sponsor

sponsor

Slider

Theme images by kelvinjay. Powered by Blogger.

Recent Blog Posts

Lorem Ipsum has been the industry's standard dummy text.

App Design

Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

Timeline

Timeline

Recent Tube

Business

» »Unlabelled » All In One Forex Trading Pack. සමුගන්න අවසරයි.

All In One Forex Trading Pack සමුගන්න අවසරයි.  

All In One Forex Trading Pack


     කාලයක් බලන් ඉඳලා පරන පොස්ට්ස් කියවලත් මේ මගුලෙ කිසිම දෙයක් කරගන්න බැරිවුන අයට අවසාන වශයෙන් දෙන්න පුලුවන් තල්ලුව තමයි දෙන්න හදන්නේ. ෆොරෙක්ස් කියන අවසානයක් නැති ස්නයිපර් ගේම් එකේ නොමැරී බේරෙන්නෙ කොහොමද? මේ පොස්ට් එක කියවලා මොකුත් තේරුම් ගන්න බැරි නම් මේක කරන්න එපා.

    ඉස්සෙල්ලම මේකෙ හතරකොන තේරුම් ගනින් ප්ලෑන් එකක් නැතුව යුද්ධ කරන්න බෑ. ඒක නිසා මේක මොන වගේ කැලයක්ද මේකෙ ඉන්න හතුරො කවුද?. මේ ගේම් එකේ හතුරොන්ට තියෙන ආයුධ මොනවද අපිට තියෙන ආයුධ මොනවද? උන් ගහන වෙලාවට අපි හැංගෙනවද නැත්තම් ඒ වෙලාවටත් අපි උන්ට රිටන් එක දෙනවද කියන එකත් යුද්දෙට යන්න කලින්ම තීරණය කරහන්.

   ගොඩක් උන් හිතාගෙන ඉන්නෙ බ්‍රෝකර් තමයි අපේ හතුරා අපි ඌට කෙලින්න ඔනෙ කියන එක තමයි ගොඩක් උන්ගෙ ඉලක්කය. මම තේරුම් ගත්තු කතාව තමයි මේක යන්නෙ මාකට් මේකර් සහ මාකට් ප්ලේයර් ගැනයි. බ්‍රෝකර් කරන්නෙ අපිට උන් යන පාරෙ යන්න වාහනයක් දෙන එක තමයි. ඒ වාහනයේ කුලිය තමයි ස්ප්‍රේඩ් එකයි කොම්ස් එකයි වෙන්නෙ. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. මාකට් මේකර් ගනයට වැටෙන බ්‍රෝකර්ලත් එක අතකට අපේ හතුරො තමයි. ෆ්ලොටින්ග් ස්ප්‍රේඩ් එකෙන් තමයි උන් අපිට කෙලින්නෙ.

  ඉස්සෙලම හොඳ වාහනයක් ඒ කියන්නෙ බ්‍රෝකර් කෙනෙක් තෝරගන්න ඕනෙ.

   යුද්ධෙට යන්න කලින් අහල පහල තියෙන අඹ ගෙඩි දොඩම් ගෙඩි වගේ ඒවට වෙඩි තියලා වෙඩි තියන්න පුරුදු වෙන්න ඔනෙ. ඒ කියන්නෙ ඩෙමෝ ට්‍රේඩින්ග්.

     ඒ අතරෙ උඹට ඉන්න හොඳ පොසිශන් එකක් හදාගන්න ඔනෙ. ගහක් උඩද, පොලවෙද, බඩ ගාගෙනද, දන ගහගෙනද, හිටගෙනද, ඉඳගෙනද කියන එක. මේක ෆොරෙක්ස් වලට යොදාගත්තොත්, උඹේ ට්‍රේඩින්ග් සටයිල් එක තේරුම් ගන්න ඔනෙ වගේම ඒ ස්ටයිල් එකට ගැලපෙන ස්ට්‍රැටජි එකක් හදාගන්න එක.

   හැබැයි මෙතන වරද්දගත්තොත් පුතේ කෙලවුනා තමයි. හතුරොන්ට පේන්නෙ නැති වෙන්න ඉන්න වගේම උඹට උන්ව හොඳට පේන විදියට උඹේ පොසිශන් එක හදාගන්න වෙනවා.

උන් ගහනකොට බේරෙන්න උඹේ කවරින් එකත් හදාගන්න ඔනෙ ඒක පට්ට වැදගත්. ඒ කියන්නෙ ස්ටොප් ලොස් තමයි. එක ශොට් එකෙන් බිම දාන්නෙ එකෙක්ද දෙන්නෙක්ද තුන් දෙනෙක්ද කියන එකත් තිරණය කරහන්. ඒ කියන්නෙ රිස්ක් රිවෝර්ඩ් රේශියෝ එක. උඹ ලඟ තියෙන බුලට් වලින් උපරිම වැඩ ගන්න ට්‍රයි කරහන්. ඒ කියන්නෙ මනී මැනේජ්මන්ට්. ඉතින් වෙඩි තියන්න කලින් මේවත් බලන්න වෙනවා.

    උඹට තියෙන ආයුධ මොනවද? කට ගත්තු ගමන් මට චාට් එක තියෙනවා කියලා කියයි. හරි ඉතින් ඒක තමයි තියෙන ලොකුම ආයුධේ. ඔතනින් යන බුලට් එක තමයි උඹේ ජීවිතයත් මරණයත් තීරණය කරන්නේ. උඹ ගහන ගන් එකේ එලියත් උන් බලන් ඉන්නෙ. ඒක නිසා පරිස්සමින්. මොකද උඹට වඩා උන් ලඟ තියෙන සෙන්ටිමෙන්ට් සෙටප් එක ගොඩක් ලොකුයි. උඹ විතරක් නෙවෙයි උන්ට ගහන ඕනම එකෙක්ගෙ රෙකෝඩ්ස් උඹේ වාහනෙන්, ඒ කියන්නෙ බ්‍රොකර්ගෙන් උන්ට දැනගන්න පුලුවන්.

ඉතින් මේ ගේම් එකේ දිනන්න අපිට වගේම අපේ හතුරන්ටත් තියෙන ආම්පන්න මොනවද කියලා තේරුම්ගන්න ඔනෙ. ඒ කියන්නෙ උන් ඉලක්ක කරන්නෙ මොනවා බලලද කියන එක.

උඹට දුරදක්නයක් තියෙනවා. ඒ වගේම ඒක උන්ටත් තියෙනවා. ඒ කියන්නෙ ෆන්ඩමෙන්ටල් ඇනල්යිස්. උන්ට ෆයර් කරන්න නියම ප්ලේස් එකක් ඕනෙ. ආවට ගියාට වෙඩි තියන්නෙ නෑ කිසිම එකෙක්. උඹටත් තියෙනවා චාර්ට් එකේ ටෙක්නිකල් පැටන්. ඉතින් ටෙක්නිකල් ඇනල්යිස් කොටසත් ඉගෙනගනින්. ඒ ගමන්ම බලහන් උන්ගෙ සෙට් එකේ ඉන්න ප්‍රමාණය කොහොමද  කොච්චර දුරකින්ද ඉන්නෙ කියන එක. මාකට් සෙන්ටිමෙන්ට් ඔතනදි වැදගත් වෙයි.

හරි හැමදේම ලෑස්තියි. ඉතින් අපේ හතුරා මාකට් මේකර්ද ප්ලේයර්ද? මට ඉන්න එකම හතුරා මාකට් මේකර් තමයි. හැබැයි මාකට් ප්ලේයර් පැත්තකට වෙනවනම් ඌත් හතුරෙක් තමයි. මොකද මම ලොකු රීට්‍රේස්මන්ට් වලටත් ට්‍රේඩ් කරනවා. හැබැයි ඒ වෙලාවට වැඩිපුර පරිස්සම් වෙන්න වෙනවා.

ඉතින් මේ වගේ දේවල් ගැන හොයලා බලලා ඉගෙනගෙන ටෙස්ට් කරලා උඹේ ශොට් එක ගහපන්.

මම පුද්ගලිකව ට්‍රේඩින්ග් වලට යොදාගන්න දේවල් ටිකත් කියන්නම්. 



ටෙක්නිකල් 0% හෝ 100% ප්ලේස් එක.




ටෙක්නිකල් 0% හෝ 100% ප්ලේස් එකයි දුලාන් එස් එල් ෆොරෙක්ස් ක්ලබ් එකේ දාපු නූල් බෝල ඉන්ඩියයි. තමයි මන් ටෙරඩ් කරන කරන්සි තීරනය කර්න්නෙ. ඒ කරලා තමයි එතනින් එහාට යන විදිය තීරණය කරන්නෙ.



ෆන්ඩමෙන්ටල් ඇනල්යිස් ලොකුවට නොකලත් නිව්ස් සයිට් කියවලා ලොකු එවුන් ට්‍රේඩ් කරන්න යොදාගන්න ඉඩ තියෙන කරන්සි තේරුම් ගන්නවා.

Saxo bank
ducascopy
Bloomberg
reuter etc....


මගේ කරන්සි වලට මහ උන්ගෙ ඒවා සෙට් වෙනවනම් බඩුම තමා.

කොට් චාර්ට් එකෙන් පහුගිය ටිකේ මහ උන් ක්ලෝස් සහ ඕපන් කරපු ට්‍රේඩ් පොසිශන් ටික බලනවා.




පස්සෙ මගේ සුප්පා ටෙක්නිකල් ස්ට්‍රැටජි එකෙන් ගහන්න ඔන කරන ප්ලේස් එක ටාගට් කරල ශොට් එක දෙනවා.



අවසානයි ප්‍රේමාදරේ. 

ගොඩක් වෙලාවට මේක අවසාන පෝස්ට් එක වෙන්න පුලුවන්. මොකද මේ වෙනකොටත් බුකියෙ හිටපු හැම ගෲප් එකකින්ම වගේ අයින් වෙලා ඉන්නෙ. හැබැයි මන් මේ බ්ලොග් එකේ කොමෙන්ට් කියවන එක වගේම රිප්ලයි කරන එක නතර කරලා නෑ. තව ටික කාලයක් ඒකත් කරනවා.

ඒ වගේම මේ තත්වෙට එන්න උදවු කරපු අයට වගේම ගූගල් යූටියුබ් වගේ තැන් හදපු උන්ටත් ගොඩක් අයට ස්තූතිවන්ත වෙනවා. 

එහෙනම් ජය වේවා.



«
Next
Newer Post
»
Previous
Older Post

5 Comments:

  1. thanks aa.patta .supiri.

    ReplyDelete
  2. Continue කරන්න දිගටම

    ReplyDelete
  3. Thankyou brother ��❤

    ReplyDelete
  4. මේකෙ පමනික් පෝස්ට් නෑ බ්‍රෝ. හොදම සයිට් එකක. බොහොම ස්තූතිය 🙏

    ReplyDelete

Featured Post

Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...