How To Place Stop Loss And Take Profit Perfectly When Trade
How To Place Stop Loss And Take Profit Perfectly When Trade
ට්‍රේඩ් එක දැම්මා කියහන්කො දැන් ඉතින් stop loss , take profit දාන්නේ කොහොමද? ආයෙ හිරවුනා. ඒක කරන්නේ මෙහෙමයි. අපි දන්නවා දැන් ට්‍රේඩ් එක open කරන්නේ support හරි resistance හරි එකකින් පටන් ගන්න candlestick or chart pattern signal එකක් බලලා කියලා. How To Trade with support and resistance levels පෝස්ට් එක මෙතනින් බලන්න
ඔයාට ට්‍රේඩින්ග් සිස්ටම් එකක් නැත්තම් මේ තියෙන සිස්ටම් 3 ටෙස්ට් කරලා බලන්න. පහලින් තියෙන නම් වලින් ඔයාට පොස්ට් එකට යන්න පුලුවන්
1 NEWS TRADING STRATEGY
2 FIBONACCI TRADING STRATEGY
3 CANDLE STORY SCALPING STRATEGY
Sell Trade How to place stop loss / take profit.
ඔයාල දැන් sell කරලා තියෙන්නේ stop loss දාන්න විදියක් තියෙනවා. එන්ට්‍රි ගත්තු Resistance level එකට 5 pips උඩින් සෙල් එකකට Stop loss දාන්න පුලුවන්. Take profit දාන්න විදි දෙකක් තියෙනවා. හැබැයි ඒක තමන්ගෙ trading style එකත් එක්ක වෙනස් වෙනවා. Scalper හෝ inter-day නම් එකක් තමයි ලඟම තියෙන lower low එකකට හරි minor or short term support level එකකට හරි take profit එක දාන්න පුලුවන්. එත් ඔයා swing හරි position හරි ට්‍රේඩර් කෙනෙක් නම්, ඒ කියන්නේ ලොකු කාලයක් ට්‍රේඩ් එක අල්ලන් ඉන්නවනම් ස්ට්‍රොන්ග් ම structure or support ලෙවෙල් එකකට take profit දාන්න ඔනේ. මොන මගුලෙ විදියට take profit දැම්මත් ඔලුවෙ තියාගන්න දෙයක් තියෙනවා. ඒක තමයි spread එක. Target level එකෙන් spread එක අඩු කරලා තමයි ඔයාගෙ නියම Take profit ලෙවෙල් එක තියෙන්න ඔනෙ
Buy Trade How to Place Trade stop loss / take profit
ඔයාල දැන් buy කරලා තියෙන්නේ stop loss දාන්න විදියක් තියෙනවා. එන්ට්‍රි ගත්තු Support level එකට 5 pips යටින් buy එකකට Stop loss දාන්න පුලුවන්. Take profit දාන්න විදි දෙකක් තියෙනවා. හැබැයි ඒක තමන්ගෙ trading style එකත් එක්ක වෙනස් වෙනවා. Scalper හෝ inter-day නම් එකක් තමයි ලඟම තියෙන higher high එකකට හරි minor or short term resistance level එකකට හරි take profit එක දාන්න පුලුවන්. එත් ඔයා swing හරි position හරි ට්‍රේඩර් කෙනෙක් නම්, ඒ කියන්නේ ලොකු කාලයක් ට්‍රේඩ් එක අල්ලන් ඉන්නවනම් ස්ට්‍රොන්ග් ම structure or resistance ලෙවෙල් එකකට take profit දාන්න ඔනේ. මොන මගුලෙ විදියට stop loss දැම්මත් ඔලුවෙ තියාගන්න දෙයක් තියෙනවා. ඒක තමයි spread එක. target level එකෙන් spread එක අඩු කරලා තමයි ඔයාගෙ නියම Take profit ලෙවෙල් එක තියෙන්න ඔනෙ
placing sl and tp with swing high and swing low
තවත් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ස්වින්ග් හයි සහ ස්වින්ග් ලෝ වලට ට්‍රේඩ් කරන එක. පහල රූපය ඒක අඳුන ගන්න උදව්වක් වෙයි කියල හිතෙනවා. හැබයි මේක ටිකක් අවදානම් වැඩියි. මොකද මේකෙන් අපේ රිස්ක් එක අඩු කරගන්න බෑ. මේ රූපයේ තියෙන විදියට ස්වින්ග් කලාප වල ට්‍රේඩ් කරනකොට ස්ටොප් ලොස් එක ට්‍රේඩ් කරන ස්වින්ග් එක නෙවෙයි ඊට යටින් තියෙන ස්වින්ග් එක භාවිතා කරනවනම් ඔයාට ලොකු වාසියක් වෙයි. ටික දවසක් ඩෙමො කරනකොට මේ ටික ඔලුවට දාගන්න පුලුවන් වෙයි.
ඔයාලට අලුතින් දාන්න ඕනේ කියලා හිතෙන පෝස්ට් එහෙම තියෙනවනම් කොමෙන්ට් එකකින් ඒක කියන්න. බ්ලොග් එක ෆලෝ කරන්න කැමති නම් බුකියේ පිටුවටත් ලයික් එකක් දාන්න. එහෙම නොකලා කියලා තරහකුත් නෑ. ඔයාට ඉක්මනින් ඉගෙනගන්න ඕන කරන පෝස්ට් ගැන කියන්න. මට තේරෙන විදියට මන් දන්න දෙයක් නම් ඔයාලට කියලා දෙන්නම්
එහෙනම් අදට හමාරයි ආයෙම අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු.
අපි ගියා ජය වේවා.
Tag: Forex basic Stop Loss Technical analysis සිංහල ෆොරෙක්ස්
good
ReplyDeleteniyamai
ReplyDeleteEla ela supiri wedak
ReplyDeleteEla ela supiri wedak
ReplyDeleteNiyamai thankq jayawewa
ReplyDelete