headlines

    4:04

sponsor

sponsor

Slider

    Theme images by kelvinjay. Powered by Blogger.

    Recent Blog Posts

    Lorem Ipsum has been the industry's standard dummy text.

    App Design

    Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

    Timeline

    Timeline

    Recent Tube

      Business

        » » » » » » Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.
        Forex EZ Trading

        Ayubowan Forex Guide  -  මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

        AYUBOWAN FOREX මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.


             
        Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් කෝටියක් වටින අදහසක් නෙවෙයි කෝටියක් ගොඩදාන්න පුලුවන් අදහසක්.    scalper, inter-day, swing , position කියන හතර විදියටම කරන ට්‍රේඩර්ස්ලා ඉන්න ෆොරෙක්ස් මාර්කට් එකේ 95% ලොස් වෙන්න හේතු මොනවද? strategies අසාර්තකද? accurate එක මදිද? ඉන්ඩිකේර් අවුල්ද?
        මේ හැම දේටම උත්තර මේකෙන් ලැබෙයි කියලා හිතනවා
           ඔයාල මේ පිටුව කියවනකොට ෆොරෙක්ස් ගැන මූලික දේවල් ඉහෙන ගෙන ඇති කියලා හිතනවා. ඒක නිසා මන් මට තේරන ෆොරෙක්ස් ගැන මට පුලුවන් විදියට පැහැදිලි කරන්නම්.



          Forex කියන්නේ ලෝකයේ තියෙන ජොබ්ස් වලින් සල්ලි මවන්න පුලුවන් වගේම සල්ලි නැතී කරගන්න පුලුවන් අවදානම් ජොබ් එකක්. ඉතින් මේ අවදානම් ජොබ් එකෙන් සල්ලි හොයන්න හොඳ දැනුමක් ඕනෙමයි. මොන මගුල කරන්නත් මේකෙ වෙන්නෙ මොනවද කියන දේ ගැන පැහැදිලි දැක්මක් තියෙන ඕනෙ. 

        Ayubowan Forex Guide - How Forex Works


            අපේ රටේ ඉතින් වාහන හදන්නෙ නෑනෙ. මන් මේ කියන්නෙ ගැරේජ් වල කැඩුණු වාහන හදන කතන්දරයක් නම් නෙවෙයි.. ඉන්දියාවෙන් බයික් ගේනවා කියමු. ඉතින් අපි ඉන්දියාවට, ලන්කාවෙ රුපියල් දීලා හරියන්නෙ නෑනෙ. අපිට වෙනවා මෙහේ රුපියල් භාවිතා කරලා ඉන්දියානු රුපියල් මිලදීගෙන බයික් වෙනුවෙන් ඉන්දියාවට ගෙවන්න. 

           අන්න එතනදි වෙනවා විදේශ මුදල් හුවමාරුව. ඉතින් ඔතන ෆොරෙක්ස් ට්‍රේඩින්ග් වෙනවා. ඒ වෙනුවෙන් ඉන්දියාවට හොඳ ඉල්ලුමක් තියෙන නිසා, ඒ ඉල්ලුමත් එක්ක ඉන්දියාවේ රුපියල් බයි කරන්න ට්‍රේඩර්ලා පෙලඹෙනවා. හැබැයි ඉතින් අපිට ඒක වැදගත් වගේම ඒක මාකට් ප්ලේයර්ටත් වැදගත් වෙන්න ඕනෙ. උන්ට වැදගත් වෙනවද බලන්න වගේම උන් ඒක ගන්නවද බලන් ඉඳලා තමයි අපිත් උන්ගෙ පාරට සෙට් වෙන්න ඕනෙ.

          හිතන්න ඉන්දියානු රුපියල් තියෙන්නෙ අඩියෙම ප්ලේස් එකක. ඉතින් ෆන්ඩමෙන්ටල් බලනකොට අපිට පේනවා අපි බයික් මිලදීගන්න කොට ඉන්දියාවෙ ට්‍රේඩ් බැලන්ස් එක වැඩි වෙනවා. ඉතින් පොඩි අපි ඉන්නවා සෙන්ටිමෙන්ට් චේන්ගෙ වෙනකන්. එහේම් ඉන්නකොට ටෙක්නිකල් වලිනුත් පට්ට පැටන් එකක් පෙන්නනව. ඒ වෙලාවට අපිටත් පුලුවන් ෆොරෙක්ස් මුහුදෙ ඉන්දියානු රුපියල් වලින් මාලු බාන්න. 

             හැබැයි මහ උන්ට උන්ගෙ ඒ වෙනකොටත් සෙලර්ලා මදි වගේ තේරෙනවනම් උන් ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නෙ නෑ. ඒ වෙලාවට ඉතින්, අපි උඹලා වගේ පොඩි උන්, හම්මා පට්ට ප්ලේස් එකක් ආහ්. ෆන්ඩමෙන්ටල් නිව්ස් එකක් එනවා පට්ට සප් එකක මාකට් එක තියෙන්නෙ කියලා බයි කරාට වැඩක් නෑ. ඒ වෙලාවට මාකට් මේකර්ලා ස්ටොප් හන්ට් කරන්න ලොකු ලොට්ස් වලින් සෙල් කරනවා. පස්සෙ සප් එකට යටින් ගොඩක් උන් දාන ස්ටොප් ලොස් එක හිට් කලාට පස්සෙ හිතනවා හම්මා මේක ලොස් වුනා කියන්නෙ මේ මගුල තව යට යයි කියලා. අන්න ඒ වෙලාවෙ ආයෙ අර බ්‍රේක් කරපු සප් එකට යටින් අපේ අයියලා සෙල් කරනවා.
             ඔන්න එතකොට අර මාකට් ප්ලේයර් කියන මාකට් මේකර්ටත් වඩා ලොකු අයියට නත්තල් එනවා. මොකද සප් එකේ හොඳ සෙලර්ල ටිකක් ඉන්නව. ඉතින් ඌ කරන්නෙ අර සෙල් කරපු උන් ලොස් කරවගෙන ට්‍රෙන්ඩ් එක චේන්ග් කරන එක. ෆේකවුට් සහ බ්‍රේකොඋට් හැදෙන්නෙ ඔය නිසා තමයි. වගේම මාකට් මේකරුයි මාකට් ප්ලේයර්ලුයි අරෙන්න 5% ක් විතර ප්‍රොෆිට් කරන්නෙ ඕක නිසයි.

        මේක තමයි මන් පුද්ගලිකව ෆොරෙක්ස් කියන්නෙ මොකක්ද කියන එක තේරුම් ගත්තු විදිය.

        ඉතින් කඩ්ඩ පොලිශ් කරගෙන ඉවසීම හදාගෙන හෙමින් සැරේ මේ මගුලෙ ගේම් එකත් ප්ලේ කරමු.

        Ayubowan Forex Guide - How to trade in Forex

          ට්‍රේඩ් කරනකොට අපි කරන්නේ ඕනම මුදල් ඒකකයක් තවත් ඒකකයකට අනුපාතව මිලදී ගන්න එක. උදාහරනයක් විදියට euro/USD සෙල් කරනවා කියන්නෙ euro එකට අනුපාතව USD මිලදී ගන්න එක. වගෙම බයි කරනව කියන්නෙ USD එකට අනුපාතව euro මිලදී ගන්නවා කියන එක.  එතකොට  අපි කරන්නේ අඩු අගයකදී මිලට අරන් වැඩි අගයකට ආවම ඒක විකුනන එක.

        (ඉතින් එහෙම බලනකොට අපි කරන්නේ සිල්ලර වෙලෙන්දෙක් කරන ජොබ් එකම තමයි)
        සිල්ලර වෙලෙන්දාත් කරන්නේ අඩු මුදලට අරන් වැඩි මුදලට විකුනලා ලාබ ගන්න එකයි.  සිල්ලර වෙලෙන්දෙක් බඩුවක් ගන්නකොට මොනවද හිතන්නේ?  
        * මිල අඩු වෙන්න ඕන.
        * ඉල්ලුමක් තියෙන්න ඕනෙ.  වගේ දේවල්.

           අපි මොනවද ෆොරෙක්ස් වල currencies මිලට ගන්න බලන්න ඕනේ. ??   ඒ කියන්නේ entry point එකකට මොනවද බලන්න ඕනේ. ?? ඔතන තමයි ගොඩක් අය හිර වෙන්නේ. සමහර අය trend lines, channel breakout,. support and resistance ලෙවෙල්ස් indicators වගේ එවායින් එන්ට්‍රි ගන්නවා. ඇත්තටම මේක සාර්තකද? ඔව් සාර්තකයි යම් තාක් දුරට. ඒත් එතනින් එහාට ගියපු දෙයක් මේකෙ තියෙනවා.

             ගොඩක් අය කියනවා අපි ට්‍රේඩ් කරනකොට වලට අදාල රටවල් වල ආර්තික සමාජමය වටපිටාව ගැන බලන්න ඕනෙ කියලා. ඒත් එයාල කියන්නේ economic calendar එක බලල නිව්ස් ටයිම් මග අරින්න කියලා විතරයි. ඒත් මන් කියන්නේ නියම Forex trader කෙනෙක් මේ හැම දෙයක්ම බලන්න ඕනේ.

        ගොඩක් අය නොදන්න ෆොරෙක්ස් වල රහසක් කියන්නම්. වෙන බ්ලොග් එකක මේ වගේ දෙයක් දැක්කොත් වහාම අටපට්ටමටවත් දැනුම්දෙන්න ඕනෙ.

           රීටේල් ට්‍රේඩර්ස්ලගෙන් 5% කටත් අඩු පිරිසක් විතරක් ප්‍රොෆිට් කරන්න තරම් මේකෙ ඇතුලෙ තියෙන්නෙ මොනවද? එතකොට මේකෙ ලොකුවට ප්‍රොෆිට් කරන්නෙ කවුද? 
            මේකෙ ගොඩක්ම ප්‍රොෆිට් කරන්නෙ මාකට් මේකර්ලා සහ මාකට් ප්ලේයර්ල්ලා. ඉතින් ඔය ගොඩක් දෙනා ට්‍රෙන්ඩ් එක ෆලෝ කරන්න කියලා කියන්නෙ මාකට් ප්ලේයර්ව ෆලෝ කරන්න කියන එක තමයි.

           මාකට් ප්ලේයර්ලා මාකට් එකට ට්‍රේඩ් කරන්න එන්නෙ ලොකු අවධානමක් නැතුව ලොකු ගානක් හම්බ කරන්න. ඉතින් එයාලට ඕනෙ එයාල ප්‍රයිස් එක මිලදීගන්න වෙලාවෙ ඒකට හොඳ වටිනාකමක් තියෙන එක. ඒ කියන්නෙ එයාල බයි කරනකොට මරාගෙන යන්න පුලුවන් තරමෙ හොඳ පොඩි ට්‍රේඩ්ස් ටිකක්. 


           මෙහෙම හිතමු. සපෝර්ට් සහ රෙසිස්ටන්ස් වලදි ගොඩක් අය ට්‍රේඩ් කරනවා. ඉතින් හොඳ සප් එකක් කිට්ටුව ඉන්නකොට මහ උන් බලනවා උන්ට විරුද්ධව ට්‍රේඩ්ස් කරන අයගෙ ට්‍රේඩෙස් වල අනුපාතය. ඒ කියන්නෙ සෙන්ටිමෙන්ට් කතන්දරයක්. ඒව ඉතින් හංගපු ට්‍රේක්ස්. ගොඩක් එවුන් ෆේල් වෙන්නෙ මේ සීන් එක දැනගන්නෙ නැතුව ට්‍රේඩ් කරන්න යන නිසයි.

        මගේ සෙන්ටිමෙන්ට් + ටෙක්නිකල් ට්‍රේඩින්ග් ස්ට්‍රැටජි එක මේ අවුලට හොඳ උත්තරයක් හැබැයි තරමක් දුරට විතරයි.



        Ayubowan Forex Guide - What we need to learn to Trade Forex

        ෆොරෙක්ස් මාර්කට් එක trade කරන්න අපිට ඕනෙ මූලික අවි 3ක්. මේවාට දාන බුලට්ස් ගැනත් කියන්නම්.


        chart analysis කරනකොට මේ දේවල් 3 දිහාම බලන්න ඕනේ.
        Fundamental ට්‍රෙන්ඩ් එකයි market sentiment වෙනස්වීමෙන් ඇතිවෙන Technical entry එක තමයි මම දැකපු සාර්ථකම එන්ට්‍රි එක. ඉතින් මේ ගැන හිමීට කතාකරමු
        මේවා ගැන හිමින් සැරේ කතා කරමු.

        එහෙනම් තවත් පෝස්ට් එකකින් එන්නම් පුලුවන් තරම් ඉක්මනට.

        පෝස්ට් එක කියවන කෙනෙක් ඉස්සරහට කියවගෙන යන්න වගේම මේ කියවන පෝස්ට් එක ගැනත් ඔයාගෙ අදහස් කියන්න. මොකද අලුත් දෙයක් හම්බවුනොත් මටත් පුලුවන් මේක අප්ඩේට් කරන්න.

        «
        Next
        Newer Post
        »
        Previous
        Forex no deposit bonus withdraw profit without deposit 2019 | Forex Startup Bonus |
        Pages 7123456 »

        3 Comments:

        Featured Post

        Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

        Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...