How Much Trading Capital need to Start Forex Career
How Much Trading Capital need to Start Forex Career
ගොඩක් අයට තියෙන අවුලක් තමයි ෆොරෙක්ස් පටන් ගන්න කොච්චර සල්ලියක් ඕනෙද කියන එක. අද පෝස්ට් එකේ මාතෘකාව How Much Trading Capital need to Start Forex Career. කට්ටියක් කියනවා අඩුම $100ක් වත් ඕන කියලා ඒත් සමහර අය කියනවා $10ක් තිබුනත් ඇති කියලා. මේකෙ ඇත්ත නැත්ත මොකක්ද කියලා පැහැදිලි කරගමු. පොඩි පෝස්ට් එකක් ඒත් ලොකු දෙයක් ඔලුවට දාගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා. එහෙනම් පටන් ගමු.
මම නම් කියන්නේ ෆොරෙක්ස් මාර්කට් එකේ ට්‍රේඩ් කරන්න ඕන කරන කැපිටල් එක තීරනය වෙන්නේ ඔයා ට්‍රේඩ් කරන සිස්ටම් එකේ එකත් එක්ක කියලා. ෆොරෙක්ස් කරන නම් අඩුම තරමෙ 60% ක් වත් ප්‍රොෆිටබල් ට්‍රේඩින්ග් සිස්ටම් එකක් තියෙන්න ඕනෙ. 50-50 සුදු කෙලිනවා වගේ ට්‍රේඩ් කරලා ෆොරෙක්ස් මාර්කට් එකේ ඉන්න හිතනවනම් ඒක කරන්න පුලුවන් සල්ලි තියෙනකන් විතරයි. ඒක නිසා ට්‍රේඩින්ග් ඇකියුරේට් එක ගොඩක් වැදගත්.
1 NEWS TRADING STRATEGY
2 FIBONACCI TRADING STRATEGY
3 CANDLE STORY SCALPING STRATEGY
නිව්ස් එක ඇනලයිසිස් කරන විදිය ගැනත් පෝස්ට් එකක් තියෙනවා. ඒක මෙතනින් How to Analysis non-farm payroll
මෙහෙම හිතමු. ඔයාගේ සිස්ටම් එක 80% ප්‍රොෆිටබල්. ඒ කියන්නේ ට්‍රේඩ්ස් 10ක් දාපුවාම ඒකෙන් 8ක් වත් අඩුම ප්‍රොෆිට් වෙනවා. ට්‍රේඩ් එකකට ගන්න රිස්ක් එක පිප්ස් 50යි ට්‍රේඩ් එකකට රිස්ක් රිවෝඩ් එක 1:2ක් තියෙනවා නම් ඔයාට පිප්ස් 150ක මාර්ජින් එකක් තිබුනනම් ඔයාට ගොඩ යන්න ඒක හොඳටම ඇති. මොකද ඔයා ඔයාගේ මුල් ට්‍රේඩ්ස් දෙකම ලොස් වුනත් ඔයාට සුවර් නම් ඉතිරි 8ම ප්‍රොෆිට් කරන්න පුලුවන් කියලා එහෙනම් ඉතින් ගින්නක් නෑ කියලා දැන් ටිකක් තේරෙනවා ඇති.
මෙහෙම දේකුත් තියෙනවා. ඔයාට වුවමනා වෙන මාර්ජින් එකම තියාගන්න එක එච්චර අනුමත කරන්න බෑ. ඊට වඩා ටිකක් වැඩියෙන් තියාගන්න. පුලුවන් තරමේ ඩෙපොසිට් එකක් දාගන්න ට්‍රයි කරන්න.
උදාහරනයට ගත්තු ට්‍රේඩින්ග් සිස්ටම් එක වගේ ඔයාගේ ට්‍රේඩින්ග් සිස්ටම් එකත් 80% ප්‍රොෆිටබල් නම් ට්‍රේඩ් එකකට පිප්ස් 50 ගානෙ ට්‍රේඩ්ස් 3කට ( 0.01න් යුරො/යුඑස්ඩී ට්‍රේඩ් කරනවා කියලා හිතමු ) පිප්ස් 150යි වැඩිපුර පිප්ස් 50යි පිප්ස් 200ක් ඒ කියන්නේ $20ක් තිබුනනම් හොඳටම ඇති.
දැන් අහන්න එපා මගේ ට්‍රේඩින්ග් සිස්ටම් එක මෙච්චරක් ප්‍රොෆිටබල් මට කොච්චරක් ඕනෙද කියලා. පෝස්ට් එක තේරුම් ගන්න පුලුවන් වෙනකම් කියවලා තීරණය කරන්න ඔයාට කොච්චරක් ඕනෙද කියලා.
90% profitable 1:2 minimum risk reward (euro/usd) = $15
80% profitable 1:2 minimum risk reward (euro/usd) = $20
70% profitable 1:2 minimum risk reward (euro/usd) = $25
60% Profitable 1:2 minimum risk reward (euro/usd) = $30
ෆොරෙක්ස් වල ට්‍රේඩ් කරන්න කොච්චර මුදලක් ඕනෙද කියලා. ඔයාට දැන් පැහැදිලි ඇති කියලා හිතෙනවා. අවුල් තැන් තියෙනවනම් අහන්න. ඔයාට දැනගන්න ඕන කරන දේවල් එහෙමත් කියන්න. කෙටියෙන් කියන්න බැරි වගේ දේවල් මම පෝස්ට් එකකින් හරි දාන්න ට්‍රයි කරන්නම්.
ලංකාවේ තියෙන ගොඩක් බ්ලොග්ස් වල නැති දේවල් මේ බ්ලොග් එකෙන් ඉගෙනගන්න පුලුවන්. හැමදාම ආයුබෝවන් ෆොරෙක්ස් බ්ලොග් එකත් එක්ක ඉන්න.
අපි ගියා. ජය වේවා.
Tag:
හොඳ වැඩක් මල්ලි
ReplyDeleteThank You!
ReplyDelete