sponsor

sponsor

Slider

Theme images by kelvinjay. Powered by Blogger.

Recent Blog Posts

Lorem Ipsum has been the industry's standard dummy text.

App Design

Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

Timeline

Timeline

Recent Tube

Business

» »Unlabelled » Forex Trading Secrets | The Truth about Foreign Currency Exchange Trading | Secret Tips To Forex | secret to Forex trading success | Forex Bank Secrets.

Forex Trading Secrets The Bad Truth about Foreign Currency Exchange Trading Sinhala.

Forex Trading Secrets


    Forex Trading Secrets by Ayubowan Forex පෝස්ට් එකත් මගෙ ගොන් මොලේ භාවිතා කරලා ලියන පෝස්ට් එකක් නිසා ලොකු දේවල් ඔලුවට ගන්න එපා. දැනුම ගබඩා කරනවා මිසක් වෙන මගුලක් මේ බ්ලොග් එකේ නෑ. ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන්.  The Truth about Forex Trading Sinhala.



What is Foreign Currency Trading?

ඕකට සරලවම කියනවා කියන්නෙ විදේශ මුදල් හුවමාරුව කියලලු. පුද්ගලිකව ඉඳන් අන්තර්ජාතික වශයෙන් මේක ව්‍යාප්ත වෙලා තියෙනවලු. ඒ වගේම තමයි බැන්කු වගේ ඒවයෙ පොලී අනුපාත අනුව ඒ ඒ රටවල් වල ආයෝජනය කරන එකත් ෆොරෙක්ස් වලට ඇතුලත් වෙනවලු. ඉතින් මේ වගේ රටවල් අතර මූල්‍ය හුවමාරුව තමයි ෆොරෙක්ස් ට්‍රේඩින්ග් කියලා කියන්නේ.

Who Doing The Foreign Currency Trading?

     ෆොරෙක්ස් කරන්නෙ කවුද? උඩ කියපු විශාල වශයෙන් මුදල් ඇති බැන්කු වගේ සමාගම්. රටවල් වලට ප්‍රධාන බැන්කු. අර සිරි ලන්කා මහ බැංකුව වගේ. චීනයෙ ඉන්නවා බලවත්තු මේවට ඔලුව දාන. ඒ වගේම බ්‍රෝකර් සමාගම්. ඒ කියන්නෙ අපි වගේ උන්ගෙ සල්ලි එකතු කරලා මහ උන් එක්ක සෙල්ලම් කරන උන්. බ්‍රොකර්ලා කරන්නෙ අපි දාන බයි එකට සෙල් කරන උන් එකතු කරලා දෙන එකලු. බ්‍රෝකර්ලා ගැන පොස්ට් එකක් වෙනම එවන්නම්.

How Can Do Foreign Currency Trading?

      Forex Market එකේ ගොඩක් වෙලාවට කෙරෙන්නෙ බයර්ලයි සෙලර්ලයි එකතු වෙන එකනෙ. වෙන රටකට යන කෙනෙක් ගොඩක් වෙලාවට එයාර්පෝට් එකට ගිහින් හරි ඒ යන රටේදි දරන්න වෙන වියදම් වලට ඇති වෙන්න තමන්ගෙ රටේ සල්ලි දීලා යන රටේ සල්ලි ගන්නවා. ඕකට Foreign Currency Trading  කියනවලු.

    ඇමරිකාවෙ සමාගමකට ජපානෙන් බඩු ගෙන්න ගන්න ඕනෙ වුනාම ඇමරිකාවෙ උන් කරන්නෙ ඩොලර් විකුනල යෙන් අරගෙන ඒවායින් ඕන කරන බඩු ගෙන්නගන්න එක. ඉතින් ඔතනත් ෆොරෙක්ස් තමයි.  

   හැබැයි ඉස්සර නම් ඒ වගේ ආයෝජන කරන්න පුලුවන් වුනේ ඩොලර් පනස් දාහක් වත් තියෙන උන්ටලු. පස්සෙ අන්තර්ජාල ව්‍යාප්තියත් එක්ක මේක බ්‍රෝකර් සමාගම් හරහා පොඩි පොඩි හුජ්ජ කොල්ලොන්ටත් කරන්න පුලුවන් වුනාලු.  

   තව ඩින්ගෙන් අමතක වෙනවා. චූ කෙල්ලොන්ටත් පුලුවන්නෙ. ලිංග බේදයක් නෑ. ඕන එකෙකට එකියෙක්ට පුලුවන්.

Foreign Currency Trading Secrets by Ayubowan Forex


  හැබැයි ආයුබෝවන් ෆොරෙක්ස් හිතන්නෙ මේක පොඩි උන්ට දුන්නෙත් කපටිකමක් නිසා කියලා. මොකද මහ උන්ගෙ තියෙන රහස් ආයුධ පොඩි උන්ට පෙන්නන්නෙ නෑ. ඉතින් ඒ වුනත් උන් කියනවා ෆන්ඩමෙන්ටල් සෙන්ටිමෙන්ට් ටෙක්නිකල් භාවිතා කරලා ප්‍රොෆිට් කරන්න පුලුවන්ලු. 

   ඉතින් මේක ටිකක් ගැඹුරට යනකොට තේරුනා උඩ කියපු කතාවත් ඇත්ත කියලා. ටෙක්නිකල් ෆන්ඩමෙන්ටල් සෙන්ටිමෙන්ට් වෙන වෙනම ඇනලයිස් කරලා ට්‍රේඩ් කරත් ප්‍රොෆිට් කරන්න පුලුවන්. හැබැයි ඒකෙ තියෙන ගොඩක් උන් නොකියන දේකුත් තියෙනවා. ප්‍රොෆිට් කරන ප්‍රසන්ටේජ් එකට වඩා ලොස් වෙන ප්‍රසන්ටේජ් එක ඒකෙ වැඩියි. 

   ඉතින් ඔය දෙකක් එකතු කරලා ට්‍රේඩ් කරන එකත් ඒ වගේම තුනම එකතු කරලා ට්‍රේඩ් කරත් ලොස් වෙන ප්ලේසස් තියෙනවා. 

The secret Market Makers and Market Players.


    ආයුබෝවන් ෆොරෙක්ස් මේ මාකට් එකෙත් ප්‍රධාන මූව් දෙක ඒ කියන්නෙ ට්‍රෙන්ඩ් එකයි රීට්‍රේස්මන්ට් එකයි දකින්නෙ මාකට් ප්ලේයර් සහ මාකට් මේකර් විදියට. 

The secret weapon that market Makers and Market Players.

Who is the Market Player?


    මාකට් ප්ලේයර් විදියට මන් දකින්නෙ, මාකට් එක මේන් ට්‍රේන්ඩ් එකේ රන් කරන අය. මෙයාලා කරන්නෙ ලෝන්ග් ටර්ම් බලලා මාකට් එකේ ඉන්වෙස්ට් කරන එකයි. ඒක තමයි මේන් ට්‍රෙන්ඩ් එක. මුන්ට තියෙන ලොකුම ආයුධය තමයි, අනිත් ට්‍රේඩර්ස්ලව මොනිටර් කරන එක. උන්ගෙ ට්‍රේඩ්ස් දාල තියෙන ප්ලේස් ස්ටොප්ලොස් ටේක් ප්‍රොෆිට් දාපු ප්ලේසස් එහෙම මුන් හොඳට දන්නවා.

Who is the Market Maker?


   මාකට් මේකර් කියන්නෙ මාකට් එක රීට්‍රේස් කරන කෙනාටයි. මෙයාල කරන්නෙ මාකට් එකේ රීට්‍රේස්මන්ට් බලලා ට්‍රෙන්ඩ් එකට පිට පැත්තට ට්‍රේඩ් කරන එක. හැබැයි මාකට් එකේ මේ දෙගොල්ලො හැසිරෙන්නෙ වෙනස් විදියකට. අනිත් ට්‍රේඩර්ස්ලව මොනිටර් කරන එක තමයි මෙයාලගෙත් තියෙන ලොකුම ආයුධය. 

    අපිටත් ඒ ආයුධයම තියෙනවා කියලා මන් කිව්වොත් ඔයා අහයි, ඒ මොකක්ද බොල ඒ කියලා. ඇයි කොට් රිපෝර්ට් එක, ෆන්ඩමෙන්ටල් සෙන්ටිමෙන්ට් බලලා ටෙක්නිකල් එන්ට්‍රි ගන්න කියලා මගේ මේන් පෝස්ට් එකෙනුත් කිව්වෙ ඒක නිසා තමයි. 


ඉතුරු ටිකත් කියවහන්කො

The Different Between Market Maker and Market Player. 


      මාකට් ප්ලේයර්ලා කරන්නෙ මාකට් එක හොඳම තැනකට එනකන් ඉඳලා තමන්ට සෙට් වෙන ප්ලේස් එක තෝරගෙන ට්‍රේඩ්ස් වලට එන්ටර් වෙන ඒකයි. හැබැයි ඒක වෙන්නත් උන්ට ඕන කරන තැනට ආවාම විතරක් නෙවෙයි, උන්ට ඕන කරන ඉන්වෙස්ටර්ලා ප්‍රමාණයත් බලනවා.

    මාකට් මේකර්ලත් කරන්නෙ ඔය විදියෙ දෙයක්ම තමයි උන් ට්‍රේඩ් කරන්නෙත් මාකට් ප්ලේයර්ලගෙ ට්‍රේඩ් කරන පියවරල් පොඩි ට්‍රේඩර්ලා අඳුනගෙන ඒ පැත්තට ට්‍රේඩ් කරනකොට, ඒ ට්‍රේඩර්ලට අගේන්ස්ට් ට්‍රේඩ් කරලා පොඩි උන්ව ලොස් කරන්න බලන එක තමයි. 

   හැබැයි මාකට් මේකර්ලටත් ඒක කරන්න පුලුවන් ප්‍රමාණයක් තියෙනවා. ඉතින්, උන්ගෙ ලිමිට්ස් කැල්ක්යුලේට් කරන්න පුලුවන් ඉන්ඩියක් වත් හෙව්වා. හම්බවුනේ නෑ. මන්  දාපු එලියොට් වේව් තියරි පෝස්ට් එකේ තියෙන රූල්ස් ටික බලනකොට උන්ට ලිමිටේශන්ස් තියෙනවා කියන දේ නම් ඔයාගෙ ඔලුවට එන්න පුලුවන්.



The Biggest Secret - The Death Zone Of  Forex Market.


    අපේ උන්ට වරදින තැනක් තියෙනවා. අපි වගේම මහ උනුත් ගන්නෙ එක කරන්සියක් තමයි. ආයෝජනය කරන්නෙ එක කරන්සියකට විතරයි. ඒකත් ලෝන්ග් ටර්ම් යන එකක්. ඉතින් එහෙම කලොත් අනිවා ඒ කරන්සිය තියෙන සේරම පෙයාර්ස් උඩ යන්න ඕනෙ. ඉතින් ඔන්න ඔහොමයි The Death Zone of Forex Market හොයාගත්තෙ. 

   ඒකෙ වීඩියෝ එකක් ඇති නෙට් එකේ වෙන කොහෙන්වත් හම්බවෙන එකක් නම් නෙවෙයි. ලොවෙත් නැති ෆොරෙක්ස් වීඩියෝ එකක් තමයි ඒ. හැබැයි ඉතින් සවුන්ඩ් වල අවුලක් තියෙනවා. ට්‍රයි කරලා බලහන්. ඒ වගේ තමයි අපේ රටේ ඉන්න එවුන්ට ඇරෙන්න වෙන කිසිම රටක එකෙක්ට මේ වගේ දේවල් පිට කරන්නෙ නැති වෙන්න මේක කියවන උඹලා වග බලාගන්න ඕනෙ.


   Forex Trading Currency Correlations Sinhala.


    මන් නම් දකින්නෙ ඕක වෙන්නෙ. මෙහෙමයි. ඩොලර් එක මාසෙකට කලින් නගින්න පටන් ගත්තා කියහන්කො. පස්සෙ ආයෙ අලුත් ට්‍රේඩ් එකක් විදියට යුරෝ එකත් නගින්න පටන් ගන්නවා. ඒ වෙනකොට ඩොලර් එක ඕල් රෙඩි අප් වෙලා තියෙන්නෙ. ඉතින් රීට්‍රේස්මන්ට් එන්න ගන්නකොට යුරෝ ස්ට්‍රොන්ග් වෙනකොට ට්‍රේඩර්ලා අත ඇරලා දාන්න පටන් ගත්තු පවුම පොඩ්ඩක් නගින්න පටන් ගන්නවා. ඉතින් ඔය විදියට කරන්සි කොරලේශන් ඇති වෙනවා.

The Different Between Market Maker and Market Player.

   ඔය වෙලාවට එන ෆේක් මූව් වලට අහු වෙලා තමයි ගොඩක් පොඩි උන් කෙලවගන්නෙ. ඔලුව අවුල් වෙනවා. එහෙන් මෙහෙන් ට්‍රේඩ් කරලා පිප්ස් තිහ හතලිහට ක්ලෝස් කරලා දාපු ගමන් මාකට් එක රියල් ට්‍රේන්ඩ් එකේ යනව.


Final Note. 

  ඉතින් ඔය උඩ කියවගෙන ආපු කොරලේශන් එක්ක ඩෙත් සෝන් එකත් එකතු කලාම මාකට් එකේ නියම රිදම් එක තේරුම් ගන්න පුලුවන්. ඒ කියන්නේ අප් වෙන තැන් ඩවුන් වෙන තැන් වගේ දේවල්.

    ෆන්ඩමෙන්ටල් බැරි උන්ට, පුලුවන් උනත් සෙන්ටිමෙන්ට් චේන්ජ් වෙනකන් ඉන්න බැරි මන් වගේ එවුන් නිසා තමයි මන් උඩ කියපු ඩෙත් සෝන් එකයි මාකට් රිදම් එකයි මූවින්ග් ඇවරේජ් ගෝල්ඩන් ක්‍රොස් එකයි ඩයිවර්ජන්ස් සේරම එකතු කරලා ටෙකිනිකල් ස්ට්‍රැටජි එකක් හදාගත්තෙ. 

   යුඩේමි එකේ ලඟදිම එයි කෝස් එකක් විදියට. හැබැයි සුද්දොන්ට මේක විකුණන්න යන ගානට උන් මේක ගනීද දන්නෙ නෑ. ලොවෙත් අපෙ උන් ගන්නෙ නෑ ඒ ගානට ගන්නත් බැරි වෙයි. 

   ඒක නිසයි මේ රහස් වට්ටෝරුව මේ මගුලෙ පිස්සු බ්ලොග් එකට දැම්මෙ. උඹටත් මන් කියන දේ සුවර් නම් මේ දේවලුත් උඹේ ස්ට්‍රැටජි එකට එකතු කරගනින්.

   එකම කරන්සියක් එක්ක තියෙන අනිත් ගොඩක් පෙයාර්ස් වලින් එකම වෙලාවෙ ගත්තු එන්ට්‍රිස් වල ස්නැප්ශොට්ස් මන් මගේ ෆේස්බුක් පේජ් එකේ හිටපු ගමන් පෝස්ට් කරනවා. ඉතින් පේජ් එක වෙනස් කලා අලුත් පේජ් එකටත් ලයික් පාරක් දාහන්.


Forex Trading Secrets by Ayubowan Forex


      රහස් ටික සේරම ඉවරයි. බ්ලොග් එක පිලිවෙලකට හදන්න කියලා ගොඩක් උන් ඉල්ලීම් කලා. මේ බ්ලොග් එක හදන්න මට ඔයාලගෙ උදව් ඕන කරනවා. බ්ලොග් එකට එකතු වෙන්න ඕන ටොපික්ස් ටික මට කොමෙන්ට්ස් වලින් හරි අබවුට් මී පේජ් එකේ තියෙන ලින්ක්ස් වලින් හරි මාව කන්ටැක්ට් කරගෙන මට කියන්න. ලේඅවුට් එක සකස් වෙන්න ඕන විදිය එහෙම ගැන තියෙන අයිඩියාස් එහෙමත් එවහල්ලා.

මමත් ගොඩක් දේවල් දන්නෙ නෑ. ඒත් දන්න දේවල් නම් එකතු කරන්න පුලුවන්. 


ගොඩක් වෙලා ගියා. 
එහෙනම් ජය වේවා.

«
Next
Newer Post
»
Previous
Older Post

3 Comments:

Featured Post

Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...