AYUJA MA Pattern Binary Strategy
ඉවසීම දියුණු කරගෙන සාර්ථකත්වයේ ඉහලම තැන 100% තැනට යන්න දරන උත්සහයක තවත් ප්‍රතිපලයක් දැනුම් ගබඩාවට එකතු කරන්න හිතාගෙන පටන් ගන්නවා රීට්‍රේස්මන්ට් සහ කැන්ඩල් පැටන් එකතු කරගෙන ට්‍රේඩ් කරන්න හොඳම උපක්‍රමයක්, AYUJA MA Pattern Binary Strategy.
'Technical trading strategy only'
මේකදි කෙරෙන්නේ මූවින් ඇවරේජ් කිහිපයක් යොදාගෙන පහසුවෙන් ට්‍රෙන්ඩ් එක අඳුනගෙන ඒ පැත්තට එන කැන්ඩල්ස් පැටන් වලට ට්‍රේඩ් කරන එකයි. ෆිබෝ ටූල් එකේ එන ලෙවෙල්ස් වලට කිට්ටු ලයින්ස් තමයි මන් මේකෙදි යොදාගන්නේ. ලෙවෙල්ස් වැඩි වුනාම ඔලුව අවුල් වෙන නිසා මන් කරන්නේ ප්‍රධාන ලයින්ස් දෙකක් යොදාගෙන ට්‍රේඩ් කරන එකයි. හැබැයි කැන්ඩල්ස්ටික් පැටන් වල ට්‍රේඩ් කරන විදියත් ඉගෙනගන්න වෙනවා.
- 8 EMA
- 38 EMA
- 50 EMA කියන ලයින්ස් 3 , 1මින් චාර්ට් එකට දාගන්න ඕනෙ.
8 ema යොදාගන්නේ බ්‍රේකවුට් රීටෙස්ට් අඳුනගන්න.
පාට ටිකක් වෙනස් කලාම තේරුම් ගන්න ලේසි වෙයි කියල හිතුනා. අර ලඟින් යන ලයින්ස් දෙක කඩාගෙන පහල ගියාම ඉතින් ට්‍රෙන්ඩ් බ්‍රේක් එකක් කියලා හිතාගන්න පුලුවන්.
ඔහොම කඩාගෙන උඩ ලයින්ස් ඈත් කරගෙන පහල හෝ ඉහල ගිය වෙලාවක ඉතින් ආයෙ රීට්‍රේස්මන්ට් එකක් එනකම් ඉන්න ඕනෙ. ඒ එන රීට්‍රේස්මන්ට් එකේ අවසානය තමයි මේ ට්‍රේඩින්ග් ස්ට්‍රැටජි එකේ එන්ට්‍රි පොයින්ට් එක.
හැබැයි ඒ එන්ට්‍රි පොයින්ට් කැන්ඩල් පැටන් එක එන්න ඕනෙ අපි දාල තියෙන අනිත් ලයින්ස් දෙක කඩන්නේ නැතුව.
මේ උඩ තියෙන රූපයෙන් පැහැදිලි කරගන්න පුලුවන් වෙයි කියල හිතනවා. කැන්ඩල් පැටන් එකයි මූවින් ඇවරේජ් එකයි දෙකම ලස්සන ට සෙට් වෙන වෙලාවල් මාර්කට් සෙශන් වල ඕන තරම් සෙට් වෙනවා
පාට මාරු වුන ගමන් දාන්නේ නැතුව නියම පැටන් එකක් බලලා දැම්මනම් ගොඩ තමයි. ගොඩක් වෙලාවට Inside bar and Engulfing මේකෙදි හොඳටම වැඩ කරනවා. එක්ස්පයර් ටයිම් එක ට්‍රේඩ් කරන ෆ්‍රේම් එකේ කැන්ඩල් ඉවර වෙන වෙලාවට දාගන්න පුලුවන්.
මේ තියෙන්නේ තවත් එන්ට්‍රි පොයින්ට්ස් කිහිපයක්. ඒ වගේම පැටන් වලදි ට්‍රේඩ් කරන කලාප ගැන තේරුමක් නැත්තම් ගූගල් කරල හොයාගන්න පුලුවන්. මොකද මේකෙදි ටාර්ගට් කරන්නේ තනි කැන්ඩල් එකක් නිසා පොඩි මූව්මන්ට් එකක් වුනත් ගොඩක් වැදගත්.
ජය වේවා






