Orders types in Forex Market | Trading tips Sinhalen
Orders Types in Forex Market | Trading tips Sinhalen
Buy
sell
buy limit
sell limit
buy stop
sell stop
How to place buy order
Buy ඕර්ඩර්ස් දාන්නේ මාර්කට් එකේ පහලම අඩියෙ ඉන්නකොට. ඉතින් පහලම අඩියට එනකන් බලන් ඉන්න එක කරන්න බැරි වැඩක් නෙවෙයි ඒත් කරන්න අමාරු වැඩක්. ඉතින් මුදල් ගලන කලාපයක්( Price Range) අඳුනගන්න එක තමයි ලේසියෙන්ම කරන්න වෙන්නේ. ඊට පස්සේ ඒ කලාපයේ යටට මාර්කට් එක ආවම උඩ පැත්තට ට්රේඩ් කිරීම බයි කිරීම විදියට හඳුන්වන්න පුලුවන්.How to place sell order
Sell ඕර්ඩර්ස් දාන්නේ මාර්කට් එකේ ඉහලම කොටසේ ඉන්නකොට. ඉතින් මාර්කට් එක උඩටම එකනක් බලන් බලන් ඉන්න එක කරන්න බැරි වැඩක් නෙවෙයි ඒත් කරන්න අමාරු වැඩක්. ඉතින් මුදල් ගලන කලාපයක් (Price Range) අඳුනගන්න එක තමයි ලේසියෙන්ම කරන්න වෙන්නේ. ඊට පස්සේ ඒ කලාපයේ උඩට මාර්කට් එක ආවම යට පැත්තට ට්රේඩ් කිරීම sell කිරීම විදියට හඳුන්වන්න පුලුවන්.
යම් වෙලාවක මාර්කට් එක දිහා බලන් ඉන්න බැරි වෙනවනම් අපිට පුලුවන් Pending Orders භාවිතා කරලා ට්රේඩ් එකකට Enter වෙන්න. Technical Analysis , Fundamental Analysis කලාට පස්සේ සමහර වෙලාවට අපිට නියම තැනට මාර්කෙට් එක එනකන් බලන් ඉන්න වෙනවා. ඒ වෙලාවට යොදාගන්න පුලුවන් හොඳම ඕර්ඩර්ස් වර්ග හතර තමයි මේ
How to Place Buy limit
මාර්කට් එක තියෙන්නේ උඩ හරියක අපිට විශ්වාසයෙන්ම තීරනය කරන්න පුලුවන්නම් මාර්කට් එක තව ටිකක් යටට ගිහින් ආයෙම අප් වෙනවා කියලා. ඒ වගේම අපිට මාර්කට් එක දිහා ඒ වෙනකන් බලන් ඉන්නත් වෙලාවක් නැත්තම් අපිට බයි ලිමිට් ඔර්ඩර් එකක් දාන්න පුලුවන්. පෙන්ඩින්ග් ඕර්ඩර් එකක් විදියට.
How to Place Sell limit
How to Place Buy stop
මාර්කට් එක තියෙන්නේ උඩ හරියක අපිට විශ්වාසයෙන්ම තීරනය කරන්න පුලුවන්නම් මාර්කට් තව ටිකක් උඩින් තියෙන ලෙවෙල් එකක් කඩාගෙන ගියොත් තවත් උඩට යයි කියලා, ඒ වගේම අපිට මාර්කට් එක දිහා ඒ වෙනකන් බලන් ඉන්නත් වෙලාවක් නැත්තම්, අපිට බයි ස්ටොප් ඕර්ඩර් එකක් දාන්න පුලුවන්.
මේ order ක්රමයේදී Support and Resistance වලට ට්රේඩ් කරනකොට අවදානමක් ගන්න වෙනවා. ඒ අවදානම නැති කරගන්නේ මෙහෙමයි. යම් රෙසිස්ටන්ස් ලෙවෙල් එකක් බ්රේක් කරනකන් ඉඳලා ආයෙම ඒ බිඳපු ලෙවෙල් එක සපෝර්ට් එකක් කරගෙන තමයි මාර්කට් එක උඩට යන්නේ. Support and resistance
වලදී ට්රේඩ් කරන විදිය How to trade in Support and resistance පෝස්ට් එකෙන් බලාගන්න පුලුවන්. ඉතින් ඒ බ්රේක් කරපු ලෙවෙල් එකට වඩා උඩට ගියොත් මාර්කට් එක තවත් උඩට යනවා කියලා නිගමනය කරන්න පුලුවන්නම් ඔයාට ශුවර් නම්, ඒ වෙලාවට තියෙන හයි එකට වඩා පොඩ්ඩක් උඩින් බයිස්ටොප් ඕර්ඩර් එක දාන්න පුලුවන්.
How to Place Sell stop
මාර්කට් එක තියෙන්නේ යට හරියක අපිට විශ්වාසයෙන්ම තීරනය කරන්න පුලුවන්නම් මාර්කට් තව ටිකක් යට තියෙන ලෙවෙල් එකක් කඩාගෙන ගියොත් තවත් යටට යයි කියලා, ඒ වගේම අපිට මාර්කට් එක දිහා ඒ වෙනකන් බලන් ඉන්නත් වෙලාවක් නැත්තම්, අපිට Sell stop ඕර්ඩර් එකක් දාන්න පුලුවන්.
මේ order ක්රමයේදී Support and Resistance වලට ට්රේඩ් කරනකොට අවදානමක් ගන්න වෙනවා. ඒ අවදානම නැති කරගන්නේ මෙහෙමයි. යම් Support level එකක් බ්රේක් කරනකන් ඉඳලා ආයෙම ඒ බිඳපු ලෙවෙල් එක Resistance එකක් කරගෙන තමයි මාර්කට් එක Down යන්නේ. Support and Resistance වලදී ට්රේඩ් කරන විදිය How to trade in Support and resistance පෝස්ට් එකෙන් බලාගන්න පුලුවන්. ඉතින් ඒ බ්රේක් කරපු ලෙවෙල් එකට වඩා උඩට ගියොත් මාර්කට් එක තවත් උඩට යනවා කියලා නිගමනය කරන්න පුලුවන්නම් ඔයාට ශුවර් නම්, ඒ වෙලාවට තියෙන හයි එකට වඩා පොඩ්ඩක් උඩින් බයිස්ටොප් ඕර්ඩර් එක දාන්න පුලුවන්.
මේ පෝස්ට් එක කියවලා අඩුපාඩු වගේම හොඳ නරක කියන්න. ඒක තමයි මට වැදගත් වෙන්නේ.
එහෙනම් අපි ගියා ජය වේවා.
Tag:
Place Buy stop, Place sell stop tikak theruna madi bro
ReplyDeletebuy stop kiyanne market eka udata yana welawata thawa udata yai kiylaa hithenawanam dana trades walta. mehema hithanna eu thiyenne 1.0000 eka 1.0500 ta issunoth thawath udata yai kiyala hithenawanam oyaata puluwan buy stop ekak danna. pending order ekak widiyata
DeleteThnak you very much! :)
ReplyDelete