sponsor

sponsor

Slider

Theme images by kelvinjay. Powered by Blogger.

Recent Blog Posts

Lorem Ipsum has been the industry's standard dummy text.

App Design

Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

Timeline

Timeline

Recent Tube

Business

Final Forex Trading Guide | Forex Trading Sinhalese.

Final Forex Trading Guide.


     මේවා රහස් නෙවෙයි. සේරම කියලා දීලා තියෙන්නේ. හැබැයි සමහරු ඔලුවට දාගත්තේ තැන් තැන් වලින්. නියම පිලිවෙලට Fundamental Sentiment, Technical එකතු කරලා ට්‍රේඩ් කරන විදිය කියලා තිබුන. ඒත් ඩෙත් සෝන් එකෙන් පටන් අරන් ලෝන්ග් ශෝර්ට් ට්‍රේඩ් කරන විදිය ගැන ගොඩක් අයට ප්‍රශ්න තිබුනා. සේරම ක්ලියර් කරලා ඉවරයක් කරන්නයි මේ පෝස්ට් එක. ටිකක් දිග වෙයි. ඒක ඔලුවට ගන්න එපා.     

     Forex Trading කියන්නේ මගේ මතයට අනුව නම්, Market Maker and Market Player අතර තියෙන පට්ට ගේම් එකක්. Market Player තමයි මාකට් එක ලොකුවට අරන් යන්නෙ. උන් ෆන්ඩමෙන්ටල් සෙන්ටිමෙන්ට් ටෙක්නිකල් කියන සේරම බලනවා. එහෙම බැලුවා කියලා ඇතිවෙන්නෙ නෑ. උන්ට මාකට් ප්‍රයිස් එකට හොඳ වටිනාකමක් ඕන කරනවා. ඉතින් උඩ කියපු ඇනලයිස් ක්‍රම කොච්චර හොඳ වුනත් මාකට් ප්‍රයිස් එකට හොඳ වැලියු එකක් හම්බවෙන්නෙ නැත්තම් උන් එන්ටර් වෙන්නෙ නෑ.

ඉතින් පොඩි ට්‍රේඩර්ස්ලා විදියට අපිට කියන්නෙ මාකට් එකේ ට්‍රෙන්ඩ් එක ෆලෝ කරන්න කියලා. ඒ කියන්නේ පලවෙනි පියවර මාකට් ප්ලේයර් තියනකන් ඉඳලා එයාගෙ දෙවෙනි පියවර තියෙනකොට අපිත් ඒ පාරට සෙට් වෙන්න ඕනෙ.

ඉතින් මාකට් ප්ලේයර් කරන හැම ඇනලයිස් එකක්ම අපිත් කරලා එයා ඒ පාරෙ යනවද කියන එක කන්ෆර්ම් කරගෙන තමයි අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න ඕනෙ.

ෆන්ඩමෙන්ටල් ඇනලයිස් කරන්න ඉතින් ගොඩක් අමාරුයි වගේ නෙහ්. ඉතින් සරල කරමයක් තියෙනවා. කාලයක් කරගෙන යනකොට ඒකත් ගානක් නෑ. ඒ ක්‍රමේ තමයි මේ.


සෙන්ට්‍රල් බෑක්න් සෝර්ස් වලට ගියාම ඒකෙ තියෙනවා එයාලගෙ මොනෙටරි පොලිසි එක. ඉතින් ඕක කියවපුවම එයාලගෙ දැන් තියෙන තත්වයයි ඒ තත්වය වැඩිදියුණු කරගන්නවද තව ටික කාලයක් මේ විදියට යනවද වගේ එකී මෙකී නොකී සේරම ගැන එයාලගේ අදහස් දැනගන්න පුලුවන්. 

ඊට පස්සෙ පැනහන් ට්‍රේඩින්ග් ඉකොනොමික් ඩොට් කොම් සයිට් එකට. ඒකෙ තියෙනවා ෆෝකාස්ට්. හැම නිව්ස් එකකම වගේ ෆෝකාස්ට් තියෙනවා. ඉතින් ඕවා බලනකොට අර මොනෙටරි පොලිසි එකේ කියන දේවල් කරන තත්වෙක ඉන්නවද කියන එක ගැන දළ අවබෝධයක් ලබාගන්න පුලුවන්.

ඉතින් කඩ්ඩ පොලිස් කරගන්නත් එක්ක. බ්ලූම්බර්ග්, රොයිටර් සී එන් එන් වගේ සයිස්ට් වල නිව්ස් බලහන්. ස්මාට් ෆෝන් එකක් තියෙනවනෙ. ඒකෙ උඹලට පුලුවන් වෙයි ගූගල් නිව්ස් කියන ඇප් එක හරිගස්සගෙන ඒක හරහා අලුත් නිව්ස් ඉක්මනට බලාගන්න. 


ඉතින් ටික කාලයක් මේක කරගෙන යනකොට ෆන්ඩමෙන්ටල් උඹලට ටික ටික ඔලුවට එයි.

ඉතින් ෆන්ඩමෙන්ටල් ට්‍රෙන්ඩ් එක උඹ දන්නවනම් ඉතින් බලහන් ඊට් පස්සෙ සෙන්ටිමෙන්ට් ඇනලයිස්. ඒක ගැනත් පෝස්ට් එකක් මේ බ්ලොග් එකේ තියෙනවා. 

සයිට් එකේ කොට් රිපෝට් එකේ රිසාල්ට්ස් හිස්ට්‍රි එක ලස්සනට බලාගන්න පුලුවන්. ඒකෙන් පහුගිය ට්‍රේඩ්ස් වැටුන විදිය ගැන අයිඩියා එකක් ගන්න පුලුවන්. මෙහෙම හිතපන්කො.

ශෝර්ට් ට්‍රේඩ්ස් අඩු වේගෙන එනවා කියන්නෙ සෙල් ප්‍රෙශර් එක අඩු වෙනවා කියන එක. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. සමහර විට සමහර සති වල ට්‍රේඩ්ස් වැටෙන විදියෙ එක පාර ලොකු වෙනක්සම් සිද්ද වෙනවා. ඒ වෙනස්කම් වෙන්නෙ ඉකොනොමික් කැලැන්ඩරේ හෝ හදිසි තීරණ ගැනීම් නිසාද කියන එක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනෙ. 

ෆන්ඩමෙන්ටල් එක්ක ඉන්නකොට උඹට ඒක මහ දෙයක් නෙවෙයි. හේතු ගැන නිකන්ම හිතාගන්න පුලුවන්.


ඉතින් ඊට පස්සෙ?

ෆන්ඩමෙන්ටල් සෙන්ටිමෙන්ට් එකම ට්‍රැක් එකේ සෙට් වේගෙන එනකොට උඹට අනිවා සප්ලයි සහ ඩිමාන්ඩ් සෝන් ගැන අවධානය යොමු කරන්න වෙනවා. ඩෙත් සෝන් එකේ වැදගත්කම එතන තමයි තියෙන්නේ. 

බෑන්කර් කෙනෙක් කියලා තිබුනා ඕඩර් වැටෙන විදියට සප්ලයි සහ ඩිමාන්ඩ් සෝන් යොදාගෙන තමයි මේ වෙනකොට ගොඩාක් බෑන්කර්ලා ට්‍රේඩ් කරන්නෙ කියන එක.


ඊට් පස්සෙ වැදගත්ම දේ මාජින් සහ සේෆ්ටි. වතුරට බහින්න කලින් කෝටුවක් අරන් ඇනලා බලහන් ගැඹුර කොච්චරක් තියෙනවද කියලා. 

ඒ කියන්නෙ ට්‍රේඩින්ග් රේන්ජ් එක. අර ඩෙත් සෝන් එක සෙට් වෙන්නෙ ට්‍රේඩින්ග් රේන්ජ් එකක නම් අනිවා රිස්ක් එක අඩු හොඳ රිවෝඩ් එකක් තියෙන ට්‍රේඩ් එකක් සෙට් කරගන්න පුලුවන්. ට්‍රේඩින්ග් රේන්ජ් ගැන වීඩියෝ එකක් කාලෙකට කලින් එලියට ඇවිත් තිබුනා. යූටියුබ් එකේ සින්හලෙන්ම ඇති. පොඩ්ඩක් හොයල බලහන්. ඒකත් හරියට සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් වගේ තමයි. පොඩි වෙනසක් තියෙන්නේ.


මේකට යොදාගන්න ඉන්ඩිකේටර් තමයි මේ තියෙන්නේ. සරලයි. ගූගල් අයියගෙන් ඇහුවනම් ෆ්‍රී හොයාගන්න එකම එක ඉන්ඩියක් තියෙනවා. ඒකත් ඕනෙ නෑ. RSI+ Bolinger Band එකතු කරලා ට්‍රේඩ් කරනවනම්. 

එක්ස්පීරියන්ස් එකත් එකතු කරලා ට්‍රේඩ් කරහන්. දැනට මේ ඉන්ඩි ටික දාගෙන බලහන්. ඉතිහාසෙ මන් කියපුවා වැඩ කරලා තියෙනවද නැත්තම් අවුල් මොනවද කියන එක.

TDI
50 Simple Moving Average  
200 Simple Moving Average 
Divergence Arrow. (settings 8.3.3)
Candle Time and Spread (කැමතිනම් පමණක් භාවිතා කල හැක.)





ඩෙත් සෝන් එකට ආවම පැය 1 කාල පරාසය තියෙන චාර්ට් එකේ මූවින්ග් ඇවරේජස් දෙක ක්‍රොස් වෙනකන් ඉන්න ඕනෙ. ඒ ක්‍රොස් එකෙන් පස්සෙ ෆිබෝ ටූල් එකේ හැටියට 50% ත් 74.6% ත් අතර පරාසයේදි ඩයිවර්ජන්ස් එකක් සෙට් වෙනවනම් ඉතින් ඒ ඩයිවර්ජන්ස් එකෙන් ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න පුලුවන්. ස්ටොප් ලොස් දාන විදිය ගැන පෝස්ට් එකක්ම තිබුණා මේ බ්ලොග් එකේ. ඒ පොස්ට් එකත් කියවහන්. 

 ට්‍රේඩ් එකක් ප්‍රොෆිට් හෝ ලොස් වෙනකම් ඉඳලා තව ට්‍රේඩ් එකකට වරෙන්.  





හොඳම දේ දාන හැම ට්‍රේඩ් එකකම වාර්ථාවක් ලියහන්. ඒකට මේ ස්ක්‍රීන් ශොට් එක උදවුවක් වෙයි.



ඩොලර් පනහක් දාල සෙන්ට් එකවුන්ට් එකක් හදපන්. උඹට ඩොලර් පන්දාහක එකවුන්ට් එකක් හම්බවෙයි. හොඳ මනී මැනේජ්මන්ට් එකක් එක්ක ට්‍රේඩ් කරහන්. 

මේ ටික ෆලෝ නොකර එහෙනම් ආයෙ ලොස් වුනා පක් වුනා කියලා කියන්න එපා.

හරි එහෙනම් අපි ගියා. ජය වේවා. 

Gross Domestic Product News Analysis | Forex Trading Sinhala

Gross Domestic Product (GDP) News Analysis

Gross Domestic Product News Analysis

කලින් දාපු පෝස්ට් එකක අපි NFP නිව්ස් එක Predict කරන්නේ කොහොමද කියලා බැලුවා. නොබලපු අය බලන්න How To Analysis Non-Farm Payroll. මේ පෝස්ට් එකෙන් Gross Domestic Product එහෙමත් නැත්තම් GDP News එක Analysis කරන්නේ කොහොමද කියලා බලමු

What Is Gross Domestic Product?

     GDP කියන්නේ යම් කිසි කාලයක් ඇතුලත යම් රටක භාන්ඩ සහ සේවා වල වටිනාකම නිකුත් කරන නිව්ස් එකක්. ප්‍රධාන වශයෙන්ම කිව්වොත් මේකෙන් කෙරෙන්නේ නිශ්පාදන තත්වයන් කොහොමද කියලා බලන එක. GDP Strong නම් නිශ්පාදනයන් ඉහල යනවා. ඒ වගේම Weak නම් ඒ කාලෙට එන්නේ නිශ්පාදනයන් දුර්වල වෙලා කියලා තමයි. මේක lagging indicators කියන කොටසට අයත්. මොකද මේකෙන් කියවෙන්නේ පහුගිය කාලය තුල ඒ ඒ රටවල් තුල සිදුවුන නිශ්පාදන වෙනස් වීම් තමයි. මේක නිකුත් වෙන්නේ මාස 3කට සැරයක්. ඒත් වසරකට වරකුත් මේ නිව්ස් එක නිකුත් වෙනවා ජනවාරි මාසයේ. ජනවාරි මාසයේ මාර්කට එක පොඩ්ඩක් අවුල් වගේ එහා මෙහා යනවා ඔයාල දැකලා ඇති. එහෙම වෙන්නේ වාර්ශිකව නිකුත් වෙන මේ වගේ නිව්ස් නිසා මාර්කට එකට බ්යර්ලා හා සෙලර්ලා එන විදිය වේගයෙන් වෙනස් වෙන නිසා.

How To Analysis Gross Domestic Product


GDP positive නම් ඒ රටේ ආර්තිකය ශක්තිමත් වෙනවා කියලා අදහසක් ගන්න පුලුවන්. මොකද නිශ්පාදන තත්වයන් ඉහල යනවා කියන්නේ එයාලගේ Inflation Targets Cover කරගන්න පුලුවන්. ඒ වගේම පොලී අනුපාතික වැඩි කරන්න මහ බැංකුව Inflation targets යොදාගන්නවා කියලා මතක තියාගන්න එක ඔයාලට හොඳයි. ඒක මම Fundamental Analysis පෝස්ට් එකෙත් දාල තියෙනවා. ඒකත් මෙතනින් බලන්න. Fundamental Analysis.

 පහුගිය කාර්තුවට වඩා මේ කාර්තුවේ Gross Domestic Product නිව්ස් එක ස්ට්‍රොන්ග් නම් ඒ කියන්නේ ඒ රටට අදාල මුදල් ඒකකය මිලදී ගන්න පුලුවන්. Fundamental තියෙන පැත්තටම Technical Analysis  වලින් එන්ට්‍රි එක අරන් ස්ටොප් ලොස් සහ ටේක් ප්‍රොෆිට් දාන්න. නිවැරදිව ස්ටොප් ලොස් සහ ටේක් ප්‍රොෆිට් දාන්නේ කොහොමද කියලත් පෝස්ට් එකක් තියෙනවා. බැලුවේ නැත්තම් බලන්න.

එහෙනම් තවත් පෝස්ට් එකකින් එන්නම් පුලුවන් තරම් ඉක්මනට
අවුල් තැන් අවොත් වගෙම හොඳ නරකගැන අදහසක් දෙන්න ඒක වටිනවා

එහෙනම් අපි ගියා ජය වේවා.

How to analysis Non Farm Payroll | Fundamental corrections

How to analysis Non-Farm Payroll | Fundamental corrections Sinhala

Non Farm Payroll

   
 Non Farm Payroll නිව්ස් එක ගැන පොඩ්ඩක් බලමුද? 

What is NFP

     NFP කියන්නේ ෆොරෙක්ස් මාර්කට් එකේ ට්‍රේඩර්ස්ලා ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න නිව්ස් එකක්. මේ නිව්ස් එකෙන් කියන්නේ කොච්චර ජොබ්ස් ප්‍රමණයක් ඒ රටේ ඇතිකරලා තියෙනවද කියලා හැම මාසෙම පලමු වෙනි සිකුරාදා තමයි මේක රිලීස් වෙන්නේ. ඉකොනොමික් කැලැන්ඩරේ බැලුවොත් නිකුත් වෙන වෙලාව බලාගන්න පුලුවන්.
මේක අයිති වෙන්නේ ෆන්ඩමෙන්ටල් වල කොරලේශන් කොටසට. මේ වගේ තව ටිකක් තියෙනවා හිමිහිට දෙන්නම්. බ්ලොග් එක ෆලෝ කරන්න

    මම කලින් කිව්වා නිව්ස් ට්‍රේඩින්ග් සහ ෆන්ඩමෙන්ටල් ට්‍රේඩින්ග් කියන්නේ දෙකක් කියලා. ඒ පොස්ට් එක මෙතනින් බලන්න පුලුවන්.

     එහෙනම් මේ මගුලත් අනල්යිසිස් කරන්න ට්‍රයි එකක් දෙමු.

NFP නිව්ස් එක Analysis කිරීම සඳහා අපට ඕනෙ වෙනවා තවත් නිව්ස් 3ක්

  • ISM manufacturing PMI
  • ADP Jobs report
  • Unemployment claims

ISM manufacturing PMI 

.
            ISM manufacturing PMI (Purchasing manufacturing index) නිව්ස් එකෙන් ලොකු බලපැමක් වෙනවා nfp එකට මේක ඉතාම වැදගත් නිව්ස් එකක්.

ADP jobs report.


     මේකෙන් කියන්නේ පුද්ගලික අංශයෙන් කොච්චර විතර ජොබ්ස් ප්‍රමානයක් දීලා තියෙනවද කියලා. මේ නිව්ස් එක 160k ට වැඩිනම් Non-farm payroll නිව්ස් එක පොසිටිව් විදියට එන්න තියෙන ඉඩ වැඩියි

Unemployment claims


 මේක සතිපතා එන නිව්ස් එකක් සති 4ක් එක දිගට මේ නිව්ස් එක පොසිටිව් විදියට ආවොත් අපිට නිගමනය කරන්න පුලුවන් NFP එක පොසිටිව් වෙයි කියලා.

How to analysis Unemployment rate

   මේ 2න් අදහසක් ගන්න පුලුවන්. Unemployment rate එක මොනවගේ වෙයිද කියලා
challenger job cut report. මේක පොඩි නිව්ස් එකක් ඒත් එකෙනුත් Unemployment rate එකට බලපෑමක් කරනවා.
Personal spending, හොඳයි නම් එක පොසිටිව් වෙන්න ඉඩ තියෙනවා. Personal spending වැඩි නම් ආර්තිකයට බලපෑම් කරන්න පුලුවන් ඉඩ වැඩියි. මොකද මිනිස්සු බිස්නස් වලට වැඩියෙන් වියදම් කරනවනම් ඒ මොකක් හරි යටි අරමුණක් නිසා තමයි.
මේ දෙක එකතු කරල unemployment rate එක ගැන දල අදහසක් ගන්න පුලුවන්. මොකද unemployment rate එක NFP එකට බලපාන නිසා.
ISM manufacturing PMI. , ADP Jobs Report, unemployment claims 3 ම හොඳනම් අපි ඇනලයිසිස් කරන NFP පට්ට ස්ට්‍රොන්ග් වෙයි කියලා හිතන්න පුලුවන්. ඒ වගේම ඒ නිව්ස් තුනේ වෙනස් වීම් අනුව මේ නිව්ස් එකේ වෙනස් වීම් අඳුනගන්න පුලුවන්. ඉස්සරහට Analysis එක කරලා ඒක පෝස්ට් එකක් විදියට දාන්න බලාපොරොත්තු වෙනවා.

  Analysis කලා වගේ ට්‍රේඩ් කරන්නත් එපැයි. එහෙනම් මේ තියෙන News Trading strategy  පෝස්ට් එකත් අනිවා කියවන්න.


 දිගටම එල්ලිලා ඉන්න. අඩුපාඩු වගේම හොඳ නරක කියන්න.
ජය වේවා.

Forex Trading Secrets | The Truth about Foreign Currency Exchange Trading | Secret Tips To Forex | secret to Forex trading success | Forex Bank Secrets.

Forex Trading Secrets The Bad Truth about Foreign Currency Exchange Trading Sinhala.

Forex Trading Secrets


    Forex Trading Secrets by Ayubowan Forex පෝස්ට් එකත් මගෙ ගොන් මොලේ භාවිතා කරලා ලියන පෝස්ට් එකක් නිසා ලොකු දේවල් ඔලුවට ගන්න එපා. දැනුම ගබඩා කරනවා මිසක් වෙන මගුලක් මේ බ්ලොග් එකේ නෑ. ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන්.  The Truth about Forex Trading Sinhala.



What is Foreign Currency Trading?

ඕකට සරලවම කියනවා කියන්නෙ විදේශ මුදල් හුවමාරුව කියලලු. පුද්ගලිකව ඉඳන් අන්තර්ජාතික වශයෙන් මේක ව්‍යාප්ත වෙලා තියෙනවලු. ඒ වගේම තමයි බැන්කු වගේ ඒවයෙ පොලී අනුපාත අනුව ඒ ඒ රටවල් වල ආයෝජනය කරන එකත් ෆොරෙක්ස් වලට ඇතුලත් වෙනවලු. ඉතින් මේ වගේ රටවල් අතර මූල්‍ය හුවමාරුව තමයි ෆොරෙක්ස් ට්‍රේඩින්ග් කියලා කියන්නේ.

Who Doing The Foreign Currency Trading?

     ෆොරෙක්ස් කරන්නෙ කවුද? උඩ කියපු විශාල වශයෙන් මුදල් ඇති බැන්කු වගේ සමාගම්. රටවල් වලට ප්‍රධාන බැන්කු. අර සිරි ලන්කා මහ බැංකුව වගේ. චීනයෙ ඉන්නවා බලවත්තු මේවට ඔලුව දාන. ඒ වගේම බ්‍රෝකර් සමාගම්. ඒ කියන්නෙ අපි වගේ උන්ගෙ සල්ලි එකතු කරලා මහ උන් එක්ක සෙල්ලම් කරන උන්. බ්‍රොකර්ලා කරන්නෙ අපි දාන බයි එකට සෙල් කරන උන් එකතු කරලා දෙන එකලු. බ්‍රෝකර්ලා ගැන පොස්ට් එකක් වෙනම එවන්නම්.

How Can Do Foreign Currency Trading?

      Forex Market එකේ ගොඩක් වෙලාවට කෙරෙන්නෙ බයර්ලයි සෙලර්ලයි එකතු වෙන එකනෙ. වෙන රටකට යන කෙනෙක් ගොඩක් වෙලාවට එයාර්පෝට් එකට ගිහින් හරි ඒ යන රටේදි දරන්න වෙන වියදම් වලට ඇති වෙන්න තමන්ගෙ රටේ සල්ලි දීලා යන රටේ සල්ලි ගන්නවා. ඕකට Foreign Currency Trading  කියනවලු.

    ඇමරිකාවෙ සමාගමකට ජපානෙන් බඩු ගෙන්න ගන්න ඕනෙ වුනාම ඇමරිකාවෙ උන් කරන්නෙ ඩොලර් විකුනල යෙන් අරගෙන ඒවායින් ඕන කරන බඩු ගෙන්නගන්න එක. ඉතින් ඔතනත් ෆොරෙක්ස් තමයි.  

   හැබැයි ඉස්සර නම් ඒ වගේ ආයෝජන කරන්න පුලුවන් වුනේ ඩොලර් පනස් දාහක් වත් තියෙන උන්ටලු. පස්සෙ අන්තර්ජාල ව්‍යාප්තියත් එක්ක මේක බ්‍රෝකර් සමාගම් හරහා පොඩි පොඩි හුජ්ජ කොල්ලොන්ටත් කරන්න පුලුවන් වුනාලු.  

   තව ඩින්ගෙන් අමතක වෙනවා. චූ කෙල්ලොන්ටත් පුලුවන්නෙ. ලිංග බේදයක් නෑ. ඕන එකෙකට එකියෙක්ට පුලුවන්.

Foreign Currency Trading Secrets by Ayubowan Forex


  හැබැයි ආයුබෝවන් ෆොරෙක්ස් හිතන්නෙ මේක පොඩි උන්ට දුන්නෙත් කපටිකමක් නිසා කියලා. මොකද මහ උන්ගෙ තියෙන රහස් ආයුධ පොඩි උන්ට පෙන්නන්නෙ නෑ. ඉතින් ඒ වුනත් උන් කියනවා ෆන්ඩමෙන්ටල් සෙන්ටිමෙන්ට් ටෙක්නිකල් භාවිතා කරලා ප්‍රොෆිට් කරන්න පුලුවන්ලු. 

   ඉතින් මේක ටිකක් ගැඹුරට යනකොට තේරුනා උඩ කියපු කතාවත් ඇත්ත කියලා. ටෙක්නිකල් ෆන්ඩමෙන්ටල් සෙන්ටිමෙන්ට් වෙන වෙනම ඇනලයිස් කරලා ට්‍රේඩ් කරත් ප්‍රොෆිට් කරන්න පුලුවන්. හැබැයි ඒකෙ තියෙන ගොඩක් උන් නොකියන දේකුත් තියෙනවා. ප්‍රොෆිට් කරන ප්‍රසන්ටේජ් එකට වඩා ලොස් වෙන ප්‍රසන්ටේජ් එක ඒකෙ වැඩියි. 

   ඉතින් ඔය දෙකක් එකතු කරලා ට්‍රේඩ් කරන එකත් ඒ වගේම තුනම එකතු කරලා ට්‍රේඩ් කරත් ලොස් වෙන ප්ලේසස් තියෙනවා. 

The secret Market Makers and Market Players.


    ආයුබෝවන් ෆොරෙක්ස් මේ මාකට් එකෙත් ප්‍රධාන මූව් දෙක ඒ කියන්නෙ ට්‍රෙන්ඩ් එකයි රීට්‍රේස්මන්ට් එකයි දකින්නෙ මාකට් ප්ලේයර් සහ මාකට් මේකර් විදියට. 

The secret weapon that market Makers and Market Players.

Who is the Market Player?


    මාකට් ප්ලේයර් විදියට මන් දකින්නෙ, මාකට් එක මේන් ට්‍රේන්ඩ් එකේ රන් කරන අය. මෙයාලා කරන්නෙ ලෝන්ග් ටර්ම් බලලා මාකට් එකේ ඉන්වෙස්ට් කරන එකයි. ඒක තමයි මේන් ට්‍රෙන්ඩ් එක. මුන්ට තියෙන ලොකුම ආයුධය තමයි, අනිත් ට්‍රේඩර්ස්ලව මොනිටර් කරන එක. උන්ගෙ ට්‍රේඩ්ස් දාල තියෙන ප්ලේස් ස්ටොප්ලොස් ටේක් ප්‍රොෆිට් දාපු ප්ලේසස් එහෙම මුන් හොඳට දන්නවා.

Who is the Market Maker?


   මාකට් මේකර් කියන්නෙ මාකට් එක රීට්‍රේස් කරන කෙනාටයි. මෙයාල කරන්නෙ මාකට් එකේ රීට්‍රේස්මන්ට් බලලා ට්‍රෙන්ඩ් එකට පිට පැත්තට ට්‍රේඩ් කරන එක. හැබැයි මාකට් එකේ මේ දෙගොල්ලො හැසිරෙන්නෙ වෙනස් විදියකට. අනිත් ට්‍රේඩර්ස්ලව මොනිටර් කරන එක තමයි මෙයාලගෙත් තියෙන ලොකුම ආයුධය. 

    අපිටත් ඒ ආයුධයම තියෙනවා කියලා මන් කිව්වොත් ඔයා අහයි, ඒ මොකක්ද බොල ඒ කියලා. ඇයි කොට් රිපෝර්ට් එක, ෆන්ඩමෙන්ටල් සෙන්ටිමෙන්ට් බලලා ටෙක්නිකල් එන්ට්‍රි ගන්න කියලා මගේ මේන් පෝස්ට් එකෙනුත් කිව්වෙ ඒක නිසා තමයි. 


ඉතුරු ටිකත් කියවහන්කො

The Different Between Market Maker and Market Player. 


      මාකට් ප්ලේයර්ලා කරන්නෙ මාකට් එක හොඳම තැනකට එනකන් ඉඳලා තමන්ට සෙට් වෙන ප්ලේස් එක තෝරගෙන ට්‍රේඩ්ස් වලට එන්ටර් වෙන ඒකයි. හැබැයි ඒක වෙන්නත් උන්ට ඕන කරන තැනට ආවාම විතරක් නෙවෙයි, උන්ට ඕන කරන ඉන්වෙස්ටර්ලා ප්‍රමාණයත් බලනවා.

    මාකට් මේකර්ලත් කරන්නෙ ඔය විදියෙ දෙයක්ම තමයි උන් ට්‍රේඩ් කරන්නෙත් මාකට් ප්ලේයර්ලගෙ ට්‍රේඩ් කරන පියවරල් පොඩි ට්‍රේඩර්ලා අඳුනගෙන ඒ පැත්තට ට්‍රේඩ් කරනකොට, ඒ ට්‍රේඩර්ලට අගේන්ස්ට් ට්‍රේඩ් කරලා පොඩි උන්ව ලොස් කරන්න බලන එක තමයි. 

   හැබැයි මාකට් මේකර්ලටත් ඒක කරන්න පුලුවන් ප්‍රමාණයක් තියෙනවා. ඉතින්, උන්ගෙ ලිමිට්ස් කැල්ක්යුලේට් කරන්න පුලුවන් ඉන්ඩියක් වත් හෙව්වා. හම්බවුනේ නෑ. මන්  දාපු එලියොට් වේව් තියරි පෝස්ට් එකේ තියෙන රූල්ස් ටික බලනකොට උන්ට ලිමිටේශන්ස් තියෙනවා කියන දේ නම් ඔයාගෙ ඔලුවට එන්න පුලුවන්.



The Biggest Secret - The Death Zone Of  Forex Market.


    අපේ උන්ට වරදින තැනක් තියෙනවා. අපි වගේම මහ උනුත් ගන්නෙ එක කරන්සියක් තමයි. ආයෝජනය කරන්නෙ එක කරන්සියකට විතරයි. ඒකත් ලෝන්ග් ටර්ම් යන එකක්. ඉතින් එහෙම කලොත් අනිවා ඒ කරන්සිය තියෙන සේරම පෙයාර්ස් උඩ යන්න ඕනෙ. ඉතින් ඔන්න ඔහොමයි The Death Zone of Forex Market හොයාගත්තෙ. 

   ඒකෙ වීඩියෝ එකක් ඇති නෙට් එකේ වෙන කොහෙන්වත් හම්බවෙන එකක් නම් නෙවෙයි. ලොවෙත් නැති ෆොරෙක්ස් වීඩියෝ එකක් තමයි ඒ. හැබැයි ඉතින් සවුන්ඩ් වල අවුලක් තියෙනවා. ට්‍රයි කරලා බලහන්. ඒ වගේ තමයි අපේ රටේ ඉන්න එවුන්ට ඇරෙන්න වෙන කිසිම රටක එකෙක්ට මේ වගේ දේවල් පිට කරන්නෙ නැති වෙන්න මේක කියවන උඹලා වග බලාගන්න ඕනෙ.


   Forex Trading Currency Correlations Sinhala.


    මන් නම් දකින්නෙ ඕක වෙන්නෙ. මෙහෙමයි. ඩොලර් එක මාසෙකට කලින් නගින්න පටන් ගත්තා කියහන්කො. පස්සෙ ආයෙ අලුත් ට්‍රේඩ් එකක් විදියට යුරෝ එකත් නගින්න පටන් ගන්නවා. ඒ වෙනකොට ඩොලර් එක ඕල් රෙඩි අප් වෙලා තියෙන්නෙ. ඉතින් රීට්‍රේස්මන්ට් එන්න ගන්නකොට යුරෝ ස්ට්‍රොන්ග් වෙනකොට ට්‍රේඩර්ලා අත ඇරලා දාන්න පටන් ගත්තු පවුම පොඩ්ඩක් නගින්න පටන් ගන්නවා. ඉතින් ඔය විදියට කරන්සි කොරලේශන් ඇති වෙනවා.

The Different Between Market Maker and Market Player.

   ඔය වෙලාවට එන ෆේක් මූව් වලට අහු වෙලා තමයි ගොඩක් පොඩි උන් කෙලවගන්නෙ. ඔලුව අවුල් වෙනවා. එහෙන් මෙහෙන් ට්‍රේඩ් කරලා පිප්ස් තිහ හතලිහට ක්ලෝස් කරලා දාපු ගමන් මාකට් එක රියල් ට්‍රේන්ඩ් එකේ යනව.


Final Note. 

  ඉතින් ඔය උඩ කියවගෙන ආපු කොරලේශන් එක්ක ඩෙත් සෝන් එකත් එකතු කලාම මාකට් එකේ නියම රිදම් එක තේරුම් ගන්න පුලුවන්. ඒ කියන්නේ අප් වෙන තැන් ඩවුන් වෙන තැන් වගේ දේවල්.

    ෆන්ඩමෙන්ටල් බැරි උන්ට, පුලුවන් උනත් සෙන්ටිමෙන්ට් චේන්ජ් වෙනකන් ඉන්න බැරි මන් වගේ එවුන් නිසා තමයි මන් උඩ කියපු ඩෙත් සෝන් එකයි මාකට් රිදම් එකයි මූවින්ග් ඇවරේජ් ගෝල්ඩන් ක්‍රොස් එකයි ඩයිවර්ජන්ස් සේරම එකතු කරලා ටෙකිනිකල් ස්ට්‍රැටජි එකක් හදාගත්තෙ. 

   යුඩේමි එකේ ලඟදිම එයි කෝස් එකක් විදියට. හැබැයි සුද්දොන්ට මේක විකුණන්න යන ගානට උන් මේක ගනීද දන්නෙ නෑ. ලොවෙත් අපෙ උන් ගන්නෙ නෑ ඒ ගානට ගන්නත් බැරි වෙයි. 

   ඒක නිසයි මේ රහස් වට්ටෝරුව මේ මගුලෙ පිස්සු බ්ලොග් එකට දැම්මෙ. උඹටත් මන් කියන දේ සුවර් නම් මේ දේවලුත් උඹේ ස්ට්‍රැටජි එකට එකතු කරගනින්.

   එකම කරන්සියක් එක්ක තියෙන අනිත් ගොඩක් පෙයාර්ස් වලින් එකම වෙලාවෙ ගත්තු එන්ට්‍රිස් වල ස්නැප්ශොට්ස් මන් මගේ ෆේස්බුක් පේජ් එකේ හිටපු ගමන් පෝස්ට් කරනවා. ඉතින් පේජ් එක වෙනස් කලා අලුත් පේජ් එකටත් ලයික් පාරක් දාහන්.


Forex Trading Secrets by Ayubowan Forex


      රහස් ටික සේරම ඉවරයි. බ්ලොග් එක පිලිවෙලකට හදන්න කියලා ගොඩක් උන් ඉල්ලීම් කලා. මේ බ්ලොග් එක හදන්න මට ඔයාලගෙ උදව් ඕන කරනවා. බ්ලොග් එකට එකතු වෙන්න ඕන ටොපික්ස් ටික මට කොමෙන්ට්ස් වලින් හරි අබවුට් මී පේජ් එකේ තියෙන ලින්ක්ස් වලින් හරි මාව කන්ටැක්ට් කරගෙන මට කියන්න. ලේඅවුට් එක සකස් වෙන්න ඕන විදිය එහෙම ගැන තියෙන අයිඩියාස් එහෙමත් එවහල්ලා.

මමත් ගොඩක් දේවල් දන්නෙ නෑ. ඒත් දන්න දේවල් නම් එකතු කරන්න පුලුවන්. 


ගොඩක් වෙලා ගියා. 
එහෙනම් ජය වේවා.

Online Forex Exchange Trading - Guide to Forex Trading For Beginner

Online Forex Exchange Trading - Guide to Forex Trading For Beginner 


   මුලින්ම ලියන්න ඕන කරන පෝස්ට් එකක් ඒත් ගොඩක් තැන් වල තිබුන නිසා අත ඇරියා. ඒත් මගේ රීඩර්ලට හැමදේම එක තැනකින් ලැබෙනවනම් හොඳයි කියල හිතුන නිසා ෆොරෙක්ස් වල මූලික පාඩම් ටිකත් මේ විදියටවත් එකතු කරන්න තීරණය කලා. එහෙනම් පටන් ගමු, Online Forex Exchange Trading - Guide to Forex Trading For Beginner.

What Is Online Forex Trading?

    Forex කියන්නෙ මොකක්ද? විදේශ මුදල් හුවමාරුවක්නෙ. ඉතින් මෙතන වෙන්නෙ මූලිකවම යම් කිසි මුදල් ඒකකයක් එක්ක තවත් මුදල් ඒකකයක් හුවමාරු වෙන එක. මේක රටවල් අතර සිටින පුද්ගලයන් හා සමාගම් එකතු වෙලා කරන වැඩක්. හැබැයි මේ දේත් කියන්න ඕනෙ පැහැදිලි නිර්වචනයක් දෙන්න අමාරු වෙයි. මොකද මේකට ප්‍රධාන වෙච්ච ඔෆීස් එකක් නෑ. මොන වැඩේ කරගන්නත් අපිට කොහෙට හරි යන්න උනාට මේක කරන්න වෙන්නෙ ඔන්ලයින්ම තමයි. මේකට පුද්ගලයො හරි සමාගම් හරි එකතු වෙන්න ඕනෙ. ඒක නිසයි මේකට Online Forex Exchange Trading කියන්නේ.
 


මට තේරෙන Stop Loss. Stop Loss Secrets in Forex. Trading All about Stop Loss.

මට තේරෙන Stop loss - Foreign Exchange Tutorials. 

මට තේරෙන Stop loss.

      ගොඩක් දෙනා පිප්ස් විස්සට පනහට ක්ලෝස් කරන, ක්ලෝස් කරපු ගමන් අනිත් පැත්ත ගැහෙන ඒ කතන්දරේ තමයි මේ මට තේරෙන Stop loss. ඉස්සෙල්ලම කියන්න ඕනෙ ගොඩක් දෙනා මාකට් එක දකින විදියට නම් නෙවෙයි මන් මාකට් එක දකින්නෙ. ඒක නිසා මේ පොස්ට් එක වගේම බ්ලොග් එකේ තියෙන අනිත් පොස්ට් වලින් එහෙමත් මන් තේරුම් ගත්තු විදිය තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. එක එකා ඕන මගුලක් කියපුදෙන්. ලඟදි හම්බවුන හා පැටියා උකුලෙ තියාගෙන උගේ මතකයක් එක්ක මේ පොස්ට් එකත් ලියලා පබ්ලිස් කරලා දාන්නම්.

    මේක කියවන උඹ. (ඔබ, ඔයා නෙවෙයි ආහ්.) මේක මොන විදියට තේරුම් ගත්තත් මොන මගුලක් කලත් මට ඇති වැඩක් නෑ. ඒ වගේම කිසිම වගකීමක් මගේ නෑ. ඒක මේ පොස්ට් එකට වගේම මේ බ්ලොග් එකේ අකුරකවත් දෙයක් ගැන මගේ වගේකීමක් නැති බව වගකීමෙන් කියන ගමන් පටන් ගත්තා එහෙනම් මට තේරෙන Stop loss.

What Is Stop Loss

    බ්‍රෝකර්ලා, පොඩි උන්ට ප්ලැට්ෆොර්ම් එකක් දීලා, ඒ පොඩි උන් සිය දහස් ගානක් දාන ට්‍රේඩ්ස් මොනිටර් කරලා ඒවායෙ ට්‍රේඩ්ස් ප්ලේස් කරපු පොසිශන්ස් මහ උන්ට විකුනලා පොඩි උන්ගෙ එකවුන්ට් ඉවර කරන වගේම පොඩි මාජින්, ලඟ ටාගට් හන්ට් වෙලා සුන්දර අවසානයක් දකින්න ලැබෙන අජූතම දේ තමයි ස්ටොප් ලොස් කියන්නේ.

Why Stop Loss is Important?

      ස්ටොප් ලොස් එක වැදගත් වෙන්නෙ එකවුන්ට් එක බේරගන්න විතරයි. එහෙම නැතුව ට්‍රේඩ් එක බේරගන්න විතරක් ස්ටොප් ලොස් දානවනම් ඒක මහ මෝඩකමක් විදියටයි මන් දකින්නෙ. ස්ටොප් ඉතින් එකවුන්ට් එක ට්‍රේඩ් එකකින් බේරගන්න නෙවෙයි නම්, ස්ටොප් ලොස් දාන්නෙ මොකටද කියලා හිතෙයි.

     මාකට් එක ඕනම වෙලාවක වෙනස් වෙන්න පුලුවන් සුනාමියක් ආවා වගේ එක පාරට පක් වෙලා යන අවස්ථාවන් තියෙනවා. බොරු නම් බලහන් අර ස්විසී පෙයාර් ටික මන්ත්ලි චාර්ට් එකට දාල. ඒක දුර වැඩි නම් ඕස්ට්‍රේලියන් ඩොලර් එක එන කර්න්සි පෙයාර්ස් ටික ඩේලි වගේ ටයිම් ෆ්‍රේම් එකකට දාල බලහන්. ඒ වගේ වෙලාවල් වලට වගේම නොදැනුවත්කමින් හෝ වැරදීමකින් වගේ දේකින් වැරදි ට්‍රේඩ් එකක් දාල නම් ඒ ටෙරඩ් එකෙන් එකවුන්ට් එක බේරගන්නයි ස්ටොප් ලොස් දාන්න ඕනෙ කියන එකයි මගේ පුද්ගලික අදහස.

How To Place stop Loss properly.

    ස්ටොප් ලොස් දාන එක අනිවාර්යයි. හැබැයි හැමදාම හැම ට්‍රේඩ් එකකටම එකම පිප්ස් ගානක් ස්ටොප් ලොස් විදියට භාවිතා කරන එක අනුමත කරන්න බෑ. මොකද කරන්සි පෙයාර්ස් වල වොලටිලිටි සමාන නෑ. ඒක නිසා හැම පෙයාර් එකකටම එකම පිප්ස් ගානක් ස්ටොප් ලොස් එක විදියට දාන්න එපා.

    මෙන්න මේ පිප්ස් ගාන දාපන් කියලා කියපු ලංකාවෙ ලොකුම ෆොරෙක්ස් බ්ලොග් එකක කියලා තිබුනා. ඒ බ්ලොග් එක කියවලා දහස් ගානක් දෙනා ෆොරෙක්ස් වලට එන්න ඇති. ඒ වගේම එකවුන්ට් එකක් නෙවෙයි හය හතක්ම ලොස් කරගෙනත් ඇති.  (මමත් ඒ අතර කෙනෙක්) ඉතින් මන් කියන්නෙ නෑ ඒ බ්ලොග් එක බලන්න එපා කියලා. අනිවා බලහන්. පිප්ස්, ලොට්ස්, මාජින්, එකවුන්ට් ඕපන් කරන විදිය ගොඩක් වෙලාවට මේ බ්ලොග් එකෙන් හම්බවෙන්නෙ නෑ. ඒක නිසා ඒවා ඒ බ්ලොග්ස් වලින් බලහන්. මම මේක අප්ඩේට් කරන්නෙ වෙලාවක් තියෙන විදියටයි.

  ස්ටොප් ලොස් දාන්න ඕනෙ ගොඩක් උන් නොදාන ප්ලේස් එකකට. වගේම ඒක ගොඩක් උන් දාන ප්ලේස් එකකින් එහා තැනක් වෙන්න ඕනෙ. ඒ වගේම උඹේ ට්‍රේඩ් එකේ ස්ටොප් ලොස් වදිනවනම් ඒ වදින්න ඕනෙ මාකට් එකේ ට්‍රෙන්ඩ් එක වෙනස් වෙනවනම් විතරයි වගේම අසාමාන්‍ය මූව්මන්ට් එකක් ආවොත් විතරයි. මොකද ෆේක් කැන්ඩල්ස් උනත් එන්න පුලුවන් සීමාවක් තියෙනවා. පහල මාලු අල්ලන රූපෙ දිහා බලපුවම මොනවම හරි දෙයක් ඔලුවට එයි.



    සමාන්‍ය විදියට මාකට් මේකර්ගෙ රේන්ජ් එකේ ස්ටොප් ලොස් දාන උන් සේරටම කෙලවෙනවා. ස්ටොප් ලොස් හන්ට් උනාට පස්සෙ මාකට් එක නියම පාරෙ යනවා කියල කියන්නෙ උඩ තියෙන මාලු අල්ලන කතන්දරේ වගේ සීන් එකක් කියලා කියන එකයි මගේ අයිඩියා එක. ඉතින් මන් ඒක ෆලෝ කරනවා. මේක මේ වෙනකන් අවුල් ගිහින් නෑ. අර ඕස්ට්‍රේලියන් ඩොලර් එක කෙලවපු පාර වගේම පවුම පක් කරපු පාර ඇරෙන්න. 

    News Trading කරන උන්ටත් මේ එක්ස්පීරියන්ස් එක ඇති. (මන්නම් ලොකුවට නිව්ස් ට්‍රේඩින්ග් කරන්නෙ නෑ. ඉඳලා හිටලා එකක් ගත්තොත් මිසක්.) නිව්ස් එක පට්ට ප්‍රෙඩික්ටබල් වගේම නියම ෆෝකාස්ට් එක ආවත් එක්කො නෙගටිව් ගිහින් positive move එක එනවා. එක්කො නියම speed එක එන්නෙ ටික වෙලාවකට පස්සෙ. ඔය වගේ කතන්දර එන්නත් මන් දකින විදියට හේතුවක් වෙලා තියෙන්නේ පොඩි පොඩි උන්ගෙ ස්ටොප් ලොස් තමයි.

ඉන්ගිරීසි කෑලි දෙක තුනක් දැම්මෙ නැත්තම් සමාජෙන් කොන් වෙයි කියලා හිතුන නිසා ඔන්න එකත් දැම්මා. පොස්ට් එක ගැන කොමෙන්ට්ස් දාහල්ලා. මේක කියවන එක්ස්පර්ට්ලා ඕන තරම් ඉන්න පුලුවන්. උන්ගෙ අයිඩියාස් උනත් ගොඩක් වැදගත්. මොකද, මමත් මේක තවම ඉගෙනගන්නවා.

උඹ මේ පොස්ට් එක බැලුවනෙ දැන් මේ බ්ලොග් පෝස්ට් එක ගැන අනිවා උඹේ අදහස කියහන්. ෆේස්බුක් ගෲප්ස් වල වගේ උඹව බයිට් කරන්න එවුන් මේකෙ නෑ.

එහෙනම් තද ස්ටොප් ලොස් එකක් දාහන්. අපි ගියා. ජය.

Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

Ayubowan Forex Guide  -  මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

AYUBOWAN FOREX මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.


     
Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් කෝටියක් වටින අදහසක් නෙවෙයි කෝටියක් ගොඩදාන්න පුලුවන් අදහසක්.    scalper, inter-day, swing , position කියන හතර විදියටම කරන ට්‍රේඩර්ස්ලා ඉන්න ෆොරෙක්ස් මාර්කට් එකේ 95% ලොස් වෙන්න හේතු මොනවද? strategies අසාර්තකද? accurate එක මදිද? ඉන්ඩිකේර් අවුල්ද?
මේ හැම දේටම උත්තර මේකෙන් ලැබෙයි කියලා හිතනවා
   ඔයාල මේ පිටුව කියවනකොට ෆොරෙක්ස් ගැන මූලික දේවල් ඉහෙන ගෙන ඇති කියලා හිතනවා. ඒක නිසා මන් මට තේරන ෆොරෙක්ස් ගැන මට පුලුවන් විදියට පැහැදිලි කරන්නම්.



  Forex කියන්නේ ලෝකයේ තියෙන ජොබ්ස් වලින් සල්ලි මවන්න පුලුවන් වගේම සල්ලි නැතී කරගන්න පුලුවන් අවදානම් ජොබ් එකක්. ඉතින් මේ අවදානම් ජොබ් එකෙන් සල්ලි හොයන්න හොඳ දැනුමක් ඕනෙමයි. මොන මගුල කරන්නත් මේකෙ වෙන්නෙ මොනවද කියන දේ ගැන පැහැදිලි දැක්මක් තියෙන ඕනෙ. 

Ayubowan Forex Guide - How Forex Works


    අපේ රටේ ඉතින් වාහන හදන්නෙ නෑනෙ. මන් මේ කියන්නෙ ගැරේජ් වල කැඩුණු වාහන හදන කතන්දරයක් නම් නෙවෙයි.. ඉන්දියාවෙන් බයික් ගේනවා කියමු. ඉතින් අපි ඉන්දියාවට, ලන්කාවෙ රුපියල් දීලා හරියන්නෙ නෑනෙ. අපිට වෙනවා මෙහේ රුපියල් භාවිතා කරලා ඉන්දියානු රුපියල් මිලදීගෙන බයික් වෙනුවෙන් ඉන්දියාවට ගෙවන්න. 

   අන්න එතනදි වෙනවා විදේශ මුදල් හුවමාරුව. ඉතින් ඔතන ෆොරෙක්ස් ට්‍රේඩින්ග් වෙනවා. ඒ වෙනුවෙන් ඉන්දියාවට හොඳ ඉල්ලුමක් තියෙන නිසා, ඒ ඉල්ලුමත් එක්ක ඉන්දියාවේ රුපියල් බයි කරන්න ට්‍රේඩර්ලා පෙලඹෙනවා. හැබැයි ඉතින් අපිට ඒක වැදගත් වගේම ඒක මාකට් ප්ලේයර්ටත් වැදගත් වෙන්න ඕනෙ. උන්ට වැදගත් වෙනවද බලන්න වගේම උන් ඒක ගන්නවද බලන් ඉඳලා තමයි අපිත් උන්ගෙ පාරට සෙට් වෙන්න ඕනෙ.

  හිතන්න ඉන්දියානු රුපියල් තියෙන්නෙ අඩියෙම ප්ලේස් එකක. ඉතින් ෆන්ඩමෙන්ටල් බලනකොට අපිට පේනවා අපි බයික් මිලදීගන්න කොට ඉන්දියාවෙ ට්‍රේඩ් බැලන්ස් එක වැඩි වෙනවා. ඉතින් පොඩි අපි ඉන්නවා සෙන්ටිමෙන්ට් චේන්ගෙ වෙනකන්. එහේම් ඉන්නකොට ටෙක්නිකල් වලිනුත් පට්ට පැටන් එකක් පෙන්නනව. ඒ වෙලාවට අපිටත් පුලුවන් ෆොරෙක්ස් මුහුදෙ ඉන්දියානු රුපියල් වලින් මාලු බාන්න. 

     හැබැයි මහ උන්ට උන්ගෙ ඒ වෙනකොටත් සෙලර්ලා මදි වගේ තේරෙනවනම් උන් ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නෙ නෑ. ඒ වෙලාවට ඉතින්, අපි උඹලා වගේ පොඩි උන්, හම්මා පට්ට ප්ලේස් එකක් ආහ්. ෆන්ඩමෙන්ටල් නිව්ස් එකක් එනවා පට්ට සප් එකක මාකට් එක තියෙන්නෙ කියලා බයි කරාට වැඩක් නෑ. ඒ වෙලාවට මාකට් මේකර්ලා ස්ටොප් හන්ට් කරන්න ලොකු ලොට්ස් වලින් සෙල් කරනවා. පස්සෙ සප් එකට යටින් ගොඩක් උන් දාන ස්ටොප් ලොස් එක හිට් කලාට පස්සෙ හිතනවා හම්මා මේක ලොස් වුනා කියන්නෙ මේ මගුල තව යට යයි කියලා. අන්න ඒ වෙලාවෙ ආයෙ අර බ්‍රේක් කරපු සප් එකට යටින් අපේ අයියලා සෙල් කරනවා.
     ඔන්න එතකොට අර මාකට් ප්ලේයර් කියන මාකට් මේකර්ටත් වඩා ලොකු අයියට නත්තල් එනවා. මොකද සප් එකේ හොඳ සෙලර්ල ටිකක් ඉන්නව. ඉතින් ඌ කරන්නෙ අර සෙල් කරපු උන් ලොස් කරවගෙන ට්‍රෙන්ඩ් එක චේන්ග් කරන එක. ෆේකවුට් සහ බ්‍රේකොඋට් හැදෙන්නෙ ඔය නිසා තමයි. වගේම මාකට් මේකරුයි මාකට් ප්ලේයර්ලුයි අරෙන්න 5% ක් විතර ප්‍රොෆිට් කරන්නෙ ඕක නිසයි.

මේක තමයි මන් පුද්ගලිකව ෆොරෙක්ස් කියන්නෙ මොකක්ද කියන එක තේරුම් ගත්තු විදිය.

ඉතින් කඩ්ඩ පොලිශ් කරගෙන ඉවසීම හදාගෙන හෙමින් සැරේ මේ මගුලෙ ගේම් එකත් ප්ලේ කරමු.

Ayubowan Forex Guide - How to trade in Forex

  ට්‍රේඩ් කරනකොට අපි කරන්නේ ඕනම මුදල් ඒකකයක් තවත් ඒකකයකට අනුපාතව මිලදී ගන්න එක. උදාහරනයක් විදියට euro/USD සෙල් කරනවා කියන්නෙ euro එකට අනුපාතව USD මිලදී ගන්න එක. වගෙම බයි කරනව කියන්නෙ USD එකට අනුපාතව euro මිලදී ගන්නවා කියන එක.  එතකොට  අපි කරන්නේ අඩු අගයකදී මිලට අරන් වැඩි අගයකට ආවම ඒක විකුනන එක.

(ඉතින් එහෙම බලනකොට අපි කරන්නේ සිල්ලර වෙලෙන්දෙක් කරන ජොබ් එකම තමයි)
සිල්ලර වෙලෙන්දාත් කරන්නේ අඩු මුදලට අරන් වැඩි මුදලට විකුනලා ලාබ ගන්න එකයි.  සිල්ලර වෙලෙන්දෙක් බඩුවක් ගන්නකොට මොනවද හිතන්නේ?  
* මිල අඩු වෙන්න ඕන.
* ඉල්ලුමක් තියෙන්න ඕනෙ.  වගේ දේවල්.

   අපි මොනවද ෆොරෙක්ස් වල currencies මිලට ගන්න බලන්න ඕනේ. ??   ඒ කියන්නේ entry point එකකට මොනවද බලන්න ඕනේ. ?? ඔතන තමයි ගොඩක් අය හිර වෙන්නේ. සමහර අය trend lines, channel breakout,. support and resistance ලෙවෙල්ස් indicators වගේ එවායින් එන්ට්‍රි ගන්නවා. ඇත්තටම මේක සාර්තකද? ඔව් සාර්තකයි යම් තාක් දුරට. ඒත් එතනින් එහාට ගියපු දෙයක් මේකෙ තියෙනවා.

     ගොඩක් අය කියනවා අපි ට්‍රේඩ් කරනකොට වලට අදාල රටවල් වල ආර්තික සමාජමය වටපිටාව ගැන බලන්න ඕනෙ කියලා. ඒත් එයාල කියන්නේ economic calendar එක බලල නිව්ස් ටයිම් මග අරින්න කියලා විතරයි. ඒත් මන් කියන්නේ නියම Forex trader කෙනෙක් මේ හැම දෙයක්ම බලන්න ඕනේ.

ගොඩක් අය නොදන්න ෆොරෙක්ස් වල රහසක් කියන්නම්. වෙන බ්ලොග් එකක මේ වගේ දෙයක් දැක්කොත් වහාම අටපට්ටමටවත් දැනුම්දෙන්න ඕනෙ.

   රීටේල් ට්‍රේඩර්ස්ලගෙන් 5% කටත් අඩු පිරිසක් විතරක් ප්‍රොෆිට් කරන්න තරම් මේකෙ ඇතුලෙ තියෙන්නෙ මොනවද? එතකොට මේකෙ ලොකුවට ප්‍රොෆිට් කරන්නෙ කවුද? 
    මේකෙ ගොඩක්ම ප්‍රොෆිට් කරන්නෙ මාකට් මේකර්ලා සහ මාකට් ප්ලේයර්ල්ලා. ඉතින් ඔය ගොඩක් දෙනා ට්‍රෙන්ඩ් එක ෆලෝ කරන්න කියලා කියන්නෙ මාකට් ප්ලේයර්ව ෆලෝ කරන්න කියන එක තමයි.

   මාකට් ප්ලේයර්ලා මාකට් එකට ට්‍රේඩ් කරන්න එන්නෙ ලොකු අවධානමක් නැතුව ලොකු ගානක් හම්බ කරන්න. ඉතින් එයාලට ඕනෙ එයාල ප්‍රයිස් එක මිලදීගන්න වෙලාවෙ ඒකට හොඳ වටිනාකමක් තියෙන එක. ඒ කියන්නෙ එයාල බයි කරනකොට මරාගෙන යන්න පුලුවන් තරමෙ හොඳ පොඩි ට්‍රේඩ්ස් ටිකක්. 


   මෙහෙම හිතමු. සපෝර්ට් සහ රෙසිස්ටන්ස් වලදි ගොඩක් අය ට්‍රේඩ් කරනවා. ඉතින් හොඳ සප් එකක් කිට්ටුව ඉන්නකොට මහ උන් බලනවා උන්ට විරුද්ධව ට්‍රේඩ්ස් කරන අයගෙ ට්‍රේඩෙස් වල අනුපාතය. ඒ කියන්නෙ සෙන්ටිමෙන්ට් කතන්දරයක්. ඒව ඉතින් හංගපු ට්‍රේක්ස්. ගොඩක් එවුන් ෆේල් වෙන්නෙ මේ සීන් එක දැනගන්නෙ නැතුව ට්‍රේඩ් කරන්න යන නිසයි.

මගේ සෙන්ටිමෙන්ට් + ටෙක්නිකල් ට්‍රේඩින්ග් ස්ට්‍රැටජි එක මේ අවුලට හොඳ උත්තරයක් හැබැයි තරමක් දුරට විතරයි.



Ayubowan Forex Guide - What we need to learn to Trade Forex

ෆොරෙක්ස් මාර්කට් එක trade කරන්න අපිට ඕනෙ මූලික අවි 3ක්. මේවාට දාන බුලට්ස් ගැනත් කියන්නම්.


chart analysis කරනකොට මේ දේවල් 3 දිහාම බලන්න ඕනේ.
Fundamental ට්‍රෙන්ඩ් එකයි market sentiment වෙනස්වීමෙන් ඇතිවෙන Technical entry එක තමයි මම දැකපු සාර්ථකම එන්ට්‍රි එක. ඉතින් මේ ගැන හිමීට කතාකරමු
මේවා ගැන හිමින් සැරේ කතා කරමු.

එහෙනම් තවත් පෝස්ට් එකකින් එන්නම් පුලුවන් තරම් ඉක්මනට.

පෝස්ට් එක කියවන කෙනෙක් ඉස්සරහට කියවගෙන යන්න වගේම මේ කියවන පෝස්ට් එක ගැනත් ඔයාගෙ අදහස් කියන්න. මොකද අලුත් දෙයක් හම්බවුනොත් මටත් පුලුවන් මේක අප්ඩේට් කරන්න.

Featured Post

Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...