sponsor

sponsor

Slider

Theme images by kelvinjay. Powered by Blogger.

Recent Blog Posts

Lorem Ipsum has been the industry's standard dummy text.

App Design

Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

Timeline

Timeline

Recent Tube

Business

How To Trade with Support and Resistance



දැන් ඔබ ටෙක්නිකල් ඇනලයිසින්ග් වල මුලික සරල ඇනලයිස් උපක්‍රම කීපයක් හදුනාගත්තා. දැන් අපි බලමු ට්‍රේඩ් එකක් සිදු කරගැනීමට අපි මේ ඉගෙන ගත්ත උපක්‍රම භාවිතා කරන ආකාරය.  Support and Resistance යොදාගෙන ට්‍රේඩ් කරන එක සරළව තේරුම් ගන්නට අපි එය දැන් "බවුන්ස්" සහ "බ්‍රේරේක්" ලෙස හදුන්වමු.


බවුන්ස්

How To Trade with Support and Resistance


සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් වලදී ට්‍රේඩ් කරන එක් ක්‍රමයක් ලෙස බවුන්ස් එකට ට්‍රේඩ් කරන ක්‍රමය හදුන්වා දිය හැකිය. මෙහිදී අපි ට්‍රේඩ් එක දාන්නේ හරියටම බවුන්ස් එක සිදුවුනාට පසුව. අපි වගේ ගොඩාක් retail Forex traders ලා සිදු කරන වැරද්දක් තමා.. ඔඩර් එක සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් එකක් ලගට ආපු ගමන් ට්‍රේඩ් එකක් ඕපන් කරන එක. ඊට පස්සේ තමන් හිතපු විදිහට මාර්කට් එක මූව් වෙයි කියලා දෙවියන්ට කිය කිය උඩ බලාගෙන ඉන්නවා.  සමහර වෙලාවට එහෙම දාන ට්‍රේඩ් වලින් ඔබට පිප්ස් කීපයක් වැඩියෙන් හොයගන්න ලැබෙනවා තමා. ඒත් එය ඉතාම අවධානම් සහගත සුදුවක යෙදෙනවා වගේ මෝඩ තකතීරු වැඩක්.


සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් අසල සෑම විටම මාර්කට් ප්‍රයිස් එක ටික වේලාවක් හෝල්ඩ් වෙන එක සාමාන්‍යෙන් සෑම විටම සිදු වෙන දෙයක්.. එය මාර්කට් එක බවුන්ස් වෙන්න ගියත් සපෝර්ට් ඇන්ඩ් රෙසිටන්ස් එක කඩාගෙන යන්න ගියත් ඒ අවස්ථා දෙකේදිම සිදුවෙනවා.. ඒක නිසා අපිට හරියටම කියන්න බෑ.. මාර්කට් ප්‍රයිස් එක බවුන්ස් වෙයිද නැත්තන් සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් එක් බ්‍රේක් වෙයිද කියන එක. ඒක නිසා කිසිම විටක සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් එකක් හිට් වුනගමන් ඕඩර් එකක් දෑමට යෑමෙන් වලකින්න මතක තබාගන්න







අපි මෙම බවුන්ස් එක බලලා ටේඩ් කරන ක්‍රමයේදී.. අපිට ට්‍රේඩ් එක ලොස් වෙන්න තියන අවධානම අඩු කරගෙන. අපි හිතන බලාපොරොත්තු වුන සපෝර්ට් එකේ හෝ රෙසිස්ටන්ස් එකේ වැදිලා මාර්කට් ප්‍රයිස් එක බවුන්ස් වෙනවද නැද්ද කියලා බලලා මාර්කට් ප්‍රයිස් එක බවුන්ස් වුනොත් පමණයි අපි ට්‍රේඩ් එක දාන්නේ..  පහල ඇති පින්තූරයෙන් ඔබට එය හොද හැටි අවභෝද කරගත හැකියි.

262x142xgrade1-bounce-support.png.pagespeed.ic.n_y4z3SEi9.png262x142xgrade1-bounce-trendline.png.pagespeed.ic.pDT2iuzLdq.png



බ්‍රේක්


මේ ලෝකයේ කිසිම දෙයක් සදාකාලික නෑ.. සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් වලටත් එය පොදු කාරණයක්. බිදී නොයන සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් එකක් ෆොරෙක්ස් මාර්කට් එකේ නෑ.. කොයි වෙලාවක හෝ සෑම සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් එකක් බිද වැටෙනවා.. ඉතින් එසේ සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් බිදවැටෙන අවස්ථාවක සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් එකම යොදාගෙන ටේඩ් කරන අනෙක් ක්‍රමය වන්නේ එම බ්‍රේක් එකට අනුව ඕඩර් එක දැමීමයි.


බ්‍රේක් එකට ඕඩර් දාන්න පුළුවන් ක්‍රම දෙකක් තියනවා. එකක් තමා Aggressive Way අනෙක් ක්‍රමය Conservative Way










Aggressive Way


breakouts එහෙකට ට්‍රේඩ් එකක් දාන්න තියන සරළම ක්‍රමය තමා..ඕනෑම වෙලාවක සපෝර්ට් හෝ රෙසිස්ටන්ස් එකක් කඩාගෙන ප්‍රයිස් එක මූව් වුනොත් Buy හෝ sell ඕඩර් එකක් දැමීම. මෙතන අපිට තියන වාසිය. අපි කොහොමත් මේ අවස්ථාවේ ඕඩර් එක දාන්නේ අනිවාර්යෙන්  සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් එක කඩාගෙන මාර්කට් ප්‍රයිස් එක මූව් වුනාට පසුවයි.

262x142xgrade1-break-aggressive.png.pagespeed.ic.CPW6W4qEx-.png


ඉතින් මේ විදිහට ඕඩර් එකක් දාපුවහම අපිට තියෙන්නේ අපි බලාපොරොත්තු වුන විදිහටම සපෝර්ට් හෝ රෙසිස්ටන්ස් එක කඩාගෙන ප්‍රයිස් එක දිගටම ඒ පැත්තටම ගමන් කරනවාද කියන එක බලාගෙන ඉන්න එක.. ඒත් සමහර අවස්ථාවල සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් එක කඩාගෙන ගියා කියලා බොරුවට පෙනිලා ටික වෙලාවකින් මාර්කට් එක ආයෙත් බවුන්ස් වෙලා සපෝර්ට් හෝ රෙසිස්ටන්ස් එක තිබ්බ විදිහටම මාර්කට් එක ගමන් කරනවා. Aggressive ක්‍රමයට ට්‍රේඩ් කිරිමේදී තියන අවාසිය තමා ඒක. ඒත් අපිට ඒ අවධානමත් නැතිව ට්‍රේඩ් කරන්න ක්‍රමයක් තියනවා.. අපි දැන් ඒකත් ඉගෙනගමු   




Conservative Way


අපි සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් ගැන ඉගෙන ගත්දී ඉගෙන ගත්ත මූළිකම කාරණයක් තමා.. කොයිම වෙලාවක හරි සපෝර්ට් එකක් බ්‍රේක් කරගෙන මාර්කට් ප්‍රයිස් එක පහලට ගියොත් එම සපෝර්ට් එක රෙසිස්ටන්ස් එකක් බවට පත් වෙන බවත්. ඕනෑම වෙලාවක රෙසිස්ටන්ස් එකක් කාඩගෙන මාර්කට් ප්‍රයිස් එක ඉහලට ගියොත් එම රෙසිස්ටන්ස් එක සපෝර්ට් එකක්  බවට පත් වෙන බවත්. අන්න ඒ ඉගෙන ගත්ත දෙය තමා අපි මේ Conservative Way ට්‍රේඩින්ග් මෙතඩ් එකේදී භාවිතා කරන්නේ..


Aggressive Way ක්‍රමයේදී වගේ සපෝර්ට් හෝ රෙසිස්ටන්ස් එකක් කඩාගෙන ගිය අවස්ථාවෙම අපි ඕඩර් එකක් දාන්නේ නැතිව..


මාර්කට් එක කාඩගෙන ගියේ සපෝර්ට් ලෙවල් එකක් නම් මාර්කට් එක පහලට ගමන් කර නැවත බිදගෙන ගිය සපෝර්ට් ලෙවල් එක රෙසිස්ටන්ස් එකක් බවට පත් කර නැවත පහලට ගමන් කරන විට ඕඩර් එකක් දැමීම


හෝ


මාර්කට් එක කාඩගෙන ගියේ රෙසිස්ටන්ස් ලෙවල් එකක් නම් මාර්කට් එක ඉහලට ගමන් කර නැවත බිදගෙන ගිය රෙසිස්ටන්ස් ලෙවල් එක සපෝර්ට්  එකක් බවට පත් කර නැවත ඉහලට ගමන් කරන විට ඕඩර් එකක් දැමීම,
Conservative Way ට්‍රේඩින්ග් කියලා අපිට හදුන්වන්න පුළුවන්.Conservative Way ට්‍රේඩින්ග් මෙතඩ් එක නිවැරදිව භාවිතා කෙරුවොත් ඔබ ටේඩ් එකක් වින් කරන්න තියන අවස්ථාව ඉතා ඉහලයි කියලා හොදින් මතක තියාගන්න. ඒක නිසා සෑම විටම මෙම ක්‍රමය භාවිතා කරන්න උත්සහ ගන්න. පහත ඇති රූපය බැලීමෙන් ඔබට මෙය මනාව අවභෝද කරගත හැක.

262x142xgrade1-break-conservative.png.pagespeed.ic.kQjTk_lByX.png


ඔන්න අපි දැන් සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස්, ට්‍රෙන්ඩ් ලයින්, චැනල් ගැන ඉගෙන ගෙන ඒවා භාවිතයෙන් කොහොමද ට්‍රේඩ් දාන්නේ කියන දේත් ඉගෙන ගෙන අවසානයි.  එහෙත් අවසානයේ මේ සියල්ල ඉගෙනගත්තායින් පසුවත් කිවයුතු වැදගත් කරුණක් තියනවා


ෆොරෙක්ස් වලදී.. අපි මේ ඉහත ඉගෙන ගත් සියල්ල හැමවෙලේම ඒ විදිහට වෙන්නේ නෑ.. හැම වෙලේම සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් අනුව මාර්කට් එක ගමන් කරන්නේ නෑ.. සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් කොයි වෙලාවක හරි බිද වැටිලා.. මාර්කට් එක දිගටම එකම දිශාවකට ගමන් කරන අවස්ථාත් තියනවා. එවැනි අවස්ථාවක ඔබ ඕඩර් එකක් දාලා.. මාර්කට් එක ඔබ සිතන පැත්තට ආයේ එයි කියලා බලාගෙන හිටියොත් වෙන්න ඩොලර් දහස් ගාණක් එක දවසකින් නැති කරගෙන ඔබගේ එකවුන්ට් එකද ක්ලෝස් කරගන්න.. ඒක නිසා සෑම විටම ස්ටොප් ලොස් එකක් භාවිතා කිරීම අනිවාර්ය කරගන්න. ඔබ ස්ටොප් ලොස් එකක් භවිතාකරනවනම්.. ඔබට කුඩ කුඩා පාඩු සිදුවුනත් ඔබ කවදාවත් ෆොරෙක්ස් වලින් පරාජිත ෆොරෙක්ස් ට්‍රේඩර් කෙනෙක් නොවන බව වගකීමකින් කියනවා.

stop loss and take profit දාන්නේ කොහොමද කියලා බලන්න මේ පෝස්ට් එකෙන්

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

Featured Post

Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...