headlines

    4:04 P

sponsor

sponsor

Slider

    Theme images by kelvinjay. Powered by Blogger.

    Recent Blog Posts

    Lorem Ipsum has been the industry's standard dummy text.

    App Design

    Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

    Timeline

    Timeline

    Recent Tube

      Business

        » »Unlabelled » Final Forex Trading Guide | Forex Trading Sinhalese.
        Forex EZ Trading

        Final Forex Trading Guide.


             මේවා රහස් නෙවෙයි. සේරම කියලා දීලා තියෙන්නේ. හැබැයි සමහරු ඔලුවට දාගත්තේ තැන් තැන් වලින්. නියම පිලිවෙලට Fundamental Sentiment, Technical එකතු කරලා ට්‍රේඩ් කරන විදිය කියලා තිබුන. ඒත් ඩෙත් සෝන් එකෙන් පටන් අරන් ලෝන්ග් ශෝර්ට් ට්‍රේඩ් කරන විදිය ගැන ගොඩක් අයට ප්‍රශ්න තිබුනා. සේරම ක්ලියර් කරලා ඉවරයක් කරන්නයි මේ පෝස්ට් එක. ටිකක් දිග වෙයි. ඒක ඔලුවට ගන්න එපා.     

             Forex Trading කියන්නේ මගේ මතයට අනුව නම්, Market Maker and Market Player අතර තියෙන පට්ට ගේම් එකක්. Market Player තමයි මාකට් එක ලොකුවට අරන් යන්නෙ. උන් ෆන්ඩමෙන්ටල් සෙන්ටිමෙන්ට් ටෙක්නිකල් කියන සේරම බලනවා. එහෙම බැලුවා කියලා ඇතිවෙන්නෙ නෑ. උන්ට මාකට් ප්‍රයිස් එකට හොඳ වටිනාකමක් ඕන කරනවා. ඉතින් උඩ කියපු ඇනලයිස් ක්‍රම කොච්චර හොඳ වුනත් මාකට් ප්‍රයිස් එකට හොඳ වැලියු එකක් හම්බවෙන්නෙ නැත්තම් උන් එන්ටර් වෙන්නෙ නෑ.

        ඉතින් පොඩි ට්‍රේඩර්ස්ලා විදියට අපිට කියන්නෙ මාකට් එකේ ට්‍රෙන්ඩ් එක ෆලෝ කරන්න කියලා. ඒ කියන්නේ පලවෙනි පියවර මාකට් ප්ලේයර් තියනකන් ඉඳලා එයාගෙ දෙවෙනි පියවර තියෙනකොට අපිත් ඒ පාරට සෙට් වෙන්න ඕනෙ.

        ඉතින් මාකට් ප්ලේයර් කරන හැම ඇනලයිස් එකක්ම අපිත් කරලා එයා ඒ පාරෙ යනවද කියන එක කන්ෆර්ම් කරගෙන තමයි අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න ඕනෙ.

        ෆන්ඩමෙන්ටල් ඇනලයිස් කරන්න ඉතින් ගොඩක් අමාරුයි වගේ නෙහ්. ඉතින් සරල කරමයක් තියෙනවා. කාලයක් කරගෙන යනකොට ඒකත් ගානක් නෑ. ඒ ක්‍රමේ තමයි මේ.


        සෙන්ට්‍රල් බෑක්න් සෝර්ස් වලට ගියාම ඒකෙ තියෙනවා එයාලගෙ මොනෙටරි පොලිසි එක. ඉතින් ඕක කියවපුවම එයාලගෙ දැන් තියෙන තත්වයයි ඒ තත්වය වැඩිදියුණු කරගන්නවද තව ටික කාලයක් මේ විදියට යනවද වගේ එකී මෙකී නොකී සේරම ගැන එයාලගේ අදහස් දැනගන්න පුලුවන්. 

        ඊට පස්සෙ පැනහන් ට්‍රේඩින්ග් ඉකොනොමික් ඩොට් කොම් සයිට් එකට. ඒකෙ තියෙනවා ෆෝකාස්ට්. හැම නිව්ස් එකකම වගේ ෆෝකාස්ට් තියෙනවා. ඉතින් ඕවා බලනකොට අර මොනෙටරි පොලිසි එකේ කියන දේවල් කරන තත්වෙක ඉන්නවද කියන එක ගැන දළ අවබෝධයක් ලබාගන්න පුලුවන්.

        ඉතින් කඩ්ඩ පොලිස් කරගන්නත් එක්ක. බ්ලූම්බර්ග්, රොයිටර් සී එන් එන් වගේ සයිස්ට් වල නිව්ස් බලහන්. ස්මාට් ෆෝන් එකක් තියෙනවනෙ. ඒකෙ උඹලට පුලුවන් වෙයි ගූගල් නිව්ස් කියන ඇප් එක හරිගස්සගෙන ඒක හරහා අලුත් නිව්ස් ඉක්මනට බලාගන්න. 


        ඉතින් ටික කාලයක් මේක කරගෙන යනකොට ෆන්ඩමෙන්ටල් උඹලට ටික ටික ඔලුවට එයි.

        ඉතින් ෆන්ඩමෙන්ටල් ට්‍රෙන්ඩ් එක උඹ දන්නවනම් ඉතින් බලහන් ඊට් පස්සෙ සෙන්ටිමෙන්ට් ඇනලයිස්. ඒක ගැනත් පෝස්ට් එකක් මේ බ්ලොග් එකේ තියෙනවා. 

        සයිට් එකේ කොට් රිපෝට් එකේ රිසාල්ට්ස් හිස්ට්‍රි එක ලස්සනට බලාගන්න පුලුවන්. ඒකෙන් පහුගිය ට්‍රේඩ්ස් වැටුන විදිය ගැන අයිඩියා එකක් ගන්න පුලුවන්. මෙහෙම හිතපන්කො.

        ශෝර්ට් ට්‍රේඩ්ස් අඩු වේගෙන එනවා කියන්නෙ සෙල් ප්‍රෙශර් එක අඩු වෙනවා කියන එක. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. සමහර විට සමහර සති වල ට්‍රේඩ්ස් වැටෙන විදියෙ එක පාර ලොකු වෙනක්සම් සිද්ද වෙනවා. ඒ වෙනස්කම් වෙන්නෙ ඉකොනොමික් කැලැන්ඩරේ හෝ හදිසි තීරණ ගැනීම් නිසාද කියන එක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනෙ. 

        ෆන්ඩමෙන්ටල් එක්ක ඉන්නකොට උඹට ඒක මහ දෙයක් නෙවෙයි. හේතු ගැන නිකන්ම හිතාගන්න පුලුවන්.


        ඉතින් ඊට පස්සෙ?

        ෆන්ඩමෙන්ටල් සෙන්ටිමෙන්ට් එකම ට්‍රැක් එකේ සෙට් වේගෙන එනකොට උඹට අනිවා සප්ලයි සහ ඩිමාන්ඩ් සෝන් ගැන අවධානය යොමු කරන්න වෙනවා. ඩෙත් සෝන් එකේ වැදගත්කම එතන තමයි තියෙන්නේ. 

        බෑන්කර් කෙනෙක් කියලා තිබුනා ඕඩර් වැටෙන විදියට සප්ලයි සහ ඩිමාන්ඩ් සෝන් යොදාගෙන තමයි මේ වෙනකොට ගොඩාක් බෑන්කර්ලා ට්‍රේඩ් කරන්නෙ කියන එක.


        ඊට් පස්සෙ වැදගත්ම දේ මාජින් සහ සේෆ්ටි. වතුරට බහින්න කලින් කෝටුවක් අරන් ඇනලා බලහන් ගැඹුර කොච්චරක් තියෙනවද කියලා. 

        ඒ කියන්නෙ ට්‍රේඩින්ග් රේන්ජ් එක. අර ඩෙත් සෝන් එක සෙට් වෙන්නෙ ට්‍රේඩින්ග් රේන්ජ් එකක නම් අනිවා රිස්ක් එක අඩු හොඳ රිවෝඩ් එකක් තියෙන ට්‍රේඩ් එකක් සෙට් කරගන්න පුලුවන්. ට්‍රේඩින්ග් රේන්ජ් ගැන වීඩියෝ එකක් කාලෙකට කලින් එලියට ඇවිත් තිබුනා. යූටියුබ් එකේ සින්හලෙන්ම ඇති. පොඩ්ඩක් හොයල බලහන්. ඒකත් හරියට සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් වගේ තමයි. පොඩි වෙනසක් තියෙන්නේ.


        මේකට යොදාගන්න ඉන්ඩිකේටර් තමයි මේ තියෙන්නේ. සරලයි. ගූගල් අයියගෙන් ඇහුවනම් ෆ්‍රී හොයාගන්න එකම එක ඉන්ඩියක් තියෙනවා. ඒකත් ඕනෙ නෑ. RSI+ Bolinger Band එකතු කරලා ට්‍රේඩ් කරනවනම්. 

        එක්ස්පීරියන්ස් එකත් එකතු කරලා ට්‍රේඩ් කරහන්. දැනට මේ ඉන්ඩි ටික දාගෙන බලහන්. ඉතිහාසෙ මන් කියපුවා වැඩ කරලා තියෙනවද නැත්තම් අවුල් මොනවද කියන එක.

        TDI
        50 Simple Moving Average  
        200 Simple Moving Average 
        Divergence Arrow. (settings 8.3.3)
        Candle Time and Spread (කැමතිනම් පමණක් භාවිතා කල හැක.)





        ඩෙත් සෝන් එකට ආවම පැය 1 කාල පරාසය තියෙන චාර්ට් එකේ මූවින්ග් ඇවරේජස් දෙක ක්‍රොස් වෙනකන් ඉන්න ඕනෙ. ඒ ක්‍රොස් එකෙන් පස්සෙ ෆිබෝ ටූල් එකේ හැටියට 50% ත් 74.6% ත් අතර පරාසයේදි ඩයිවර්ජන්ස් එකක් සෙට් වෙනවනම් ඉතින් ඒ ඩයිවර්ජන්ස් එකෙන් ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න පුලුවන්. ස්ටොප් ලොස් දාන විදිය ගැන පෝස්ට් එකක්ම තිබුණා මේ බ්ලොග් එකේ. ඒ පොස්ට් එකත් කියවහන්. 

         ට්‍රේඩ් එකක් ප්‍රොෆිට් හෝ ලොස් වෙනකම් ඉඳලා තව ට්‍රේඩ් එකකට වරෙන්.  





        හොඳම දේ දාන හැම ට්‍රේඩ් එකකම වාර්ථාවක් ලියහන්. ඒකට මේ ස්ක්‍රීන් ශොට් එක උදවුවක් වෙයි.



        ඩොලර් පනහක් දාල සෙන්ට් එකවුන්ට් එකක් හදපන්. උඹට ඩොලර් පන්දාහක එකවුන්ට් එකක් හම්බවෙයි. හොඳ මනී මැනේජ්මන්ට් එකක් එක්ක ට්‍රේඩ් කරහන්. 

        මේ ටික ෆලෝ නොකර එහෙනම් ආයෙ ලොස් වුනා පක් වුනා කියලා කියන්න එපා.

        හරි එහෙනම් අපි ගියා. ජය වේවා. 

        «
        Next
        This is the most recent post.
        »
        Previous
        Gross Domestic Product News Analysis | Forex Trading Sinhala
        Pages 7123456 »

        2 Comments:

        1. නැවතත් මුල සිට කියවීමට පටන් ගතිමි... හීනියට නොව තදින් ටොක්ක ඇනුනි
          👍👍👍

          ReplyDelete

        Featured Post

        Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

        Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...