sponsor

sponsor

Slider

Theme images by kelvinjay. Powered by Blogger.

Recent Blog Posts

Lorem Ipsum has been the industry's standard dummy text.

App Design

Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

Timeline

Timeline

Recent Tube

Business

Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

Ayubowan Forex Guide  -  මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

AYUBOWAN FOREX මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.


     
Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් කෝටියක් වටින අදහසක් නෙවෙයි කෝටියක් ගොඩදාන්න පුලුවන් අදහසක්.    scalper, inter-day, swing , position කියන හතර විදියටම කරන ට්‍රේඩර්ස්ලා ඉන්න ෆොරෙක්ස් මාර්කට් එකේ 95% ලොස් වෙන්න හේතු මොනවද? strategies අසාර්තකද? accurate එක මදිද? ඉන්ඩිකේර් අවුල්ද?
මේ හැම දේටම උත්තර මේකෙන් ලැබෙයි කියලා හිතනවා
   ඔයාල මේ පිටුව කියවනකොට ෆොරෙක්ස් ගැන මූලික දේවල් ඉහෙන ගෙන ඇති කියලා හිතනවා. ඒක නිසා මන් මට තේරන ෆොරෙක්ස් ගැන මට පුලුවන් විදියට පැහැදිලි කරන්නම්.



  Forex කියන්නේ ලෝකයේ තියෙන ජොබ්ස් වලින් සල්ලි මවන්න පුලුවන් වගේම සල්ලි නැතී කරගන්න පුලුවන් අවදානම් ජොබ් එකක්. ඉතින් මේ අවදානම් ජොබ් එකෙන් සල්ලි හොයන්න හොඳ දැනුමක් ඕනෙමයි. මොන මගුල කරන්නත් මේකෙ වෙන්නෙ මොනවද කියන දේ ගැන පැහැදිලි දැක්මක් තියෙන ඕනෙ. 

Ayubowan Forex Guide - How Forex Works


    අපේ රටේ ඉතින් වාහන හදන්නෙ නෑනෙ. මන් මේ කියන්නෙ ගැරේජ් වල කැඩුණු වාහන හදන කතන්දරයක් නම් නෙවෙයි.. ඉන්දියාවෙන් බයික් ගේනවා කියමු. ඉතින් අපි ඉන්දියාවට, ලන්කාවෙ රුපියල් දීලා හරියන්නෙ නෑනෙ. අපිට වෙනවා මෙහේ රුපියල් භාවිතා කරලා ඉන්දියානු රුපියල් මිලදීගෙන බයික් වෙනුවෙන් ඉන්දියාවට ගෙවන්න. 

   අන්න එතනදි වෙනවා විදේශ මුදල් හුවමාරුව. ඉතින් ඔතන ෆොරෙක්ස් ට්‍රේඩින්ග් වෙනවා. ඒ වෙනුවෙන් ඉන්දියාවට හොඳ ඉල්ලුමක් තියෙන නිසා, ඒ ඉල්ලුමත් එක්ක ඉන්දියාවේ රුපියල් බයි කරන්න ට්‍රේඩර්ලා පෙලඹෙනවා. හැබැයි ඉතින් අපිට ඒක වැදගත් වගේම ඒක මාකට් ප්ලේයර්ටත් වැදගත් වෙන්න ඕනෙ. උන්ට වැදගත් වෙනවද බලන්න වගේම උන් ඒක ගන්නවද බලන් ඉඳලා තමයි අපිත් උන්ගෙ පාරට සෙට් වෙන්න ඕනෙ.

  හිතන්න ඉන්දියානු රුපියල් තියෙන්නෙ අඩියෙම ප්ලේස් එකක. ඉතින් ෆන්ඩමෙන්ටල් බලනකොට අපිට පේනවා අපි බයික් මිලදීගන්න කොට ඉන්දියාවෙ ට්‍රේඩ් බැලන්ස් එක වැඩි වෙනවා. ඉතින් පොඩි අපි ඉන්නවා සෙන්ටිමෙන්ට් චේන්ගෙ වෙනකන්. එහේම් ඉන්නකොට ටෙක්නිකල් වලිනුත් පට්ට පැටන් එකක් පෙන්නනව. ඒ වෙලාවට අපිටත් පුලුවන් ෆොරෙක්ස් මුහුදෙ ඉන්දියානු රුපියල් වලින් මාලු බාන්න. 

     හැබැයි මහ උන්ට උන්ගෙ ඒ වෙනකොටත් සෙලර්ලා මදි වගේ තේරෙනවනම් උන් ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නෙ නෑ. ඒ වෙලාවට ඉතින්, අපි උඹලා වගේ පොඩි උන්, හම්මා පට්ට ප්ලේස් එකක් ආහ්. ෆන්ඩමෙන්ටල් නිව්ස් එකක් එනවා පට්ට සප් එකක මාකට් එක තියෙන්නෙ කියලා බයි කරාට වැඩක් නෑ. ඒ වෙලාවට මාකට් මේකර්ලා ස්ටොප් හන්ට් කරන්න ලොකු ලොට්ස් වලින් සෙල් කරනවා. පස්සෙ සප් එකට යටින් ගොඩක් උන් දාන ස්ටොප් ලොස් එක හිට් කලාට පස්සෙ හිතනවා හම්මා මේක ලොස් වුනා කියන්නෙ මේ මගුල තව යට යයි කියලා. අන්න ඒ වෙලාවෙ ආයෙ අර බ්‍රේක් කරපු සප් එකට යටින් අපේ අයියලා සෙල් කරනවා.
     ඔන්න එතකොට අර මාකට් ප්ලේයර් කියන මාකට් මේකර්ටත් වඩා ලොකු අයියට නත්තල් එනවා. මොකද සප් එකේ හොඳ සෙලර්ල ටිකක් ඉන්නව. ඉතින් ඌ කරන්නෙ අර සෙල් කරපු උන් ලොස් කරවගෙන ට්‍රෙන්ඩ් එක චේන්ග් කරන එක. ෆේකවුට් සහ බ්‍රේකොඋට් හැදෙන්නෙ ඔය නිසා තමයි. වගේම මාකට් මේකරුයි මාකට් ප්ලේයර්ලුයි අරෙන්න 5% ක් විතර ප්‍රොෆිට් කරන්නෙ ඕක නිසයි.

මේක තමයි මන් පුද්ගලිකව ෆොරෙක්ස් කියන්නෙ මොකක්ද කියන එක තේරුම් ගත්තු විදිය.

ඉතින් කඩ්ඩ පොලිශ් කරගෙන ඉවසීම හදාගෙන හෙමින් සැරේ මේ මගුලෙ ගේම් එකත් ප්ලේ කරමු.

Ayubowan Forex Guide - How to trade in Forex

  ට්‍රේඩ් කරනකොට අපි කරන්නේ ඕනම මුදල් ඒකකයක් තවත් ඒකකයකට අනුපාතව මිලදී ගන්න එක. උදාහරනයක් විදියට euro/USD සෙල් කරනවා කියන්නෙ euro එකට අනුපාතව USD මිලදී ගන්න එක. වගෙම බයි කරනව කියන්නෙ USD එකට අනුපාතව euro මිලදී ගන්නවා කියන එක.  එතකොට  අපි කරන්නේ අඩු අගයකදී මිලට අරන් වැඩි අගයකට ආවම ඒක විකුනන එක.

(ඉතින් එහෙම බලනකොට අපි කරන්නේ සිල්ලර වෙලෙන්දෙක් කරන ජොබ් එකම තමයි)
සිල්ලර වෙලෙන්දාත් කරන්නේ අඩු මුදලට අරන් වැඩි මුදලට විකුනලා ලාබ ගන්න එකයි.  සිල්ලර වෙලෙන්දෙක් බඩුවක් ගන්නකොට මොනවද හිතන්නේ?  
* මිල අඩු වෙන්න ඕන.
* ඉල්ලුමක් තියෙන්න ඕනෙ.  වගේ දේවල්.

   අපි මොනවද ෆොරෙක්ස් වල currencies මිලට ගන්න බලන්න ඕනේ. ??   ඒ කියන්නේ entry point එකකට මොනවද බලන්න ඕනේ. ?? ඔතන තමයි ගොඩක් අය හිර වෙන්නේ. සමහර අය trend lines, channel breakout,. support and resistance ලෙවෙල්ස් indicators වගේ එවායින් එන්ට්‍රි ගන්නවා. ඇත්තටම මේක සාර්තකද? ඔව් සාර්තකයි යම් තාක් දුරට. ඒත් එතනින් එහාට ගියපු දෙයක් මේකෙ තියෙනවා.

     ගොඩක් අය කියනවා අපි ට්‍රේඩ් කරනකොට වලට අදාල රටවල් වල ආර්තික සමාජමය වටපිටාව ගැන බලන්න ඕනෙ කියලා. ඒත් එයාල කියන්නේ economic calendar එක බලල නිව්ස් ටයිම් මග අරින්න කියලා විතරයි. ඒත් මන් කියන්නේ නියම Forex trader කෙනෙක් මේ හැම දෙයක්ම බලන්න ඕනේ.

ගොඩක් අය නොදන්න ෆොරෙක්ස් වල රහසක් කියන්නම්. වෙන බ්ලොග් එකක මේ වගේ දෙයක් දැක්කොත් වහාම අටපට්ටමටවත් දැනුම්දෙන්න ඕනෙ.

   රීටේල් ට්‍රේඩර්ස්ලගෙන් 5% කටත් අඩු පිරිසක් විතරක් ප්‍රොෆිට් කරන්න තරම් මේකෙ ඇතුලෙ තියෙන්නෙ මොනවද? එතකොට මේකෙ ලොකුවට ප්‍රොෆිට් කරන්නෙ කවුද? 
    මේකෙ ගොඩක්ම ප්‍රොෆිට් කරන්නෙ මාකට් මේකර්ලා සහ මාකට් ප්ලේයර්ල්ලා. ඉතින් ඔය ගොඩක් දෙනා ට්‍රෙන්ඩ් එක ෆලෝ කරන්න කියලා කියන්නෙ මාකට් ප්ලේයර්ව ෆලෝ කරන්න කියන එක තමයි.

   මාකට් ප්ලේයර්ලා මාකට් එකට ට්‍රේඩ් කරන්න එන්නෙ ලොකු අවධානමක් නැතුව ලොකු ගානක් හම්බ කරන්න. ඉතින් එයාලට ඕනෙ එයාල ප්‍රයිස් එක මිලදීගන්න වෙලාවෙ ඒකට හොඳ වටිනාකමක් තියෙන එක. ඒ කියන්නෙ එයාල බයි කරනකොට මරාගෙන යන්න පුලුවන් තරමෙ හොඳ පොඩි ට්‍රේඩ්ස් ටිකක්. 


   මෙහෙම හිතමු. සපෝර්ට් සහ රෙසිස්ටන්ස් වලදි ගොඩක් අය ට්‍රේඩ් කරනවා. ඉතින් හොඳ සප් එකක් කිට්ටුව ඉන්නකොට මහ උන් බලනවා උන්ට විරුද්ධව ට්‍රේඩ්ස් කරන අයගෙ ට්‍රේඩෙස් වල අනුපාතය. ඒ කියන්නෙ සෙන්ටිමෙන්ට් කතන්දරයක්. ඒව ඉතින් හංගපු ට්‍රේක්ස්. ගොඩක් එවුන් ෆේල් වෙන්නෙ මේ සීන් එක දැනගන්නෙ නැතුව ට්‍රේඩ් කරන්න යන නිසයි.

මගේ සෙන්ටිමෙන්ට් + ටෙක්නිකල් ට්‍රේඩින්ග් ස්ට්‍රැටජි එක මේ අවුලට හොඳ උත්තරයක් හැබැයි තරමක් දුරට විතරයි.



Ayubowan Forex Guide - What we need to learn to Trade Forex

ෆොරෙක්ස් මාර්කට් එක trade කරන්න අපිට ඕනෙ මූලික අවි 3ක්. මේවාට දාන බුලට්ස් ගැනත් කියන්නම්.


chart analysis කරනකොට මේ දේවල් 3 දිහාම බලන්න ඕනේ.
Fundamental ට්‍රෙන්ඩ් එකයි market sentiment වෙනස්වීමෙන් ඇතිවෙන Technical entry එක තමයි මම දැකපු සාර්ථකම එන්ට්‍රි එක. ඉතින් මේ ගැන හිමීට කතාකරමු
මේවා ගැන හිමින් සැරේ කතා කරමු.

එහෙනම් තවත් පෝස්ට් එකකින් එන්නම් පුලුවන් තරම් ඉක්මනට.

පෝස්ට් එක කියවන කෙනෙක් ඉස්සරහට කියවගෙන යන්න වගේම මේ කියවන පෝස්ට් එක ගැනත් ඔයාගෙ අදහස් කියන්න. මොකද අලුත් දෙයක් හම්බවුනොත් මටත් පුලුවන් මේක අප්ඩේට් කරන්න.

How to Trade Forex Perfectly Sentiment + Technical Analysis

How to Trade Forex Perfectly Sentiment with Technical Analysis Sinhala.

      කොච්චර කලත් ට්‍රේඩින්ග් සෙට් නොවෙන අයට ගොඩක් වැදගත් පෝස්ට් එකක් මන් කරපු ට්‍රේඩ්ස් වල රිවිව් එකක් විදියට දෙන්නම්. මේ පෝස්ට් එක ඔයාට ලොකු උදවුවක් වෙයි කියලා හිතලම පටන් ගත්තා එහෙනම් How to Trade Perfectly in Forex.


What We Need To Focus When Trading Forex

    ෆොරෙක්ස් කරනකොට Fundamental Technical and Sentiment කියන තුනම ගැන බලන්න ඕනෙ.  ගොඩක් අය ලොස් වෙන්න හේතුව මේ තුනෙන් එකකට ට්‍රේඩ් කරන එකයි. 

   පහුගිය දවසක් තිබුන යුරෝ ස්පීච් එකක කිව්වා යුරෝ එක අපි පාවෙන්න ඉඩ හරිනවා කියල. ඉතින් ඒ දවස් වලම මන් යුරෝ ට්‍රේඩ් කරන එක නැවැත්තුවා. ඒ දවස් වල මට යුරෝ ගැන අහපු අයට මන් කිව්වේ මන් මේ ටිකේ යුරෝ ට්‍රේඩ් කරන්නේ නෑ කියලා. ඒ වෙනකොට යුරෝ එක ගොඩක් නැගලා තිබුනේ.

        පස්සේ ආයෙම යුරෝ නිව්ස් එක්ක ම යුරෝ ටෙක්නිකල් ඕවර්සෝල්ඩ් කලාපයට ආවා.  හැමදාම මේක පාවෙන්න තියල බෑ. තියන්නේත් නෑ. ඒ වගේම අපි මේ වෙනකොටත් දන්නවා ඩොලර් එක දෙසැම්බර් මාසෙ එයාලගෙ පොලී අනුපාත ඉහල දාන්න සැලැසුම් කරලා තියෙනවා කියල. ඉතින් ඒ වෙනකොට යුරෝ එක තව දුරක් ගිහින් තියෙන්න ඕනෙ. මට වඩා ඉහල දැනුමක් තියෙන අයගෙනුත් මගේ ට්‍රේඩින්ග් වලට උදව් ලැබෙනවා. ඒක මන් කියන්නම ඕනෙ.

       ෆන්ඩමෙන්ටල් අමාරු අයට සෙන්ටිමෙන්ට් සමග ටෙක්නිකල් එකතු කරලා ට්‍රේඩ් කරන්න තමයි මන් මේ පෝස්ට් එක ලියන්නේ. මන් සෙන්ටිමෙන්ට් බලන්න යොදාගන්නේ Onanda සහ  Barchart සයිට් දෙක තමයි. ඒ වගේම තව සයිට් එකක් හම්බවුනා  fxssi.com කියන මේ සයිට්  එකෙන් සෙන්ටිමෙන්ට් වලට අදාල ගොඩක් තොරතුරු ගන්න පුලුවන්.

කලින් සති වල මන් අපේ ගෘප් එකේ දාපු ස්නැප්ස් කිහිපයක් දාන්නම්.

How To Analysis The Forex Charts With  Open Position Sentiment


         සමහර අයට නිවාඩු දවස් වලට කරන ඇනලිස් සාර්ථක නෑ කියනවා. මට නම් එහෙම නෑ. මේ ස්නැප්ස් වලින් ඔයාලට දිනෙත් බලාගන්න පුලුවන්. මේවා දාන්නේ ලොකුකමකට නම් නෙවෙයි. අපිට ගොඩක් ඉන්නවා උදව් වෙනුවට ගල් මුල් දෙන්න බලාගෙන ඉන්න අය. එයාල මල්ටිමිලියනර්ස්ලා වුනාට උදව්වක් දෙන්නේ නෑ. ඒ වගේම කියල දුන්නත් දෙන්නේ උඩින් පල්ලෙන් විතරයි. එහෙම කරල මග ඇරලා දානවා. ලැබෙන හැම දෙයක්ම සතුටින් බාර අරන් මට කරන්න පුලුවන් දේ මන් මේ වෙනකන් කරල තියෙනවා. එහෙනම් වැඩේට ආයෙ බහිමු.


Forex Divergence Trading - Technical Analysis Tips Sinhala

How to Trade Perfectly in Forex

forex trading sinhala sentiment Analyisis

මගේ මූලික ඉලක්කය වුනේ යුරෝ බයි කරන්න . ඉතින් ඒක කරන්න ගහපු ප්ලැන් එක වගේම වැඩ කරපු විදිය ගැන කියන්නම්.



How to Trade Perfectly in Forex

Trade with Sentiment and Technical Analysis

    යුරෝ උඩට නගින්න පටන් ගත්තා. යන පාරෙ එල්ලෙන්න හොඳම පෙයාර් එක වුනේ ඔය යටම තියෙන EUR/AUD පෙයාර් එක. හේතුව තමයි ඔනැන්ඩා එකේ විදියට ඒ වෙනකොට බයර්ලා අඩුවෙන් වගේම යුරෝ වලට තිබුනේ පහලම තැනක්. ඉතින් ඕක ඉයලට යන්න ඕනෙ කියලා හිතලා මන් මේක යොදාගත්තා පිප්ස් 100ක සතියෙ ඉලක්කය සපුරගන්න.

හොඳ තැනක් බලාගෙන යනකොට ශක්තිමත් Support එකක් විදියට හබවෙන්න තිබුන තැනක් ගැන කලින්ම ඇහැ ගහගෙන හිටියා. අවසාන ඉලක්කය විදියට යොදාගත්තේ ඩේලි ලෙවෙල් එකේ තිබුන රෙස් ලෙවෙල් එක.  මේ තියෙන්නේ ඒ රූපය.
Interweek Swing Trading Strategy පෝස්ට් එකෙන් ඔයාලට ට්‍රේඩ්ස් වලට අදහසක් ගන්න පුලුවන්.  හැබැයි දෙයක් කියන්න ඕනෙ. ඔයාට මගේ සිස්ටම් එක හරියන්නේ නැති වෙන්න පුලුවන්. ඒක නිසා සහමුලින්ම මේක ගන්නේ නැතුව ගන්න ඕන දේ විතරක් ගන්න.

How to Trade Perfectly in Forex

   සතිය ආරම්භ වුනා. බලන් හිටියා ඒ ලෙවෙල් එකට එනකම්. ඊට පස්සේ මගෙ Entry Strategy එකෙන් ට්‍රේඩ් එක Confirm වෙනකන් ඉඳලා ට්‍රේඩ් එකට එන්ටර් වුනා.
අවසාන ඉලක්කය විදියට මට පිප්ස් 140ක සාර්තක ට්‍රේඩ් එකක් ලැබුනා.

How to Trade Perfectly in Forex

පහල තියෙන්නේ මේ සතියට මට ඇති කියල හිතලා ක්ලෝස් කරපු ට්‍රේඩ්ස් වල අවසාන ලාභය.
How to Trade Forex Perfectly Sentiment with Technical Analysis Sinhala

How to Trade Forex Perfectly Sentiment with Technical Analysis Sinhala



ෆොරෙක්ස් මට තේරෙන විදියට මන් මේ බ්ලොග් එකෙ පැහැදිලි කරලා තියෙනවා. මෙනු එකේ තියෙන Main Guide එක බලන්න.

 අවුල් තැන් වගේම අඩුපාඩු තියෙනවනම් කියන්න. 
ජය වේවා





IQ option Forex trading Review Sinhalen

IQ option Forex trading Review


iq එකේ forex කරන්නත් පටන් අරන් හොඳ නොහොඳ ගුණ අගුණ ගැනත් මට තේරෙන විදියට කියන්නම්. IQ option Forex trading Review

මේක ලිවේ ෆේස්බුක් සමූහයක් වෙනුවෙන්. ඒත් ෆොරෙක්ස් වලට අදාල නිසා ඒ පොස්ට් එකම මේකෙත් කොපි කරනවා.  ඒකෙ නැති අයට බලාගන්න පුලුවන් වෙන්න.

pips

හාල් කිලෝ එකක් ඊයේ 100යි අද 105යි නම් වෙනස රුපියල් 5යි.
euro/usd ඊයේ 1.1000 යි අද 1.1105 යි. වෙනස පිප්ස් 5යි. මාර්කට් ප්‍රයිස් එකේ වෙනස් වීම් ගනින්නේ පිප්ස් වලින්.
දශමස්තානයෙන් පස්සේ තියෙන ඉලක්කම් 4 පිප්ස් ලෙසත් ඉලක්කම් 5කින් යුක්ත නම් පිපෙට් හෝ පොයින්ට්ස් ලෙසත් හඳුන්වනවා
iq චාර්ට් එකේ දකුණු පැත්තේ තියෙනවා ඉලක්කම් 6කින් හැබැයි ඉලක්කම් 6ට කියන නම මම දන්නේ නෑ. ඔයාල දන්නවනම් කියන්න.
spread
buying price - selling price = spread.
සරලම සමීකරනයකින් කිව්වොත් කියන්නේ මේකටයි. බ්‍රොකර් තමන්ගේ පවුලට කන්න දෙන්නේ මේකෙන් තමයි. අපි ට්‍රේඩ් එකක් ඕපන් කලාම පටන් ගන්නේ (-) ට්‍රේඩ් එක දාපු ගමන් බ්‍රෝකර් තමන්ගෙ ගාස්තුව අරන් තමයි අපිට හම්බ කරගන්න දෙන්නේ.
බයිනරි එකෙයි ෆොරෙක්ස් එකෙයි එකම වෙලාවක දාපු ට්‍රේඩ්ස් දෙකක ස්ක්‍රීන් ශොට් එකක් ඇති ඒක බලපුවාම ෆොරෙක්ස් වල ස්ප්‍රේඩ් එකගැන තේරෙයි.
IQ option Forex trading Review

iq එකේ නම් ට්‍රේඩ් කරන්න දෙන්නේ $1න් එහාට තමයි. ට්‍රේඩ් එකකින් ලොස් උනත් ලොස් වෙන්නේ තමන් ට්‍රේඩ් එකට දාන ගානම විතරයි.
ඔයාට සාර්ථක ස්ට්‍රැටජි එකක් තියෙනවනම් මේකෙනුත් වැඩක් ගන්න පුලුවන්. හැබැයි ට්‍රේඩ් එකට එන ප්‍රොෆිට් එකේ බයිනරි වලට වඩා වෙනස්කම් තියෙනවා.
stop loss and take profit
මේකෙ ස්ටොප් ලොස් , ටේක් ප්‍රොෆිට් කියල දැනට නම් නෑ. ඒත් මේකෙ කෙනෙක් කිව්ව එකෙන් කිව්වලු එහෙම එකක් ලඟදිම දෙනවා කියලා. මන්නම් දෙනකන් සුවර් කරන්නේ නෑ. මොකද බ්‍රෝකර් ලගෙ පැරිකිරියාව හොඳටම දන්න නිසා. iq එකේ තව දෙයක් කරනවා. ට්‍රේඩ් එක ස්ටොප් ලොස් පැත්තට ගියොත් 100% ස්ටොප් ලොස් වදිනකන් ඉන්නෙ නෑ. 97% වගෙ වෙනකොට ස්ටොප් ලොස් වදිනවා. (ඒකටත් ස්නැප් එකක් එල්ලලා ඇති.)
ට්‍රේඩ් එක ප්‍රොෆිට් පැත්තට ගිහින් හම්බවෙන අවසාන ඉලක්කයට Take profit සහ ලොස් පැත්තට ගිහින් මාර්ජින් එක ඉවර වෙන තැනට Stop loss කියලා කියනවා.
Margin
මාර්ජින් කියන්නේ මාර්කට් එකේ අපිට ඉන්න පුලුවන් ඉඩ ප්‍රමාණය. iq එකේ නම් ගොඩක් වෙලාවට ඒක තීරණය වෙන්නේ multiplier එකත් එක්කයි. ඒක ගැන පස්සට.


iq option forex sinhalen

multiplier
iq එකේ ට්‍රේඩ් කරනකොට අපිට හම්බවෙනවා ගුණිතයන් කිහිපයක් මේකෙන් කැමති එකක් තෝරගන්න පුලුවන්. (වෙනස් ඒවත් දාන්න පුලුවන්ද දන්නේ නෑ. මමත් අදයි මේක බැලුවේ. පුලුවන්ද කියලා එතන ක්ලික් කරල බලන්න.) එකම වෙලාවක එකම පෙයාර් එකක multiplier 4ක් දාපු ස්ක්‍රීන් ශොට් එකක් ඇති ඒක බලපුවම ඔයාලටම මේක පහසුවෙන් තේරෙයි.
$100 multiplier 1:1 = (+) or (-) 0.01% per pips
$100 multiplier 1:100 = (+) or (-) 1% per pips
$100 multiplier 1:500 = (+) or (-) 5% per pips
$100 multiplier 1:1000 = (+) or (-) 10% per pips
ඒ කියන්නේ multiplier 1:1000 න් ට්‍රේඩ් කරනවනම් ඔයාට මාර්කට් එකේ ලොකු මූව්මන්ට් එකක් ඔයාගේ ට්‍රේඩ් එකෙන් පිට දුවන්න දෙන්න හොඳ නෑ. පිප්ස් එකකට එන ගාන වැඩියි වගේම අවධානම් පරාසය මාර්ජින් අඩු නිසා ලොස් වීමට තියෙන ඉඩත් වැඩියි.
ප්‍රොෆිට් වෙනකොට නම් ඕක 1 :1000 දුන්නොත් $100ට ටේක් ප්‍රොෆිට් වදින්නේ "$100 000-ස්ප්‍රේඩ්" වුනාමද දන්නේ නෑ. ඒත් මේක දන්නවා. 1:1000 ට්‍රේඩ් කරන එකවුන්ට් එකකට වඩා අවධානම අඩුවෙන් 1:100 හෝ 1:1 ට්‍රේඩ් එකකින් ට්‍රේඩ් කරන්න පුලුවන්. අවදානම වගේම ප්‍රොෆිට් එකත් අඩුයි.
මගේ පුද්ගලික මතය IQ එකේ Forex කරනවනම් සුවර්ම ස්ට්‍රැටජි එකක් භාවිතා කරන එක තමයි වැඩි මුදලක් උපයන්න පුලුවන් සාර්තකම ක්‍රමය.ඒ කියන්නේ "scalping trading strategy"

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ සාමාන්ය් බ්‍රෝකර් කෙනෙක් යටතේ ෆොරෙක්ස් කරනවට වඩා මේකෙ ෆොරෙක්ස් කරනකොට ඔලුව අවුල් යන්න ඉඩ තියෙනවා. මොකද රිස්ක් රිවෝඩ් කැල්කියුලේට් කරන්න ගියාම අනල්යිස් එක ගැන ඔලුවට එන්නෙ අඩුවෙන්. මොකද දෙකම බැලුවම ට්‍රේඩ් එකකට එන්ට්‍රි ගන්න කොට හැඟීම්බර වෙනවා වැඩියි. සම්පූර්න ඉලක්කයට යන්න නොදී මග නවත්තන්න හිතාගෙන කරනවනම් කලාට කමක් නෑ. හැබැයි සාර්ථක ස්ට්‍රැටජි එකක් භාවිතා කරන්න.   


ජය වේවා

Currency strength | How to Find in Live Forex Chart

Currency strength

Currency strength

    Currency strength කියන්නේ ගොඩක් අය ඉන්ඩිකේටර් භාවිතා කරලා හොයාගන්න දෙයක්. ඒත් ඒක මේ අපි ට්‍රේඩ් කරන platform එකෙන්ම හොයාගන්න ලේසිම විදියක් තියෙනවා. සමහර අය මේක කරනවාත් ඇති ඒ වගෙම සමහර අය දන්නෙවත් නැතුව ඇති

කතන්දරේ මේකයි

මාර්කට් සෙන්ටිමෙන්ට් අන්දුනගන්න කරන්න පුලුවන් ලේසිම දෙයක් තමයි මේ කියන්න යන්නේ.  major currency pairs ටික ඒ කියන්නේ euro/usd , gbp/usd , aud/usd , nzd/usd , usd/cad , usd/jpy daily time frame එකෙන් ඔයාලට පහසුවෙන් බලාගන්න පුලුවන් විදියට හදාගන්න. ඊට පස්සේ පොඩි කොලයකුයි පෑනකුයි අරන් ගෙවෙන දවස ඇතුලත එක් එක් currency pair එකක move වුන පිප්ස් ගාන ඒ කොලේ ලියාගන්න,
      ඊ ලඟ step එක, ඔය currency pairs ටික (pips move වුන පිලිවෙලට) ආරෝහණ හෝ අවරෝහණ පිලිවෙලකට ලියාගත්තනම් ඉතින් ඒ දවස ඇතුලත තියෙන currencies වල strength එක බලාගන්න පුලුවන්.
ex: euro/usd( high to low) buy 130 pips.,
gbp/usd (high to low) buy 150 pips
මේ විදියට ඔයාලට කැමති time frame එකකින් කැමති කාලයක (1h, 4h, daily. weekly, monthly) තියෙන currency strength එක ලෙසියෙන්ම බලාගන්න පුලුවන්.
මේ ටිකෙන්ම minor currency pairs වලත් මේ strength එක බලාගන්න පුලුවන්. දැන් මෙහෙම හිතමු aud/usd පිප්ස් 100ක් buy වුනා කියලා, nzd/usd පිප්ස් 130ක් buy වුනා කියලා, ඉතින් ඒකන් අපිට නිගමනය කරන්න පුලුවන් nzd එක aud වලට වඩා strong කියලා
මේ ටික වටිනවා කියලා හිතුන නිසයි දුන්නේ. අඩුපාඩු තියෙනවනම් හදාගන්න මටත් කියන්න. 

එහෙනම් තවත් පෝස්ට් එකකින් එන්නම් පුලුවන් තරම් ඉක්මනට
අවුල් තැන් අවොත් වගෙම හොඳ නරකගැන අදහසක් දෙන්න ඒක වටිනවා.


ජය වේවා.

Sentiment Analysis Trading

Sentiment Trading in Currency Market for Forex Traders LK

   SENTIMENTAL ANALYSIS, From ADVANCED FOREX TRADING TUTORIAL GUIDE FOR BEGINNERS IN SRI LANKA

What is market sentiment

Fundamental Analysis වලින් බලපු කරන්සි වලට අදාල Currency Pairs වල බයර්ලා කොච්චරක් හිටියද? දැන් කොච්චරක් ඉන්නවද? කියන වෙනස්වීම බලන විදිය තමයි මේ නමින් හඳුන්වන්නේ
    සරලවම කිව්වොත් ට්‍රෙන්ඩ් එක වෙනස් වෙන කතන්දරේ බලාගන්න පුලුවන් සාර්ථක ක්‍රමයක් තමයි මේ . මාර්කෙට් එකට එන buyer ගාන අඩු වැඩි වෙන මේක වාර්තාවක් විදියට සතිපතා එන සයිට් එකක් තියෙනවා.

http://www.cftc.gov/Marketreports/CommitmentsofTraders/index.html ගිහින් බලන්න අදහසක් ගන්න පුලුවන්. 

උඩ තියෙන ලින්ක් එකෙන් ගියාම එන Commitment Of traders සයිට් එකේ තියෙන long format එක ක්ලික් කලාම එකේ Chicago mercantile exchange එකෙන් currency වලට අදාල පහුගිය වාර්තාව හොයාගන්න පුලුවන්.
how to use sentiment in Forex trading


සරලවම කියනවනම් COT රිපෝට් එකේ තියෙන්නේ කලින් සති වල මාර්කට් එකේ ට්‍රේඩ්ස් වැටුන තරම.
ඔය රිපෝර්ට් එක එන්නෙ සිකුරාදා.
කරන්සි මෙටල් විතරක් නෙවෙයි හැම දෙයක් ගැනම ඔය මගුලෙන් බලන්න පුලුවන්. සීනී, milk, බටර් වගේ ඒවත් තියෙනවා. මෙහේ ගනන් අඩු කරපු කොත්තමල්ලි එහෙම නම් හොයන්න එපා. ෆොරෙක්ස් වලට අදාල මගුල් ටික විතරක් හොයපුවම ඇති.
මේ මගුල බලල අදහසක් ගන්න නම් සති කිහිපයක ආපු රිපෝර්ට් එක්සෙල් ශීට් එකකට අරගන්න ඕනෙ. ඔයාට බලාගන්න ඕන කරන දේ ctrl+f ප්‍රෙස් කරලා එන කොටුවෙන් ටයිප් කරලා හොයාගන්න පුලුවන්. ඊට වඩා ලේසි වෙන්න තමයි අනිත් සයිට්ස් ටික 
මේකන් මාර්කට් සෙන්ටිමෙන්ට් එක ගැන පැහැදිලි අදහසක් ගන්න පුලුවන්. වගේම ලේසියී

SENTIMENTAL ANALYSIS


පොඩි අවුලක් ආවද මන්දා. fundamental ඔච්චරටම වැදගත්නම් මාර්කට් එකේ sentiment (trend) එක වෙනස් වෙන්නේ fundamental හින්දනම් ඇයි support and resistance වලට අපි කරන්නේ?

brokers, hedge funds වගේ 80% වලට වඩා සිල්ලර වෙලෙන්දෝ ෆොරෙක්ස් මාර්කෙට් එකේ trade කරන්නේ support and resistance වලට, opposite direction එකට තමයි එයාල trade කරන්නේ. එතකොට එයාලට මාර්කට් එක පැහැදිලිව දකින්න පුලුවන්.

මේ ගැන තදට පස්සෙ එන පෝස්ට් වලින් බලල ඉගෙනගන්න පුලුවන්

Strong News Time වලට මාර්කට් එක දිහා බැලුවොත් ඔයාලට පෙනෙයි නිව්ස් වෙලාවටත් Support and Resistance ලෙව්ලෙස් වල්ට මාර්කට් එක Respect කරනවා. එහෙම වෙන්නේ ඔය වැඩි හරියක් මේ  sup and res ලෙවෙල්ස් වල්ට ට්‍රේඩ් කරන නිසා තමයි
support or resistance ලෙවෙල් එකක් බ්‍රේක් කරලා අයෙ රීටෙස්ට් කරන්නෙ නැතුවම අනිත් පැත්ත ගෙහෙනෙන්නේ වලට මාර්කට් එකට එන Retail ට්‍රේඩර්ස්ලගේ Power එක නිසා තමයි

Forex Market එකේ අපි businessmen කෙනෙක් ඉතින් අපිට මුදල් මිලට ගන්න හොඳම තැන හොයාගන්න ඕනෙ. ඕකට තමයි Technical analysis ඕන වෙන්නේ.

හදිස්සි නොවී Businessman කෙනෙක් වගේ  Forex Trading කරන්න නම් Market sentiment change එකක් එනකන් ඉන්නම වෙනවා. එහෙම ඉඳලා වලින් ගන්න එන්ට්‍රි එක ගොඩක් සාර්ථකයි.

ඊ ලඟ පෝස්ට් එක ගොඩක් අය ආස කරන Technical Analysis

Featured Post

Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...