sponsor

sponsor

Slider

Theme images by kelvinjay. Powered by Blogger.

Recent Blog Posts

Lorem Ipsum has been the industry's standard dummy text.

App Design

Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

Timeline

Timeline

Recent Tube

Business

Gross Domestic Product News Analysis | Forex Trading Sinhala

Gross Domestic Product (GDP) News Analysis

Gross Domestic Product News Analysis

කලින් දාපු පෝස්ට් එකක අපි NFP නිව්ස් එක Predict කරන්නේ කොහොමද කියලා බැලුවා. නොබලපු අය බලන්න How To Analysis Non-Farm Payroll. මේ පෝස්ට් එකෙන් Gross Domestic Product එහෙමත් නැත්තම් GDP News එක Analysis කරන්නේ කොහොමද කියලා බලමු

What Is Gross Domestic Product?

     GDP කියන්නේ යම් කිසි කාලයක් ඇතුලත යම් රටක භාන්ඩ සහ සේවා වල වටිනාකම නිකුත් කරන නිව්ස් එකක්. ප්‍රධාන වශයෙන්ම කිව්වොත් මේකෙන් කෙරෙන්නේ නිශ්පාදන තත්වයන් කොහොමද කියලා බලන එක. GDP Strong නම් නිශ්පාදනයන් ඉහල යනවා. ඒ වගේම Weak නම් ඒ කාලෙට එන්නේ නිශ්පාදනයන් දුර්වල වෙලා කියලා තමයි. මේක lagging indicators කියන කොටසට අයත්. මොකද මේකෙන් කියවෙන්නේ පහුගිය කාලය තුල ඒ ඒ රටවල් තුල සිදුවුන නිශ්පාදන වෙනස් වීම් තමයි. මේක නිකුත් වෙන්නේ මාස 3කට සැරයක්. ඒත් වසරකට වරකුත් මේ නිව්ස් එක නිකුත් වෙනවා ජනවාරි මාසයේ. ජනවාරි මාසයේ මාර්කට එක පොඩ්ඩක් අවුල් වගේ එහා මෙහා යනවා ඔයාල දැකලා ඇති. එහෙම වෙන්නේ වාර්ශිකව නිකුත් වෙන මේ වගේ නිව්ස් නිසා මාර්කට එකට බ්යර්ලා හා සෙලර්ලා එන විදිය වේගයෙන් වෙනස් වෙන නිසා.

How To Analysis Gross Domestic Product


GDP positive නම් ඒ රටේ ආර්තිකය ශක්තිමත් වෙනවා කියලා අදහසක් ගන්න පුලුවන්. මොකද නිශ්පාදන තත්වයන් ඉහල යනවා කියන්නේ එයාලගේ Inflation Targets Cover කරගන්න පුලුවන්. ඒ වගේම පොලී අනුපාතික වැඩි කරන්න මහ බැංකුව Inflation targets යොදාගන්නවා කියලා මතක තියාගන්න එක ඔයාලට හොඳයි. ඒක මම Fundamental Analysis පෝස්ට් එකෙත් දාල තියෙනවා. ඒකත් මෙතනින් බලන්න. Fundamental Analysis.

 පහුගිය කාර්තුවට වඩා මේ කාර්තුවේ Gross Domestic Product නිව්ස් එක ස්ට්‍රොන්ග් නම් ඒ කියන්නේ ඒ රටට අදාල මුදල් ඒකකය මිලදී ගන්න පුලුවන්. Fundamental තියෙන පැත්තටම Technical Analysis  වලින් එන්ට්‍රි එක අරන් ස්ටොප් ලොස් සහ ටේක් ප්‍රොෆිට් දාන්න. නිවැරදිව ස්ටොප් ලොස් සහ ටේක් ප්‍රොෆිට් දාන්නේ කොහොමද කියලත් පෝස්ට් එකක් තියෙනවා. බැලුවේ නැත්තම් බලන්න.

එහෙනම් තවත් පෝස්ට් එකකින් එන්නම් පුලුවන් තරම් ඉක්මනට
අවුල් තැන් අවොත් වගෙම හොඳ නරකගැන අදහසක් දෙන්න ඒක වටිනවා

එහෙනම් අපි ගියා ජය වේවා.

How to analysis Non Farm Payroll | Fundamental corrections

How to analysis Non-Farm Payroll | Fundamental corrections Sinhala

Non Farm Payroll

   
 Non Farm Payroll නිව්ස් එක ගැන පොඩ්ඩක් බලමුද? 

What is NFP

     NFP කියන්නේ ෆොරෙක්ස් මාර්කට් එකේ ට්‍රේඩර්ස්ලා ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න නිව්ස් එකක්. මේ නිව්ස් එකෙන් කියන්නේ කොච්චර ජොබ්ස් ප්‍රමණයක් ඒ රටේ ඇතිකරලා තියෙනවද කියලා හැම මාසෙම පලමු වෙනි සිකුරාදා තමයි මේක රිලීස් වෙන්නේ. ඉකොනොමික් කැලැන්ඩරේ බැලුවොත් නිකුත් වෙන වෙලාව බලාගන්න පුලුවන්.
මේක අයිති වෙන්නේ ෆන්ඩමෙන්ටල් වල කොරලේශන් කොටසට. මේ වගේ තව ටිකක් තියෙනවා හිමිහිට දෙන්නම්. බ්ලොග් එක ෆලෝ කරන්න

    මම කලින් කිව්වා නිව්ස් ට්‍රේඩින්ග් සහ ෆන්ඩමෙන්ටල් ට්‍රේඩින්ග් කියන්නේ දෙකක් කියලා. ඒ පොස්ට් එක මෙතනින් බලන්න පුලුවන්.

     එහෙනම් මේ මගුලත් අනල්යිසිස් කරන්න ට්‍රයි එකක් දෙමු.

NFP නිව්ස් එක Analysis කිරීම සඳහා අපට ඕනෙ වෙනවා තවත් නිව්ස් 3ක්

  • ISM manufacturing PMI
  • ADP Jobs report
  • Unemployment claims

ISM manufacturing PMI 

.
            ISM manufacturing PMI (Purchasing manufacturing index) නිව්ස් එකෙන් ලොකු බලපැමක් වෙනවා nfp එකට මේක ඉතාම වැදගත් නිව්ස් එකක්.

ADP jobs report.


     මේකෙන් කියන්නේ පුද්ගලික අංශයෙන් කොච්චර විතර ජොබ්ස් ප්‍රමානයක් දීලා තියෙනවද කියලා. මේ නිව්ස් එක 160k ට වැඩිනම් Non-farm payroll නිව්ස් එක පොසිටිව් විදියට එන්න තියෙන ඉඩ වැඩියි

Unemployment claims


 මේක සතිපතා එන නිව්ස් එකක් සති 4ක් එක දිගට මේ නිව්ස් එක පොසිටිව් විදියට ආවොත් අපිට නිගමනය කරන්න පුලුවන් NFP එක පොසිටිව් වෙයි කියලා.

How to analysis Unemployment rate

   මේ 2න් අදහසක් ගන්න පුලුවන්. Unemployment rate එක මොනවගේ වෙයිද කියලා
challenger job cut report. මේක පොඩි නිව්ස් එකක් ඒත් එකෙනුත් Unemployment rate එකට බලපෑමක් කරනවා.
Personal spending, හොඳයි නම් එක පොසිටිව් වෙන්න ඉඩ තියෙනවා. Personal spending වැඩි නම් ආර්තිකයට බලපෑම් කරන්න පුලුවන් ඉඩ වැඩියි. මොකද මිනිස්සු බිස්නස් වලට වැඩියෙන් වියදම් කරනවනම් ඒ මොකක් හරි යටි අරමුණක් නිසා තමයි.
මේ දෙක එකතු කරල unemployment rate එක ගැන දල අදහසක් ගන්න පුලුවන්. මොකද unemployment rate එක NFP එකට බලපාන නිසා.
ISM manufacturing PMI. , ADP Jobs Report, unemployment claims 3 ම හොඳනම් අපි ඇනලයිසිස් කරන NFP පට්ට ස්ට්‍රොන්ග් වෙයි කියලා හිතන්න පුලුවන්. ඒ වගේම ඒ නිව්ස් තුනේ වෙනස් වීම් අනුව මේ නිව්ස් එකේ වෙනස් වීම් අඳුනගන්න පුලුවන්. ඉස්සරහට Analysis එක කරලා ඒක පෝස්ට් එකක් විදියට දාන්න බලාපොරොත්තු වෙනවා.

  Analysis කලා වගේ ට්‍රේඩ් කරන්නත් එපැයි. එහෙනම් මේ තියෙන News Trading strategy  පෝස්ට් එකත් අනිවා කියවන්න.


 දිගටම එල්ලිලා ඉන්න. අඩුපාඩු වගේම හොඳ නරක කියන්න.
ජය වේවා.

Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

Ayubowan Forex Guide  -  මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

AYUBOWAN FOREX මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.


     
Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් කෝටියක් වටින අදහසක් නෙවෙයි කෝටියක් ගොඩදාන්න පුලුවන් අදහසක්.    scalper, inter-day, swing , position කියන හතර විදියටම කරන ට්‍රේඩර්ස්ලා ඉන්න ෆොරෙක්ස් මාර්කට් එකේ 95% ලොස් වෙන්න හේතු මොනවද? strategies අසාර්තකද? accurate එක මදිද? ඉන්ඩිකේර් අවුල්ද?
මේ හැම දේටම උත්තර මේකෙන් ලැබෙයි කියලා හිතනවා
   ඔයාල මේ පිටුව කියවනකොට ෆොරෙක්ස් ගැන මූලික දේවල් ඉහෙන ගෙන ඇති කියලා හිතනවා. ඒක නිසා මන් මට තේරන ෆොරෙක්ස් ගැන මට පුලුවන් විදියට පැහැදිලි කරන්නම්.



  Forex කියන්නේ ලෝකයේ තියෙන ජොබ්ස් වලින් සල්ලි මවන්න පුලුවන් වගේම සල්ලි නැතී කරගන්න පුලුවන් අවදානම් ජොබ් එකක්. ඉතින් මේ අවදානම් ජොබ් එකෙන් සල්ලි හොයන්න හොඳ දැනුමක් ඕනෙමයි. මොන මගුල කරන්නත් මේකෙ වෙන්නෙ මොනවද කියන දේ ගැන පැහැදිලි දැක්මක් තියෙන ඕනෙ. 

Ayubowan Forex Guide - How Forex Works


    අපේ රටේ ඉතින් වාහන හදන්නෙ නෑනෙ. මන් මේ කියන්නෙ ගැරේජ් වල කැඩුණු වාහන හදන කතන්දරයක් නම් නෙවෙයි.. ඉන්දියාවෙන් බයික් ගේනවා කියමු. ඉතින් අපි ඉන්දියාවට, ලන්කාවෙ රුපියල් දීලා හරියන්නෙ නෑනෙ. අපිට වෙනවා මෙහේ රුපියල් භාවිතා කරලා ඉන්දියානු රුපියල් මිලදීගෙන බයික් වෙනුවෙන් ඉන්දියාවට ගෙවන්න. 

   අන්න එතනදි වෙනවා විදේශ මුදල් හුවමාරුව. ඉතින් ඔතන ෆොරෙක්ස් ට්‍රේඩින්ග් වෙනවා. ඒ වෙනුවෙන් ඉන්දියාවට හොඳ ඉල්ලුමක් තියෙන නිසා, ඒ ඉල්ලුමත් එක්ක ඉන්දියාවේ රුපියල් බයි කරන්න ට්‍රේඩර්ලා පෙලඹෙනවා. හැබැයි ඉතින් අපිට ඒක වැදගත් වගේම ඒක මාකට් ප්ලේයර්ටත් වැදගත් වෙන්න ඕනෙ. උන්ට වැදගත් වෙනවද බලන්න වගේම උන් ඒක ගන්නවද බලන් ඉඳලා තමයි අපිත් උන්ගෙ පාරට සෙට් වෙන්න ඕනෙ.

  හිතන්න ඉන්දියානු රුපියල් තියෙන්නෙ අඩියෙම ප්ලේස් එකක. ඉතින් ෆන්ඩමෙන්ටල් බලනකොට අපිට පේනවා අපි බයික් මිලදීගන්න කොට ඉන්දියාවෙ ට්‍රේඩ් බැලන්ස් එක වැඩි වෙනවා. ඉතින් පොඩි අපි ඉන්නවා සෙන්ටිමෙන්ට් චේන්ගෙ වෙනකන්. එහේම් ඉන්නකොට ටෙක්නිකල් වලිනුත් පට්ට පැටන් එකක් පෙන්නනව. ඒ වෙලාවට අපිටත් පුලුවන් ෆොරෙක්ස් මුහුදෙ ඉන්දියානු රුපියල් වලින් මාලු බාන්න. 

     හැබැයි මහ උන්ට උන්ගෙ ඒ වෙනකොටත් සෙලර්ලා මදි වගේ තේරෙනවනම් උන් ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නෙ නෑ. ඒ වෙලාවට ඉතින්, අපි උඹලා වගේ පොඩි උන්, හම්මා පට්ට ප්ලේස් එකක් ආහ්. ෆන්ඩමෙන්ටල් නිව්ස් එකක් එනවා පට්ට සප් එකක මාකට් එක තියෙන්නෙ කියලා බයි කරාට වැඩක් නෑ. ඒ වෙලාවට මාකට් මේකර්ලා ස්ටොප් හන්ට් කරන්න ලොකු ලොට්ස් වලින් සෙල් කරනවා. පස්සෙ සප් එකට යටින් ගොඩක් උන් දාන ස්ටොප් ලොස් එක හිට් කලාට පස්සෙ හිතනවා හම්මා මේක ලොස් වුනා කියන්නෙ මේ මගුල තව යට යයි කියලා. අන්න ඒ වෙලාවෙ ආයෙ අර බ්‍රේක් කරපු සප් එකට යටින් අපේ අයියලා සෙල් කරනවා.
     ඔන්න එතකොට අර මාකට් ප්ලේයර් කියන මාකට් මේකර්ටත් වඩා ලොකු අයියට නත්තල් එනවා. මොකද සප් එකේ හොඳ සෙලර්ල ටිකක් ඉන්නව. ඉතින් ඌ කරන්නෙ අර සෙල් කරපු උන් ලොස් කරවගෙන ට්‍රෙන්ඩ් එක චේන්ග් කරන එක. ෆේකවුට් සහ බ්‍රේකොඋට් හැදෙන්නෙ ඔය නිසා තමයි. වගේම මාකට් මේකරුයි මාකට් ප්ලේයර්ලුයි අරෙන්න 5% ක් විතර ප්‍රොෆිට් කරන්නෙ ඕක නිසයි.

මේක තමයි මන් පුද්ගලිකව ෆොරෙක්ස් කියන්නෙ මොකක්ද කියන එක තේරුම් ගත්තු විදිය.

ඉතින් කඩ්ඩ පොලිශ් කරගෙන ඉවසීම හදාගෙන හෙමින් සැරේ මේ මගුලෙ ගේම් එකත් ප්ලේ කරමු.

Ayubowan Forex Guide - How to trade in Forex

  ට්‍රේඩ් කරනකොට අපි කරන්නේ ඕනම මුදල් ඒකකයක් තවත් ඒකකයකට අනුපාතව මිලදී ගන්න එක. උදාහරනයක් විදියට euro/USD සෙල් කරනවා කියන්නෙ euro එකට අනුපාතව USD මිලදී ගන්න එක. වගෙම බයි කරනව කියන්නෙ USD එකට අනුපාතව euro මිලදී ගන්නවා කියන එක.  එතකොට  අපි කරන්නේ අඩු අගයකදී මිලට අරන් වැඩි අගයකට ආවම ඒක විකුනන එක.

(ඉතින් එහෙම බලනකොට අපි කරන්නේ සිල්ලර වෙලෙන්දෙක් කරන ජොබ් එකම තමයි)
සිල්ලර වෙලෙන්දාත් කරන්නේ අඩු මුදලට අරන් වැඩි මුදලට විකුනලා ලාබ ගන්න එකයි.  සිල්ලර වෙලෙන්දෙක් බඩුවක් ගන්නකොට මොනවද හිතන්නේ?  
* මිල අඩු වෙන්න ඕන.
* ඉල්ලුමක් තියෙන්න ඕනෙ.  වගේ දේවල්.

   අපි මොනවද ෆොරෙක්ස් වල currencies මිලට ගන්න බලන්න ඕනේ. ??   ඒ කියන්නේ entry point එකකට මොනවද බලන්න ඕනේ. ?? ඔතන තමයි ගොඩක් අය හිර වෙන්නේ. සමහර අය trend lines, channel breakout,. support and resistance ලෙවෙල්ස් indicators වගේ එවායින් එන්ට්‍රි ගන්නවා. ඇත්තටම මේක සාර්තකද? ඔව් සාර්තකයි යම් තාක් දුරට. ඒත් එතනින් එහාට ගියපු දෙයක් මේකෙ තියෙනවා.

     ගොඩක් අය කියනවා අපි ට්‍රේඩ් කරනකොට වලට අදාල රටවල් වල ආර්තික සමාජමය වටපිටාව ගැන බලන්න ඕනෙ කියලා. ඒත් එයාල කියන්නේ economic calendar එක බලල නිව්ස් ටයිම් මග අරින්න කියලා විතරයි. ඒත් මන් කියන්නේ නියම Forex trader කෙනෙක් මේ හැම දෙයක්ම බලන්න ඕනේ.

ගොඩක් අය නොදන්න ෆොරෙක්ස් වල රහසක් කියන්නම්. වෙන බ්ලොග් එකක මේ වගේ දෙයක් දැක්කොත් වහාම අටපට්ටමටවත් දැනුම්දෙන්න ඕනෙ.

   රීටේල් ට්‍රේඩර්ස්ලගෙන් 5% කටත් අඩු පිරිසක් විතරක් ප්‍රොෆිට් කරන්න තරම් මේකෙ ඇතුලෙ තියෙන්නෙ මොනවද? එතකොට මේකෙ ලොකුවට ප්‍රොෆිට් කරන්නෙ කවුද? 
    මේකෙ ගොඩක්ම ප්‍රොෆිට් කරන්නෙ මාකට් මේකර්ලා සහ මාකට් ප්ලේයර්ල්ලා. ඉතින් ඔය ගොඩක් දෙනා ට්‍රෙන්ඩ් එක ෆලෝ කරන්න කියලා කියන්නෙ මාකට් ප්ලේයර්ව ෆලෝ කරන්න කියන එක තමයි.

   මාකට් ප්ලේයර්ලා මාකට් එකට ට්‍රේඩ් කරන්න එන්නෙ ලොකු අවධානමක් නැතුව ලොකු ගානක් හම්බ කරන්න. ඉතින් එයාලට ඕනෙ එයාල ප්‍රයිස් එක මිලදීගන්න වෙලාවෙ ඒකට හොඳ වටිනාකමක් තියෙන එක. ඒ කියන්නෙ එයාල බයි කරනකොට මරාගෙන යන්න පුලුවන් තරමෙ හොඳ පොඩි ට්‍රේඩ්ස් ටිකක්. 


   මෙහෙම හිතමු. සපෝර්ට් සහ රෙසිස්ටන්ස් වලදි ගොඩක් අය ට්‍රේඩ් කරනවා. ඉතින් හොඳ සප් එකක් කිට්ටුව ඉන්නකොට මහ උන් බලනවා උන්ට විරුද්ධව ට්‍රේඩ්ස් කරන අයගෙ ට්‍රේඩෙස් වල අනුපාතය. ඒ කියන්නෙ සෙන්ටිමෙන්ට් කතන්දරයක්. ඒව ඉතින් හංගපු ට්‍රේක්ස්. ගොඩක් එවුන් ෆේල් වෙන්නෙ මේ සීන් එක දැනගන්නෙ නැතුව ට්‍රේඩ් කරන්න යන නිසයි.

මගේ සෙන්ටිමෙන්ට් + ටෙක්නිකල් ට්‍රේඩින්ග් ස්ට්‍රැටජි එක මේ අවුලට හොඳ උත්තරයක් හැබැයි තරමක් දුරට විතරයි.



Ayubowan Forex Guide - What we need to learn to Trade Forex

ෆොරෙක්ස් මාර්කට් එක trade කරන්න අපිට ඕනෙ මූලික අවි 3ක්. මේවාට දාන බුලට්ස් ගැනත් කියන්නම්.


chart analysis කරනකොට මේ දේවල් 3 දිහාම බලන්න ඕනේ.
Fundamental ට්‍රෙන්ඩ් එකයි market sentiment වෙනස්වීමෙන් ඇතිවෙන Technical entry එක තමයි මම දැකපු සාර්ථකම එන්ට්‍රි එක. ඉතින් මේ ගැන හිමීට කතාකරමු
මේවා ගැන හිමින් සැරේ කතා කරමු.

එහෙනම් තවත් පෝස්ට් එකකින් එන්නම් පුලුවන් තරම් ඉක්මනට.

පෝස්ට් එක කියවන කෙනෙක් ඉස්සරහට කියවගෙන යන්න වගේම මේ කියවන පෝස්ට් එක ගැනත් ඔයාගෙ අදහස් කියන්න. මොකද අලුත් දෙයක් හම්බවුනොත් මටත් පුලුවන් මේක අප්ඩේට් කරන්න.

Forex News Trading | Important point in news trading 2018

Forex News Review - NFP News Trade Back testing In Sinhalese  

  නිව්ස් ට්‍රේඩින්ග් කරන සමහර අයට ආපු ප්‍රශ්නයක් විසඳගන්න පුලුවන් වෙන්න කියලා පොස්ට් එකක් ලියන්න හිතුනා. Forex News Review

Forex News Review


  
  මේ තියෙන්නේ පහුගිය දවසක නිකුත් උන  Non Farm  Employment Change කියන නිව්ස් එක.  නිව්ස් ට්‍රේඩින්ග් වලට අලුතින් ආපු අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේක නෙගටිව් උනත් ඩොලර් එක ස්ට්‍රොන්ග් උනේ කොහොමද කියන එක.  

   Non Farm  Employment Change නිව්ස් රිසාල්ට් එක  වීක් නම් ඒක නෙගටිව් විදියට බලපාන්න ඕනෙ. ඒක ඇත්ත. ඉතින් ඔයාල ඒක දිහා විතරක් බැලුවම ඇති කියලා හිතන්න එපා. ඒ වෙලාවට නිකුත් වෙන්න තියෙන වෙන නිව්ස් මොනවද කියලත් බලන්න ඕනෙ.

බලන්න ඒ වෙලාවෙම තවත් ඩොලරයට ලොකු බලපෑමක් කරන්න පුලුවන් නිව්ස් දෙකක් තිබිලා.  Unemployment Rate  and Average Hourly Earnings m/m   



    ඒ වගේම ඒ නිව්ස් දෙක පොසිටිව්.  එයාලට රැකියා නැති වුනාට එයාලගේ වැඩකරන පැයකට එන ආදායම ඉහල අගයක් අරන්. ඒ වගේම විරැකියා අනුපාතය අඩු වෙලා. ජොබ් නැතත් එයාලට එයාලගේ ආර්තිකය ශක්තිමත්ව තියාගන්න මේ නිව්ස් දෙකේ ශක්තිය ඇති කියලා තේරෙනවා ඇති කියලා හිතනවා.

නිව්ස් එක්ක ට්‍රේඩ් කරන එක ඉක්මනට වගේම හොඳ පැහැදිලි මානසිකත්වයක් එක්ක කරන්න ඕන දෙයක්. එක විතරක් මදි ඔයාට හොඳ අන්තර්ජාල සම්භන්ධතාවයක් තියෙන එක ගොඩක් වැදගත්.

ඒ වගේම නිව්ස් තියෙන කරන්සි එකේ Inflation එක කොයි වගේද කියලා බලන්න.  Inflation එක තියෙන්නෙ පොසිටිව් නම් නිව්ස් එකත් පොසිටිව් නම් ට්‍රේඩ් එකේ සාර්ථකත්වය ගොඩක් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි Inflation එකට විරුද්ධව ඔයාගේ ඇනලිස් එනවනම් හෝ නියම අගය Actual එනවනම් එතන පොඩි කොස්සක් තියෙනවා. හැබැයි මාර්කට් එක නිව්ස් වල්ට රෙස්පෙක්ට් නොකරන්නෙත් නෑ.

   මේක සරලව කියන්න හැදුවේ. නිව්ස් ට්‍රේඩ් කරන අය ඒ වෙලාවට එන අනිත් නිව්ස් ගැනත් අනිවා හිතන්න. බලන්න.  News Trading Strategy එකක් මේ බ්ලොග් එකේ තියෙනවා ඒකත් මේ පොස්ට් එකේ තියෙන තොරතුරු එකතු කරගෙන ටෙස්ට් කරන්න. මෙන්න ලින්ක් එක. Click here


තේරුනාද මන්දා. නොතේරුන තැනක් අහන්න. මන් දන්නවනම් කියල දෙන්නම්. මොන දේ කලත් හොඳට ඉගෙනගෙන පැහැදිලි මනසකින් ට්‍රේඩ් කරන්න. 


එහෙනම් අපි ගියා. හැපි ට්‍රේඩින්ග් වේවා

Currency strength | How to Find in Live Forex Chart

Currency strength

Currency strength

    Currency strength කියන්නේ ගොඩක් අය ඉන්ඩිකේටර් භාවිතා කරලා හොයාගන්න දෙයක්. ඒත් ඒක මේ අපි ට්‍රේඩ් කරන platform එකෙන්ම හොයාගන්න ලේසිම විදියක් තියෙනවා. සමහර අය මේක කරනවාත් ඇති ඒ වගෙම සමහර අය දන්නෙවත් නැතුව ඇති

කතන්දරේ මේකයි

මාර්කට් සෙන්ටිමෙන්ට් අන්දුනගන්න කරන්න පුලුවන් ලේසිම දෙයක් තමයි මේ කියන්න යන්නේ.  major currency pairs ටික ඒ කියන්නේ euro/usd , gbp/usd , aud/usd , nzd/usd , usd/cad , usd/jpy daily time frame එකෙන් ඔයාලට පහසුවෙන් බලාගන්න පුලුවන් විදියට හදාගන්න. ඊට පස්සේ පොඩි කොලයකුයි පෑනකුයි අරන් ගෙවෙන දවස ඇතුලත එක් එක් currency pair එකක move වුන පිප්ස් ගාන ඒ කොලේ ලියාගන්න,
      ඊ ලඟ step එක, ඔය currency pairs ටික (pips move වුන පිලිවෙලට) ආරෝහණ හෝ අවරෝහණ පිලිවෙලකට ලියාගත්තනම් ඉතින් ඒ දවස ඇතුලත තියෙන currencies වල strength එක බලාගන්න පුලුවන්.
ex: euro/usd( high to low) buy 130 pips.,
gbp/usd (high to low) buy 150 pips
මේ විදියට ඔයාලට කැමති time frame එකකින් කැමති කාලයක (1h, 4h, daily. weekly, monthly) තියෙන currency strength එක ලෙසියෙන්ම බලාගන්න පුලුවන්.
මේ ටිකෙන්ම minor currency pairs වලත් මේ strength එක බලාගන්න පුලුවන්. දැන් මෙහෙම හිතමු aud/usd පිප්ස් 100ක් buy වුනා කියලා, nzd/usd පිප්ස් 130ක් buy වුනා කියලා, ඉතින් ඒකන් අපිට නිගමනය කරන්න පුලුවන් nzd එක aud වලට වඩා strong කියලා
මේ ටික වටිනවා කියලා හිතුන නිසයි දුන්නේ. අඩුපාඩු තියෙනවනම් හදාගන්න මටත් කියන්න. 

එහෙනම් තවත් පෝස්ට් එකකින් එන්නම් පුලුවන් තරම් ඉක්මනට
අවුල් තැන් අවොත් වගෙම හොඳ නරකගැන අදහසක් දෙන්න ඒක වටිනවා.


ජය වේවා.

Featured Post

Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...