sponsor

sponsor

Slider

Theme images by kelvinjay. Powered by Blogger.

Recent Blog Posts

Lorem Ipsum has been the industry's standard dummy text.

App Design

Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

Timeline

Timeline

Recent Tube

Business

Fibonacci Scalping Forex Trading Strategy

Fibonacci scalping strategy

ගොඩ දෙනෙක් කතා කරනවා Fibonacci ටූල් එක ගැන. ඉතින් මමත් හිතුවා මේක ගැන පොඩ්ඩක් කතා කරලා Scalping ට්‍රේඩ් strategy කරන්න එකකුත් දෙන්න. රියල් එකේ ට්‍රේඩ් කරන්න කලින් පොඩක් බැක්ටෙස්ට් පාරක් දාල ඩෙමො එකවුන්ට් එකක් උස්සගන්න ට්‍රයි කරන්න. මෙක මට දුන්නේ රුමේශ් නෝනිස් කියන එකා. අපි Strategies ශෙයාර් කරගන්න කාලෙ කරපු වැඩක්. මන් නිකමට අත්හදා බැලුවා සාර්තකයි. ඉතින් රුමේශ්ට පින් සිද්ද වෙන්න ගොඩ යන්න ලැබෙන්න කියලා මේකත් ඔයාලට දෙන්නම්. මිට කලින් පෝස්ට් එකෙන් දුන්නා   Candle Story Scalping Strategy  එකක් ඒකත් බලන්න ඇති කියලා හිතනවා

What is Fibonacci in Forex platform

ෆිබොනාසි කියන්නේ ෆොරෙක්ස් ප්ලැට්ෆොර්ම් වල තියෙන ජනප්‍රියම ටුල් එකක් මේක ගොඩක් අය භාවිතා කරනවා Retracement s හොයාගන්න. මේකට ගොඩක් අය කියන්නේ ෆිබොනාසි රීට්‍රේස්මන්ට් ටූල් එක කියලා. ඒ කියන්නෙ ෆොරෙක්ස් මාර්කට් එකේ කඳු නැගපුවාම එන පල්ලම කොච්චරක් දුරට එයිද කියලා දල අදහසක් ගන්න. මේකෙ රීට්‍රේස්මන්ට් accurate එක ගැන නම් අහන්න එපා මට ඒක් ගැන නම් එච්චර පැහැදීමක් නෑ. හැබැයි මේ දෙන්න යන එක නම් සාර්තකයි කියලා කටක් ඇරල කියන්න පුලුවන්.

How to use Fibonacci tool 

Fibo අඳින්නේ swing low එකක ඉඳන් swing high එකකට ඒ කියන්නෙ මාර්කට් එකේ හැරවුම් තැන් වලට තමයි අපි මේ ටූල් එක භාවිතා කරන්න ඕනේ.
ට්‍රෙන්ඩ් එක පහලට තියෙනවා නම් උඩ ඉඳන් පහලට තමයි අන්දින්න ඕනෙ. එතකොට කොච්චරක් දුරට රීට්‍රේස්මන්ට් එකක් එයිද කියලා බලාගන්න පුලුවන්.

පහල රූපය බලන්න 
ට්‍රෙන්ඩ් එක පහලට නිසා උඩ ඉඳන් පහලට ෆිබො ඇඳලා තියෙන්නේ. 
Fibonacci

Fibonacci Trading System

වල් පල් ටික ඇති දැන් වැඩේට බහිමු. මම මෙකෙදි යොදාගන්නේ රීටෙස්ට් කියන මෙතඩ් එක. support Level එකක් බ්‍රේක් කලාම ඒක resistance level එකක් වෙනවා කියලත් resistance level එකක් බ්‍රේක් කලාම ඒක support level එකක් වෙනවා කියලත් අපි දන්නවා. ඒකත් වැඩිපුර ඉගෙනගන්න ඕනෙ නම් මම උස්සපු පොස්ට් එකක් තියෙනවා How to Trade support and resistance ඒක බලන්න


එකේ පොඩි මොඩිෆිකේශන් එකක් කරගන්න ඕනෙ. Fibonacci tool  එක ඩබල් ක්ලික් කරල ප්‍රොපර්ටි ඕපන් කරගෙන ඇඩ් කියන තැන ක්ලික් කරලා කැමතිනම් 100 ලෙවෙල් එක  description එකේ entry කියලා හදාගන්න පුලුවන්. 1.161ලෙවෙල් එක  description එකේ take profit කියලා හදාගන්න පුලුවන්.

Fibonacci Trading System


1H ටයිම් ෆ්‍රේම් එක තමයි මම මේකට ගොඩක්ම යොදාගන්නේ. කැමතිනම් වෙන ටයිම් ෆ්‍රේම් උනත් ඇඩ් කරගෙන බලන්න පුලුවන්.ඩවුන් ට්‍රෙන්ඩ් එකේ එන්ට්‍රි කියන ලෙවෙල් එක බ්‍රේක් කරගෙන පහල ගියොත් ශෝට් ටයිම් ෆ්‍රේම් එකකින් බලන්න බ්‍රේක් කරපු සපොර්ට් එක රී ටෙස්ට් කරලා අයෙ හැරුනද කියලා.
Forex Trading and scalping using Fibonacci

entry in chart


Daily Fibonacci Forex Scalping Strategy


උඩ රූපයේ කොල පාටින් හයිලයිට් කරපු කොටස තමයි මේ පොඩි ටයිම් ෆ්‍රේම් එකේ පෙන්නලා තියෙන්නේ.  ඒ ලෙවෙල් එකෙන් හැරුනොත් ඔයාට Tp ලෙවෙල් එකට මාර්කට් එක යනවා කියලා ට්‍රේඩ් කරන්න පුලුවන්. ස්ටොප් ලොස් එක දාන්න පුලුවන් ඔය entry කියන 100 ලෙවෙල් එකට උඩින් ස්ප්‍රේඩ් එක ඔලුවෙ තියාගන්න. 





Another trade setups

එහෙනම් තවත් පෝස්ට් එකකින් එන්නම් පුලුවන් තරම් ඉක්මනට
අවුල් තැන් අවොත් වගෙම හොඳ නරකගැන අදහසක් දෙන්න ඒක වටිනවා.


ජය වේවා.








Candle story scalping strategy

Candle story scalping strategy 

Candle story scalping strategy එකක් තමයි මේ පෝස්ට් එකෙන් දෙන්න යන්නේ. මේක ඔයාල කැමතිනම් මිනිත්තු 15න් එක්ස්පයර් වෙන බයිනරි එකේ උනත් ට්‍රේඩ් කරන්න යොදාගන්න පුලුවන්. මොනවා කරන්නත් ඉස්සෙල්ලම ඩෙමො එකවුන්ට් එකක ට්‍රයි කරලා අඩුපාඩු වගේම හොඳම තැන පැහැදිලිව අන්දුනගන්න උත්සහ කරන්න

What is the main Target

මේ එකට මූලිකවම යොදාගන්නේ කැන්ඩල් හැදෙන කතන්දරේ. කැන්ඩල් එකක් වුනාම හයි එකක් ලොව් එකක් වගෙම ඕපන් එකක් සහ ක්ලෝස් එකක් තියෙන්න ඕනෙ. මම මේකෙදි පැය 4 කැන්ඩල් එකක ලොව් එක හරි හයි එක හරි නැත්තම් තමයි එන්ටර් වෙන්නේ. 

What is the best time to Trade

මේ strategy එකට අපිට ඕන වෙනවා ඔරලෝසුව එක්කො කැන්ඩල් ටයිම් ඉන්ඩිකේටර් එකක්. ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න බලාපොරොත්තු වෙන්නේ පැය 4 කැන්ඩල් එකේ 1 වෙනි හෝ දෙවෙනි පැය ඇතුලත තමයි. මේ වෙලාව ගොඩක් සාර්ථකයි.



Let's start

පහල රූපය බලන්න. මේ තියෙන්නේ මම එන්ට්‍රි ගත්ත පැය 4 කැන්ඩල් එකක් ඒකෙ ලෝ එක තවම හැදිලා නෑ. 
gbp/chf 4h 



 තැන හොයාගත්තා නම් පනින්න 1මින් හරි 5 මින් හරි ටයිම් ෆ්‍රේම් එකකට ඒකෙ අනිවා ට්‍රෙන්ඩ්ලයින් එකක් අඳින්න පුලුවන්  පැහැදිලි කලාපයක් ඇති. ඒක බලලා ඇඳගන්න. ඊට පස්සේ බ්‍රේක් අවුට් එකක් එනකම් ඉන්න තමයි තියෙන්නේ



Target levels

ට්‍රේඩ් එකෙන් අයින් වෙන්න තැන් දෙකක් තියෙනවා. එකක් තමයි 4හ් කැන්ඩල් එකේ මේ වෙනකොට තියෙන යටම කලාපයක් ඒ කියන්නේ ලෝ එක. දෙවෙනි ටාර්ගට් ලෙවෙල් එක එතනින් එහාට පහල තියෙන සපොර්ට් ලෙවෙල් එකක්. 


ඔයාලට පේනවා ඇති මේ ට්‍රේඩ් එක 1 වෙනි ලෙවෙල් එක ටච් කරලා කියලා.


   ඊ ලඟ  ටාර්ගෙට් එකට යනකන් ට්‍රේඩ් එක අල්ලන් ඉන්නවද කියලා තීරනය කරන එක ඔයාගෙ කැමැත්ත. ඒකටත් අදහසක් දෙන්නම් පලවෙනි ටාර්ගට් ලෙවෙල් එක බ්‍රේක් කරලා බ්‍රේක් කරපු සපොර්ට් ලෙවෙල් එක රෙසිස්ටන්ස් ලෙවෙල් එකක් කලොත් ඊ ලඟ ටාර්ගට් එකට යනකන් ට්‍රේඩ් එක අල්ලන් ඉන්න පුලුවන්. එහෙම නැතුව  ඒ ලෙවෙල් එකට උඩින් මාර්කට් එක හැරුනොත්  එතනදි ට්‍රේඩ් එකෙන් අයින් වෙන්නත් පුලුවන්. කොහොම කලත් ඔයා ප්‍රොෆිට් කරලා. 

මේ තියෙන්නේ දෙවෙනි ඉලක්කය සහ යා යුතු මාර්ගය. මේ රෙස් එක බ්‍රේක් කරල ආයෙම බයි පැත්තට හැරුනොත් නම් ඔයාට ට්‍රේඩ් එකෙන් අයින් වෙන්නම වෙනවා. තවත් අප්ලෝඩ් කරන්න බෑ. සපොර්ට් අන්ඩ් රෙසිස්ටන්ස් වලදි ට්‍රේඩ් කරන ආකාරය ගැන උස්සපු පෝස්ට් එකක් මේකෙ තියෙනවා බලන්න පුලුවන්. එහෙනම් ටෙස්ටින් පාරක් දාලම බලන්න. හොඳ නරක කියලා ෆලෝ පාරක් දීගෙන පේජ් එකටත් ලයික් එකක් දාගෙනම යන්න. ආයෙ අප්ඩේට් කරන පෝස්ට් මන් පේජ් එකේ අනිවා දානවා. 


එහෙනම් සුභ අනාගතයක්.



How To Trade with Support and Resistance tips

How To Trade with Support and Resistance



දැන් ඔබ ටෙක්නිකල් ඇනලයිසින්ග් වල මුලික සරල ඇනලයිස් උපක්‍රම කීපයක් හදුනාගත්තා. දැන් අපි බලමු ට්‍රේඩ් එකක් සිදු කරගැනීමට අපි මේ ඉගෙන ගත්ත උපක්‍රම භාවිතා කරන ආකාරය.  Support and Resistance යොදාගෙන ට්‍රේඩ් කරන එක සරළව තේරුම් ගන්නට අපි එය දැන් "බවුන්ස්" සහ "බ්‍රේරේක්" ලෙස හදුන්වමු.


බවුන්ස්

How To Trade with Support and Resistance


සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් වලදී ට්‍රේඩ් කරන එක් ක්‍රමයක් ලෙස බවුන්ස් එකට ට්‍රේඩ් කරන ක්‍රමය හදුන්වා දිය හැකිය. මෙහිදී අපි ට්‍රේඩ් එක දාන්නේ හරියටම බවුන්ස් එක සිදුවුනාට පසුව. අපි වගේ ගොඩාක් retail Forex traders ලා සිදු කරන වැරද්දක් තමා.. ඔඩර් එක සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් එකක් ලගට ආපු ගමන් ට්‍රේඩ් එකක් ඕපන් කරන එක. ඊට පස්සේ තමන් හිතපු විදිහට මාර්කට් එක මූව් වෙයි කියලා දෙවියන්ට කිය කිය උඩ බලාගෙන ඉන්නවා.  සමහර වෙලාවට එහෙම දාන ට්‍රේඩ් වලින් ඔබට පිප්ස් කීපයක් වැඩියෙන් හොයගන්න ලැබෙනවා තමා. ඒත් එය ඉතාම අවධානම් සහගත සුදුවක යෙදෙනවා වගේ මෝඩ තකතීරු වැඩක්.


සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් අසල සෑම විටම මාර්කට් ප්‍රයිස් එක ටික වේලාවක් හෝල්ඩ් වෙන එක සාමාන්‍යෙන් සෑම විටම සිදු වෙන දෙයක්.. එය මාර්කට් එක බවුන්ස් වෙන්න ගියත් සපෝර්ට් ඇන්ඩ් රෙසිටන්ස් එක කඩාගෙන යන්න ගියත් ඒ අවස්ථා දෙකේදිම සිදුවෙනවා.. ඒක නිසා අපිට හරියටම කියන්න බෑ.. මාර්කට් ප්‍රයිස් එක බවුන්ස් වෙයිද නැත්තන් සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් එක් බ්‍රේක් වෙයිද කියන එක. ඒක නිසා කිසිම විටක සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් එකක් හිට් වුනගමන් ඕඩර් එකක් දෑමට යෑමෙන් වලකින්න මතක තබාගන්න







අපි මෙම බවුන්ස් එක බලලා ටේඩ් කරන ක්‍රමයේදී.. අපිට ට්‍රේඩ් එක ලොස් වෙන්න තියන අවධානම අඩු කරගෙන. අපි හිතන බලාපොරොත්තු වුන සපෝර්ට් එකේ හෝ රෙසිස්ටන්ස් එකේ වැදිලා මාර්කට් ප්‍රයිස් එක බවුන්ස් වෙනවද නැද්ද කියලා බලලා මාර්කට් ප්‍රයිස් එක බවුන්ස් වුනොත් පමණයි අපි ට්‍රේඩ් එක දාන්නේ..  පහල ඇති පින්තූරයෙන් ඔබට එය හොද හැටි අවභෝද කරගත හැකියි.

262x142xgrade1-bounce-support.png.pagespeed.ic.n_y4z3SEi9.png262x142xgrade1-bounce-trendline.png.pagespeed.ic.pDT2iuzLdq.png



බ්‍රේක්


මේ ලෝකයේ කිසිම දෙයක් සදාකාලික නෑ.. සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් වලටත් එය පොදු කාරණයක්. බිදී නොයන සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් එකක් ෆොරෙක්ස් මාර්කට් එකේ නෑ.. කොයි වෙලාවක හෝ සෑම සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් එකක් බිද වැටෙනවා.. ඉතින් එසේ සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් බිදවැටෙන අවස්ථාවක සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් එකම යොදාගෙන ටේඩ් කරන අනෙක් ක්‍රමය වන්නේ එම බ්‍රේක් එකට අනුව ඕඩර් එක දැමීමයි.


බ්‍රේක් එකට ඕඩර් දාන්න පුළුවන් ක්‍රම දෙකක් තියනවා. එකක් තමා Aggressive Way අනෙක් ක්‍රමය Conservative Way










Aggressive Way


breakouts එහෙකට ට්‍රේඩ් එකක් දාන්න තියන සරළම ක්‍රමය තමා..ඕනෑම වෙලාවක සපෝර්ට් හෝ රෙසිස්ටන්ස් එකක් කඩාගෙන ප්‍රයිස් එක මූව් වුනොත් Buy හෝ sell ඕඩර් එකක් දැමීම. මෙතන අපිට තියන වාසිය. අපි කොහොමත් මේ අවස්ථාවේ ඕඩර් එක දාන්නේ අනිවාර්යෙන්  සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් එක කඩාගෙන මාර්කට් ප්‍රයිස් එක මූව් වුනාට පසුවයි.

262x142xgrade1-break-aggressive.png.pagespeed.ic.CPW6W4qEx-.png


ඉතින් මේ විදිහට ඕඩර් එකක් දාපුවහම අපිට තියෙන්නේ අපි බලාපොරොත්තු වුන විදිහටම සපෝර්ට් හෝ රෙසිස්ටන්ස් එක කඩාගෙන ප්‍රයිස් එක දිගටම ඒ පැත්තටම ගමන් කරනවාද කියන එක බලාගෙන ඉන්න එක.. ඒත් සමහර අවස්ථාවල සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් එක කඩාගෙන ගියා කියලා බොරුවට පෙනිලා ටික වෙලාවකින් මාර්කට් එක ආයෙත් බවුන්ස් වෙලා සපෝර්ට් හෝ රෙසිස්ටන්ස් එක තිබ්බ විදිහටම මාර්කට් එක ගමන් කරනවා. Aggressive ක්‍රමයට ට්‍රේඩ් කිරිමේදී තියන අවාසිය තමා ඒක. ඒත් අපිට ඒ අවධානමත් නැතිව ට්‍රේඩ් කරන්න ක්‍රමයක් තියනවා.. අපි දැන් ඒකත් ඉගෙනගමු   




Conservative Way


අපි සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් ගැන ඉගෙන ගත්දී ඉගෙන ගත්ත මූළිකම කාරණයක් තමා.. කොයිම වෙලාවක හරි සපෝර්ට් එකක් බ්‍රේක් කරගෙන මාර්කට් ප්‍රයිස් එක පහලට ගියොත් එම සපෝර්ට් එක රෙසිස්ටන්ස් එකක් බවට පත් වෙන බවත්. ඕනෑම වෙලාවක රෙසිස්ටන්ස් එකක් කාඩගෙන මාර්කට් ප්‍රයිස් එක ඉහලට ගියොත් එම රෙසිස්ටන්ස් එක සපෝර්ට් එකක්  බවට පත් වෙන බවත්. අන්න ඒ ඉගෙන ගත්ත දෙය තමා අපි මේ Conservative Way ට්‍රේඩින්ග් මෙතඩ් එකේදී භාවිතා කරන්නේ..


Aggressive Way ක්‍රමයේදී වගේ සපෝර්ට් හෝ රෙසිස්ටන්ස් එකක් කඩාගෙන ගිය අවස්ථාවෙම අපි ඕඩර් එකක් දාන්නේ නැතිව..


මාර්කට් එක කාඩගෙන ගියේ සපෝර්ට් ලෙවල් එකක් නම් මාර්කට් එක පහලට ගමන් කර නැවත බිදගෙන ගිය සපෝර්ට් ලෙවල් එක රෙසිස්ටන්ස් එකක් බවට පත් කර නැවත පහලට ගමන් කරන විට ඕඩර් එකක් දැමීම


හෝ


මාර්කට් එක කාඩගෙන ගියේ රෙසිස්ටන්ස් ලෙවල් එකක් නම් මාර්කට් එක ඉහලට ගමන් කර නැවත බිදගෙන ගිය රෙසිස්ටන්ස් ලෙවල් එක සපෝර්ට්  එකක් බවට පත් කර නැවත ඉහලට ගමන් කරන විට ඕඩර් එකක් දැමීම,
Conservative Way ට්‍රේඩින්ග් කියලා අපිට හදුන්වන්න පුළුවන්.Conservative Way ට්‍රේඩින්ග් මෙතඩ් එක නිවැරදිව භාවිතා කෙරුවොත් ඔබ ටේඩ් එකක් වින් කරන්න තියන අවස්ථාව ඉතා ඉහලයි කියලා හොදින් මතක තියාගන්න. ඒක නිසා සෑම විටම මෙම ක්‍රමය භාවිතා කරන්න උත්සහ ගන්න. පහත ඇති රූපය බැලීමෙන් ඔබට මෙය මනාව අවභෝද කරගත හැක.

262x142xgrade1-break-conservative.png.pagespeed.ic.kQjTk_lByX.png


ඔන්න අපි දැන් සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස්, ට්‍රෙන්ඩ් ලයින්, චැනල් ගැන ඉගෙන ගෙන ඒවා භාවිතයෙන් කොහොමද ට්‍රේඩ් දාන්නේ කියන දේත් ඉගෙන ගෙන අවසානයි.  එහෙත් අවසානයේ මේ සියල්ල ඉගෙනගත්තායින් පසුවත් කිවයුතු වැදගත් කරුණක් තියනවා


ෆොරෙක්ස් වලදී.. අපි මේ ඉහත ඉගෙන ගත් සියල්ල හැමවෙලේම ඒ විදිහට වෙන්නේ නෑ.. හැම වෙලේම සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් අනුව මාර්කට් එක ගමන් කරන්නේ නෑ.. සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් කොයි වෙලාවක හරි බිද වැටිලා.. මාර්කට් එක දිගටම එකම දිශාවකට ගමන් කරන අවස්ථාත් තියනවා. එවැනි අවස්ථාවක ඔබ ඕඩර් එකක් දාලා.. මාර්කට් එක ඔබ සිතන පැත්තට ආයේ එයි කියලා බලාගෙන හිටියොත් වෙන්න ඩොලර් දහස් ගාණක් එක දවසකින් නැති කරගෙන ඔබගේ එකවුන්ට් එකද ක්ලෝස් කරගන්න.. ඒක නිසා සෑම විටම ස්ටොප් ලොස් එකක් භාවිතා කිරීම අනිවාර්ය කරගන්න. ඔබ ස්ටොප් ලොස් එකක් භවිතාකරනවනම්.. ඔබට කුඩ කුඩා පාඩු සිදුවුනත් ඔබ කවදාවත් ෆොරෙක්ස් වලින් පරාජිත ෆොරෙක්ස් ට්‍රේඩර් කෙනෙක් නොවන බව වගකීමකින් කියනවා.

stop loss and take profit දාන්නේ කොහොමද කියලා බලන්න මේ පෝස්ට් එකෙන්

Support and Resistance in Forex

Support and Resistance in Forex

   Support and Resistance is the new blog post. and I will teach you, how to draw support and resistance zones, on my style.

what are support and resistance

 when we are trading, we need to identify the specific area to buy a currency. after doing fundamental and sentiment analysis, we are talking about these zones under technical analysis. this zone or levels are used to find a reversal, breakout point.

why support and resistance levels are different by the trader.

  as a scalper, interday, swing, and position trader in the forex market, timeframes should be different charts that, we drawing supply and demand zones. because scalper trader trades for few pips. so he needs to draw the zones one small timeframe. and position trader hopes big pips. so he needs to analyze and draw the levels on the big timeframe.


Remember, Most Important The Support and Resistant is not a singled out number at all. it can be identified as a distinctly identifiable range. In most cases, you see, we are going to pick up Support and Resistant and always go back.
But let's look at it a little longer and wait for you. When MarketPrice raises Spector and Resident's, the Sorrento or the Resistant's area is the only place in the surrounding area without going right up and down. This oscillation is studied by studying the shaft in the candle at Candlestick chart.

525x298xgrade1-support-before-thumbnail.png.pagespeed.ic.eUwEa5JF1x.png

If you focus on the above image, the Candle Shaddon is lit to the next one near the Market Layout near 1.4700. At times, we can see that MarketPrice broke up the promotion. But in the aftermath of this, we understand that the promotional campaign has not broken because the comparison was due to the fact that Prism had created the Market in the Market, and that the MarketPlace had been swinging at the same place.

So, how can we know exactly if Support and Resistance will be brake or not?
In fact, it does not have a 100% correct answer. So don't trust and trade always using support and resistance level. as we talked before from the main guide we need to focus this analysis type after doing fundamental and sentiment analysis.
We are, for example, the picture we Snapshot, for example, with an image taken a few hours later. Now let's see if the Market Price is 1.4700 Spector Rate and then Candle Closes



how to draw Support and Resistance sinhalen


In our example, we can see that Market Price 1.4700 was broken and moved up again. In this case, if we placed a sell trade Definitely, we have a big loss.

A few hours later, we can see that support level was not broken. The Support Level is more powerful than the previous one.

We have a comparison of the Primer and the Resize value to 1.4700 for example. If we take it as a certain number, we will have to get the Loss to be misinterpreted in this way. so don't draw these lines as a particular number. draw levels as zones.


This is the best way to identify Support and Resistant, Without studying the Candlesticks, and using Line study the Market Chart in the chart {just to identifying the levels}
ලයින් චාර්ට් එකේ එය හදුනා ගැණිමට පහසු වීමට හේතුව ලයින් චාර්ට් එකේ දක්වන්නේ ක්ලෝසින් ප්‍රයිස් එක පමණක් වීම. කැන්ඩල්ස්ටික් චාර්ට් එකේ ඕපනින් ප්‍රයිස්, ක්කෝල්සින් ප්‍රයිස්, හයි ප්‍රයිස්, ලෝ ප්‍රයිස්, සියල්ල සදහන් වෙන බැවින් එහි ඇති සංකීර්ණ තාවය නිසා මේ සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් ප්‍රයිස් Zone එක නිවැරදිව හදුනාගන්න අපහසු වෙනවා. ඒ නිසා සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් Zone එක සොයා ගැනීමට ලයින් චාර්ට් එක භාවිතා කිරීම ඔබට පහසුවක්.
The reason that makes it easy to identify it in the line chart, is that the line chart only shows the Closing Price

පහත රූපය උදාහරණයකට ගෙන ලයින් චාර්ට් එකක සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් Zone එක ඇද ගැණිමේදී.. අදාලා සපෝර්ට් හෝ රෙසිස්ටන්ස් Zone එකේ මාර්කට් ප්‍රයිස් එක දෝලනය කළ අවස්ථා කීපයක් ගෙන ඒ ඒ අවස්ථාවල මාර්කට් ප්‍රයිස් එක දෝලනය වූ කුඩා පරාසය තුල ඉහලම සහ පහලම Zone එක සලකුණු කරගැනීමෙන් ඔබට නිවැරදී සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් Zone එකක් ඇද ගත හැකිය.

Support and Resistance sinhalen





ෆොරෙක්ස් සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් වල දැනගතයුතු තවත් කරුණු කිහිපයක්

  1. මාර්කට් ප්‍රයිස් එක රෙසිස්ටන්ස් Zone එකක් කඩාගෙන ඉහලට ගිය විට එය ඉබේම සපෝර්ට් Zone එකක් බට පත් වේ. සපෝර්ට් ලෙවල් එකක් කාඩගෙන ගිය විට එය ඉබේටම රෙසිස්ටන්ස් Zone එකක් බට පත්වේ.
  2. වැඩි වැඩියෙන් එකම සපෝර්ට් හෝ රෙසිස්ටන්ස් Zone එකක් අතීතයේ සිට වැඩි වැඩියෙන් මාර්කට් ප්‍රයිස් එක දෝලනය කර තිබේනම් එය ඉතා ශක්තිමත් සපෝර්ට් හෝ රෙසිස්ටන්ස් Zone එකක් බව හදුනාගත යුතුය.
  3. සපෝර්ට් හෝ රෙසිස්ටන්ස් ලෙවල් එකක් කඩාගෙන ගිය අවස්ථාවක මාර්කට් ප්‍රයිස් එක කෙතරම් දුරට ඒ පැත්තටම ගමන් කරයිද යන්න අපට තීරණය කළ හැකි සාධකයක් ඇත. කාලයක් තිස්සේ ශක්තිමත්ව පැවති සපෝර්ට් හෝ රෙසිස්ටන්ස් Zone එකක් බිදගෙන මාර්කට් ප්‍රයිස් එක ගියේනම් එය විශාල ලෙස එම අතටම මාර්කට් ප්‍රයිස් එක ගමන් කරන බවට දෙන ඉගියකි. ශක්තියෙන් අඩු අලුත් සපෝර්ට් හෝ රෙසිස්ටන්ස් Zone එකක් නම්. එය සමාන්‍ය පරිදි ගමන් කරයි .

පහත රූපයෙන් ඔබට ශක්තිමත් සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් සහ කුඩා සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් හදුනාගන්න අකාරය පිළිබදව අවභෝදයක් ගත හැක

Support and Resistance

මහන්සියෙන් උනන්දුවෙන් පැරණි ෆොරෙක්ස් මාර්කට් තොරතුරු අධ්‍යනය කර. එක් එක් සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් අවස්ථාවල මාර්කට් එක හැසිරී ඇති ආකරය අධ්‍යනය කරමින් Demo එකවුන්ට් එකක ටික දවසක් හොදින් පුහුනු වුනොත් ඔබට නිවැර සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් Zone හදුනා ගැණිම අපහසුවක් නොවනු ඇත.

ඊලග පාඩමෙන් ඔබට කීයා දීමට බලාපොරොත්තු වෙන්නේ ෆොරෙක්ස් Trend Line මගින් ට්‍රේඩ් දමන අකාරය ඉගෙන ගන්නා අකාරය.



Featured Post

Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...