින්.  Sentiment Analysis

«
Next
Newer Post
»
Previous
Older Post

1 Comments:

Featured Post

Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...