sponsor

sponsor

Slider

Theme images by kelvinjay. Powered by Blogger.

Recent Blog Posts

Lorem Ipsum has been the industry's standard dummy text.

App Design

Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

Timeline

Timeline

Recent Tube

Business

Fundamental Analysis
Fundamental Analysis

What is fundamental Analysis    

   Forex මාර්කෙට් එකෙ සිල්ලර වෙලෙන්දො විදියට ඉන්න අපි, රටකට අදාල් මුදල් මිලදී ගන්නකොට ඒ රටේ ආර්තිකය අඩු අගයක තියෙනවාද බලන්න ඕනේ. ඒ වගේම ඒ එකට ඉල්ලුමක් එන දේවල් ගැන අවදානයෙන් ඉන්න ඕනේ. සරලවම කිව්වොත් ඕක තමයි Fundamental Analysis කියන්නේ

Different of Fundamental trading and News trading

    ඉස්සෙල්ලම කියන්න දෙයක් තියෙනවා. Fundamental trading එකයි news trading එකයි කියන්නේ දෙකක්. news එකක් තියෙන වෙලාවට කරන්නේ news trading වගේම නිව්ස් වල බලපෑම එක මත trade කරන එකට කියන්නෙ fundamental trading කියලා


මේ වෙනස්වීම් බලන්නත්  බලන්නත් රටවල් වලටම ජාත්‍ය්න්තරව සම්මත උන indicators වගයක් තියෙනවා


 Economic Indicators

1  Employment status

  • jobless claims (වැඩි වෙනකොට ආර්තිකය weak වෙනවා)
  • Payrolls  (වැඩි වෙනකොට ආර්තිකය strong වෙනවා)
  • Average hourly earning  (වැඩි වෙනකොට ආර්තිකය strong වෙනවා)

2  Rate of inflation (වැඩි වෙනකොට ආර්තිකය strong වෙනවා)

3  GDP gross domestic product (වැඩි වෙනකොට ආර්තිකය strong වෙනවා)

4  Govt changes war .etc,  (හරියට brexit වගේ)


මෙවායෙ වෙනස් වීම් වලින් මාර්කට් එකට එන බ්යර්ලා ගැන දල අදහසක් ගන්න පුලුවන්.


Central Bank

මේවායෙ මොකක් හරි අවුලක් උනොත් ඒ කියන්නේ එක පාර කඩන් වැටෙන තත්වයක් වගේ ආවොත් පොඩ්ඩක් එහා මෙහා කරල බැලන්ස් කරන්නත් ඕනම රටකට කෙනෙක් ඉන්නවා. එයා තමයි central bank එක. ඔය කියපු central bank එකෙත් තියෙනවා tools වගයක් මේ දේවල් වල බලපෑම අවුල් ආවොත් එහෙ මෙහෙ කරන්න.


Central Bank Tools


Interest rate

Price limit

QE (Quantitative easing)


Language

මේකෙන් කියවෙන්නේ භාශාව ගැන. භාශාවෙත් කොටස් දෙකක් තියෙනවා.
Hawkish and dovish කියලා. Hawkish කියන්නේ අපි මේක කරනවා කියලා පැහැදිලිව කියන එකට. dovish කියන්නේ අපි මේක් කරන්න බලාපොරොත්තු වෙනවා වගේ වැනි වැනී කියන කතා වලට,

Economic Calendar ඔය දේවල් කරන වෙලාවල් බලාගන්න යොදාගන්න පුලුවන්. මොකද මේවා කරන්න නියමිත දවසක් වගේම වෙලාවක් තියෙනවා


(හරියටUSD NFP එක හැම මාසෙම 1 වෙනි සිකුරාදා හවස එනවා වගේ)

සාමාන්යෙන් central bank එක අර economic indicators වල අවුල් සමතයක් කරන්නේ එක වරකට එකක් පමණයි.
ඒ කියන්නේ රටක GDP එකයි Inflation rate එකයි දෙකම අවුල් නම් එක කරන්නේ නිව්ස් වෙලාවට අර දෙකෙන් එකක විතරක් අවුල අඩු කරන්න උත්සහ කරන එකයි.

මේවායෙ බලපෑම නිසා පිප්ස් 100 සිට 1000 දක්වා මාර්කට් එක එහා මෙහා යන්න ඉඩ තියෙනවා. එහෙම වෙන්නේ මේ බලපෑම් නිසා මාර්කෙට් එකට එන බ්යර්ලා නිසයි.

නිව්ස් බලන්න ගොඩක් අය රෙකමන්ඩ් කරන ස්යිට්ස් තමයි
www.forexfactory.com   කියන්නේ

news  බලලා තීරනය කරන්න ඕනේ ඒ රටේ ආර්තික තත්වය මොන වගේ වෙයිද කියලා. calendar එකේ තියෙන දේවල් විස්තර කරලා කියන සයිට්ස් තියෙනවා.

වගේම පිප්ස් පාසල් මහ ගෙදර  

Currency Correlation

 Currency Correlation කියලා කොටසක් තියෙනවා. Gold, aud currency එකට බලපෑම් ඇති කරනවා. අයෙ තෙල් මිල USD/cad එකට බලපෑම් ඇති කරනවා.
තෙල් මිල එකට බලපෑම් ඇති කරන්නේ දවසකට බොරතෙල් බැරල් 2000ක් කැනඩාවෙන් USA වලට යවන නිසා.

මුදල් ඒකක වලත් එකෙන් එකට වෙනස් correlation ඇති කරනවා. ඒකෙන් අපිට හොඳම Pair එක හොයාගන්න පුලුවන්. ඒකත් බලන්න සයිට් එකක් දෙන්නම්.




Fundamental correlations ගැනත් පෝස්ට් එකක් දාන්න තියෙනවා. ඒක ටිකක් ලොකු එකක් වෙනමම දාන්නම්

එතකොට fundamental analysis කතන්දරේ මේකෙන් ඉවරයි. ඉවරයි කියන්නේ මට තේරෙන විදියට කියලා දීලා ඉවරයි

අපි ෆොරෙක්ස් මාර්කෙට් එකේ ඉන්න හාල් මැස්සො වගේ. 0.1න් $1න් ට්‍රේඩ් කරලා අපිට බෑ forex market එකේ pip එකක් එහා මෙහා කරන්න. ඉතින් අපි කරන්න ඕනෙ

මාර්කට් එකට එන buyr ල යන පාරෙ යන්න. එයාලගෙ වැල යන අතට අපේ මැස්ස ගහන්න. ඔය නිසයි මාර්කට් සෙන්ටිමෙන්ට් වැදගත් වෙන්නේ.

Featured Post

Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...