Fibonacci scalping strategy
ගොඩ දෙනෙක් කතා කරනවා Fibonacci ටූල් එක ගැන. ඉතින් මමත් හිතුවා මේක ගැන පොඩ්ඩක් කතා කරලා Scalping ට්‍රේඩ් strategy කරන්න එකකුත් දෙන්න. රියල් එකේ ට්‍රේඩ් කරන්න කලින් පොඩක් බැක්ටෙස්ට් පාරක් දාල ඩෙමො එකවුන්ට් එකක් උස්සගන්න ට්‍රයි කරන්න. මෙක මට දුන්නේ රුමේශ් නෝනිස් කියන එකා. අපි Strategies ශෙයාර් කරගන්න කාලෙ කරපු වැඩක්. මන් නිකමට අත්හදා බැලුවා සාර්තකයි. ඉතින් රුමේශ්ට පින් සිද්ද වෙන්න ගොඩ යන්න ලැබෙන්න කියලා මේකත් ඔයාලට දෙන්නම්. මිට කලින් පෝස්ට් එකෙන් දුන්නා Candle Story Scalping Strategy එකක් ඒකත් බලන්න ඇති කියලා හිතනවා
What is Fibonacci in Forex platform
ෆිබොනාසි කියන්නේ ෆොරෙක්ස් ප්ලැට්ෆොර්ම් වල තියෙන ජනප්‍රියම ටුල් එකක් මේක ගොඩක් අය භාවිතා කරනවා Retracement s හොයාගන්න. මේකට ගොඩක් අය කියන්නේ ෆිබොනාසි රීට්‍රේස්මන්ට් ටූල් එක කියලා. ඒ කියන්නෙ ෆොරෙක්ස් මාර්කට් එකේ කඳු නැගපුවාම එන පල්ලම කොච්චරක් දුරට එයිද කියලා දල අදහසක් ගන්න. මේකෙ රීට්‍රේස්මන්ට් accurate එක ගැන නම් අහන්න එපා මට ඒක් ගැන නම් එච්චර පැහැදීමක් නෑ. හැබැයි මේ දෙන්න යන එක නම් සාර්තකයි කියලා කටක් ඇරල කියන්න පුලුවන්.
How to use Fibonacci tool
Fibo අඳින්නේ swing low එකක ඉඳන් swing high එකකට ඒ කියන්නෙ මාර්කට් එකේ හැරවුම් තැන් වලට තමයි අපි මේ ටූල් එක භාවිතා කරන්න ඕනේ.
ට්‍රෙන්ඩ් එක පහලට තියෙනවා නම් උඩ ඉඳන් පහලට තමයි අන්දින්න ඕනෙ. එතකොට කොච්චරක් දුරට රීට්‍රේස්මන්ට් එකක් එයිද කියලා බලාගන්න පුලුවන්.
ට්‍රෙන්ඩ් එක පහලට තියෙනවා නම් උඩ ඉඳන් පහලට තමයි අන්දින්න ඕනෙ. එතකොට කොච්චරක් දුරට රීට්‍රේස්මන්ට් එකක් එයිද කියලා බලාගන්න පුලුවන්.
ට්‍රෙන්ඩ් එක පහලට නිසා උඩ ඉඳන් පහලට ෆිබො ඇඳලා තියෙන්නේ.
Fibonacci Trading System
වල් පල් ටික ඇති දැන් වැඩේට බහිමු. මම මෙකෙදි යොදාගන්නේ රීටෙස්ට් කියන මෙතඩ් එක. support Level එකක් බ්රේක් කලාම ඒක resistance level එකක් වෙනවා කියලත් resistance level එකක් බ්රේක් කලාම ඒක support level එකක් වෙනවා කියලත් අපි දන්නවා. ඒකත් වැඩිපුර ඉගෙනගන්න ඕනෙ නම් මම උස්සපු පොස්ට් එකක් තියෙනවා How to Trade support and resistance ඒක බලන්න
එකේ පොඩි මොඩිෆිකේශන් එකක් කරගන්න ඕනෙ. Fibonacci tool එක ඩබල් ක්ලික් කරල ප්‍රොපර්ටි ඕපන් කරගෙන ඇඩ් කියන තැන ක්ලික් කරලා කැමතිනම් 100 ලෙවෙල් එක description එකේ entry කියලා හදාගන්න පුලුවන්. 1.161ලෙවෙල් එක description එකේ take profit කියලා හදාගන්න පුලුවන්.
1H ටයිම් ෆ්‍රේම් එක තමයි මම මේකට ගොඩක්ම යොදාගන්නේ. කැමතිනම් වෙන ටයිම් ෆ්‍රේම් උනත් ඇඩ් කරගෙන බලන්න පුලුවන්.ඩවුන් ට්‍රෙන්ඩ් එකේ එන්ට්‍රි කියන ලෙවෙල් එක බ්රේක් කරගෙන පහල ගියොත් ශෝට් ටයිම් ෆ්‍රේම් එකකින් බලන්න බ්රේක් කරපු සපොර්ට් එක රී ටෙස්ට් කරලා අයෙ හැරුනද කියලා.
entry in chart
උඩ රූපයේ කොල පාටින් හයිලයිට් කරපු කොටස තමයි මේ පොඩි ටයිම් ෆ්‍රේම් එකේ පෙන්නලා තියෙන්නේ. ඒ ලෙවෙල් එකෙන් හැරුනොත් ඔයාට Tp ලෙවෙල් එකට මාර්කට් එක යනවා කියලා ට්‍රේඩ් කරන්න පුලුවන්. ස්ටොප් ලොස් එක දාන්න පුලුවන් ඔය entry කියන 100 ලෙවෙල් එකට උඩින් ස්ප්‍රේඩ් එක ඔලුවෙ තියාගන්න.
Another trade setups
එහෙනම් තවත් පෝස්ට් එකකින් එන්නම් පුලුවන් තරම් ඉක්මනට
අවුල් තැන් අවොත් වගෙම හොඳ නරකගැන අදහසක් දෙන්න ඒක වටිනවා.
ජය වේවා.






